Monday, June 7, 2010

වෙනසක් නැති වෙනසක්.......

ගමේ පිටිසර
අඳුරු ලැහැබක
එකා දෙන්නා
ඇවිත් හෙමිහිට
හොරෙන් වටපිට
බලා සැකයෙන
ගිල දමයි
ගිනි වතුර හනිකට
නගරේ පොහොසත්
මැදුරෙ සුවිසල්
එකතු වී
වට මේසේ මිතුරන්
බොනවා රහමෙර
කරපු ලේබල්
රජය අනුමත
කරපු බෝතල්
බිරිඳ හැදු
කටගැස්ම සමඟින්
කොහොම බිව්වත්
එක නමම නොවුනත්
මරුවා එනවා
නොගොස් වැඩිකල්......

11 comments:

  1. හේ හේ හේ

    ගෙදරට හොරෙන්
    පාසල් යාලුවන්
    සෙට් වෙලා අමාරුවෙන්
    ගන්න බගේ බොත්ල්
    ගැන කාතවක්
    මේකේ කොයි
    මගේ මලේ

    ReplyDelete
  2. සුන්දර මිතුරාණ නුඹ නැති කල කෝම..
    ඉවසා ගන්නෙම්ද සිත තුල දැවෙනා ගින්න..

    ReplyDelete
  3. කොතන ඉඳන් කොහොම බිව්වත් බොන්නේ ඔය ජරාවනෙ....

    අනූ මේක ගෙනිහින් මාරයියගෙ බ්ලොග් එකේ දන්නකෝ...ටිකක් සද්දෙන්...හික්ස්

    ReplyDelete
  4. එක එක තැන්වල
    එක එක අය
    එක එක විදිහට
    එක එක නම්වලින් නම් කරමින්
    එක එක බෝතල්වල තියෙන
    එක එක ජාති බිව්වත්
    එකම දෙයක්
    එකම තැනින්
    එකම තැනකට දාගෙන
    අන්තිමට වෙන්නෙත් එකම දෙයක්.........

    ReplyDelete
  5. @වැප්
    අම්මපා ඇත්තටම මට ඒක අමතක උනා නෙව.
    ස්තූතියි මචන් උඹේ ජීවන අත්දැකීම් බෙදා හදා ගත්තට. හික්ස්......

    @මාරයාගේ හෝරාව
    අනේ ඉතින් කාට කියන්නද? කියන නාහන ගුරු ඉහලින් ගියත් එකයි පහලින් ගියත් එකයි.

    @දිල්
    හා... හා.... කට කට...... කට්ටිය පොලු මුගුරු අමෝරාගෙන ගහන්න එයි ඕවට ජරාව කිව්ව කියලා. කට්ටිය ඔව්වට කියන්නේ අමෘතය කියලනේ.

    ඔබේ ඉල්ලිම ඉටු කලෙමි.
    http://ctkumara.blogspot.com/2010/06/blog-post_07.html?showComment=1276005563370#c7667999823999295219

    @Hasitha
    මරු මරු..... ඒ කතාවත් පංකාදු පහයි. උඹත් අමද්‍යප සංගමයෙද?

    ReplyDelete
  6. අනිවාර්යයෙන්ම අයියා. අමද්‍යප සංගමේ ලොකු පුටුවකට දාන්න පුලුවන් පොරක් තමා මම :)

    ReplyDelete
  7. @Hasitha
    එල එල..... මරු කොල්ලෙක්නෙ.
    හැබැයි පුතො මන් එකක් කියන්නම්. උඹ මේ ලොකු පුටු ඉල්ල්න්න හදන්නෙ මගේ සභාපති කමට කෙලවන්නද. ඔන්න ඕවටනම් එන්න එපා. අමද්‍යප සංගමේ සභාපති මමයි හරිය. උඹට ඕනෙනම් ඔය ලේකම් තනතුර වගේ අරගනින්.

    ReplyDelete
  8. හරි හරි අයියා අපි අපිනේ මොකක් හරි කතා කරලා බේරුමක් කරගමු. :)
    මෙන්න අපේ අමද්‍යප වැඩක්

    http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_04.html

    http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_05.html

    ReplyDelete
  9. @Hasitha
    මන් උඹේ බ්ලොග් 1 බැලුවා. එල බ්ලොග් එකක්නේ.

    ReplyDelete
  10. ස්තුතියි අයියා අගය කලාට :)

    ReplyDelete
  11. @Hasitha
    අගය කල යුතු දේ අගය කරන්න එපැයි මලයා.

    ReplyDelete