Sunday, May 30, 2010

පතමි සැමදා නුඹේ සිත් මල.....

සිහින් බෝපත් මැදින් වෑහෙන
සිසිල් සඳ දිය වැටී දිදුලන
නුඹේ මුව මල රැගෙන දෝතට
සිපගනිමි නුඹෙ නීල දෙනයන

බෝපතේ සිලි සිලිය මැද්දෙන්
ගන්ඨා නාදය දසත පැතිරෙයි
එහඬ පරදා නැගෙන මිහිරැති
නුඹේ වදනින් මහද සැනසෙයි

සුවඳ දුම් නැහැවෙනා මළුවේ
පහන් එලි සිත පහන් කරවයි
එමැද දිදුලන ඔබේ දෙනයන
කාන්තිය මා හදට කොඳුරයි

වෙසක් සඳ නැග දිදුලනා රෑ
අරලියා මල් පුදා හිමි හට
වැඳ වටී හිමි දෙපාමුල මත
පතමි සැමදා නුඹේ සිත් මල

7 comments:

  1. මචෝ කවියක් විදිහට ලස්සනයි


    එත්

    "වැඳ වටී හිමි දෙපාමුල මත
    පතමි සැමදා නුඹේ සිත් මල"

    මේ කෑල්ල අස්වාභාවික නැද්ද?

    ReplyDelete
  2. @වැප්
    අම්මට සිරි... එහෙම කේස් එකක්ද මචන්. මන් ලියපු නිසා වෙන්න ඇති මට එහෙම ගතියක් තේරෙන්නෙ නෑ. මන් ඒකෙන් අදහස් කරන්න ගියේ බුදු හිමියන්ගේ දෙපා මුල වැඳ වැටිලා ඇයගේ ආදරය සැමදා ලැබේවායි ප්‍රාර්ථනා කරනවා කියන එකයි. ඒත් එකෙන් එහෙම අදහසක් නෙවෙයිද එන්නේ. උඹට මොන වගේ අව්ලක්ද දැනුනේ.

    ReplyDelete
  3. වෙසක් සඳ නම් බැස ගිහිං අද
    පොසොන් සඳු හට ඉඩක් දී
    පතන්නම් ඔබෙ පැතුම් ඉටුවී
    සතුට ඉතිරෙන්නැයි කියා...!!!!

    ප.ලි.
    එතන 'වැටී' නෙ වෙන්න ඕනේ..ඒකද දන්නේ නැහැ අස්භාවිකයි වගේ කියලා දැනුනේ...
    කොහොම උනත් මම දැකපු දෙයක් තමා ගොඩාක් දෙනා පොස්ට් එකේ අකුරු අඩුවෙන් හරි වැරදියට හරි ලියනවා..
    එහෙම උනාම හරිම අපරාදේ සමහරවිට තමන් කියන්න හදනදේට හාත්පසින්ම වෙනස් දෙයක් උනත් කියවන කෙනාට හැඟෙන්න පුලුවන්...:-(
    එහෙම උනාම අපරාදේ..
    මම කියපුදේ හරි නේද?? අනුරාධ මල්ලී

    ReplyDelete
  4. @nimanthi
    ඔයා කියපු අකුරු වැරුද්ද මාත් අතුලු ගොඩදෙනෙක් කරනවා ... මං ඒක ගැන නම් නෙමෙයි අස්වාභාවිකයි කියලා කව්වේ ...

    "බුදු හිමියන්ගේ දෙපා මුල වැඳ වැටිලා ඇයගේ ආදරය සැමදා ලැබේවායි ප්‍රාර්ථනා කරනවා කියන එකයි"

    මේ අදහසේත් වැරුද්දක් නැහැ .. එත් මං කල්පනා කලේ ඇයගේ ආදරය බුදු හිමියන්ගෙන් ඉල්ලලා හෝ ප්‍රර්තනා කරලා වැඩක් තියෙද කියලා ...

    මේ මට හිතුන විදිහ .... ඒකයි මං අස්වාභාවිකයි කියලා කිව්වේ ....

    ReplyDelete
  5. @nimanthi
    ඔව් නේන්නම්.... මන් කියලා තියෙන්නෙ "වැඳ වටී" කියලනේ. අක්කා ඔය කිව්වහමයි මාත් දැක්කෙ. ඉන්න මන් ඒක හදලා දන්නම්. බොහොම ස්තූතියි ඒ වැරද්ද පෙන්නලා දුන්නට. කලබලේ ලියද්දි වරදිනවා අක්කෙ. ඒ ලියපු ගැම්මටම අයෙ කියවන් ගියත් ගොඩක් වෙලාවට වැරද්ද අහුවෙන්නෙ නෑ. මොකද අපි ලියපු දේ අපෙ හිතේ රැඳිලානෙ තියෙන්නේ. ටික කාලෙකට පස්සෙ කියවද්දි තමයි වැරද්ද දකින්නේ. එතකොට ඉතින් පරක්කු වැඩි වෙන්නත් පුලුවන්. පොස්ට් කරන්න කලින් වෙන කාට හරි දෙන්න ඕන කියවලා වැරදි තියෙනවද බලනන් කියලා. නැත්නම් මේ වැඩේ හරියන්නෙ නෑ.
    ඔයාගේ ප්‍රාර්ථනේටත් බොහොම ස්තූතියි අක්කේ.

    ReplyDelete
  6. @වැප්
    මල්ලි හරි මල්ලි..... එයාගේ ආදරේ බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලලා වැඩක් නෑ තමයි. ඒ කතාවනම් සහතික ඇත්ත. හැබැයි ඉතින් අපි ඔය වැඳලා එක එක දේවල් ඉල්ලනවනේ. අනේ මට මෙක ලබා දෙන්න. අරක කරලා දෙන්න. මේක කරවල දෙන්න කියලා. ඉල්ලන එක සිංහල අපේ පුරුද්දනෙ ඉතින් කොහොමත්. හික්ස්. අන්න ඒ වගේ මාත් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා කිසිම කරදරයක් ආපදාවක් නොවී, කිසිවෙකුගෙන් හිරිහැරයක් නොවී ඇගේ ආදරය හැමදාම ලබා ගන්න පුලුවන් වෙන්න කියලා. නැතනම් දන්නවනෙ ඉතින්. උඹලා වගේ කොල්ලන්ගේන් කෙල්ලො බේරගන්න හරි අමාරුයිනේ. හික්ස්...

    ReplyDelete
  7. @වැප්
    ඒක නම් එහෙම තමා ..ඒත් ඉතිං අනුරාධ කියනවා වගේ ..
    අනේ මේක නම් දෙවියන්ගේ, බුදුන්ගේ පිහිටෙන් හරි, වෙන්නම ඕනෙ කියලා නිකමට හරි හිතෙනවා, කියනවනේ අපි..ඒ නිසා ඉතිං කමක් නම් නැහැ නේද..??මට නම් හිතුනේ කමක් නැහැ කියලා;-)
    ඔබේ පෝස්ට් වල නම් එහෙම වැරදි අඩුයි වගේ..මම කියවපු වගේ.
    ඒත් සමහරු ඒ වරද ගොඩාක් කරනවා..ඇත්තටම එතකොට ඒක ඒ ලියන ලිපියට කරන අසාධාරනයක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete