Monday, February 1, 2010

මාත් දැන් සින්ඩියේ....

දවස් 3ක්ම ගාල්ලේ මිහිරි සුළඟේ ආශ්වාදය විදගෙන ඉඳලා අද උදේම ආපහු කොළඹ කර්කශ පොලවට පය ගැහුවා. අපු ගමන් බැලුවේ මගේ අන්තර්ජාල ලියුම් පෙට්ටිය. මෙන්න බඩු ඇවිල්ලා. මගේ සතුට ඉහවහා ගියා. වෙන මොකුත් නෙවෙයි. මාව සින්ඩියට තොරගත්තා කියලා ලියුම ඇවිල්ලා. පහුගිය ටිකෙම හරිම කනස්සල්ලෙන් හිටියේ. සින්ඩියට ඉල්ලුම් කරලා දවස් 14කටත් වඩා ගත වෙලත් කිසිම ප්‍රතිචාරයක් නැති 1ට. දැන් ඉතින් එකත් හරි. ඒ විතරක්යැ. තවත් දෙන්නෙක් මගේ යලුවො විදියට ලියාපදිංචිත් වෙලා. එක්කෙනෙක් මට ප්‍රතිචාරෙකුත් දාලා. පුංචි මගේ පුංචි හිතට හරීම සතුටුයි. මාවත් සින්ඩියට තෝරගත්ත්ට බොහෝම ස්තූතියි. ඒ වගේම මගේ පුංචි අඩවියට ආපු, කියවපු හැමෝටමත් බොහෝම ස්තූතියි. මගේ මුල්ම යලුවො 4 දෙනාටත් ඕන් බොහෝම පින්. අද මේවා දැකලා හිතට අමුතු ගැම්මක් ආවා. මෙච්චර දවසක් මන්ම ලියලා මන්මනේ කියෙව්වෙ. කියවන අය කීප දෙනෙක් හරි ඉන්නව කියලා දැක්කම මාර සතුටක් දැනුනා. අර කට්ටිය කියනවා වගේ සුභ අනාගතයක් ලබන්නද කොහේද යන්නේ. එල එල. එසේම වේවා.

13 comments:

  1. ආයුබොවන්ඩ...
    ඔහොම කොරගෙන යමු...

    ReplyDelete
  2. ඔබට සුබ පැතුමි!

    මාත් බලා ඉන්නේ ඔය e-Mail එන එනකං.

    ඒත් ලිපි දෙක තුනක් ලියා පල කලා.

    අනේවාසික

    ReplyDelete
  3. සතුටුයි සතුටුයි

    ReplyDelete
  4. එල
    දැන් තියෙන්න හිටු කියලා ලියන එකයි..

    /බිඟුවා...!

    ReplyDelete
  5. වෙල්කම් වෙල්කම්

    ReplyDelete
  6. අතර මග නතර නොවී දිගටම ලියන්නකෝ..

    ReplyDelete
  7. එළ එළ.. දිගටම ලියමු

    ReplyDelete
  8. එල එල මචෝ දිගටම ලියමු. ජය වේවා.

    ReplyDelete
  9. සාදරයෙන් පිළි ගනිමු !!!!!!!!!!!!

    ReplyDelete
  10. අම්මෝ.. 1 රැයකින් වෙලා තියෙන දේ. සතුටේ බැරුවා. බොහෝම ස්තූතියි ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම. ඔයලගෙ ප්‍රතිචාර මාව තවත් ධෛරයයමත් කලා. දැන් ඉතින් අවසානයක් නෑ. අනන්තය වගේම තමයි. මේ වගේම හැමදාමත් මගේ ලඟින්ම ඉන්න කියලා මන් ඔයලගෙන් ඉල්ලනවා. ඔයලා තමයි මගේ ලිවීමේ අනාගතය. ඔයාලාගේ අදහස් තමයි මගේ ලිවීමේ ජීවය. හැමෝටම බොහෝම පින්.

    ReplyDelete
  11. ඒක නම් ඇත්තම කතාවක් අනිත් අය අපේ දේ කියවන බව දැනෙන කොට තියන සතුට.....
    ජය වේවා! දිගටම ලියන්න!

    ReplyDelete
  12. @ජීවිතේමල්
    ස්තූතියි සහයෝගයට. ඔබතුමියගේ බ්ලොගයත් හරිම ලස්සනයි නොවැ. මන් වගේම වැඩිකලක් නෑ වගේ පටන් අරන්. ඔහොම යන්. ඔහොම යන්. ඔන්න මගෙනුත් සුභපැතුම්.

    ReplyDelete