Wednesday, February 13, 2013

අරුම කරුමය

ඇයගේ දසුනක් දකින තුරා
නෙතු බලාගෙන උන්නා
ඇයගේ  වදනක් ඇසෙන තුරා
සිත අසාගෙන උන්නා

හීන් කවිමල් පෙළට වැතිරී
ඇගේ දෙපතුල් සිම්බා
රේණු වල පැහැ ඇයට නොපෙනුන
අරුම කරුමය වින්දා

නෙතුද පියවී සිතද මැලවී
හදේ කවුළුව බිඳුනා
ඇයට නොඇසී ඇයට නොපෙනී
මගේ කවි විල සිඳුනා

16 comments:

  1. කවි විල හින්ද ගන්න නම් එපා රජෝ....

    ReplyDelete
  2. මේක කවියක් කියලා උඹ කිව්වට, මට නං මේක සින්දුවක් අනුරාධ...!

    ReplyDelete
  3. මෙලෝ දෙයක් කියවන්න පේන්නේ නැතෝ....මෙකක් හෝ අවුලක් ඇත බලන්න.

    ReplyDelete
  4. පිස්සු කොරන්න එපා අයියා........ඔය උල්පත් හින්ද ගත්තම අපි කෝමෙයි කවි කියවන්නේ....

    ReplyDelete
  5. අහා.... ලියන්න ටයිම් එකක් අනු අයියට සෙට් වෙලා වගේ...
    කවියනේ... කවි විල සින්ද ගන්ඩ එෆා ඒ.

    ReplyDelete
  6. මට පේන්නෙත් ලස්සන ගීයක් වගේ...:-)

    ReplyDelete
  7. ඇත්තමයි අනුරාධ, මේක සිංදුවක් කරන්නත් පුළුවන් වගේ..

    ReplyDelete
  8. ලස්සනයි සුන්දරයි
    ඒත්
    හිඳෙන්න දෙන්න එපා.............

    ReplyDelete
  9. අකුරෙන් අකුර හරි ලියපං පනුස්... :D

    ReplyDelete
  10. විල හිඳුනා වගේ පෙනුණට සිද්ධ වෙන්නේ විල පිරෙන එක...

    ReplyDelete
  11. උඹලට ඉඩෝරෙද??

    අපිට හේදෙන්නම වහිනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඔන්න අද තමා කියෝගත්තේ මේ කවිය.. නියමයි.. මුලින්ම අකුරු කියවන්න අමාරුයි.. සැහෙන වෙලාවක් යනවා ලෝඩ් වෙන්න
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  14. Template එක වෙනස් කරන්න බලන්න

    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete

  15. @මාතලන්
    හින්දගන්නෙ නෑ අප්පා. ඒත් ඉබේම හිඳෙනවා වගේ.

    @Lishan Puwakowita
    අනේ මන්දා ඉතින්. මන් ඉතින් සින්දු කවි කරන එකේ ඕක මොකද්ද? හෙ හෙ හෙ. ස්තූතියි අයියේ.

    @Naleen Dilruksha
    සමහර වෙලාවට ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. මන් හිතන්නෙ ඒක තමයි අවුල. මොකද බැක් එකේ තියෙන ඉමේජ් එක ලෝඩ් වෙන්නෙ නැතුව අකුරු කියවන්න අමාරුයි.

    @පිසාචයා
    අහ්. ඇයි දෙයියනේ මේ බ්ලොග් අවකාශේ කොච්චරනම් කවි කාරයො කවිකාරියො ඉන්නවද. හෙ හෙ

    @සිහින මදාරා
    ඔව්නේ. යාන්තම් වෙලාවක් හම්බ උනා. ඒ වෙලාවෙ ලියවුනා.

    @Podi Kumarihami
    හත්වලාමයි. ඔයාට පේන්නෙත් එහෙමදෑ. ඔයා කියද්දි ඉතින් නෑ කියන්නත් බෑ වගේ. ;)

    @දර්ශිකා කුමුදිණි
    මොකද්ද අනේ මන්දා? හෙ හෙ හෙ

    @ Dinesh
    අන්න චැලෙන්ජ් එක. උඹට පුලුවන්නම් බාර ගනින්. හෙ හෙ හෙ

    @ශලිනි මල්ෂා
    මේ කාශ්ඨක අවුවට කොයි විලත් හිඳෙනවා. හෙ හෙ හෙ

    @මාරයාගේ හෝරාව
    ඒනම් ගැහුවෙ පොඩි හින්ට් එකක්ද කොහෙදෑ. ;)

    @තිසර
    හෙ හෙ හෙ. ඒකත් හරි අපූරු තර්කයක් නෙව.

    @අඩවි රජ
    සිරි ලංකාවෙ කාළගුනේ තමයි ඉතින්. හෙ හෙ හෙ

    @ Samanalee Jayamaha
    ශා මරු කමෙන්ට් එක. :D

    @Loku John
    ටෙම්ප්ලේට් එක වෙනස්කරන්න ලෝබයි අප්පා. එදා ඉඳන්ම තිබ්බ එකනෙ. අර රිප්ලයි දාන ප්‍රශ්ණෙනම් තාම හරියට විසඳගන්න බැරි උනා.

    ReplyDelete