Tuesday, July 5, 2011

මෙන්න බඩු!!!

සෑහෙන්න දවසකට පස්සෙ ඔන්න මම ආයෙත් ආවා. හැබැයි ඔන්න ආවෙත් හිස් අතින්නම් නෙවෙයි. වෙනදට ගහන එක එක බයිලා නැතුව ජීවිතේට වටින දෙයක් අරගෙන තමයි මන් ආවෙ. අද මන් ඔයාලට කියන යන දේ ගැන මට අහන්න ලැබුනෙ පහුගිය දිනක මන් දන්න කියන මගේ මිත්‍රයෙක්ගෙන්. අවුරුදු කීපයක් තිස්සෙ ජපානයේ ජීවත් වෙන ඔහු මේ දින වල ලංකාවට ඇවිත් ඉන්නවා. ජපන් මිනිස්සුන්ගෙන් ඉගෙන ගනන් පුලුවන් බොහොම අපූරු පාඩමක් එයා මට කියලා දුන්නා. මන් මේ හදන්නෙ ඒ දේ ඔයාලත් එක්කත් බෙදාගන්න.
ලස්සනට ඉන්න කවුද අකමැති. නේද? අපි හැමෝම විවිධ දේවල් කරනවනෙ ලස්සනට ඉන්න. නමුත් ඇත්තටම ලස්සන කියන්නෙ මොකද්ද? කොහොමද මිනිහෙක් ඇත්තටම ලස්සන වෙන්නෙ? මිනිහෙක් ඇයි කැත වෙන්නෙ? ජපානයේ එක්තරා මෝස්තර ශිල්පී පාසලක ඔවුන්ගේ සුවිසල් වේදිකාව පිටුපස එම සිසු සිසුවියන්ට දර්ශණය වන අයුරින් ලියා තිබෙනවා කැත වෙන්න බලපාන කරුණු කාරණා 25ක්. ඔවුන් නිතරම ඔවුන්ගේ සිසු සිසුවියන්ට පවසන්නෙ ඒ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඒවාට ප්‍රතිවිරුද්ධ ලෙසින් ජීවත් වීමෙන් ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න පුලුවන් බව.
බලන්නකො මේවායින් කීයක් ඔබ සතුව තියෙනවද කියලා.

01.සිනා නොවීම
02.ස්තූති නොකිරීම
03.කෑමක් රසයි නොකීම
04.පණ නැති බව
05.ආත්ම විස්වාසය නොමැති බව
06.කන් කෙඳිරි ගෑම
07.අරමුණක් අධිෂ්ඨානයක් නොමැති බව
08.නිතරම තමා වටේ සිටින අය වැරදි යයි සිතීම
09.තමා කැත බව නොදැනීම
10.කටහඬ ඉතා පහත් හා වෙවිලීම
11.කිසිම වැඩකට නැති දේවල් වලින් හිත බිඳ ගැනීම
12.ඉරිසියාව
13.ඇස් වල දීප්තියක් නොමති වීම
14.කට බෙරි වී තිබීම
15.දෝෂාරෝපනයට දක්ශ බව
16.අන් අයට බැන වැදීම
17.සෘණාත්මක චින්තනය
18.තමා අවට සිදුවන දේ ගැන අනවබෝදය
19.අන් අයට නොසැලකීම
20.අන් අය අවිශ්වාස කිරීම
21.පෞදගලික ජීවිතයේත් රැකියාවේත් උනන්දුවක් නැති කම
22.මනුස්සකම නොමැතිකම
23.අවවාද පිලිනොගන්නා බව
24.තමා ලෝකයේ සිටින නිවැරදිම පුද්ගලයා යයි සිතා සිටීම
25.අලස කම

ඕනම පුද්ගලෙයෙක් තුල මේ කරුණු කාරණා අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙනම් දැන්ම තමුන්ගෙ ඇතුලාන්තයට ගිහින් බලන්න. මේ දේවල් ඔයාලගෙ ජීවිත වලත් තියෙනවනම් ඒවා අඩු කරගන්න උත්සහා ගන්න. ඔයාලා හැමෝටම තවත් ලස්සන වෙන්න පුලුවන් වේවී.

23 comments:

  1. ෂඃ කාලෙකට පස්සේ ඇවිත් වැදගත් දෙයක් ලියලා මරු මරු :)

    ReplyDelete
  2. අනේ බං ඔය ඔක්කොම මතක තියා ගන්නත් වෙනම එකෙක් ඉන්න එපෑ..

    ReplyDelete
  3. සෑහෙන වටිනවා ඒ ටික ජීවිතේට එකතු කරගන්න පුලුවන්නම්.

    ReplyDelete
  4. ස්තූතියි ලිපියට.කාලෙකින් නේද?

    ReplyDelete
  5. මට ඕවායින් 03 ,06,09,15,16,23,24,25 කියන ඒවා ටිකක් වැඩි මට්ටමින්ම තියෙයි වෙනස් කරගන්න ඕනි

    ReplyDelete
  6. ෂා නියමයි
    "පණු ඔවදන්"

    ReplyDelete
  7. 25ම තියේ බන් මොකෑ කරන්නේ :-D

    ReplyDelete
  8. සෝයි ඔවදන්ටික.. මට ඕකෙන් 50%ක් විතර තියේනෙ බොලේ.. ස්තූතියි දැනුවත් කිරීමට... :)

    ReplyDelete
  9. මළා මට ඔයින් 20ක් විතර තියෙනවනෙ....ඒක තමයි ඔච්චර කැත

    ReplyDelete
  10. හොදා හොදා කාලෙකට පස්සේ ඇවිත් වටින කියන කතාවක් කියලා...
    10. හෙම්බිරිස්සාවක් හැදුනොත් නං කටහඩ පහත්
    13. මේක දිහා දවසෙම බලන් ඉදලා ඇස්වල දීප්තියක් ඉතුරුවේවිද
    16. අනිත් අය‍ට බනිනවට වඩා අනිත් අයගෙන් බැනුම් අහන්න දක්ෂයි
    අනිත් ඒවනං අවුලක් නෑ ඒවා නැත්තෙමත් නෑ ඒත් පාලනයක් තියනවා කට වාචාල කම විතරයි පාලනයක් නැති එනම දේ

    ReplyDelete
  11. //කට බෙරි වී තිබීම//මට නම් මේක තමා ලස්සනම.

    ඊලඟට //තමා කැත බව නොදැනීම//

    ඒ කියන්නේ තමන් කැත බව දැන ඉන්ට කියලද? එතකොට තව කැතවෙනවනේ...:D

    ReplyDelete
  12. පණුවා දැක්ක කල්... මට නොම්මර 25නම් දරුණුවටම තියෙනවා බන්... :D

    ReplyDelete
  13. අංක 09 සමග එකඟ විය නොහැකි.. මොකද ''මම කැතයි'' කියල හිත හිත ඉන්න කෙනාව තවත් කැත වෙනවා....

    අංක 11 තමා මගේ තියන ලොකුම දුර්වල කම..

    අංක 13..14 උපන් හැටි වෙන්න පුලුවන්..

    අංක 17..19..20..22 ට අද සමාජය,ආර්ථිකය අනුව 100% එකඟ විය නොහැකියි..

    කෙනෙක් ඇතුලතින් පිටතින් දෙකෙන්ම ලස්සන වෙන්න අනික් කරුනු නම් ගොඩාක් බලපානව තමා...ගොඩාක් ස්තූතියි..!!
    අප්පේ කොහෙන්ද පනුස් මේවා හොයා ගන්නේ?????? DDDDD

    ReplyDelete
  14. හෆොයි මේ ඔක්කොම වගේ මා ගාව තියෙනවනෙ. :(

    ReplyDelete
  15. මමනම් දුක නැත්නම් හිනාත් වෙනව ස්තූති කරන දේටත් මැළි වෙන්නැහැ. රස කෑමට රසයි කියනව. පණ නැති වුණත් පණ තියනව වගේ ඉන්න තමයි කැමති :-D ආත්ම විශ්වාසය නම් ඇතිවෙනව නැතිවෙනව. මං කැතද ලස්සනද කියල මටම හිතාගන්න බෑ. ඒත් මූණෙ පිම්පල්ස් ආවම කැතයි තමයි :-D
    කීඩෑව කීව වගේ ඇස් වල දීප්තිය ගැන වගකියන්න බෑ. භෞතික ගුණාංගනම් වෙනස්වෙනසුළුයි තමයි.

    ඒ වුණාට මේ ලිස්ට් එකට අනුව විසුවොත් යහපතක් මිස අයහපතක්නම් වෙන්නැති බව විශ්වාසයි :-)

    ReplyDelete
  16. ඒක නෙවේ ජපනා ඕවා නැති කොලේ කොහොමද දන්නෙ නෑ..... , ලිස්ට් 1 කේ තියන එව්වගෙන් 75% විතර තියනවා .... අඩු කොර ගන්න ඕනැ

    ReplyDelete
  17. එක එක්කෙනාට වෙන වෙනම උත්ත‍ර දෙන්න කලින් හැමෝටම පොදුවේ දේවල් ටිකක් කියන්නම්.
    ඇස් වල දීප්තියක් නැති කම
    තමා කැත බව නොදැනීම
    කියන දේක හැමෝම ටිකක් වැරදි විදියට තේරුම් අරගෙන පාටයි.
    ඔතන ඇස් වල දීප්තියක් නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ හිතේ කිසිම ප්‍රබෝධමත් බවක් නෑ කියන එකයි. බලන්න හැම තිස්සෙම කණස්සල්ලෙන් ඉන්න කෙනෙක්ගෙ ඇස් වල දීප්තියක් නෑ. නමුත් හැම වෙලේම හිනා වෙලා සතුටින් ප්‍රබෝධමත්ව ඉන්න අයගෙ ඇස් නිතරම දීප්තිමත්.
    අනිත් කාරණය තමා කැත බව නොදැනීම. ඒකෙන් අදහස් වෙන්නෙ තම් කැත වෙන්න බලපාන දේවල් තමා තුල තියෙන බවවත් තමන් නොදැනීම. තමන් හිතනවා තමන් සර්ව සම්පූර්ණයි කියලා. එතකොට ඒ කෙනා කොහොමද තමුන්ගෙ අඩුලුහුඬුකම් හදාගන්නෙ. එහෙම එකෙනා තවත් කැත වෙන එක වෙන්නෙ.
    ගැටලුව නිරාක‍රණය උනා කියලා හිතනවා. :)

    ReplyDelete
  18. ලිස්ට් එකේ තියෙන සමහර ඒවනම් මගේ ජීවිතේත් තියෙනවා.. අඩු කර ගන්න තමයි දැන් කාලෙක ඉදන්ම උත්සාහය.. වැදගත් පොස්ට් එකක් යාළුවා..

    ReplyDelete
  19. සෑහෙන්න ඒව තියෙනව... ඔන්න ඔහෙ තියෙච්චාවෙ... මොකද මේක කියවල මම වෙනස් වුණොත් අනිත් උන් කරෙත් නගියි.

    ReplyDelete
  20. ගොඩක් වටින කරුණු ටිකක්. ඔන්න මමත් අද ඉදන් ලස්සන වෙන්න උත්සහ කරනවා. :)

    ReplyDelete
  21. අහා.... මං ළඟ නම් ඔය එකක් වත් නෑ.... :D

    ReplyDelete
  22. ස්තුතියි යාළු ඔයගේ උපදෙස් ටිකට

    ReplyDelete