Tuesday, April 20, 2010

තෑගිත් අරගෙන මන් ආවා.........

 ඔන්න මන් අයෙත් ආවා. ආවෙනම් ඊයෙ. ඒත් මද අසනීප තත්වයකින් පෙලුන නිසා ඊයේ මොකුත් ලියන්න බැරි උනා. අදත් ඒ තරම්ම ගුණයක් නෑ. වැඩිය නිදි වරන්න අමාරුයි. ඒත් අදනම් මැරෙන්න තරම් අමාරු උනත් ලියනවමයි කියලා හිතා ගත්තා. අනිත් එක පරක්කු නොකර ගෙනාපු තෑගි දීලා හිටින්න එපැයි. මොකද එදා යද්දි දිල් අක්ක මට මරණීය තර්ජන එල්ල කරා තෑගි නැතුව මේ පැත්ත පලාතෙ එන්න එපාය කියලා. මයෙ අම්මෝ...... මන් සෑහෙන්න බය උනා. ඒක නිසා ඔන්න මන් මිල කල නොහැකි වටිනා තෑග්ගක් අරන් ආවා කට්ටියට දෙන්න.

කෑම ජාති දීලා වැඩක් නෑනෙ. කාල ඉවර උනාම ඒකෙ වටිනාකම ඉවරයි. ඇදුම් දීලා වැඩකුත් නෑ. අඳින්න බැරි දාට ඒවෙ වටිනාකම නෑ. මොන දේ දුන්නත් ඔය ආනිසන්සෙ තමයි. ටික දවසක් යද්දි වටිනාකම අඩු වෙලා යනවා. ඒ නිසා මන් හිතුවා කවදාවත්ම වටිනාකමේ අඩුවක් නොවෙන ජීවිතේ පුරාම එක වගේ වැදගත් වෙන දෙයක් දෙන්න ඕන කියලා. අන්න ඒ හින්දා තමයි  මන් මෙන්න මේ තෑග්ග ඔයාලට දෙන්නෙ. මේ තැග්ගේ තියෙන දේවල වටිනාකම කිසිම දවසක අඩු වෙන්නෙ නෑ. ඒ වගේම මේ තෑග්ගේ තියෙන දෙවල් ඒ විදිහටම භාවිතා කලොත් ඔයාලට පුලුවන් ජීවිතේ බොහෝම අර්ථාන්විත කරගන්න.
ආ...... ඔන්න ගන්න. මෙන්න තියෙනවා තෑග්ග.

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුනු කය පොලවට දිරායතී
අපිට නොවේ බඹුටත් මරු ලඟා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
දුන් දේ සුවඳ පවතියි ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමින් පව් සිදු කර ගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා


සින්දුව මෙතනින් බාගන්න

ඔන්න තියෙනවා තෑග්ග. හොඳයි නේද? වෙන වෙන දේවල් වලට වඩා වටිනවා නේද? කැමතිනම් සින්දුවත් බාගෙන අහන්න. නිකම් මන් ලියපු 1 කියවනවට වඩා තනුවත් එක්ක අහෙද්දි ඔය වචන ටික හදවතටම වදිනවා. මන්  බොරුද කියන්නෙ කියලා අහලම බලන්නකො. ගොඩ දෙනෙක් අහල තියෙන්නත් පුලුවන් ඉතින්. මොකද පරණ සිංදුවක්නෙ. ඒ උනාට අහලා නැති අයත් ඕන තරම් ඇතිනෙ. කනින් අහලා නැති අයටයි කනින් ඇහුවත් ඔලුවට ධාරණය කරගත්තෙ නැති අයටයි දෙගොල්ලොන්ටම මෙක හුඟක් වැදගත් වේවී.

9 comments:

  1. තෑ ගුටියක් නොවීම ගැන දහස් වාරයක් සතුටු වුනෙමි.

    ReplyDelete
  2. හික්..කොල්ල අවිත් නේද ?

    ReplyDelete
  3. කන්න දෙයක් දුන්නනම් කොයි තරම් හොඳද?

    ReplyDelete
  4. සිංදුව ස්තුති...

    ReplyDelete
  5. @බිඟුවා
    ඊක්කා......


    @දිල්
    ආවා අවා...... ඔන්න දැක්කනේ අපි ආයේ කිව්වොත් කිව්වා. තෑගිත් අරගෙනම ආවා ඔන්න....

    @වැප්
    මොකො බකමූනො........??????

    @Outsider
    අපොයි..... මුන්නම් හැදෙන ජාතියක් නෙවෙයි.

    ReplyDelete
  6. @රවා
    ස්තූතිය බාර ගතිමි. ස්තූති කලාට ස්තුතියි.

    ReplyDelete
  7. OHooo දිල් ඒවගේ වැඩත් කරනවද..???අදනේ දන්නේ... :-(
    තෑග්ග හොදයි ස්තූතියි..!!!

    ReplyDelete
  8. @nimanthi
    ඒක නෙන්නම්. මාත් එදා නෙවැ දන්නෙ දිල් අක්කා මේ තරම් දරුණුයි කියලා. අම්මෝ..... මතක් වෙද්දිත් මයිල් ස්මයිල් වෙනවා.

    ReplyDelete