Wednesday, April 7, 2010

අවසරයි සමුගෙන යන්නට...... ( බායි )

ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි කියලා අපේ බුදු දහමේ සඳහන් වෙනවා. ඒක කොයි කාලෙටත් කොයි කෙනාටත් පොදු දෙයක්. හමු වීමක් තියෙන තැන වෙන් වීමක් තියෙනවාමයි. දුක උනත් කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒ කුරිරු යථාර්තයට මටත් මුහුණ දෙන්න වෙලා. හිත ගලක්නම් දුක කියන දේ ගානකට නොගෙන ඉන්න තිබ්බ. ඒත් ඇයි දෙයියනේ මගේ හිත මේ තරම් මොලොක්  කලේ. වෙන් වීම අපි කාටත් පොදු දෙයක්, ඒක නිසා දුක් වෙන්න එපා, හිත ශක්තිමත් කර්ගන්න කියලා හැමෝටම බණ කිව්ව මම, අද මේ බ්ලොග් අවකාශය අත්හැරල යන්න වෙන දුකට වැලපෙනවා.
                           ඔව් යාලුවනේ. මට යන්න වෙලා. බ්ලොග් අවකාශය අත ඇරල  යන්න වෙලා. මුහුණෙන් නොදුටුවත් හිත් වලින් ලඟ ඉන්න යලුවො ටික දාල යන්න වෙලා. බ්ලොග් ලියන්න අරගෙන මාස 3ක් තරම් කෙටි කාලයක් උනත්, බ්ලොග් අවකාශය මොන තරම් මගේ ජීවිතේ ආක්‍රමණය කරලද කියලා තෙරෙන්නෙ මේ වෙන් වීම දරාගන්න බැරුව හදවත වැලපෙන හැටි දැක්කම. මොනවා කරන්නද දෛවය ඒකනම් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා.

                        ඉකි ගගහා වැලපෙන හිතට පුංචි හරි සැනසීමක් තියෙන්නෙ එකම එක කාරණයක් නිසා. ඒ අප්‍රේල් දහනමවැනිදායින් පස්සේ ආයෙමත් ඔයාලා එක්ක පරණ පුරුදු විදියටම එකතු වෙන්න පුලුවන් බව දන්න හිංදා. මේ වෙන්වීම සදාකාලයටම නොවෙන බව මගේ හිත දන්න හිංදා.
                                   කාලෙකට පස්සෙ මට දීරිඝ නිවාඩුවක් හම්බ වෙනවා. මම තව ටික වෙලාවකින් මගේ ගම රට බලා පිටත් වෙනවා. යනගමනත් බොහොම දීර්ඝ වෙහෙසකාරී ගමනක්. පැය 3ක් එකදිගට යන්න එපැයි. කොලඹ ඉඳන් ගාල්ලට යනවා කියන්නෙ සෙල්ලම්ද. ගෙදර ගියාට පස්සෙ ඉතින් ජාලගත වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. එකක් ඉතින් මෙහේදි වගේ නිකන් ජාලගත වෙන්න ලැබෙන්නෙ නෑනෙ. මෙහෙදිනම් ඉතින් පංසලේ ඇබිත්තයට නිකම් දානෙ ටික ලැබෙනවා වගේ ඕන වෙලවක ජාලෙ ඔන්ලයින්. එහේදි එහෙම නෑනෙ. මේ දවස් වල ආර්තික මට්ටමත් එක්ක කැෆේ ගිහින් නෙට් එනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. මොකද මේ අවුරුදු කාලෙනේ. ආර්තිකේ සීරො. අනිත් හේතුව තමයි කාලෙකට පස්සෙ ගෙදර යන නිසා රටේ නැති ගමන් යෙදේවි. මොකද ගමේ ජාලෙටත් ජාලගත වෙන්න එපැයි. බලමු. මන් ඒත් උත්සහ කරන්නම්. දැන් බ්ලොග් නැතුව හුස්ම ගන්නත් අමාරුයි වගේ. කුඩු ගැහුවට වැඩිය හපන්. අවස්ථාවක් ලැබුනොත් මන් මේ පැත්තෙ ගොඩ වැදිල යන්න එන්නම්.එහෙම නැති උනොත් අයේ මට එන්න වෙන්නෙ 19 වෙනිදා තමයි. ඔන්න හැබැයි මන් හිටියෙ නෑ කියලා මාව අමතක එහෙම කරනවා නෙවෙයි හොඳද.
                                 එහෙනම් ඉතින් දැන් මට යන්න අවසරයි. ඔයාලට කිරියෙන් පැනියෙන් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඕන් මන් ගියා. බා..............යි.

17 comments:

  1. ඔයාටත් කිරි පැනි බේරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් අයියා..

    ReplyDelete
  2. සුබ අලුත් අවුරැද්දක් වේවා

    ReplyDelete
  3. අනේ අනේ කොල්ලො ......දෙන්න හිතෙනවා ගුටි 100ක් විතර...ආයේමත් එද්දී නිකම්ම නිකම් එන්න බෑ. අපි ඔක්කොටම අවුරුදු තෑගි අරන් එන්න වෙයි තේරුනාද ?

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. ඈ ඈ ඈ ඈ.....
    මටත් ඕකම තමා වෙලා තියෙන්නේ....
    මොනා කොරන්නද? ගමට ඉතිං ජංජාලේ නෑනේ....

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම !!!!!!!

    ReplyDelete
  5. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  6. සුබ අළුත් අවුරුද්දක් වේවා ! ගණන් ගන්න එපා තාවකාලික සමුගැන්මක් නේ............

    ReplyDelete
  7. සුබ අලුත් අවුරැද්දක් වේවා මලේ . .

    මම උඹේ සමහර කමෙන්ට්ස් දැක්කා . . . උබ මාර පලල් ජීවිතවබෝදයක් තියෙන කොල්ලෙක් වගේ . . .

    අපි 19 දයින් පස්සේ ම මුනගැහෙමුකෝ . . . එතකොට කතා කරමු . . .

    ReplyDelete
  8. මූ නිකන් කියන්නෙ ජීවිතේට ආයි බ්ලොග් ලියන්නෙ නෑ වගේ නෙ. කමක් නෑ ගිහින් එන්න කො. තෑගි ඕන 19වැනිදට. සුභ අළුත් අවුරුද්දක්
    /කුම්භකර්ණයා

    ReplyDelete
  9. ගාල්ලත් මහ දුරක්ද? රත්නපුරේටත් පැය 3 තමයි. ඒත ඉතිං සිකුරාදා හවසට නං පැය 3හමාරත් ෂුවර් නෑ.
    /කුම්භ

    ReplyDelete
  10. පරිස්සමින් ගමේ ගිහින් එන්නකො එහෙනම්.... පවුලේ හැමෝම එක්ක සතුටින් එකතු වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් සමරන්න සමනලී සහ සමනලීගේ අයිතිකාරයාගෙන් සුභ පැතුම්.....!!!

    ReplyDelete
  11. මාත් උඩ ගියා.සමුගෙන යනවා කිව්වම.
    එහෙනං කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..........

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්.
    19 දිහාට සෙට් වෙමු එහෙනම් ආයෙම.

    ReplyDelete
  13. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  14. ජය වේවා මල්ලි... සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  15. හැමෝන්ටම.....
    එසේම වේවා!

    ReplyDelete
  16. @දිල්
    අම්මෝ මෙයාගෙ සැර. අනේ වඳින්නම් ගහන එකක් රිදෙන්නෙ නැති වෙන්න හොඳේ. හරි හරි ගේන්නම් ගේන්නම්. වටීන තෑග්ගක් ගේන්නම් හැමෝටම.

    @චමිදේවා
    ගමේ ඉතින් වෙන වෙන ජංජාලනේ. දන්නෙ නැද්ද ඉතින්.

    @දුකා
    "මම උඹේ සමහර කමෙන්ට්ස් දැක්කා . . . උබ මාර පලල් ජීවිතවබෝදයක් තියෙන කොල්ලෙක් වගේ . . . "
    ඔය බලන්න ඉතින්. මට ලැජ්ජත් හිතෙනවා. මේ... මූනත් එක්ක රතු වෙලා.

    @කුම්භ
    එසේනම් අප දෙදෙනාම එක වල්ලෙ පොල් මෙන්ය.

    ReplyDelete