Wednesday, February 3, 2010

Phone 1 ඔරිජිනල්ද?

කාගෙන් හරි ඇහුවොත් තමන්ගේ ජීවිතේ වටිනම දේ මොකක්ද කියලා ගොඩ දෙනෙක් කියයි Hand phone 1 කියලා. අද ඒ තරමටම ජංගම දුරකතනය කියන දේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ඔය මල් එහෙම කඩන කට්ටිය ඒක හොඳටම දන්නවා ඇතිනේ. ඉස්සරනම් phone 1ක් ඕන උනේ කාට හරි ඇමතුමක් ගන්න විතරයි. ඒත් දැන් එහෙම නෑනේ. ජංගම දුරකතනය අද බහුකාර්‍‍යය උපකරනයක් වෙලනේ. Phone 1ක් ගන්න 1 ගෑනියෙක් ගන්නවටත් වඩා අමාරුයි. කොච්චරක්නම් දේවල් බලන්න ඕනද. සමහරු ගන්නේ ඔරිජිනල්ම phone. තව සමහරු අඩු ගානට චයිනීස් එවා ගන්නවා. දැන් බැලුවොත් ඇත්නම් ඔක්කොම ච්යිනීස්නේ. කොහොම ගත්තට් හැමෝම බලන්න ලෙඩක් නැතිව වැඩි කාලයක් පාවිච්ච් කරන්නනේ. අපි phone 1ක තත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන අන්න එතනදි. මට හම්බ උනා phone 1ක තත්වය කොහොමද කියලා බලාගන්න පොඩි ක්‍රමයක්. මන් මේ හදන්නෙ ඒක කියන්න. සමහරුනම් දන්නවත් ඇති. නොදන්න අය වෙනුවෙන් කියන්නම්.
ඔයාලගේ phone එකේ *#06# කියල type කරන්න.  දැන් ඔයලට බලගන්න පුලුවන් ඔයලගේ phone එකේ IMEI අංකය. දැන් බලන්න ඒකෙ තියෙන 7 වෙනි අංකයයි 8 වෙනි අංකයයි මොකද්ද කියලා. 7 වෙනි අංකයයි 8 වෙනි අංකයයි විදියට තියෙන්නෙ 00 නම් ඔන්න බඩු  නියමයි. හොඳම තත්වයේ 1ක්. අංක 2 තියෙන්නෙ 01 හරි 10 හරි නම් ඒක Finland වල හදපු 1ක්. ඒකත් මරු. කලින් 1 තරම්ම නොවුනත් මේකත් පාවිච්චියට හොඳයි. ඉතා හොඳ ත්තවයක් තියෙනවා. අංක 2 තියෙන්නෙ 08 හරි 80 හරි නම් ඒක Germanyයෙ හදපු 1ක්. ඒක සාමන්‍යයි. අව්ලක් නෑ. වැඩි හොඳකුත් නෑ. නරකකුත් නෑ. ඔන්න හැබැයි අංක 2 තියෙන්නෙ 02 හරි 20 හරි නම් ඒක හොඳ නැති 1ක්. එකෙ තත්වයනම් නරකයි. අංක 2 තියෙන්නෙ 13 නම් ඒක ඉතාමත්ම නරක තත්වයේ 1ක්. ඒ වගේ phone 1ක් පාවිච්ච් කිරීමෙන් අපෙ සරීර සෞඛ්‍යයට පවා අහිතකර වෙන්න පුලුවන් කියලා තමයි තතු දත්තො ප්‍රකාශ කරන්නේ.
                             මේක 100%ක් නිවැරදිද කියන්න මන් දන්නෙ නෑ. ඔය phone හදන්නෙ මන් නෙවෙයිනේ. මාත් මේ අන්තර්ජන්ජාලෙන් තමයි ඕක ඇහිඳගත්තේ. නැත්නම් කට්ටිය 00 තියෙන phone 1ක් අරන් හදිස්සියෙවත් ඒක අප්සෙට් ගියොත් මාව අල්ලගනීවි. මන් තමයි ඒකට වග කියන්න ඕන කියලා.
       මේ තියෙන්නේ මගෙ phone එකේ IMEI අංකේ. දැන් අවුරුදු 2ක් වෙනවා. තාම කිසි අව්ලක් නෑ. බබා වගේ වැඩ.
                       IMEI 35851601-118865-6-50
මන් ප්‍රාර්තනා කරනවා ඔයාලටත් මට වගේම, ව්‍යාජ අනුකරණ වලට නොරැවටී හොඳම දේ ගන්න බුද්ධිය හා වාසනාව පහල වේවා කියලා. ;)
                        

6 comments:

  1. මොන බොරු කතාවක්ද ඔය. phone හදන්නේ Finland වලයි Germany වලයි විතරද. :P :P :P :P

    ReplyDelete
  2. ඔව් බොරුවක් වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහර විට ඇත්තක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  3. හික්.. ඕක නොකියා ෆෝන් වලට අදාල ටිකක් පරණ (afaik) කෝඩ් එකක්.. :)
    අලුතෙන් එන නොකියා වලත් ඔය කෝඩ් එක බලල හරි තීරණයක් ගන්න බෑ..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මගේ phone එකේ 02 නෙ තියෙන්නෙ. :(
    අනුරාධ උඹේ බ්ලොග් එක අදනෙ දැක්කේ.

    ReplyDelete
  6. @ගයන්ත
    මන් දන්න තරමින් මේක Nokia වලට විතරක් නෙවෙයි හැම Phone 1කටම වලංගුයි. මගේ 1 Sony Ericsson

    @පහන්
    ආ...එහෙනම් ඉක්මනට Phone 1 මාරු කරපන්. මන් ඉතින් වැඩි කාලයක් නෑ බ්ලොග් ලියන්න ඇවිල්ල. තාම පොඩි එකා මන්.

    ReplyDelete