ගොඩක් අය දන්නවා. දන්නෙ නැති අයත් ඔන්න දැනගන්න. පහුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා අපි ගියානෙ සිරීපාදෙ. බ්ලොග් ලියන අපේ හිතවතුන් හිත්වතියන් කීප දෙනෙකුත් ඔවුන්ගේ තවත් යහලු යෙහෙලියන් කීප දෙනෙකුත් තමයි මේ ගමනට සහභාගී උනේ. 3 වෙනිදා රාත්‍රී 8ට වගේ තමයි අපි කොළබින් පිටත් උනේ. දෙයියනේ කියලා බොහොම විනෝදෙන් සැහැල්ලුවෙන් ගමන් කරලා රාත්‍රී 1.30ට විතර අපි නල්ලතන්නියට ලඟා උනා. ඒ වෙද්දි පොද වැස්සක් හෙමිහිට පොලව සිපගනිමින් තමයි තිබුනේ. ඔන්න ඉතින් කට්ටිය තම තමුන් සීතලෙන් ආරක්ශා වෙන්න අරගෙන් ආපු ඇඳුම් එහෙම ඇඳ පැලඳගෙන ලක ලෑස්ති උනා මහා පාද චාරිකාව අරඹන්න. මමත් ලස්සන අලු පාටින් ඉරි වැටිච්ච කලු පාට කමීසයක් ඇදලා ඊට උඩින් ජර්සියක් ඇඳලා ඊටත් උඩින් තව සුදු පාට ජැකට් එකක් එහෙම ඇඳ ගත්තා. මොනවා උනත් ජැන්ඩියට යනන් එපැයි. මන් බස් එකෙන් එලියට බැහැලා බලද්දි මෙන්න කට්ටියක් ඉන්නවා පොලිතින් උර වල බැහැලා. මන් කෝකටත් ලන් කොරල බැලුවා. බැලින්නම් මේ අපේ උදවියනේ. කට්ටියම නිකන් අඟහරු වලින් ගොඩ බැහැපු පිටසක්වල ජීවියෝ ටිකක් වගේ. "මොකැයි මේ අමුතු භාණ්ඩේ" කියලා මන් හෙමිහිට අක්කගේ කණට කොඳුරලා ඇහුවා.
බලන් ගියාම ඒක පොලිතින් රේන් කෝට් එකක්. ශොපින් බෑග් එකක වගේ තමයි ගනකම. එතන කඩ වල තියෙනවා භාන්ඩේ විකුණන්න. රුපියල් 100යි ගාන. අක්කා ඇහුවා මගෙන් එකක් ගන්නවද කියලා. එහෙම ඇහුවම එපා කියන්න හොඳ නෑනෙ. මාත් ඉතින් හා කිව්වා. අක්ක ඒක ගන්න ගිය අතරේ මන් පොඩ්ඩක් වට පිට බැලුවා. මෙන්න බොලේ අන්සුවා ඉන්නවා අත්මේස් දෙකකුත් දාගෙන. ඒක දැක්කම මටත් ආසාවක් ආවා අත් මේස් දාන්න. මන් එන්න කලින් හිතුවේ කකුලේ දාන මේස් දෙකක්වත් අරන් එන්න ඕන කියලා අත් දෙකේ දාගන්න.. ඒත් අමතර මේස් කූට්ටමක් තිබ්බෙ නැති නිසා ඒකත් කොලන්න බැරි උනා. මන් අන්සුවාගෙන් අහලා බැලුවා කොහෙන්ද අත් මේස් දෙක කියලා. බැලින්නම් එකත් තියෙනවා එතනම විකුනන්න. මගේ කිට් එකට දැන් අඩු අත් මේස් දෙක විතරයි. මාත් ගියා එකක් ගන්න. මේන් මරෙත් එතන අත් මේස් තෝරනවා. මාත් ඉතින් අඳුමට මැච් වෙන්න තෝරලා තෝරලා අලු පාට අත් මේස් දෙකක් ගත්තා. මරේ වගේ දානපතියෝ ඉන්නකම් අපි වගේ හිඟන්නු පර්ස් එලියට අදින්නෙ මොකටද. මන් එපා කියද්දිම මරේ මගේ අත් මේස් දෙකටත් ස්පොන්ස කලා නෙව. ඔන්න ඉතින් මන් ඒකත් දාගෙන හැඩ බල බල කඩෙන් එලියට එද්දි අක්ක ඉන්නවා අර පොලිතින් උරේත් අතේ තියාගෙන. ගත්තට මොකද ඒක ඇඟේ දාගන්න හිතක් නෑ. අපරාදෙ පැසොන් එකට ඇඳලා ඒක ඔය පොලිතින් උරේකින් වහන් යන්න පුලුවනැ. අනික ලොකු වැස්සකුත් නෑ. පොඩි පොදයක් විතරයි. ඒ මන් නිසා ඒක සාක්කුවේ දාගත්තා. ඔන්න ඉතින් අනිත් හැමෝම පොලිතින් උර වහල බැහැලා. මන් විතරක් නලුවා වගේ පැසොන් එකට කන්ද නගිනවා. අනිත් උන් සේරම ඉරිසියාවෙ පැලෙනවා. ඉරිසියාව වැඩි කමට මට උපදෙස් දෙනවා මටත් අර උරේ අතුලට බහින්න කියලා. ඒත් මන් නෙවෙයි ඒවට සැලුනේ. වැහි බිඳු එක එක මගේ ඇග තෙමාගෙන පහලට වැටුනත් මන් නොසැලී ඉදිරියටම ගියා ඒ විදියටම.
හැබැයි වැඩිදුර එහෙම යන්න උනේ නෑ. කට්ටිය දන්නවනේ අර තේ වත්ත මැදින් යද්දි හම්බ වෙන ලොකු තෝරන. ඒ හරියෙදි වැස්ස වැඩි කලා නෙව. ඒක නිසා මටත් පැසොන් එක පැත්තක දාලා බහින්න උනා පොලිතින් උරේට. මන් ඒක ඇතුලට බහින හැටි අනිත් උන් ටික බොහොම ආසාවෙන් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්න විදිය මන් යාන්තමට දැක්කා. ඔන්න ඉතින් ඔය විදියට හෙමින් හෙමින් අපි තව උඩට නැග්ගා. ටික වෙලාවකින් අපි කට්ටිය නිකම්ම එක එක කණ්ඩායම් වශයෙන් බෙදුනා. රවායි රවා එක්ක ආපු යාලුවයි දෙන්නා නම් පටන් ගත්තු ගමන්ම මිසින් උනා. පස්සෙ දැනගන්න ලැබුනා අපේ නඩේ හුරුබුහුටි ගෑනු ලමිස්සියෝ හිටියෙ නෑ කියලා, උන් දෙන්න කෙල්ලො හිටපු වෙන නඩේකට සෙට් වෙලා කන්ද නැග්ගා කියලා. මම, අක්කා, පසා, මරේ, අහිංසකී, අන්ශුවා හා පසා එක්ක ආපු යාලුවො දෙන්නෙක් තමා ඔන්න සෙට් උනේ එකට කන්ද නගින්න. ඔන්න ඉතින් අපි හෙමින් හෙමින් කන්ද නගිනවා බොහොම බැති සිතින් තුන් සරණේ කවි එහෙමත් කිය කිය.
ඔය විදියට අපි සීත ගඟුලටත් ආවා. ඔන්න ඔතනදි තමයි මට, මම පත් වෙලා තියෙන අභග්‍ය සම්පන්න තත්වය දැන් ගන්න ලැබුනේ.
"මල කෙලියයි කලිසම පැලිලා." එක පාරටම ඔලුව ඇතුලේ බොම්බයක් පිපිරුනා වගේ උනා. කලිසමක නොපැලියම යුතු ස්ථානය අගලක් විතර පැලිලා. හිතට පොඩි බයක් අප්සට් එකක් දැනුනත්, අවුලක් නෑ පොඩ්ඩයිනෙ පැලිලා තියෙන්නෙ කියලා හිතලා හිත සුට්ටක් හදාගත්තා. කෝකටත් මම පසාට සීන් එක කිව්වා. පසා ප්‍රෙමයෙන් මන රන්ජිත වී නන්දිත වී අමානන්දයට පත් වෙලා උන්න නිසා පොරට මගේ සීන් එක එච්චර මීටර් උනේ නෑ. මන් මරේටත් එහෙමම සීන් එක කිව්වා.
"ඉඳිකටුපානෙන් ඉදිකට්ටක් අරගෙන ගහගනින්" මරේගේ උත්තරේ මට පොඩි සනසීමක් ගෙනාවා.
ඔන්න ඉතින් අපි ආයෙත් නගිනවා. ඔහොම යන ගමන් අපි පොඩ්ඩක් ගිමන් අරින්න කඩේක නැවතුනා. මන් නිකමට වගේ කඩෙන් අහලා බැලුවා යතුරු කටු තියෙනවද කියල. හම්මේ... මෙන්න බොලේ බඩු තියෙනවා. ගනන් ඇහුවා... හෑ...... මේන් බොලේ රුපියල් 20ක් කියනවා. ඒකේ හරි ගාන රුපියල් 5යි. ඒ උනාට මොකෝ. ඒ වෙලාවෙ මට ලොකේ තියෙන වටිනම වස්තුව තමයි ඒක. එක නිසා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව යතුරු කටු කැරැල්ලක් ගත්තා. ඔය අතරවාරයේ ඉතින් අපේ සෙට් එකේ හිටපු සියලු දෙනාම දැනගත්තා මට වෙලා තිබ්බ අකරතැබ්බය. කටු කැරැල්ලත් ගත්තට මොකද ඒක ගහගන්න විදියක් නෑ. සෙනග කොයි වෙලාවෙත්. කැලේට යන්නත් බෑ කලුවර නිසා. ඒක නිසා ඒ වැඩේ ටිකෙන් ටික කල් ගියා. කලිසමේ පැල්මක් තියෙන බවත් මට හෙමිහිට අමතක වෙලා ගියා. අපේ සෙට් එකත් ආයේ කැඩිලා මායි අක්කයි අර පසාගෙ යාලුවො දෙන්නයි විතරක් ඉතුරු උනා. කලුවරත් ටිකෙන් ටික අඩුවෙලා එලිය වැටෙන්න ගත්තා.
ඔන්න අපි දැන් මහ ගිරි දඹේ හරිය නගිනවා. ඒ හරියෙ අම්බානෙක හුලග. හුලග වැඩිකමට ඇදගෙන හිටපු පොලිතින් උරේ උඩ යනවා. එක වතාවක් මන් ඒ උඩ යන පොලිතින් උරේ පහත් කරන්න අත පල්ලෙහාට ගෙනියද්දි තමයි මට ආයෙ මතක් උනේ කලිසමේ පැල්ම ගැන. ඒත් ඒ වෙද්දි වැඩේ දෙල් වෙලා ඉවරයි. අගලක් වගේ තිබ්බ පැල්ම දැන් වියතක් විතර වෙලා. මැද ඉඳන් තුන් පැත්තකටම මැහුම් ගැලවිලා. හප්පා ඒ වෙලේ මට දැනුන හැගීම. ඒ පාර බොහොම සීරුවෙන් තව ටිකක් උඩට නැගලා ඒ හරියේ තිබ්බ කඩයක් පිටිපස්සට ගිහින් කටු 4ක් ගහගෙන යාන්තම් පැල්ම වසාගත්තා. ඒත් ආයේ පඩි 20 නගින්න උනේ නෑ අර කටු ගැලවුනා. කොහොම හරි අමාරුවෙන් තව ටිකක් නැගගත්තා. මෙන්න තියෙනවා ටොයිලට්. ගියා එකක් ඇතුලට. හෙමිහිට වෙලාව අරන් කලිසම සම්පූර්ණයෙන්ම ගලවලා. කටු ටික ගානට ගැහුවා. ශා..... ඔය තියෙන්නෙ අපූරුවට. ඒත් ඒ අපූරුවත් තිබ්බෙ බොහොම ටික වෙලාවයි. ආයේ කටු ගැලවිලා කකුලේ ඇනෙනවා. ඒ වෙලේ මන් හිතපු දේවල් එලියට ඇහුනනම් කට වරද්දගත්තා කියලා වටේ ඉන්න ඔක්කොම උන් මට අම්බානෙක නෙලනවා. කට්ටිය අඩු වෙනකම් ඉදලා ශේප් එකේ ගැලුවන කටුවල ලොක් එක ආයෙ දාගන්නවා. ආයෙමත් ටිකකින් ඒක ගැල්වෙනවා. ඔය විදියට බොහෝම ලොකු උපේක්ශාවකින් හැමදේම දරාගෙන කන්දට අරක්ගත්තු සියලූම දෙවිදේවතාවන්වයි කලිසම මහපු උන්ගේ පරම්පරාවල උදවියවයි මතක් කර කර කොහොමෙන් කොහොමෙන් හරි මුදුනටම ආවා. සිරිපතුලත් වන්දනා කරගෙන මහන්සි අරිමින් ඉන්න අතරේදි පසාලා මරේලා සෙට් එකත් පද්මෙට ආවා. උන් 4 දෙනත් වැදලා කරලා එනකන් ඉදලා අපි ඔන්න පල්ලෙහාට බහින්න සෙට් උනා.
අපි උඩට එනකම්ම වගේ පොද වැටුනට අපි පල්ලෙහාට බනිද්දි මොන වැස්සක්වත් නෑ. වැස්සක් නැති නිසා අනිත් හැමෝම අර පොලිතින් රේන් කොට් එක ගලවල දැම්මා. ඒත් මට ඒක ගලවන්න විදියක් නෑ. කලිසමේ පැල්ම වහගෙන හිටියේ ඒකට පින් සිද්ද වෙන්න. ඒක නැත්නම් මගේ ලැජ්ජාව සේරම එලියෙ. ටික ටික පල්ලෙහාට එද්දි සීතල අඩු වෙලා දාඩිය දාන්න ගනන්වා. ඒත් මට අර පොලිතින් උරෙන්වත් නිදහස් වෙන්න විදියක් නෑ. පැසොන් එකට ඇඳගෙන ආවට ඒ පැසොන් එක සේරම පොලිතින් උරේකින් වැහිලා. කාට කියන්නද මේ දුක. එහෙනම් සැරෙන් සැරේ කටු ගැලවෙනවා. ගැලවෙන කටු කකුලේ ඇනෙනවා. යන උන් අමුතු සතෙක් දිහා බලන්න වගේ මගේ දිහා බලනවා. ඔය සේරම කටුක අමිහිරි වේදනාකාරි අත්දැකීම් මධ්‍යයේ අවසානයේ දවල් දවල් 2 විතර වෙද්දි බස් එක ලඟට ඒගන්න පුලුවන් උනා. බස් එකට ඇවිල්ලා වෙන කලිසමක් දාගනන් ගමන් "ඔයින් ගියා මැදැයි" කියලා හිතලා හිතේ බර අඩු කරගත්තා. මන් කියලා වෙන මොනවා කරන්නද.
කලිසමේ ඇති වී තිබූ පැල්ම
කටු ගසා එකලස් කරගත් කලිසම
පැල්ම එකලස් කරගැනීමට උපකාරී වූ කටු
ලැජ්ජව වසා ගැනීමට උපකාරී වූ පොලිතීන් උරය
ඕන් ඔහොමයි මන් ලැජ්ජව පොලිතින් උරෙන් වහගෙන ශ්‍රීපතුල වැඳ පුදාගෙන ආවෙ. කිසිම බොරුවක් නැතුව සම්පූර්න සිදුවීම මෙතන තියෙනවා. මන් ඔයාලගෙන් කරන එකම ඉල්ලිම බොරු ප්‍රචාරයන් වලට රැවටෙන්න එපා. සත්‍යය ඉදිරියේ පමනක් හිස නවන්න.
හූ.......
ReplyDeleteඅඩො එළ මචං :-D
යකෝ මට දැන් මතක් උනේ අර අත්මේස් දෙකේ සල්ලි උඹ මට දුන්නේ නැහැ කියලා. :-D
පණුවා නියම වැඩේ තමයි නේද උනේ.:D :D
ReplyDeleteහූ...............!!!
අඩේ . . . තෝ හදිස්සියකටවත් කියල පොඩිවෑං සෝටක් වත් ගෙනිච්චෙ නද්ද . . .???
ReplyDeleteපවු බොල උඹ . . .
කට්ට කකුලෙ විතරක් ඇනිල නතර උන එකම මදෑ යකෝ සමන් දෙයියන්ට පිං දෙන්න . . .
ReplyDeleteනමෙන්ම කමෙන්ටුවක් දාන්නත් ලැජ්ජයි
ReplyDeleteමේ තරම් වහිද්දිනුත් තමන්ටම මෙහෙම මඩ ගහගන්නේ මේ නම් ඉතිං -ණුවෙක්ම තමා
පණුවා... සත්‍ය විකෘති කරන්න එපා යකො.. නව කතාවෙ ඉලඟ කොටසෙදි උබව අතුරුදහන් වුණ හැටි.. වැසිකිලිය ඇතුලෙ උබ දුක වෙදනාව දරාගන්න බැරුව පැය ගාණක් අඬපු හැටි.. හැමදෙයක්ම මම දන්නවා .. උබ උඹට මඩ ගහාගන්න වා කියලා ලොකෙට පෙන්නුවට උඹ ඔය බොරුවක් කරෙ.. උබට මම ඉළඟ කොටසදෙ සාධාරණය ඉෂ්ට කරනවා :D:D:D
ReplyDeleteහි හී.. පට්ට ට්‍රිපක්නේ.. උඹටනං අමතකම වෙන එකක් නෙවෙයි වගේ... මීට පස්සෙ ඔය කලිසං පැලෙන අහ යද්දි කටු පැකට් එකක් අරං යන එක හොඳයි වගේ කාටත් නේද?
ReplyDeleteකෝ උඹ ලියලා නැහැ නේ ඔය වටිනා කියන පොලිතින් උරේ වෙන කෙනෙක් ඉල්ලපු කතාව :-D
ReplyDeleteලොල්z.....
ReplyDeleteකලිසම පැලිලා තියෙන්නේ නිකන් බෝම්බයක් ගැහුවා වගේනේ බං.
හරිම නිහතමානී කතාවක්. මගෙන් සුබපැතුම්!:-D
ReplyDeleteඒත් මට හිතාගන්න බැරි මේ තරම් කලිසම ඉරෙන්න හේතුව :-D
මමනම් යන යන තැන පර්ස් එකේ ඉඳිකටු නූල් ගෙනියනවා.
ඒක වදයක් නෙමෙයි. ඒවත් ආරක්ෂිතව ඔහේ පර්ස් එකේ තියනවා.
ඒත් තාම ඒවයින් වැඩක් ගන්න හදිසි අවස්තාවක් ආවෙ නෑ
ඔය සිද්දියේ අනික් අයගේ ෆොටෝ ටික දැම්මනම්. මූ කපල කොටලත් මෙහෙම නම් ඇත්ත තත්වය හිතා ගන්න පුළුවන්.
ReplyDeleteපණුරධ : යකෝ අර ඇහුවත් වගේ කටු ඇනුනෙ කකුලෙ විතරමයිද?
ReplyDeletehoda prasnayak ranga sirawatama wena thanaka anune nadda? mama kiwwe age ehema? LOL
ReplyDeletesakki ekkama daalaa neda?
ReplyDeleteකවුද යකෝ අරකට පැල්මක් කියන්නේ? බෝම්බයක් ගහලා වගේ!
ReplyDeleteමොනව කියන්නද...ඉකේයියා....විලි ලැජ්ජයි
ReplyDeleteමූ මේක පැලෑන් කරලා කරපු වැඩක් ... නැත්නම් කොහොමද කලිසමක් ඉරෙන්නේ .... සුවර් එකට මේක මේ වෙන යටි පරමාර්ථයකින් ඉරාගෙනම ආපු කලිසමක් :D
ReplyDeleteඅනේ මේක නම් අද දවසේ කියවන්නම වටින පෝස්ට් එක.
ReplyDeleteපින්තූර ටිකත් හරිම ලස්සනයි.:D
මේ තරම් හයිය ඩෙනිම ඉරිලා..
ReplyDeleteපොලිතින් උරයට මොනවත් වෙලා නෑ..
චැපා කිව්වා වගේ මේක වෙනින් ගේමක්..:D
පළවෙනි ෆොටෝ එකේ හැටියටනං ඒ අහල පහල බෝම්බයක් පුපුරල තියනව වගේ හික් හික්
ReplyDeleteගෑණු ළමයිනුත් ගියාලුනේ? වෙලා තියෙන දේ පැහැදිලියි. හැබැයි ආඩම්බර වෙන්න එපා.
ReplyDeleteහලේ සන්දුක්කේ.... මල්ලි මෑට්ටෝ... සන්දුක්කේ මෙහෙම මෑටිසන් කෙනෙක්. තව ලෑජ්ජ නෑතුව හිල් වෙච්චි කලිසමෙ ෆොටෝත් දාලා... දෙයියනෙ මාව හිනා කාල මෑරෙනවා දෑන්... අයියෝ..
ReplyDeleteකියලනම් වෑඩක් නෑ.. ට්‍රිප නම් ජයෙන් ජයම තමා :) ආයෙත් යමු. හෑබෑයි පණු චුට්ටෝ... අනෙ මීට පස්සෙ නම් ඈඳුම් 10ක් වත් අරන් එන්ට :)
හත් ඉලව්වේ..
ReplyDeleteමෙහෙමත් ඇබැද්දියක්..
ඔය කලිසන් මේ රටේ උන්ට හදාපුව නෙමෙයි මගෙ හිතේ..මම හිතන්නෙ චීන්නුන්ට වාගෙ උන්ට හදපුව..උන්ගෙ,, පස්ස,, ඉස්සරහ,, අහවල් ඒව ඔක්කොම පොඩියි..ඉනෙන් ලොකු උනත් අනෙක් පැරාමීටර් වලින් අඩු නිසා කේ ස් වෙන්න පුලුවනි...
ReplyDelete@ම
ReplyDeleteඒ පාර මුගේ මතකෙට මොනා වෙලාද? ඇයි බොල මතක නැද්ද උපන්තේක්කට පිනක් කරලා නෑ කියලා ජීවිතේ කරන පලවෙනි පින විදියට ඒක මට අරගෙන දුන්නා.......
ඔය අන්තිමට වෙච්ච කෑල්ල මන් ඕනකමින්ම හැලුවා. මොකද මන් දනන්වනෙ ඒ ටික කමෙන්ට් වලින් තොපි එලියට දානවා කියලා.
@Ansh Lucky Sri Jay
බොලාටනම් ඉතින් නියම වැඩේ තමයි ඉතින්. මම නෙව විඳෙව්වෙ..... :D
@ඕනයා
නෑනෙ බන්.... බර සැහැල්ලු කරගන්න ඕන නිසා තව පොඩ්ඩෙන් නොමිලෙම යන්නෙ. එහෙම උනානම් සුනේ සුන්....... පෙර පිනකටද මන්දා නරක තැනක ඇනුනේ නෑ. අනාගතේම අඳුරු වෙනවා නෙව එහෙම උනානම්.
@Anonymous
ඈ යකෝ...... මෙච්චර හරියක් වෙලා මම ඒක ලැජ්ජ නැතුව කියනවා. ඒත් මේ අහක ඉන්න එවුන්ටනෙ ලැජ්ජ හිතිලා තියෙන්නෙ........... :D
@රවා
මට මේ ඉස්ට වෙච්ච සාදාරනය හොඳටම ඇති රවෝ..... මීට වඩා සාදාරනයක් ඉස්ට උනොත් මට මොනවෙන් මොනවා වෙයිද දන්නෙ නෑ...
@hare
මීට පස්සෙනම් 10 පාරක්වත් චෙක් කොරලා තමයි කලිසමක් අඳින්නෙ.... අපෝ මේ කාපු කට්ට හොඳටම ඇති......
@පූසා
කලිසම පැලිලා කියලා දැනගත්තු වෙලේනම් නිකන් මොලේ ඇතුලේ බොම්බයක් පිපුරුවා වගේ තමා බන්....
@මගේ ජීවිතය
ඒ වැඩේ හොඳයි හැබෑටම. ඔය සැරේ මාත් ඉඳිකට්ටක් නූලක් ලඟ තියාගන්න ඕන.
@priyantha.ඒබී
මේ සිද්ධියේ අනිත් අයගේ ෆොටෝස් නම් නෑ. ඒත් අනිත් අයගේ සිද්ධි වල මගේ ෆොටෝස්නම් තියෙනවා. ඒ ටික දැම්මොත් මුන්ට හෙන ඉඳලා පාරේ බහින්න වෙන්නෙත් නෑ....
@රංග - මගේ ලෝකය
දෙයියනේ කියලා කකුලේ විතරයි ඇනුනේ. නැත්නම් ඉතින් මල තොප්පියයි. මොකෝ පිට රටින් ගෙන්නන්න කියලයැ.
@prabathw7
කොහේ ඇනුනත් ඉතින් ඇනෙන්නෙ ඇඟේ තමයි. ඇඟේ අත්‍යාවශ්‍ය අවයව වල ඇනුනනම් තමා ලෙඩේ වෙන්නෙ.
@හරී
අපි එහෙමයි.... සාක්ශිත් එක්කම තමයි දෙන්නෙ. හොර බොරු නෑනෙ අපි ලඟ.
@මුචලින්ද
බෝම්බයක් තියා සද්දෙට _ඩයක්වත් ගියේ නෑ බන්.
@රත්ගමයා
විලි ලැජ්ජයි කියන්නෙ යකෝ.... විලිම විලි ලැජ්ජයි.
@වැප්
කලිසම පලාගෙන මොන වෙන පරමාර්ත ඉස්ට කරගන්නද බොල. සිප් එකක් තියෙන්නෙ අහවල් කාරියකටද යකෝ.....
@Podi Kumarihami
අපි ඉතින් කවදාවත් නොවටිනා දේවල් දුන්නෙ නෑනෙ. ජීවිතේට යම් ආදර්ශයක් ගන්න්න පුලුවන් දෙයක් තමයි හමදාමත් දුන්නෙ. :D
@නොම්මරේ
කලිසම පැලිලා කියලා දැනගත්තට පස්සෙ බොහොම වගකීමෙන් පොලිතින් උරේ ආරක්ශා කොරගත්තා බන්. නැත්නම් ලැජ්ජාව සේරම එලියෙනෙ.
@ආදර කතාව
බෝම්බ තව හොදයි බන්. මේකනම් කෙලින්ම ඇවිත් මෝටාර් එකක් වැදිලා වගේ.
@Anonymous
හප්පච්චියේ මොනාද වෙලා තියෙන්නෙ. මටත් උන දේ පැහැදිලි නැති කොට අනිත් උන්ට පැහැදිලි වෙන්නෙ කොහොමද? :D
@ජීවිතේමල්
අම්මපා අක්කෙ දෙයියෙක් වගේ උඹ නොහිටින්න මන් අනාතයි නෙව. උඹ අරන් දීපු පොලිතින් උරේ පිහිටෙන් ජාමෙ බේරගෙන ගෙදර ආවා. නැත්නම් කවුරු හරි පල්ලෙහාට ගිහින් මට කලිසමක් අරන් එනකම් මට කන්ද උඩටම වෙලා ඉන්න වෙනවා.
@මාරයාගේ හෝරාව
කාට කියනන්ද අයියා.... මටමමයි නෙව වෙන්නෙ මේවත්....
@indi
කාට හදපුවද මන් දන්නෙ නෑ... හැබැයි මට ඔරොත්තු දෙන්නෙ නෑ කියලනම් දැන් දන්නවා..... හිකිස්
හපොයි මෙයාටත් වෙන වැඩ
ReplyDeleteඅදින් පස්සේ මචං කලිසන් අඳින්න එපා ! කොහේ ගියත් ජාතික ඇඳුමින් යන්න ..
ReplyDeleteඅර කියන්නාවගේ කලිසම මෙච්චර පැලුන එක ගැන මට අමුතු අදහස් කෝටියක් එනවා .ඕව කියන්න ඕන නෑ ..
අරකිවුවත් වගේ ජාතිකෙං ගියා නං . . . ඔය ප්‍රස්න මොකුත් නෑනෙ . . .ගෝරමේංතුවට හීතල දැනෙද්දි . . . අඹුඩෙ ගහල හරි ගොඩදාගන්න පුලුවංනෙ . . . නැද්ද මං කියන්නෙ . . ???
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් බලපන් අර පොටෝ එක පැල්ම තියෙන කොට කලිසම දුඹුරුපාට වගේ. කටු ගැහුවම කළුපාට. ෆන් බහුල ඇති නේද ඒසී එකේ නගිද්දි සිරිපාදේ හික්xxxxxxx
ReplyDeleteමදැයි පැසොන් එකට සිරිපාදෙ නැග්ගා. :D
ReplyDeleteහප්පා... හූ.. මට හිනා මේක කියොලා.... අයියො.... අපිත් ඉන්න තිබ්බේ..
ReplyDeleteමට හෙන ගැටලුවක් මතුවෙනවා.. මේක ඇනොනිමශ් අහන්ටෝන එකක්.. ඔන්න ඔහෙ අහනවා..
ReplyDeleteයටට ඇදන් නෙවේයැ ගියේ ? :P
maru katawa bola????????????//
ReplyDeleteඅනේ පණුවෝ සුපර්මෑන් කිට දාගත්තනං ඉවරනේ බං.. :D
ReplyDeleteවිලි ලැජ්ජයි උත්කෲශ්ටයි :D
ReplyDeleteඅම්මට සිරි බෝම්බයක් පුපුරල වගේනෙ.. ඇත්ත කියපන් ඔය වගේ දෙයක් වෙන්න ඔය කලිසම ඇතුලෙ මොනවද උනේ....
ReplyDeleteඅඩේ අද බදුල්ලෙ එනකොට මගෙ කලිසමත් ඔය හරියෙන්ම ගියා..හපුතලේදී ඒතනට හීතලේට හුළං වදින්නෙ ඇයි කියල බලනකොට තමා සීන් එක දැන ගත්තෙ..පස්සෙ බස් එකෙ සීන් එක දැම්ම ම මරනෙ උබේ පොස්ට් එකට ලින්ක් එක දුන්න..
ReplyDeleteඅඩේ බැලින්නම් මගෙත් ඔයා ජතියෙම කලිසමක් තමයි පැලුනෙ,...හැබැයි ඊට ටිකක් ලොකුයි..ලොකුයි කිව්වට 38 යි..හිකිස්...
මේ කලිසම් සෙට් එකෙ ෆොල්ට් එකක්..අපි නිතිමය පියවර ගන්න ඔනි මෙකට
මගේ අම්මෝ හිනාව වෙලා බඩ රිදෙනවා..ගෙදර මිනිස්සුම අහනව මොකද පිස්සු හැදිගෙන එනවද කියලා..මඩ ගහගන්නවා කියලා..ඔහොමවත් කරගන්නවද මං අහන්නේ..අර කිව්වත් වගේ ඔක පැල්ලමක්ද අප්පා..බෝම්බයක් ගහලා වගෙනේ..
ReplyDeleteඅයියෝ..ආයි..ආයියෝ...
ඇත්ත කියපං කලිසම පිපුරුවෙ උඹ මහ ගිරි දඹේ නගිද්දි දැකපු මොකක් හරි නිසා නේද? යකෝ බෝම්බයක් වැදිලා වගේ.. වෙන මොකුත් පිපුරුවෙ නැද්ද??
ReplyDeleteඑළ අත්දැකීම. පැය කීයක් විතර කටු ගහගෙන කට්ටක් කෑවද?
හික්z මම මාරය අයියගේ එකෙන් මෙකට ආවේ...වෙලාවට කකුලෙ ඇනිල බේරුනේ කට්ට..මම තාමත් හිනා වෙනවා...මාර මඩ පාර...a/C එකෙ සිරිප කරුණා කරන්න ඇති නේ...හික්z...
ReplyDeleteමගේ හිතේ ඒ පැල්ම "Emergency Exit" එක වෙන්න ඇති ......මොනවා වුනත් මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා.
ReplyDeleteEththatama me kalisam wala color1 wenasne bn? Mata peena widiyata, umbata color2nma kalisam2k tiyenawa wagei.Awlak ne ithin, kohoma hari nambu katuwa beragaththu ekath madei.
ReplyDelete🙂
ReplyDelete