Tuesday, January 25, 2011

ලෝකයේ ලස්සන වැඩිම කවිය........?

ලෝකයේ  ලස්සන වැඩිම කවිය අහලා තියෙනවද කියලා මන් ඇහුවොත් මන් දනන්වා ඔයාලගේ උත්තරේ "නෑ" කියලා ලැබෙනවා කියලා. මන් දන්නවා ඔයාලා කවුරුත්ම ලෝකයේ ලස්සන වැඩිම කවිය කියවලා නෑ. ඒ ගැන කිසිම අයිඩියා ඒකකුත් ඔයලාට නෑ... ආන්න ඒ නිසා තමයි මන් අද ඒ ගැන ඔයාලට කියන්න හිතුවේ. මන් අද මේ හදන්නෙ ඔයාලට ආන්න ඒ කවිය පෙන්නන්න. මේක ඔයාලටත් ආඩම්බර වෙන්න පුලුවන් සිදුවීමක්. ඔයාලට මුලු ලොකෙටම ඇහෙන්න බොහොම ආඩම්බරයෙන් කෑ ගහලා කියනන් පුලුවන් දෙයක්. මොකද ඔයාලගේ සහෝදර බ්ලොග් ලියන්නෙක්ම තමයි මේ කවිය රචනා කරලා තියෙන්නෙ. වෙන කවුරුත් නෙවෙයි _ණුවා යන සුරතල් නාමයෙන් හඳුන්වන මමම තමයි මේ ලස්සන වැඩිම කවිය රචනා කලේ.  ඔයාලට කොච්චර ගවුරවයක්ද ඒක, නේද?
                          මේ කවිය ගැන පුංචි සටහනක් කරනවනම්, මන් හිතන්නේ නෑ ලොකේ කිසිම කවියෙක් අතින් මේ තරම් ලස්සනින් වැඩි කවියක් නිර්මාණය වෙලා ඇති කියලා. සමහර විට මේක ගිනස් පොතට යන්නත් බැරි නෑ. එහෙම උනොත් බ්ලොග්ලියන අය විදියට ඔයාලට කොච්චර සතුටක්ද නේද. ඒ වගේද ලංකාවට ලැබෙන කීර්තිය. ඇත්තෙන්ම මේක එක කවියක් නෙවෙයි. කවි 3කින් සමන්විත කවි පන්තියක්. කවි පන්තිය කියවද්දි ඔයාලටම තේරුම් යාවි මොන තරම් ලස්සනක් මේ කවි තුල ගබ් වෙලා තියෙනවද කියලා.  ඔන්න මේ කවිය කියවීමේ භාග්‍ය මුලින්ම හිමිවෙන්නෙත් ඔයාලටමයි. හැමදාම ලඟින් හිටපු ඔයාලව අමතක කරලා කොහොමද. එකයි මන් අනෙකුත් මාධ්‍ය වලට දෙන්න කලින් ඔයාලට මේ කවි පන්තිය රස විඳින්න දෙන්න ඕන කියලා හිතුවේ.
                         මේ කවිය ලියවුනු හැටි ගැන පුංචි සටහනක් නොකලොත් ඒක ලොකු අඩුවක්. ඇත්තටම මේක තවත් එක අහඹු සිතුවිල්ලක් නෙවෙයි. මේක බොහොම ක්‍රමාණූකූලව, ඉතා සංයමයෙන් යුතුව, මනා ක්‍රමවේදයක් සහිතව නිර්මාණය කල කවි පන්තියක්. කඩි මුඩියේ කලබලේ නිර්මාණය වූවක් නෙවෙයි මේ කවි පන්තිය. සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂී විශ්ලේෂනයකට භාජනය කරමින් තමයි මේ කවිය මේ ලොවට බිහි වූයේ. එහෙනම් මන් හිතන්නෙ තවත් විස්තර ඕනෙ නෑ. මා අතින් ලියවුනු, ලෝකයේ ලස්සනින් වැඩිම කවි පන්තිය සියලුම ලාංකීය බ්ලොග් පාඨකයින් උදේසා මෙසේ තිලිණ කරන්නම්.

එහේ බැලුවත් ලස්සනයි
මෙහෙ බැලුවත් ලස්සනයි
හැම තැනක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි

උඩ බැලුවත් ලස්සනයි
යට බැලුවත් ලස්සනයි
වම දකුණත් ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි

උඹේ හිතත් ලස්සනයි
මගේ හිතත් ලස්සනයි
හැම හිතක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
*******

15 comments:

  1. හහ් හහ් හහ් උබත් කොලන වැඩ :)

    ReplyDelete
  2. අඩේ උපන් දිනය දවසේම මුගේ ඔලුව කොහේ හරි හැප්ලිලා.

    ඔලුවට විතරද කොලුවෝ ඩැමේජ්??

    වෙන නරක තැන් කොහේටවත් අවුලක් නෑ නේද?

    හික්ස්

    ReplyDelete
  3. "සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂී විශ්ලේෂනයකට භාජනය කරමින්"
    කන පැලෙන්න බීම හදුන්වන තවත් ආකාරයක් වත් ද ?

    ReplyDelete
  4. හැම හිතක්ම ලස්සනයි

    ReplyDelete
  5. ඇත්ත වශයෙන්ම මෙ අවස්ථාව අපේ සුවහසක් රසික රසිකාවියන්ගේ සිත් අමන්දානන්දයට පත් කරන අවස්ථාවක් කිව්වොත් මං හිතනවා මට කිසිම දොසක් නැහැ කියලා..
    ඒ තරංම අපූර්ව නිර්මාණයක් මෙ කවිය..
    මං හිතන්නේ නැහැ මෙයිට කළින් කිසිම කවියෙකුට මෙහෙම සුවිශේෂී නිර්මාණයක් කරන්න පුළුවන් උනා කියලා..ඒ තරංම භාවාත්මක විදියට මෙය නිර්මාණය කරලා තියෙනවා..
    කවියක තිබුය යුතු මුලීක ලක්ෂණ සෑම දෙයක්ම නූලටම අනුගමනය කරමින්..පද්‍ය සාහාත්‍යයට සුවිශේෂී තිළිණයක් මෙ -ණුරාධ කියන සොඳුරු කවියා දායාද කරලා තියෙනවා...
    ඇත්තෙන්ම ඔහු මෙ හරහා අපව ආනන්දයෙන් ප්‍රඥ්ඥාවට ගෙනිහින් එතනින් රෝයල් එක හරහා විශාඛාවටත් ගෙනිහින් තියෙනවා හිතවතුනි...

    ReplyDelete
  6. ඒ වගේම සඳැස් හා නිසදැස් කවි රටාවන් දෙකටම අතර මැද්දෑවෙන් ඔහු මෙ අළුතින් විවර කල කාව්‍ය මල් මාවත ඔස්සේ..අපේ නවක කිවිඳි කිවිඳියන් ගමන් අරඹාවි..ඒ හරහා නුදුරු අනාගතයේදීම අප සියල්ලෝම කවියේ සොඳුරු මිහිර ජාතියක් හැටියට සැම දෙනම එක් සිත්ව එකාවන්ව විඳගන්නා දිනය ඒ තරම් ඈතක නැහැ හිතවතුනි.
    ඇත්තෙන්ම ඒ වැනි කවියෙන් පිරුණු සොඳුරු ලොවක පහස ලබන්නට අප සැම කුමන පිනක් කළාහෝදැයි සිතන ා ගමන්ම තවත් වතාවක් ඔය අත්වල දරා සිටින තණමල්විල මල් සුවඳට සමවැදෙන්න හිතවතුනි..
    අහා මෙ අපගේ සොඳරු කවියා හට සුවහසක් කල් රැදෙන්නට පතමු අපි ආසිරි..
    දැයේ පිනට පහළ වූ කිවිඳාණනි..ඔබට මොක් සුව..!

    ReplyDelete
  7. ලස්සනයි ලස්සනයි
    නුඹේ කවිය ලස්සනයි

    ReplyDelete
  8. ඇත්තටම මෙතරම් ලස්සනයි කවියක් මා කොහේවත් දැක නැත. ම්ය කියවී මොහොතේ පටන් තාමත් මනසේ රැව් දෙයි ලස්සනයි...ලස්සනයි...ලස්සනයි...ලස්සනයි...ලස්සනයි...ලස්සනයි.............

    ReplyDelete
  9. පට්ටම ලස්සනයි ..මුදෘණය කරගෙන රාමු කරගෙන කොට්ටේ යටින් තියාගන්න වටින කවිය

    ආයේ නියමෙටම ලියලා තියනවා පද ගැලපීම උපරිමයි ..මේක කෝට්ටේ යුගයේ නිර්මානය වෙච්ච කවි වලට නෑකමක් දක්වනවා ..

    ලස්සන බේරෙනවා ....

    ජය වේවා !!

    ReplyDelete
  10. මං හිතුවා රෑට රෑට මුහුණු පොතේ කවි මඩු පැත්තෙ පේන්න ඉන්නකොට ඔහොම වෙයි කියලා. අනූ අයියා මොඅද අලෝ උදේ ඔලුව කොහේ හරි වැදුනද??? හිහ් හිහ් හිහ්....
    මොනව උනත් අඅලි චෝයි කවිය අලො... කො අර හැකර කටස් පසන් අයියා??
    ආව නං අපිට ඇස් වහගෙන බලන්න කොමෙන්ටුවක් දාලා යයි මේකට.. :ප් :ප් :ප්

    ReplyDelete
  11. අපිට උඹේ ලිපි කියවලා පිස්සු හැදෙන් නැතුව බේරුනු හැටි
    ලස්සනයි ලස්සනයි ලස්සනයි

    ReplyDelete
  12. ලස්සනයි ලස්සනයි
    නුඹේ කවිය හරිම ලස්සනයි

    ReplyDelete
  13. lassanai nam kamak naha

    ReplyDelete