Monday, October 21, 2013

නගා අත්තල වඳිමු මත්තල

පහුගිය දිනෙක නිවැසියන්ද සමඟ කතරගම වන්දනා ගමනකට සහභාගි වීමට මට හැකියාව ලැබිනි. කතරගම යන අතරමග දැකබලාගැනීමට යන ස්ථාන අතර තිබූ එක් විශේෂිත ස්ථානයක් පිලිඹදව ලිවීමට බලවත් ආශාවක් මා සිත තුල ජනිත වූයේ මා එම ස්ථානයේ සිටින අතරතුරමය.
මත්තල. තවත් සම්පූර්ණ කොට පැවසුවහොත්, මත්තල ගුවන් තොටුපල.
ඇත්තෙන්ම මා එහි ගිය ගමන මත්තල ගුවන් තොටුපල පිළිඹඳව මගේ සිත තුල එකතු වී කුණු වී ගඳ ගසිමින් තිබූ බොහෝ දුර්මතයන්, හිරු දුටු පිණි මෙන් වීනාශ වී ගිය බව කියනු ලබන්නේ හද පුරා නැගෙන ඉමහත් වූ සතුටකිනි.
එහෙට මෙහෙට නැවෙන දිව හතර අතර සොලවමින් මිනිසුන්ට තමන් රිසි දේ කීමට හැකි බව මම දැන සිටියෙමි. සිය කුහක සිත් වල තිබෙන අසංතෘප්ත හැඟීම් මුව හරහා එලියට මුදාහරින මිනිසුන්ගෙන් පිරී ගිය සමාජයක අපි ජීවත් වන බවද මම දැන සිටියෙමි. එසේ වී තිබියදීත් මෙතෙක් කලක් එවැනි මිනිසුන්ගේ හිස් වදන් හිස මත නංවාගෙන මගේ මනස දූෂිත වන්නට ඉඩ හැර බලා සිටි අන්දම ගැන සිහිපත් වනවිට මට ඇති වන්නේ සියුම් ලැජ්ජවකි. කෙසේ හෝ එම තත්වයෙන් මිදී පමා වී හෝ මෙලෙස සත්‍යය වටහාගෙන නුවණැසින් යුතුව බැලීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයකි.  මේ සටහන ලියනු ලබන්නේ අඳුරු වළාවන්ගෙන් වැසී ගොස් තිබෙන දෙනෙත් යම් තරමකින් හෝ පාදාලීමට හැකියාව ලැබේවීයි යන අපේක්ෂාවෙනි.

සැබැවින්ම වෙනත් රටක් වෙත පියාසර කරන කෙනෙකුට විනා වෙනත් කෙනෙකුට කටුණායක ගුවන් තොටුපල තුලට ඇතුළු වීමට හෝ අවසර නැත. ගුවන් තොටුපලක් තුල ඇති අසිරිය විඳගැනීමට භාග්‍යය ලැබෙන්නේ ගුවන් ටිකට් පතක් සිය ඇඟිලි අතර රඳවාගත්තෙකුට පමණි. එබැවින් ගුවන් ගත වීමට අවස්ථාවක් නොලැබෙන සාමාන්‍ය ජනයා දිනපතා පසුවන්නේ ඒ ගැන මහත් වූ කනස්සල්ලකිනි.
අප ගුවන්යානා වලට ප්‍රිය කරන්නේ කුඩා කල සිටමය. මා කුඩා කල ඈතින් ගුවන් යානයක හඬ ඇසෙද්දි නිවසේ බඩු භාහිරාදියද පෙරලාගෙන මිදුලට දිව ගොස් ගුවන් යානය මාගේ දෑස් මානයෙන් මැකී යන තුරුම අහස්කුස මත දෑස රඳවාගෙන සිටි අයුරු මට මතකයට නැගෙයි. අදට පවා ගුවන් යානයක් අහසේ පියාසර කරන අයුරු දැකීමට මම ප්‍රිය කරමි. ඔබ බහුතරයක් දෙනා එම ප්‍රියතාවය හදවතේ රුවාගෙන ජීවත් වන බව මම දනිමි. ගුවන් යානයක් ඉහල අහසේ පියාසර කිරීම වරින් වර හෝ දැකගත හැකි වුවත්, ගුවන් යානයක් පොළව මත තිබෙන අයුරු දැක ගත හැකිවන්නේ සීමිත පිරිසකට පමණි. ගුවන් යානය පොලවේ සිට ඉහල අහස වෙත ඔසවනු ලබන ඒ විශ්මයජනක අවස්ථාව සජීවීව නැරඹීමට භාග්‍යය ලැබෙන්නේ අතලොස්සකට පමණි. අප අතරින් බොහොමයක් දෙනෙක් ඒ භාග්‍යය නොවිඳම සිය ජීවිතය හමාර කරයි. මත්තල ගුවන් තොටුපල ඉදිවන්නේ එවන් අවධියකය.

සැබැවින්ම මත්තල ගුවන් තොටුපල අප වැනී පිපාසිත ජනයා වෙනුවෙන් තැනුනු සිසිල් දිය කඩිත්තක් වැන්න. ජීවිත කාලය පුරාම ගුවන් යානයක් දෑසට සමීපව දැකබලාගත හැකි නොවෙතැයි පසුගාමි වී සිටි අපට, ගුවන් තොටුපලක් තුල ඇති සුන්දරත්වය විඳ ගත හැකි නොවැතැයි විලාප නගමින් සිටි අපට මත්තල ගුවන් තොටුපල කදිම වූ තෝතැන්නකි. සැබැවින්ම එය ඉදිවන්නේ අප වෙනුවෙනි. අපගේ සිත්වල තිබූ පසුගාමී බවට මනා පිළියමක් වශයෙනි.
අප අතර සිටින කුහකයින්ට මෙය ඇසට කටු අනින්නාක් මෙනි. එබැවින් විවිධාකරයේ දූෂිත තොරතුරු පතුරවමින් මත්තල ගුවන් තොටුපල පිළිබඳ වැරදි අදහස් සමාජය තුල ස්ථාපිත කිරීමට වෙර දරයි. නුවණති මිනිසුන් ලෙස අපි ඒවාට අසුවිය යුතුද නැද්ද යන්න අපම තීරණය කල යුතු වේ.

මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමේ අරමුණ ගුවන් ගමනාගමනයට සහාය වීම නොවේ. අප එය පලමුකොට තේරුම් ගත යුතුය. එහි සැබෑ අරමුණ නම් මා ඉහත විස්තර කල දෙයයි. මෙය ගුවන් තොටුපලක ආකෘතියකි. රටට හිතැති මිනිසුන් ලෙස අප කල යුත්තේ කුහකයන් ලෙස ගැරහීම නොවේ. මෙතරම් ධනස්කන්දයක් වැය කොට අප වැනි තුන්වන පන්තියේ මිනිසුන් උදෙසා මෙවැනී උසස් නිර්මාණක් බිහි කිරීම ගැන ප්‍රසංසා කිරීමයි.

සියල්ලන්ට ප්‍රථමයෙන් මේ උසස් නිර්මාණය නැරඹීමට යන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. කිසිඳු මුදලක් අය නොකොට නොමියලයේ ලබා දෙන එම අවස්ථාව නොපමාව ලබාගෙන ඔබගේ සිත් වල හිරවී තිබෙන ආශාවන් සංතර්පණ කරගන්නා ලෙස ඉල්ලමි.
මම ඒ භාග්‍යය වින්දෙමි. බොහො දෙනා එම භාග්‍යය විඳින අයුරු දුටුවෙමි. වයස් භේදයකින් තොරව බාල තරුණ මහළු සෑම අයෙක්ම ගුවන් යානා අංගනය පිටුපස වීදුරුවේ එල්ලි ගුවන් යානා ඉහල නංවන අයුරු විසල් කරගත් දෑසින් යුතුව බලා සිටින අන්දම දැක මගේ දෙනෙතට සතුටු කඳුලු ඉනුවේය. පොෂ් යැයි සම්මත ඇඳුම් විලාසිතා වලින් සැරසුනු තරුණ රූමත් යුවතියන් පවා, තම රෝස කොපුල් වීදුරුවට තද කරගෙන එම සුන්දර දසුනේ අසිරිය සිය දෙනෙත් වල මෙන්ම කැමරා වලද සටහන් කරගන්නා අයුරු දැකගත හැකිවිය. එම දසුන මගේ සිතට මහත් ආඩම්බරයක් ඇති කරන්නට සමත් විය. අපේ රටේ අනාගතය ගැන ඉතාමත් ස්ථාවර බවක් මගේ සිතේ ජනිත විය. අපගේ පාලකයන් ගැන ඉතාමත් ආදරයකින් මගේ සිත පිරී ගියේය. මා හැකි ඉක්මනින් ගුවන් තොටුපලින් පිටතට ආවේ තවත් වෙලා ඇතුලට වී සිටියහොත් එම ආදරය පිරී ඉතිරී ගොස් දරාගත නොහැකිව මා පුපුරා යැතැයි බියක් මා සිත තුල ඇති වූ බැවිනි.

මා පිටතට පැමිණෙන විට වන්දනා බස් රථ 5ක් පමණ රථ ගාලේ නවතා තිබෙනු දැකගත හැකිවිය. නුදුරු අනාගතයේදි මෙම රථ ගාල වන්දනා රථ වලින් පිරී යනු ඇත. එවිට අප රට ආසියාවේ ආශ්චර්යය වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි වනු ඇත.



15 comments:

  1. දැන් ඉතින් මේ ගුවන් තොටුපොල හදලා තියෙන්නේ පූජනීය ස්ථානයක් විදියටද? :D

    ReplyDelete
  2. ඔබතුමා පින් කාරයි... අපිත් ලගදි මත්තල වන්දනා කිරීමට ගියා...ඒත් අවාසනාවකට එක ගුවන් යානයක්වත් තිබුනෙ නැහැ.... හතර වටේම ජායාරූප කිහිපයක් පමනක් ‍රැගෙන ඒමට විතරයි පුලුවන් උනේ... ආ.... තව සාරි ඇදගෙන අක්කලා වගයක් පු‍ටුවලට වෙලා එන යන අය දිහා බල බල උන්නා... එයාලවත් බලාගෙනම එන්න ආවා... මත්තලදි ගුවන් යානයක් බලාගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ..... :)

    ReplyDelete
    Replies
    1. \\\\මත්තලදි ගුවන් යානයක් බලාගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ.....\\\\

      එහෙනං ...

      Delete
  3. machan , gon part kellinna apa, umbala wage keepa gonnu innakan lankawe deshapalanaya ohoma thamai

    ReplyDelete
  4. මේ වගේ ම කියුවා කාලයක් අධිවේගී මාර්ගයට කියුවා හැබැයි දැන් වැඩියම ප්‍රයෝජන ගන්නේ ඒ කියපු අයමයි. හෙක් හෙක් හෙක්

    ReplyDelete
  5. ආන්ඩුවට පුලුව්න පෝට් එක හදන්න විතරයි..ඇත්තටම හදපු පෝට් එකට ප්ලේන් එන් නැති එකට ආන්ඩුවට බනින එක වැරදියි.. මේ උඩ සහෝදරයා කියන විදියට අධීවේගෙ මාර්ගෙ හදලා ඒකෙ කොට්ටාවෙ මිනිස්සු ගාල්ලට ගිහිල්ලා බීච් එකේ නාල ආවම රට සංවර්ධනය වෙනවා.. පට්ට ආතල්..

    ReplyDelete
  6. මත්තල ගුවන්යානා හැමෝටම පේන්නේ නෑ.. පින් ඇත්තන්ට විතරයි පේන්නේ.. ලබන නොවම්බෙර් 04 වෙනිදා.. මත්තලට වැහි බින්දු වැටෙන්නැහේ ගුවන්යානා ගොඩ බානවා.. ඔව් පිං ඇත්තන්ට ඒක සියැසින් බලන්න පුළුවන්

    මීට .. පිංජුල මාරිස්

    ReplyDelete
  7. WHAT IS THIS NONSENSE, CANT SEE ANYTHING.

    ReplyDelete
  8. දිග පළල කිලෝ මීටර් 1000 ක් වත් නැති රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකකින් ඇති වැඩක් නැහැ ... සිවිල් ගුවන් සේවා දියුණු කරන්න තිබුණා ඕකට යට කල මුදලින් ....

    ReplyDelete
  9. ටිකට් එකක් අරං ගිහින් උඩ බලන් ඉන්න බැරිය බං.. කවුද දන්නේ ඕකට හොරෙන් පිටසක්වල ඒවා බානවද කියලා..

    ReplyDelete
  10. මා සිත මත්තලාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වැ ගියෙමු....

    ReplyDelete
  11. අල්ලක් විතර රටේ ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ හදල අපේ සල්ලිවලින් උන්ව නඩත්තු කරන එකේ ගුවන් තොටුපළවල් කීයක් හැදුවත් මොකද. කට ඇරගෙන බලබලා ඉන්න එකනේ තියෙන්නේ. දැන් අර ලම්බෝගිනි වල නැගල බේබිල යනකොට අනේ අපිට ඉතින් කවදාවත් මේවයේ යන්න නොලැබෙන නිසා අපිවගේ අයට බලල සතුටුවෙන්න දීපුමහඟු අවස්ථාවක් නෙ දෙයියනේ මේ කියල පහන් සංවේගයෙන් දෝතමුදුන් දීල වඳින එකයි ඇත්තෙ.

    ReplyDelete
  12. අෙපායි... ඔයා කියනකම් අපිට ඒක ෙත්රැෙන් නෑ :D

    ReplyDelete
  13. ai anduwta kade ynne. Maththalta yana paravath nadathu kragnna tharama adaymk air port eken lben nathi bava dakke nadda?

    ReplyDelete