Monday, September 24, 2012

මා දුටු පොත් පදර්සනය

මම පහුගිය සෙනසුරාදා එකෙ තිබ්බ පොත් පදර්සනය බැලීමට ගියෙමි. මා එහි යන විට ගොඩක් අය ඇවිත් සිටියමුත් මම අඳුරන කවුරුත් ඇවිත් නොතිබ්බෙමි. එම නිසා මම උදේ නවයේ සිට ගේට්ටුව ගාව බලා සිටියෙමි. අන්තිමේ බැරිම තැන අමම ඇතුලට ගියාය. එහිදි මට අපේ බ්ලොග් ලියන මාමිලා නැන්දිලා කිහිප දෙනෙකු හමු උනාය. සිහින මාමා,  අමිල මාමා හසී නැන්දා සමඟ ඕනයා සීයා හා වෙනි සීයාද සිටියේය. පසුව අක්කාද පැමිණ අපිට එකතු ඌවේය. අපි බොහෝ වෙලාවක් යනතෙක් පොත් නරඹමින් එහේ මෙහේ ඇවිද්දේය. පොත් ගැනීම සඳහා ගොඩක් පිරිසක් පැමිණ සිටියේය. ලස්සන ලස්සන ඇඳුම් ඇඳගත් අක්කලා නන්ගිලා නැන්දිලා බොහොමයක් ඒ අතර සිටියේය. එහෙත් අයියලා මල්ලිලා හා මාමලා වැඩි දෙනෙකු මම නොදුටුවෙමි. පූසා මාමත් පසන් මාමාත් අපිට එකතු ඌයේ ටික වෙලාවකට පසුවය. ඕනයා සීයා අපිව වට කරගෙන ලස්සන කතන්දර කියා දුන්නාය. ඒ කතන්දර මට කවදාවත් අපේ ටීටර් කියාදී නැත. වෙනි සීයා එයාගෙ කැමරාව ගෙන පොටෝ ගත්තාය. එහෙත් ඒ කැමරාවෙන් ගත හැක්කේ අක්කලා නන්ගිලා නැන්දිලාගෙ පමණක් බව මට කියා දුන්නේ හවස පැමිණි වැප් මාමාය. මන් පොටෝ වලට සිටීමට ගොඩක් කැමතිය. ඒ නිසා අනිත් පාර අපිවත් පොටෝ ගන්න පුලුවන් කැමරාවක් අරන් එන ලෙස මම වෙනි සීයාට පැවසුවෙමු. රාජ් මාමා, ප්‍රදීප් මාමා, රන්දිකා නැන්දි. සානිකා නැන්දි, ටිටූ මාමා අතුලු තව ගොඩක් දෙනෙක් මට මුණු ගැසුනේය. ඔවුනේ නම් ලියන්න ගියොත් මට මගේ නමත් අමතක වෙන්නේය. සිහින මාමා කවුදෝ නැන්දි කෙනෙක් සමඟ සිටි නිසා හිටියේ හරිම ආඩම්බරයෙන්ය. ඒ නැන්දිට වෙන යාලුවො නැත්දැයි වැප් මාමා සිහින මාමාගෙන් ඇසුවේ ඇයිදැයි මට තාමත් තේරෙන්නෙ  නැත. මෙයට පොත් පදර්සනයයැයි නම තිබ්බේ ඇයිදැයි මන් නොදනිමි. මොකද මම එහිදි වැඩිය පොත් දැක්කේ නැත. හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගොඩක් දැක්කේය. ඒවා දැක මගේ පුන්චි හිතද කැළඹෙන්නට පටන් ගත්තෙමි. සිහින මාමා නිතරම වන් අ ක්ලොක්. ටූ අ ක්ලොක් යැයි කියමින් නිතරම වෙලාව කිව්වේය. ඒ කියන සෑම විටම අනිත් සියල්ලෝම බෙල්ල හරව හරවා එකම මොන මොනවදෝ බැලුවාය. ඒත් ඒ බැලුවේ මොනවාද කියා ඒ කවුරුවත් මට කියා දුන්නේ නැත. ඒ නිසා මට ගොඩක් දුක හිතුනෙමි. හවස අපි සහන් රන්වල මාමාගේ සින්දු බැලුවෝය. මමත් ගොඩක් ලස්සනට සින්දු කිව්වෙමි. අමිල මාමා සින්දු කීම පැත්තක දමා එයා ලඟ සිටි කවුදෝ නැන්දි කෙනෙක් සමඟ කතා කර කර හිටියාය. ඒත් ඒ නැන්දිගේ මහත්තයා එතනට පැමිණි නිසා අමිල මාමාට තරු පෙනුන බව වැප් මාමා මට කීවාය. අපි රෑ 9 විතර වෙනතරු එහි සිටියාය. ඉත් පසු අපි සැවොම සතුටින් නිවෙස් බලා පැමිණියෙමු. ලබන පාරත් පොත් පදර්සනය බැලීමට එමට මම ආසාවෙන් සිටිමි.

19 comments:

  1. මැක්ස තමා - පොටෝ දැක්කම හිතුන යමක් මග එනව කියා
    නියමෙට ඉවර කරල තියනව!!!

    ReplyDelete
  2. දැං පුතා දන්නව නේද අධෝ-අක්ෂි ස්නායුව ගැන එහෙම ???

    ReplyDelete
  3. අමිල මාමට පෙනුන තරුවක් නෑ..අමිල මාමා ගියේ සින්දුවක් කියන්න ඕනි වෙලා....

    ReplyDelete
  4. පවු පොඩි එකා

    ReplyDelete
  5. බලන් ගියාම බ්ලෝග්කරයෝ ඔක්කොම එක අස්සේ රිංගල නේද..? එල එල ඔහොම ඔහොම යන්

    ReplyDelete
  6. පොඩි එකාගේ ලියුම වගේ..!

    ReplyDelete
  7. පව් අප්පා පොඩි එකා.. මම එනකොටම දැක්කා ගේට්ටුව ගාව අසරණ බැල්මක් දාගෙන ඉන්නවා...

    ReplyDelete
  8. අනේ ශොයි රචනාව.. පොඩි එකා අගේට ලියලා...
    ජය වේවා... :D

    ReplyDelete
  9. මයේ හොඳ පුතා චොකලට් බිස්කට් පැකට් එකක් දුන්නම් ඕන දෙයක් කරනවා!

    ReplyDelete
  10. අපසාදේ.. මට එන්න බැරි උනානේ.....

    ReplyDelete
  11. මෙච්චර මාමිලා නැන්දිලා ගිය එකේ, ඔය එක්කෙනෙක් වත් මේ පොඩි එකාට පොත් පත් පෙන්නුවෙ නැද්ද මං අහන්නේ....? හි හි

    ReplyDelete
  12. පේනවනේ අපි කියන්නේ බොරු නෙමෙයි කියලා...

    ReplyDelete
  13. සූටි එකා අතරමං වුනේ නැතෙයි සෙනඟ අස්සේ

    ReplyDelete
  14. මටත් මතක් වුනේ ඉස්සර අපි ලංකාදීපෙ කියවපු ''පොඩි එකාගෙ ලියුම'' තමයි.
    තව ටික කාලයක් ලිව්වොත් හරියටම ඒ තත්වෙට එන්න පුලුවන් වෙයි.
    හැබැයි පුතෝ .. දැන් දාල තියෙන ප්‍රොෆයිල් පිංතූරෙ අයින් කරල පොඩි එකෙකුගෙ එකක් දැම්මොත් තමයි වැඩේ සාර්ථක වෙන්නෙ.

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මරු මරු

    ReplyDelete
  16. සැමාට බඩේ පාර වගේ. නියමයි. හිනා ගිහින් පණ ගියා. කොහෙදෝ හිටපු පණුවෙක් රංවල මාමාගේ සැට් එකේ නංගි කෙනෙකුට වහ වැටිලා රටටම ඇහෙන්නට අඩ අඩා ආපු එක මගඇරිලාද කොහෙද... ජය...!

    ReplyDelete
  17. හ්ම්ම්ම්.. හ්ම්ම්ම්.

    ReplyDelete
  18. උඹ පොත් ප්‍රදර්සනෙන් පොත් ගන්න එක ඇරෙන්නෙ අනික් ඔක්කොම කරලා!!! :D

    ReplyDelete
  19. සීන මාමට අද තමයි ඉස්පාසුවක් ලැබුනෙ අනන්තයට යන්න. චූටි පුතා අර ඔරලෝසුවෙ කටු සීන් එක වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා හරිද.. ඕව අපිට පරම්පාරාවෙන් ලැබුන රහස්.. පුරාණ පුස් කොල පොත් වල තිබ්බෙ.. දැං ඒව පුස් කාල..

    ReplyDelete