පහු ගිය 22 වෙනිදා සයිබර් සිහින උළෙලට සහභාගි උන වෙලාවෙ මම මටම සපථ කර ගත්තු දෙයක් තමයි ආයෙමත් ලියන්න ගන්නවා කියන එක. විශේෂයෙන්ම ලාස්ට් රෝ බ්ලොග් එකටනම් ලියන්නම හිතුනා. හේතුව නම් දන්නෝ දනිති. හෙ හෙ. :D ඔන්න ඉතින් ඒවට ලිවීම කෙසේ වෙතත් මගේ මේ අටමගලෙවත් දූවිලි පිහදාලා ගන්න ඕන නිසා පොඩි පහේ කතා ටිකකුත් මතක් කරගෙන මන් ආවා. මීට කලින් මේ වගේම හෙඩිමක් එක්ක කතා ටිකක් දුන්නා කට්ටියට මතකද මන්දා. අමතකනම් ඔන්න මෙතන ඔබලා ගිහින් බලන්නත් පුලුවන්. හැබැයි එදා කතානම් ඒ තරම්ම වැඩිහිටියන්ටම වෙන් කල ඒවා නෙවෙයි. ඒ උනාට අද කතානම් ඕන්න පොඩි එවුන් හෙම බලනවා නෙවෙයි. ඔය සුදු සිල් රෙදි පොරවගත්තු අයට උනත් දැන්ම මේ ටැබ් එක ක්ලෝස් කරලා දාන්ට පුලුවන්. පස්සෙ ඕන් කියන්න එපා මන් බලෙන් මෙව්වා පෙන්නුවා කියලා. :p
ඔන්න මුලින්ම කියන්න යන කතාව කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ පාසලක වෙච්චි දෙයක්. ඒ පාසලේ ඉගෙනුම ලබපු මල්ලි කෙනෙක් තමා මට මේ කතාව කිව්වෙ. හැම පාසලකම වගේ වසරේ මුල් මාස තුන ඇතුලත නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පවත්වනවනෙ. ඔන්න ඉතින් මේ පාසලෙත් ඒ උත්සවය පවත්වන කාලෙ ආව. ගුරුවරු ලමයි හැමෝම හරි හරියට වැඩ. මටනම් ඔය ස්පෝට් මීට් එකේ එපාම වෙන දෙයක් තමා මාච්පාස්ට් එක. ඕකට තෝරගත්තා කියන්නෙ හෙනම ඇනයක්. සති ගානක් ගිනි අව්වෙ ඕක පුරුදු වෙන්න ඕන. කට්ටිය ඒකට වැඩිය ඉදිරිපත් වෙන්නෙ නැති නිසා බලෙන් අපිව දාන්නෙ. අපේ ඉස්කෝලෙදි මාව ඕකට තෝරගත්තොත්නම් මන් කරන්නෙ මගේ රංගන කුසලතාවය භාවිතා කරලා බොරු කලන්තයක් අරගෙන පිට්ටනිය මැද්දෙ ඇදගෙන වැටෙනවා.
"අනේ මිස් මට අව්වෙ ඉන්න හොඳ නෑ. මාව නිතරම පේන්ට් වෙනවා"
මගේ ඇක්ට් එකේ තාත්වික බව කියන්නෙ එතනින් එහාට මම ඉන්නෙ හෙවනකම තමයි. මගේ ප්‍රැක්ටිස් එතනින් ඉවරයි. :D
ඔන්න ඉතින් මන් කලින් කීව පාසලේ ස්පෝට් මීට් එකෙත් පාච්පාස්ට් ප්රැක්ටිසින් තිබ්බා. ප්‍රැක්ටිස් කෙරෙව්වෙ ලොකු පන්ති වල සිෂ්ය නායකයො. දන්නවනෙ එයාලගෙ හැටි. පොඩි උන්ට වද දෙන්නමයි බලන් ඉන්නෙ. හැමෝම නෙවෙයි ඒත් පට්ටම ලොකු කරගත්තු ගොඩ දෙනෙක් එහෙමයි. මේ ප්‍රැක්ටිස් කරවපු සෙට් එකෙත් හිටියා එහෙම නහර කාරයො දෙතුන් දෙනෙක්. මුන් ටික අර අසරන පොඩි උන්ගෙ නැති වැරදිත් හොය හොයා උන්ව බයිට් එකට ගන්නවා. පොඩි උන් කියලත් මොනවා කරනන්ද ඔහේ කට පියාගෙන වෙන දේවල් ඉවසා දරාගන්නවා. ඔය පොඩි උන් සෙට් එකේ හිටියා පොඩි කටකාර කොලු ගැටයෙකුත්. කලින් දවස් ටිකේම ප්‍රැක්ටිස් කරලා දාඩියට පොරගෙ ඉකිලි ප්‍රදේශය කැපිලා. ඉතින් පොර දැන් ඇවිදින්නෙ කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරගෙන. මේක දැක්කා අර වැඩිහිටි සිෂ්ය නායකයෙක්. පොඩි එකාව මඩවන්න හොඳ චාන්ස් එක. නැවැත්තුවා පොඩි එකාව. මහ හයියෙන් නහර පුප්පගෙන ඇහුවා මෙහම.
"මොකද යකෝ තෝ බකල ගහන්නෙ. කකුල් දෙක මැද්දෙ මොනා හරි තියෙද තොගේ"
අර කොල්ලත් බොහොම බයාදු විදියටම මෙහෙම උත්තර දුන්නා.
"ඔව් අයියා මගේනම් තියෙනවා. ඇයි අයියගෙ නැද්ද?"

*******
මේ කියන්න යන කතාවත් සිද්ධ උනේ ඔය කලින් සිද්ධිය උන පාසලේමයි. සාමාන්‍යයෙන් ඔය බාලක බාලිකා පාසල් වල තියෙන ප්‍රශ්ණයක්නෙ තමයි සමලිංගික සේවනය කියන්නෙ. අඩු වැඩි වශයෙන් හැම පාසලකම වගේ ඔය දේ සිදු වෙනවා. ඒක නිසා ඒ දේ නතර කරන්න විවිධාකාරයේ උපදේශන සේවා පාසල් වල ක්‍රියාත්මක වෙනවා. මේ කියන පාසලෙත් දවසක් ඔන්න ඒ වගේ උපදේශන වැඩසටහනක් පැවැත්වුනා. බොහොම විද්වත් පුද්ගලයෙක් තමයි දේශනය සඳහා ඇවිල්ලා තිබුනේ. බොහොම රසවත් හා හරවත් විදියට සිත් ඇදගන්නා සුලු වශයෙන් මේ දේශනය පැවැත්වුනා. දේශනයේදි සඳහන් කල ගොඩක් කරුණු ඒකට සහභාගී උන මල්ලි කෙනෙක් මා එක්ක කිව්වත් මේ වෙලාවෙ මට ඒවෙන් වැඩි හරියක් මතක නෑ. ඒත් ඒ අතරෙ කියවුන වැදගත්ම දෙයක් තාමත් මට මතකයි. මන් මේ කියන්න සුදානම් වෙන්නෙ අන්න ඒ කාරණය තමයි. අපි නොදන්නවා උනත් මේ බ්ලොග් අවකාශෙ පවා මේ කරුණ වැදගත් වෙන අය ඉන්නවා වෙන්න පුලුවන්. ඒ අය අපි සිහිනයෙන්වත් නොසිතන අය වෙන්නට පුලුවන්. :p ඒකයි මන් මේ ගැන මෙතන කියන්න හිතුවෙ. ඔන්න එහෙම අය ඉන්නවනම් ඒ අයටත් මේක හොඳ පාඩමක්. :D
මෙන්න මෙහෙමයි ඒ දේශකයා කියලා තිබුනේ.
"පුතාලා පාරෙ යනකොට දකිනවා නේද පාරෙ මාර්ග සලකුණු ගහලා තියෙනවා. මතක පුතාලට එක මාර්ග සලකුණක් තියෙනවා එක පැත්තකට හැරවුන ඊතලයක් තියෙන එකක්. දන්නවා නේද ඒ මොකද්ද කියලා. ආ ඒක තමයි වන් වේ මාර්ග සලකුණ. ඒකෙන් කියන්නෙ මොකද්ද? වාහන යන්න පුලුවන් එක පැත්තකට විතරයි කියලා. අපි නීති ගරුක මිනිස්සුනම් එහෙම බෝඩ් එකක් දැක්කම වන් වේ පාරකින් අනිත් පැත්තට වාහන ඩ්‍රයිව් කරන්නෙ නෑනෙ නේද? අන්න ඒ වගේ පුතේ අපේ ඇගෙත් තියෙනවා වන් වේ පාරවල්. ඒකෙ මොනා හරි දෙයක් ගමන් කරන්නෙ එක පැත්තකට විතරයි. ඒ මාර්ග වල අපි අනිත් පැත්තට දේවල් ගමන් කරවන්න හොඳ නෑ. එතකොට පුතේ මිනිස්සුන්ගෙ ගුද මාර්ගය කියන්නෙත් එහෙම වන් වේ රෝඩ් එකක්. ඒක හැදිලා තියෙන්නෙ අදාල දේවල් එක පැත්තකට ගමන් කරන විතරයි. එහෙනම් ඇයි පුතෙ අපි නිකන් බොරුවට එහෙම වන් වේ රෝඩ් එකක අනිත් පැත්තට දේවල් යවලා නිකන් පාර ලොකු කරගන්නේ."
*******
දැන් කියන්න යන කතාව මට කිව්වෙ මන් දන්න අංකල් කෙනෙක්. මේ අර මන් කලින් කිව්ව කතාවක අලුත බැඳපු ජෝඩුවට විශ් කරපු අංකල්ම තමයි. මේ අංකල් හරිම කූල් මනුස්සයා. කොයි වෙලෙත් විහිලුවෙන්මයි ඉන්නෙ. මාර කටක් තියෙන්නෙත්. ප්‍රැක්ටිකල් ජෝක්ස් වල උපරිමය. මේ අංකල් කියන විදියට එයා වැඩ කරන තැන ඒයාට ඉහලින් ඉන්න ප්‍රධානියත් අංකල් වගේමලු. පට්ට ජොලි බුවෙක්ලු. ඩබල් මීනින් ජෝක්ස් වල උල්පතක්ලු. ඔන්න දවසක් මේ දෙන්නගෙම ප්‍රධානියා මේ දෙන්නට එයාගෙ කාර්යාල කාමරයට එන්න කියලා පණිවිඩයක් එව්වලු. අපේ අංකල්ගෙ ප්‍රධානියා ඔන්න තමන්ගෙ සීට් එකෙන් නැගිටලා ඒ පැත්තට යන්න පිටත් උනාලු. ඊට විනාඩියකට විතර පස්සෙ අපේ අංකලුත් ඔන්න ඒ පැත්තට හෙමින් සැරේ සේන්දු උනාලු. ලොකු බොසාගෙ කාමරයට ඇතුලු වෙන තැනට පොඩ්ඩක් මෙහායින් කොරිඩෝ එක දෙපැත්තෙ සීට් දෙකෙ ඉන්නෙ පට්ට ලස්සන කෙල්ලො දෙන්නෙක්ලු. ටිකක් මොඩ්න් තාලෙට පැසොන් එකට ඇඟ ටිකක් පේන එහෙම අඳින ලමිස්සියො දෙන්නෙක්ලු. ඔන්න අපේ අංකල් බොසාගෙ රූම් එක පැත්තට යනකොට අර කලින් ගිය පොර අර කෙල්ලො දෙන්නා ගාව නැවතිලා කන්න වගේ ඒ දිහා බලාන ඉන්නවලු. කෙල්ලො දෙන්නත් දෙන්නට දෙන්නා මොනවදෝ මුමුණ මුමුණ මුකුලු කර කර ඉන්නවලු. අපේ අංකල් ඉතින් අර පොරගෙ ලඟට ගිහින් ඇහුවලු,
"මොකද මෙතන කරන්නෙ" කියලා.
"මොකද මෙතන කරන්නෙ" කියලා.
ඉතින් අර පොර ගත් කටටම කිව්වලු අර කෙල්ලො දෙන්නා දිහාට තමුන්ගෙ සුරත දිගු කරන ගමන්ම,
"නෑ මන් මේ කල්පනා කලේ මේ කොහු කන්නද, මේ කොහු කන්නද කියලා"
"නෑ මන් මේ කල්පනා කලේ මේ කොහු කන්නද, මේ කොහු කන්නද කියලා"
කෙල්ලො දෙන්නා මේලො දෙයක් තේරුම් ගන්න බැරුව මූනට මූන බලාගත්තලු. ඔයාලටත් තේරුනේ නෑ වගේනම් එහෙමම ඉන්න. ඕවා තෝරගෙන ඊට පස්සෙ හිතාගන්න ඒවට මන් වග කියන්නෙ නෑ. :D
*******
අදට කතා ඇති. තව මතක් උනොත් පස්සෙ සෙට් වෙමු.
ආපහු බ්ලොග් එක පටන් ගත්තු එක නම් හොඳම හොඳයි. දිගටම් ලියාගෙන යන්ට හිතේවා කියලා සුබ පතනවා.
ReplyDeleteකතා ඔක්කොම තේරුනා එකක් ඇර.:)
එදා අර අර අවුරුදු උත්සවයේ, නටපු කතාව ගැනත් සටහනක් ලියලා වීඩියෝ පටයකුත් පෙන්නුවොත් මොකද වෙන්නේ?:))
හයියූ සල්ලි :D
ReplyDeleteඅනේ මන්දා බං.. කොහූ කෑවලුද ඉතින්...... :-D
ReplyDeleteකොහු 2කම කෑව නම් වැඩේ ඉවරයි නේ.............:) මල් හතයි....:)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආ කොහු.. කාලා නැනේ :P සීනි පොල් කොහු නම් කාලා තියෙනවා :D
ReplyDeleteපව් ඩෝ......
ReplyDeleteඅයියෝ බං! මේවා ලාස්ට් රෝ එකේ කතා තුනක් විදිහට ලියන්න තිබ්බා නේද? :D
ReplyDeleteපවු යකෝ !!!
ReplyDeleteපට්ට කතා සෙට් එකක් ... අදම ද කොහෙද මෙහෙට ආවේ....
ReplyDeleteකොයි කොහු කන්නද කියලා මටත් වෙලාවකට හිතිලා තියෙනවා...
ReplyDeleteඑළම කතා සෙට් එක..
නිෂ් ++++++++++
හයිලයිට් කතාවත් ගැඹුරින් විමසන්න වෙනවා දැන්නම්... :)
අන්තිම එක මීටර් වෙන්න සුට්ටක් වෙලා ගියා.:) අපි හොඳ ළමයි නේ, ඒකයි.:D එළ කතා සෙට් එක සහෝ...!
ReplyDeleteමේ කොහු කන්නද ?
ReplyDeleteනියම කතා ටික!
දැන් ඉතින් බ්ලොග් එක බලන්න එන්නේ වැඩිහිටියෝ විතරයි මේකගේ
ReplyDeleteහාහ් හාහ් හහ්හ් හාහ් මරු කතා ටික.
ReplyDeleteනියමයි! එලමකිරි ආ......
ReplyDeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි අද තමයි ඉස්සෙලම මෙහෙට ආවේ... අදහස් හොදට ගලපලා කතා ටික පට්ටෙට ලියලා තියනවා...
ReplyDeleteහරි හරි මටත් දැනුයි අන්තිම එක මීටර් වුනේ ලොල්.
ReplyDeleteපට්ට ඈ
අනේ බං මේ පැතත්ට හිර පායන්න බැරි උනාට මම උබේ ඔය වචන අසුරවන විදිහට කැමතියි ඇතත්ටම කිව්වොත් සුපිරියි...
ReplyDeleteමෙක තමයි මම ආදම බ්ලොග් එක.. ෴
හික්ස් මරු කතා සෙට් එක
ReplyDeleteමරු කතා ටික.. ආයෙම ලියන්න පටන් ගත්ත් එකනම් එල..
ReplyDeleteකතා ටික නම් පට්ටයි... මම මේ මේ පැත්තේ ආවමයි.එල ඈ ගතියටම ලියලා තියෙනවා.
ReplyDeleteඑලම තමයි මචෝ ලොවෙත් නෑ
ReplyDeleteහක හක හක..... :D
ReplyDeleteපට්ට පට පට. දෙවෙනි කතාව නම් උපරිමයි. උදාහරණය විශිෂ්ඨයි :D
ReplyDeleteකොහුනම් කොහොම කෑවත් මොකෝ ?
ReplyDelete