අල්ලාගෙන ඔය සුරතින්
පාර දිගේ එහා මෙහා
ඇවිද යන්න සඳ එලියක
හීන මැව්වා මන්
ලුණු රස සුලඟේ වැදි වැදි
තුරුල් වෙලා එක කුඩයක
ඉර ගිලෙනා හැටි බලන්න
හීන මැව්වා මන්
තරු වියනක අඩ අඳුරක
නුඹේ හිතට තුරුලු වෙලා
ආදරේ ගැන ඉගෙන ගන්න
හීන මැව්වා මන්
මල් උයනක ගස් හෙවනක
ඔබේ මිහිරි බස් අසාන
කම්බුල් පෙති රතු කරන්න
හීන මැව්වා මන්
මටත් හොරෙන් ඔබ ගියාම
මගේ හීන සඟවාගෙන
ඔබේ හීන එලිවෙන්නට
හීන මවන මන්
හ්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteඅඬෙනවා ..............
ReplyDeleteසුන්දරයි.. දුකායි
ReplyDeleteපිපුනු පියුමක
දුටුව හීනෙක
අහිමි බව දැන්
දනි මම....
patta pata pata..
ReplyDeleteමේක කවියක් නෙවී, මේක සිංදුවක් අනුරාධ..!
ReplyDeleteහරි අපූරුයි..! සරළයි..!
ජය!
හරිම ලස්සන හීනයක්නේ... හැබැයි ඉතින් අන්තිමේ හීන සේරම ඉවරයිනේ.. මොකද ඊළඟ හීනේවත් හැබෑ කරගන්න බැලුවොත් :)
ReplyDelete