Tuesday, February 1, 2011

හදිස්සියෙම, ආයෙත්, අතීතෙට ?

නිවාඩුවට ගමට එන්නෙ නුඹව බලන්න
නුඹේ සිනාවෙන් මගෙ නෙතු පුරවාගන්න
හිතේ පිරුණු ආදරේ මගේ තව වැඩි වෙන්න
ඩිංගක් හරි හිනා වෙලා මදෙස බලන්න

පුංචි පුංචි නිල් තරු කැට අහස පුරාම
මුමුණන්නෙ නුඹ ගැනමයි හිරු එනතුරුම
නුඹේ මතකයන් වැඩි කර දෙන හින්දාම
පහන් කරන්නම් මුලු රැය නිදි නොලබාම

ඔබ දකින්න ආසාවෙන් දවස් ගෙව ගෙව
නිවාඩුවක් එනතුරු මගෙ ඇඟිලි ගැන ගැන
ආවත් නුඹේ මුහුණ ටිකක් බලාන යන්න
ඇයි ආපහු එන්න වෙන්නෙ කඳුලු අරගෙන

දිලිසෙන ඔය නිල් නෙතු යුග පහස ලබන්න
දෙනවද එය මට ඇති දිවියෙම සැනසෙන්න
හිතේ තියෙන ආදරේ මගේ කියලා දෙන්න
සොඳුරියෙ එක මොහොතක් මා වෙනුවෙන් ඉන්න

(මෙය අද ඉතා හදිසියේ මගේ  ඇස ගැටුනු, 2008 මාර්තු මස 25 වන දින ලියැවුනු කවි පෙලකි. )

7 comments:

  1. අපි ඉන්නවා ඉලන්දාරියා වෙනුවෙන්....
    --මනුස්සකම් වෙනුවෙන් බ්ලොග් ලියන අපි---

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි. අදයි මේකට ආවෙ. දිගටම එන්නම්....

    ReplyDelete
  3. අපූරුයි යාළු

    ReplyDelete
  4. @රත්ගමයා
    අපිත් ඉන්නවා කොල්ලො.... :)

    @තාරා, පිණිබිඳු, ayesha
    ඔයාලා තුන් දෙනාටම ගොඩාක් ස්තූතියි යාලුවනෙ.... ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා....

    ReplyDelete
  5. ලස්සනආආආආආඅයි...

    ReplyDelete
  6. මල්වඩම් ඕනෙ නෑනෙ . . . . සිරාවටම සිරා මචං

    ReplyDelete