Wednesday, August 8, 2012

ඇයට කියූ 3

එදා ඔබ මා
කණට මිමිණූ
ගීත සිහිවන
රෑ පුරා
නින්ද නොනැගේ
සුසුම් වැගිරේ
දෙනෙත් පිය
තෙත්වන තුරා

හදේ ඈතම
කෙළවරක නුඹ
අගුළුලන්නට
වන නිසා
ගලක් තරමට
තද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා

යලි යලිත් සිත
මතුපිටට විත්
තෙරපෙනා
සිතුවිලි දරා
බොළඳ වන සිත
ඔබේ ගී ලඟ
හැකිද නවතනු
සවිදරා

6 comments:

  1. හ්ම්ම්..
    හිත තව තවත්
    හිර කරලා
    හිර කරලා
    තිබ්බාට මන්
    වතුරේ උඩ එන
    රබර් බොලයක් වගේ
    ඔයා එනවා උඩටම

    ලස්සන කවියක්.. ඒත් හැඟීම ගැන හිතට ගොඩාක් දුකයි..

    ReplyDelete
  2. හෑ වටින දෙයක්...

    ReplyDelete
  3. ගලක් තරමට
    තද කලෙමි සිත
    උණුව වැගිරේ
    යැයි සිතා

    ලස්සන කවියක්

    ReplyDelete
  4. ගොළු වුනෙමි මම
    තවත් කණකට
    ගීත මුමුණනු
    බැරි ලෙසින්

    තබා ගමි නුඹ
    හදේ සැම තැන
    මලක් සේ
    බැතිබර ලෙසින්

    ඔබෙන් සමුගෙන
    ඔහු වෙතට යමි
    දෙගුරු සිත්
    නොරිදෙන ලෙසින්.......
    -
    මල්ලියේ ඔයාගෙ කවි ලස්සනයි.ඒ නිසා ආස හිතුන පිළිතුරක් ලියන්න.

    ReplyDelete