Friday, July 13, 2012

නාරිලතා


නාරිලතා මල දැහැන් බිඳිද්දී
සිත එක්තැන් කල තවුසන්ගේ
නාරිලතා ලඟ අරුමයක්ද සිත
මේ හැටි චංචල වීම මගේ

සිරුරෙහි වෑහෙන කෝමළ රේඛා
අතරින් සිත දිව යන රඟේ
වැලඳ සිඹ මුදු පහස විඳිමින්
මෝදුවන කොලු කම මගේ

රස මීවිත පිරි නුරා දෙතොල් ලඟ
සිල්පද රැකගෙන ඉඳිනු කෙසේ
නුඹේ ලඟ සිල්පද රකින්නට
රහත් වී නැත සිත මගේ

4 comments:

  1. ලස්සනයි
    (ඔය අර යට ලීයෙ පීන එව්වද )

    ReplyDelete
  2. උඹ ලගදිම මොකක් හරි වින්නැහියක් කරගනී මචං...

    ReplyDelete
  3. පනුවා යන පොට හරි නෑ වගේ :) :)

    ReplyDelete
  4. හී..හී...
    හා හා හොදයි හොදයි..ඔය වයසට නැතුව කොයි වයසටද අප්පා...නේ...ද..

    ReplyDelete