Thursday, January 19, 2012

තවත් අත්හදාබැලීමක්

මීට කලින් වතාවක් ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන මන් පොඩි පැහැදිලි කිරීමක් කලානේ. ඒ වගේම මම කරපු පුංචි අත්හදාබැලීමකුත් ඔයාලට දුන්නා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනට ගිහින් ඒක බලලා එන්න පුලුවන්.
එදා ඒ කල දේට ටිකක් විතර එහා ගිය තවත් අත්හදාබැලීමක් පහුගිය දවසක මන් කලා. එහා ගියා කිව්වට මහා ලොකු වැඩක් නෙවෙයි. හෙ හෙ හෙ.... ඒත් එදාට වඩා ගොඩක් වැඩියෙන් මහන්සි වෙන්නනම් උනා. මොකද අවශ්‍ය දේවල් ටික සුදානම් කරගන්නම පැය 5ක් 6ක් විතර ගියා. ෆොටෝ ශූට් එකට පැය දෙකහා මාරක් වගේ ගියා. කොහොම හරි අවසානයේදි ෆොටෝ 335ක් අරගෙන වැඩේ සාර්තකව නිමා කරගන්න පුලුවන් උනා. වැඩේට සහයෝගය ලබා දුන්නෙ අපේ නංගි. එහෙනම් ඔන්න මන් ඔයාලට වීඩියෝ එක දෙන්නම්. බලලා ඔයාලගෙ අදහස් කියලම යන්නකො.



මේ තියෙන්නෙ වැඩේ කරපු හැටි.

 මේ තියෙන්නෙ කැමර් එක රඳවන්න මන් විසින් ගෙදරදී නිර්මාණය කල අලුත්ම නිපැයුම. හබැයි බලලා හිනා වෙන්න එහෙම එපා. දුප්පත් කමට වෙන මොනා කරන්නද. :D

 
 එහෙනම් ඔන්න මන් ගියා. තව පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. ඒකත් අරගෙන ඊලඟ දවසෙ එන්නම්.

52 comments:

  1. සුපිරියි අනුරාධයා. මේ සිතිවිල්ලත් නියමයි. මුලින්ම සුදු පාට, නුල් බෝලෙ ගාවට යන ටික මගේ හිත ගත්තා. මොකද ඒ ව‍ගේ ඉබේම වෙන්නැති දෙයක්, එහෙම වෙන විදිහට පෙන්නලා තියෙන නිසා.

    ට්‍රයි පෝඩ් එකට ගැන කවර කතාද. අනික කැමරා ඇන්ගල් ටිකත් පංකාදුයි. නූල් බෝලෙ රෝල් වෙද්දි ඒක වටේට කැමරාව යන හරිය ගති. අර සතා බෝලෙ ගිලින එකත් අන්තිම තාත්විකයි. සුබ පතනවා දිගටම මේ වගේ අලුත් දෙයක් කරන්න වෙලාව, සිතිවිලි, උදව්කාරයො ලැබේවා කියලා. (ඔය වැඩවලට උදව් කරන නංගියෙක් ඉන්න එක උඔගෙ වෙලාව.)

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක් ...සුබ පැතුම්

    ReplyDelete
  3. සුභ පැතුම් මචං... ඇනිමේශන් ස්ටුඩියෝ එකක් දැම්මොත් මමත් වැඩට එනවා ඈ... කැමරා උස්සන්න හරි කමක් නෑ... :)

    ReplyDelete
  4. නියමයි අනුරාධ මලය.. ඉස්සරහට ‍තව හොඳ නිර්මාන බලාපොරොත්තු වෙනව.. සුභ පැතුම් !..

    ReplyDelete
  5. මේක මාරයිනෙ.... ඉස්ගෙඩියගෙ ඇනිමේෂන් කෑල්ලට චිත්‍ර කීයක් විතර ගියාද? තව තව එක්පෙරිමන්ට් කරන්න පුළුවන් වේවා!

    ReplyDelete
  6. ඒ මේක නම් මරු.. මම් 2 ක් කරා ස්ටොප් මොශන් එව්වා.. ඒ දෙකෙදිම කැමරා ඇන්ගල් එක 1කම විදියට තියා ගත්තෙ.. ආයෙ මේ වගේ එකක් කරලා බලන්න ඔනි
    ත්‍රීපාදෙ නම් මරු :D
    අඩේ අරම නංගියෙක් මටත් ඔනි.. :D මේ මෝඩ මල්ලියෙක් ඉන්නවා මෙලො උදව්වක් නැ :-/

    ReplyDelete
  7. ඇත්තමට නියමයි

    ReplyDelete
  8. අඩේ ඒක මරු මචං.. මාත් ට්‍රයි එකක් දාල බලන්න ඕන :P

    ReplyDelete
  9. ....හරිම අපූරු වැඩක්...

    ReplyDelete
  10. අඩේ වැඩේ හොඳයිනේ... අර බොලේ ගිලින එකා කඩදාසියෙන්ද හැදුවේ..ඒක ටිකක් විතර අමුතුයි...

    (හරි ඔන්න දුන්න රුපියල් දහයට හරියන්න කමෙන්ට් එකක් කෙටුවා..ඔයිට වඩා බැහැ..ඈ බං මොකක්ද මේකේ තේරුම..?)

    @බනියා...

    අයියගේ හැටියටම නැතෑ මල්ලිත්...:D:D:D

    ReplyDelete
  11. වැඩේ නම් පට්ට සිරා මචං

    ReplyDelete
  12. මාර ගති අනුරාධ උපරිමයි..!! මාරම සිරා..!!!

    ReplyDelete
  13. මම නං ඔය ඇනිමේෂන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ, ඒත් මේ වැඩේ නං ලස්සනට කරලා තියනවා, මගේ සුබ පැතුම් .........

    ReplyDelete
  14. නියම වැ‍ඩක් අයියා....මරු....මට නම් සෑහෙන්න හිතට අල්ලලා ගියා....

    ReplyDelete
  15. නියමයි බං... බුද්ධියා කියපු බෝලෙ වටේ කැරකෙන කෑල්ල මටත් හොඳට හිතට වැදුණා... තව තවත් එක්ස්පෙරිමන්ට් කරන්න. මොකද සමහර විට වැඩේ ෆයිනල් අවුට්පුට් එකට වඩා ඒක කරන්න වෙන මහන්සියෙදි ඉගෙන ගන්න වෙන දේවල් සෑහෙන්න වටිනවා...

    ReplyDelete
  16. එල...
    කොහොමත් වැඩි දෙයක් කියන්න ඕනි නෑ උඹ දක්ෂයා...

    ReplyDelete
  17. නියමයි මචෝ. නියමෙටම කෙරිල තියනව.

    ප.ලි.
    බනියා:
    සතු‍ටුවෙයං බං . . . උඹට වඩා යාන්තමට හරි යමක් කමක් තේරෙන සහෝදරයෙක් ලැබුනට

    ReplyDelete
  18. මටනම් හිතාගන්නවත් බෑ

    නියමයි උපරිමයි ..

    උඹ දක්‍ෂයෙක්

    ReplyDelete
  19. ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න සුභපැතුම් යාළු

    ReplyDelete
  20. මරේ මරු ... අයියයි නගායි ලස්සනට වැඩේ ගොඩ දාල තියෙන්නේ....ජයවේවා

    ReplyDelete
  21. maru wdak.. oba nirmana hakiyawata suba patum..jaya wawa...

    ReplyDelete
  22. ෆික්සු හැදිලා හොඳවෙලා ආයෙත් හැදෙනවා. වචන නැ බං.... ඒ තරම්ම සිරා :)

    ReplyDelete
  23. ලොවෙත් නෑ මචෝ...!! පට්ටයි සිරා ..!!

    ReplyDelete
  24. මේක නම් සුපිරි අයියා! ඔයාට හොද අනාගතයක් තියෙනවා!

    ReplyDelete
  25. පුණුවා. ඒක මරු මචං!

    සිරාවටම මරු.

    ReplyDelete
  26. නියමයි මචං.......
    දිගටම කරපං.

    ජය වේවා!!!

    ReplyDelete
  27. සිරාවට සිරා පනූස්... මරු...!!

    ReplyDelete
  28. නිය්මයි මල්ලි, ඇනිමේෂන් වලින් උඹලා කවදා හරි සිරා තැනකට එනවා මට ෂුවර්...!

    Keep it up !!

    ReplyDelete
  29. සිරා බොල.. හැම දාම මේ පැත්තේ එමි.. !

    ReplyDelete
  30. පට්ට සිරා මචං... තවත් අළුත් දේවල් කරන්න ට්‍රයි කරපන්.... ජය..!!!!

    ReplyDelete
  31. නියමයි වැඩේ..!! පණු මලයගේ නංගි හොඳ ළමයෙක් වගේ අයියාට උදව් කරන.. :) :)

    ReplyDelete
  32. මේකනං පට්ට.. කලින් එකට වඩා මේක මරු.... සුපිරි ඈ

    ReplyDelete
  33. නියමයි. ආඩම්බරයි මල්ලි ඔයා ගැන.... ජය!

    ReplyDelete
  34. අත්හදා බැලීම සාර්ථක වී ඇත..

    ReplyDelete
  35. kiyala wedak ne... dan apita panuwa kiyana eka nawaththanna wenawa..! thawa aluth video ekak enakal ................

    ReplyDelete
  36. හොඳ මුල පිරුමක් ! ඔබට ශුභ පැතුම් !!!

    ReplyDelete
  37. Well done. Do them very hardly, one day you will get the success.!!! Wish you good luck.

    ReplyDelete
  38. මේක නම් සිරා මචං!තියන සම්පත් උපරිමේට පාවිච්චි කරන එක අනිවා අගේ කරන්න ඕන අරවා නෑ මේවා නෑ කිය කිය නාහෙන් අඬන්නේ නැතුව!

    ReplyDelete
  39. නියමයි.... great work.

    ReplyDelete
  40. ඇත්තටම ඔයා සැබෑම දක්ෂයෙක්

    ReplyDelete
  41. නිර්මාණාත්මක බව උපරිමයි..!!! සුබ පැතුම් සහෝ දිගු ගමනකටත් සුබ අනාගතයකට..!!!! :)

    ReplyDelete
  42. ඇත්තටම නියම වැඩක් සහෝදරයා ...!!!

    අකමැත්තක් නැත්නම් blog එකේ Navbar එක ඉවත් කරලා දාන්න

    ReplyDelete
  43. @Dimuth Tharindu...

    නොදන්න හින්දයි අහන්නේ ඇයි Navbar එක බවත් කරන්න කියන්නේ..එයින් ඇතිවන අපහසුවක් තියෙනවද..? මොකද මම සාමාන්‍යයෙන් අනිත් අයගේ බ්ලොග් ෆලෝ කරද්දිමට ඔය Navbar එකෙන් ඒක කරන එක පහසුයි..එහේම නැතිව ඒ සඳහා දී ඇති ගැජට්ටුවෙන් ඒක කරන්න ගියාම අනුගමනය කල යුතු පියවර ගණන වැඩී... ඒ හින්දා ඇත්තටම මම කැමතියි බ්ලොග්වල එහෙම තියෙනවනං... ඒත් එය ඉවත් කිරීමෙන් ඇතිවන වාසිය කුමක්දැයි දැන ගැනීමට කැමතියි.

    ReplyDelete
  44. හරිම නිර්මාණශීලියි අයියේ, කලින් වීඩියෝ දෙකත් නියමයි.. ඔයා නම් හැබෑම දක්ශයෙක්..

    ReplyDelete
  45. පොටෝ 335ක්..!!
    සුපිරිම සුපිරියි..

    ReplyDelete
  46. සුපිරි වැඩක් අනුරාධයෝ...

    ReplyDelete