Wednesday, December 19, 2012

කටට වරම් නැති.....

මගේ මතකයේ හැටියට ඒක පටන්ගත්තෙ මීට අවුරුදු තුනකට විතර උඩදි. යාන්තම් දකුණු  හක්කෙ ආපු කැක්කුමක් විදියට තමයි ඒක පටන් ගත්තෙ. ඥාණ දත් වෙන්න ඇති කියලා ඒ තරම් ගනන් නොගත්තට ඒක සැරෙන් සැරේ අමුතු විදියට වද දෙන්න ගත්තා. දත එන්නම වගේ කාලෙකට රිදෙන්න ගත්තා. අයෙමත් ටික දවසකින් හොඳ උනා. ඒත් අයෙමත් කලින් වගේම රිදෙන්න පටන් ගත්තා ටික දවසකට පස්සෙ. යාලුවො කිව්වෙ මගේ දතක් එනවා යනවා කියලා. ඕක ඔහොම කාලයක්ම තිබ්බත් දත් සම්බන්දව වෙද්දු ගාවට යන්න තිබ්බ බය නිසාම ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා කරබාගෙන හිටියා. 
ගිය අවුරුද්දෙ මැද භාගයේදි තමයි පළවෙනි පාරට ලොකු දරුණු ප්‍රතිපළයක් එලියට පේන්න ගත්තෙ. හිටිගමන්ම මගේ දකුණු කම්මුල ඉදිමෙන්න ගත්තා. සතියක් විතර තිබ්බ රිදීමකින් පස්සෙ තමයි ඒක වෙන්න ගත්තෙ. රිදෙන එක නිසා වෙන්න ඇති කියලා ගනන් නොගෙන ටික දවසක් බලන් උන්නා. ටික දවසක් කියන්නෙ සති 3ක් විතර. ඒත් ඉදිමුම වැඩි උනා මිසක අඩු උනේ නෑ. කට අරින්නත් බැරි තරමටම අමාරුව වැඩි උනා. මේ තියෙන්නෙ ඉදිමිච්ච කම්මුලත් එක්ක මන් උන්නු හැටි.


අන්තිමේදි බලන් ඉන්නම බැරි තැන සහ, ඊටත් වඩා වටේ ඉන්න උන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරි තැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ගියා. එතන හිටපු තරුණ වයස ඉක්මවන්න ඔන්න මෙන්න හිටපු ලස්සන දොස්තර නෝනා මගේ කටට ඇඟිලි දෙකක් දාලා එහෙම හොඳහැටි පරීක්ශා කරලා බැලුවා. අනේ අර වේදනාවත් කොහෙන් ගියාද නෑ. ඉදිමුම බහින්න බෙහෙත් එහෙමත් දුන්නා. මන් හිතුවා වගේම දත තමයි කේස් එක. මගේ ඥාණ දතට එන්න ඉඩ මදිලු. පස්සෙ දැනගත්ත විදියට පරිණාමයේදි මිනිසාගෙන් අයින් වෙලා යන තව එක දෙයක් තමයිලු ඔයි ඥාණ දත් 4.මට කිව්වා නිතරම කට හොඳට අරින්න උත්සහා කරන්න. නැත්නම් කට අරින්න බැරිම වෙයි කියලා. ඇඟිලි 2ක් කට ඇතුලට දාලා කට හොඳට පළල් කරනන් කිව්වා නිතරම.
"මන් හැමදාම මෙහේ ආවොත් ඩොක්ටට බැරිද අද වගේ මගේ කට පළල් කරන්න" කියලා අහන්න හිතුනත්, ඔවා අහලා අන්තිමේ මොනවා පළල් කරගෙන යන්න වෙයිද කියන්න දන්නෙ නැති නිසා මන් කට පියාගෙන හිටියා.
කෝම හරි අන්තිමේ මන් බයෙන් හිටපු දේ උනා.
"ඔය බෙහෙත් ටිකෙන් ඉදිමුම අඩු වේවි. තව මාසෙකින් එන්න මන් දිනයක් දෙනවා. එදාට අපි ඔය දත ගලවලා අයින් කරමු."
මොනවදෝ තුණ්ඩුවක් ලියලා මගේ අතට දෙන ගමන් ඩොක්ටර් කිව්වා. තව මාසයක්ම තියෙන නිසා මාත් වීරයා වගේ ඒකත් අරගෙන එන්න ආවා. කිව්වා වගේම බෙහෙත් වලට ඉදිමුම බැහැලා ගියා.
"ඉදිමුමත් බැස්ස එකේ ආයෙ මොකටද දත අයින් කරන්නෙ" මගේ හිත ඇතුලෙ ඉන්න වෙදා මට උපදෙස් දුන්නා. ඒ උපදෙස අකුරටම පිළිපැද්ද මම ආතල් එකේ තව කාලයක් සුවෙන් හිටියා.

මේ අවුරුද්දෙ මැයි මාසෙ වගේ තමයි මන් ගත්තු තීරණේ ප්‍රතිපළ මට දැනෙන්න ගත්තෙ. කලින් වතාවෙ වගේම දකුණු කම්මුල ඉදිමුනා. ටික දවසකින් ඉදිමුම බැහැලා ගියා. හැබැයි දකුණු පැත්තෙ කම්මුලට ටිකක් පහලින් බෙල්ල හරියෙ ලොකු ගෙඩියක් ඉතුරු උනා. ගොඩ බෙහෙත් කීපයක්ම කලත් ඒකනම් අඩු උනේම නෑ. පස්සෙ බැරිම තැන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. එයාගෙ උපදෙස උනේ,
"හෙට උදේම ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න"
අපේ අම්මට ඉතින් ඒ වචනෙ ඇතිනේ. ඊලග දවසෙ උදේම මාව කරාපිටිය රෝහලේ ඇඳක් උඩට පත බෑව්වා.
ඔන්න නාට්ටියෙ හොඳම හරිය පටන් ගත්තෙ එතන ඉඳන් තමයි. මාව ඇඩ්මිඩ් කරගත්තට මොකද එතන ඩොක්ටර්ස්ලට හිතාගන්න බෑ ඇයි මේ ගෙඩියක් ඇවිත් තියෙන්නෙ කියලා. සැරෙන් සැරේ එක එක්කෙනා ඇවිත් එක එක දේවල් කියලා ගියා. මාත් ඉතින් එයාලා කියන ඒවට ඇටි රිලවා වගේ ඔලුව වන වන හිටියා. ඒ අස්සෙ  මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලො. උන් එනවා සැරෙන් සැරේ. බෙල්ල ඔබනවා. කට අරිනවා. ඇඟිලි දානවා. අර බෙල්ලෙ නෙරුම තදකරනවා. අනිනවා. එක ජංජාලයයි. මොනා උනත් පවුනෙ. කෙල්ලොනේ කියලා මාත් ඔහේ හිටියා ඕනෙ දෙයක් මිරිකගනින් කියලා. ඒත් අන්තිමේ ඒකෙන් උනේ අල්ලද්දි විතරක් ටිකක් රිදි රිදි තිබ්බ ඒ බෙල්ලෙ නෙරුම නිකනුත් අම්බානෙක රිදෙන්න ගත්ත එක.
එදා මහ රෑ කෝම හරි මාව එක්කන් ගිහින් එක්ස් රේ එහෙමත් ගත්තා. උදේ ඒවා බලමු ඩෙන්ටල් එකේ ඩොක්ටර නිගමනය කලා දතේ කේස් එක නිසා තමයි මේක වෙලා තියෙන්නෙ කියලා. ඒක නිසා පහුවදා මාව ඩෙන්ටල් එකට මාරු කලා.
එතනට ගිය ගමන් ඩබලක් සෙට් උනා. එක්කෙනෙක් විදුරු මහේ ඔපරේශන් එකක් කරගන්න ආපු කෙනෙක්. අනිත් කෙනා වලියකට ගිහින් හොම්බ රිවට් වෙන්න පාරක් කාපු කෙනෙක්. කෝම හරි 3 දෙනත් එක්ක එක එක විකාර කියෝ කියෝ වාට්ටුව දෙවනත් වෙන්න හිනා වෙවී හිටියා. ඇයි දෙයියනේ හිනා යන දේවල් වෙද්දි කට අමාරුයි කියලා හිනාව තද කරන් ඉන්නයැ. වාට්ටුවෙ හිටපු නර්ස් නෝනා කෙනෙකුත් අපි දිහා බලලා මහා පාච්චල් හිනාවක් දැම්මා. ඒ ඇයි කියලා අපිට තේරුනේ ඉතින් පස්සෙ.
උදේ 11.30ට වගේ මාව එක්කන් ගියා ඩෙන්ටල් ක්ලීනික් එකට. මන් හිතුවෙ පොඩ්ඩක් පරීක්ශා කොරන්ට එක්ක යනවා කියලා. ඒක නිසා මාත් ඒච්චර ගානකට ගන්නෙ නැතුව ගියා. ඒක මගේ ජීවිතේ තවත් එක බිහිසුණු අත්දැකීමක් වෙයි කියලා මට ඒ වෙලාවෙ එක මොහොතකටවත් හිතුනෙ නෑ. එහෙම හිතුනනම් මන් ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර එනවා.
දවල් දොලහ වෙනකොට අමුතු අමුතු ආයුධ ආම්පන්න පිරුනු කාමරයක් ඇතුලෙ දොස්තර අයියලා දෙන්නෙකුයි නර්ස් අක්කලා තුන් දෙනෙකුයි එක්ක මම තනි වෙලා. එක නර්ස් අක්කා කෙනෙක් මාව පිටි ඇන්ද හරහට පාත් උනු අමුතු පුටුවක් උඩ වාඩි කෙරෙව්වා. එක දොස්තර අයියා කෙනෙක් එයාගෙ කොල පාට අමුතු ඇඳුම ඇඟට දාගත්තා. ඒ ගමනනම් මට තේරුනා මේ එන්න යන්නෙ හොඳකට නෙවෙයි කියලා. එයා මගේ ලඟට ඇවිත් කලින් දවසෙ ගත්තු එක්ස් රේ දෙකත් ඉස්සරහින් තියාගත්තා. ඊ ලඟ මොහොතේ මග කට ඇරලා ටික වෙලාවක් මොනාදො පරික්ශා කරපු දොස්තර අයියා ගත්තෙ නැතැයි ඉන්ජෙක්සන් කට්ටක් අතට. මගේ කකුල් දෙකත් එක්ක ගැහෙන්න ගත්තා කාමරේ ඇතුලෙ තිබ්බ සීතලට. ඉන්ජෙක්සන් කට්ට විදුරුමහට තද කරද්දි මන් හිතන් හිටියා වගේ ලොකු වේදනාවක් නොදැනුන නිසා සැනසුම් සුසුමක් හෙලන්න හදන කොටම මේන් ඒක ගත්තෙ නැතැයි තව ඉන්ජෙක්සන් එකක්. ඒකනම් අස්පයොන්ට ගහන එකක් වගේ තඩි එකක්. මේ පාරනම් කෑවා තමයි පුතො කියලා හිත හදාගත්තා. මහා ලොකුවට නොවුනත් පොඩි පහේ රිදීමක් ඒකෙනුත් ඇති උනා. දැන් මගේ කට මගේ ඇඟේ නෙවෙයි වගේ. මගේ ඇඟෙන් එලියට පාවෙලා යනවා වගේ. මට පොඩි බයකුත් දැනුනා ඕක පාවෙලා ගිහින් අර නර්ස් අක්කා කෙනෙක්ගෙ නරක තැනක වැදුනොත් එහෙම කියලා.
ඔන්න ඉතින් අර දොස්තර අයියා එයාගෙ අම්පන්න එහෙම සූදානම් කරගෙන වැඩේට ලේස්ති වෙන අතරෙදි අනිත් දොස්තර අයියා එතනට ආවා.
"ආහ්! ඔයා මුලින් දත ගලවන්නද යන්නෙ"
"ඔව්"
"නෑනෙ. මුලින් දත නෙවෙයි. අපි මේ ගෙඩිය සුද්ද කරලා ඉමු"
"ආහ්! එහෙමද? හරි එහෙනම් එහෙම කරමු"
ඒ වෙලාවෙ තමයි මට පළවෙනි පාරට තේරුනෙ මන් මේ පර්යේශණ මීයෙක් වෙන්නයි මේ යන්නෙ කියලා. ඒත් දැන් මොනා කරන්නද? දොස්තරලා මුන්නෙ. මන් නෙවෙයිනෙ. අර පලවෙනි දොස්තර අයියා (පහසුව තකා එයට 'පොඩි දොස්තර අයියා' කියන්නම්කෝ) ඒ ගමන තව ඉන්ජෙක්සන් එකක් ලේස්ති කරගෙන මගේ බෙල්ලෙන් අල්ලගත්තා. හරියටම අර ගෙඩියටම ඉන්ජෙක්සන් කටුව කීප වතාවක්ම ඇතුලු කලා. මන් ඇස් දෙක තද කරලා පියාගෙන කන් දෙක ඇරගෙන උන්නා. එක සැරයක් ඉන්ජෙක්සන් කට්ට ඇතුල් වෙද්දි ලොකු දොස්තර අයියා කෑ ගැහුවා.
"හා හා.... ඔච්චර ඇතුලට යවන්න එපා. හම උඩින් දෙන්න"
"ආහ්! හරි හරි" පොඩි දොස්තර අර ඇතුලු කරපු කට්ට අයෙමත් එලියට ඇදලා ගත්තා.  කෝම හරි ටික වෙලාවකින් මගේ බෙල්ලත් හිරි වැටෙන්න පටන් ගත්තා.
ඊට පස්සෙ දෙන්නත් එක්ක යුද්ධෙ පටන් ගත්තා. හිරි වැටුනා උනත් මොකද්දො අමුතු විදියකට එයාලා කරන දේවල් මට දැනෙනවා. ඒක මොන විදියෙ රිදීමක්ද කියන්න මට දැනටත් තේරෙන්නෙ නෑ. හැබැයි මට දැනටත් ඒ හැඟීම මතක් වෙද්දි බෙල්ල දිගේ විදුලියක් යනවා වගේ වෙනවා. විනාඩි 20ක් විතර මගේ බෙල්ලත් එක්ක ඔට්ටු  වෙද්දි දොස්තර අයියලා දෙන්න බෙල්ලට ප්ලාස්ටර් එකකුත් දාලා ඒ වැඩේ හමාර කලා.
"දත අයින් කරන්න කලින් අපි අර ලෙඩාට ලේ දෙන වැඩේ බලලා එමු" දොස්තර අයියලා දෙන්නා නර්ස් අක්කලත් එක්ක මාව තනිකරල දාලා පිටත් උනා. බෙල්ල ඔපරේශන් කරලා ප්ලාස්ටර් ගහලා. කටට ඉන්ජෙක්සන් ගහලා හිරි වැටිලා. ඒත් දෙයියනේ කට නොඇර කෝමද? මන් හෙමින් සැරේ නර්ස් අක්කලත් එක්ක කයියක් පටන් ගත්තා. අපරාදෙ කියන්න බෑ ශෝයි අක්කලා තුන් දෙනා. හැබැයි එයාලට තිබුන ලොකුම ප්‍රශ්ණෙ තමයි මන් කොන්ඩෙ වවලා ටින්ට් කරලා හිටපු එක. එයාලට ඕනේ උනේම මාව කොන්ඩෙ කපලා ලස්සන කොලු මහත්තයෙක් කරන්න. ඒකෙත් හැටි.
ටික වෙලාවකට පස්සෙ මන් මෙච්චර වෙලා හිතේ හිරකරන් හිටපු ප්‍රශ්ණෙ එලියට ඇදලා දැම්මා.
"අනේ අක්කේ බැරිද සිහි නැති කරලා දත අයින් කරන්න"
"ආපෝ...... පොඩි ළමයෙක් වගේනෙ... ලැජ්ජ නැද්ද අනේ ඔයාට..... ඔච්චරම බයයිද"
නර්ස් අක්කලා මට කින්ඩියක් දැම්මා.
"හ්ම්ම්. රිදෙනවට වඩා ලැජ්ජ වෙන එක මට සැපයි අක්කේ" මන් අමාරුව පිටින්ම ඇත්තම කියලා දැම්මා.
"බය වෙන්න එපා අනේ.... ඕක රිදෙන්නෙ නෑ.... මොකුත් දැනෙන්නෙවත් නෑ" නර්ස් අක්කලාගෙ ලෙන්ගතු වචන ඒ වෙලාවෙ මට ලොකු සහනයක් උනා.
පැය බාගෙකට විතර පස්සෙ දොස්තර අයියලා දෙන්නා අයෙමත් ආවා.
"තාම හිරි වැටීම තියෙනවද?" පොඩි දොස්තර අයියා මගේ කටට ඇඟිල්ලෙන් අනින ගමන් ඇහුවා.
"ටිකක් තියෙනවා... අනේ ඒකට කමක් නෑ. තව ඉන්ජෙක්සන් 10ක් හරි ගහලා මොකුත්ම දැනෙන්නෙ නැති ගානට ගන්න"
කට්ටියම ඒකට හිනා උනේ හරියට ගල් හිත් තියෙන අය වගේ. පොඩි දොස්තර අයියා හිනා වෙවීම තව ඉන්ජෙක්සන් එකක් දුන්නා.
එතනින් එහාට මට එක එක විදියෙ ආයුධ කට ඇතුලට යනවා පේනවා. කට ඇතුලෙ එකම යුද්ධයයි. සැරෙන් සැරේ දොස්තර අයියා නර්ස් අක්කා කෙනෙක්ට කියනවා 'සක් කරන්න... සක් කරන්න' කියලා. පලවෙනි සැරේ මන් ඔලුව උස්සලා බලන්නත් ගියා මොකද්ද මේ සක් කරන්න යන්නෙ කියලා. බැලින්නම් මගේ කට ඇතුලට එන බ්ලඩ් ටිකයි මේ සක් කරන්න කියලා තියෙන්නෙ.
හැමදේටම වඩා මට බය හිතුනෙ මන් එතන පර්යේෂන මීයෙක් උන එකයි.
"අයියෝ ඔයි මොකද්ද ඔයි දාපු කැපුම. මේකට ඔය කැපුම දාලා හරියන්නෙ නෑනෙ. ඕක වැරදියිනෙ."
"ආහ්. ටිකක් වැඩිපුර කැපිලා නේද එතන"
"දත කර්ව් වෙලා ඇති යටින්. ඒකයි මේ එන්නෙ නැත්තෙ"
"මේකට ....... කැපුම දැම්මනම් හරි. ඒත් ඒක දාන එක ටිකක් අවධානම්"
"කෝ මට දෙන්නකො මන් ටිකක් බලන්න."
"ඔයාට පුලුවන්ද? නැත්නම් මන් ගන්නද?"
දොස්තර අයියලා දෙන්නට පර්යේෂණ මීයෙක් වෙලා කට ඇරගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බෙ නෑ. ලීයක හිර උන ඇනයක් ගලවනවා වගේ කකුලෙන් මගේ බෙල්ල පාගගෙන මොකද්දෝ අඬුවකින් මගේ දත හතර පැත්තට වනනවා. වේදනාවක්ම කියන්නත් බෑ. හැබැයි දරුණු විදියට එයාලා කරන දේවල් මට දැනෙනවා. මගේ මුලු හක්කම ගැලවෙන්න යනව වගේ මට දැනුනේ. අමාරුව වැඩි කමට එහා පැත්තෙ හිටපු නර්ස් අක්කා කෙනෙක්ගෙ මහත කකුලක් තද කරලා බදාගන්න මට හිතුනා. ඒත් ඒවා කොරලා දත් සෙට් එකමට බඩට ඇරියොත්. මන් ආයෙමත් හිත සංසුන් කරගන්න උත්සහා කලා.
මගේ ඒ දත තවම එලියට ඇවිත් නැති නිසා මේක ටිකක් අමාරු කේස් එකක්. මුලින් විදුරු මහ පලලා හෙමිහිට තමයි දත අයින් කරන්න ඕනේ. කෝම හරි පැයක විතර හෙන ගේමකින් පස්සෙ මගේ නූපන් දත කටින් ගැලවිලා ලෝහ භාජනේකට වැටුනා. ඒ පැයක කාලය...... ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ පැය ඇතුලෙ උන දේවල් ගොඩයි. ඒ ඔක්කොම ලියන්නත් බෑ. හැබැයි මට හිතුනු දේ හොඳ පළපුරුදු දොස්තරලා මේ වගේ තැන් වල ඉන්නවනම් තත්වය වඩා හොඳ වෙයි කියලා. ඒත් ඉතින් එයලා පළපුරුදු වෙන්නත් මන් වගේ පර්යේශණ මීයො හම්බෙන්න එපැයි.
අන්තිමේදි මගේ ලඟට ආව ලොකු දොස්තර අයියා මෙහෙම කිව්වා.
"මේක හරිනම් අපි ඔයාට කලින් කියන්න ඕනේ. මේ ඔපරේශන් එක නිසා ඔයාගෙ ස්නායු වලට හානි වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඔයාගෙ උඩුතොලයි දිවයි හිරි වැටෙන්න ඉඩ තියෙයි. ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. උනත් වෙන දවසක් කියන්නත් බෑ. සමහර විට ජීව්ත කාලෙම තියෙන්නත් පුලුවනි. කෝම උනත් ඕක අනිවාර්යයෙන් අයින් කරන්නම ඕනේ ඔපරේශන් එකක්."
ඒ වෙලාවේ ඒ කිව්ව දේවල් තේරුම් ගන්න තරම් මන් ප්‍රාණවත්බවක හිටියෙ නෑ. ඒ කිව්වෙ දේ මට හරියටම තේරුනේ ආයෙමත් වෝඩ් එකටත් ගෙනාවට පස්සෙ.
කෝම නමුත් අද වෙනකම්නම් එහෙම කිසි අවුලක් උනේ නෑ. ඒත් හෙට?







Friday, November 30, 2012

ඇය වනාහි!

"මේ කිසි දෙයක් පටන්ගත්තෙ මට ඕනවට නෙවෙයි බන්. ඒත් අන්තිමේ ඕන උනත් නැතත් අපි මේක ඇතුලෙම හිර වෙලා" ඇය දිගු හුස්මක් සුදු පාට බිත්තිය දිහාවට නිදහස් කලා. ටෙක්ලා ඇගේ දෙනෙත් වලට එබුනා.
"ඒ උනාට ඇත්ත කියපන් නංගි. උඹ මේ රස්සාවෙන් අයින් වෙන්නත් කැමති නෑ නේද?"
ඒකට එක පාරටම උත්තරයක් දෙනවා වෙනුවට ඇ‍ය කලේ දබරඟිල්ලෙන් ඇඳේ මෙට්ටය සූරපු එක.
ඊලඟ මොහොතෙ ඇය සමච්චල්සහගත සිනහවක් මූනේ දවටගෙන ටෙක්ලා දිහා බැලුවා.
"මන් විතරද අක්කෙ. ඇයි උඹ?" ඒ උත්තරයෙන් ටෙක්ලා කලබල උනේ නෑ.
"සල්ලි අපේ ජීවිතේ කොහෙන් ගෙනිහින් අතඇරලා දායිද මන්දා බන්. වෙලාවකට බයත් හිතෙනවා. මේ ලස්සන හැමදාම තියෙන්නෙත් නෑනෙ." ටෙක්ලා උත්තර දුන්නෙ බොහොම සන්සුන්ව.
"වෙලාවකට හිතෙනවා බන් අක්කෙ දෛවය අපිව තෝරගත්තෙ මේකටමද කියලා. චැක්! රෙද්ද! කලින් දන්නවනම් අපරාදෙ ඉස්කොලෙ නොයා මෙව්වම ප්‍රැක්ටිස් කරනවා. ඒ සල්ලිත් ඉතුරුයි එහෙනම්." ඇය ඇඳෙන් නැගිටලා ගිහින් ජනෙල් පොලු අතර මූණ රඳවගත්තා.
බෝඩිමට එහා වත්තෙ ගෙදර මංගලිකා අක්කගෙ පොඩි උන් දෙන්න සෙල්ලම් කරනවා. පෝය දවස නිසා වාහනවල වැඩි සද්ද බද්දයකුත් නෑ. ඒ හින්දම පොඩි උන් දෙන්නගෙ කෑ ගැහිල්ල  මහා ගෝසාවක් වගේ ඇහෙනවා.  ගේ දොරකොඩ නිල් පාට මරූටි කාර් එකක් නවත්තලා. මංගලිකා අක්කගෙ ලොකු නංගිව බඳින්න ඉන්න හාදයාගෙ කාර් එක. ජනෙල් පොලු අතර රැඳවුන මුහුණේ දෙනෙත් ඈතටම විහිදුනා. ඇය බාගෙට ඇරුන දොර අතරින් ගේ ඇතුල බලන්න උත්සහා කලා. හැම පෝයටම මංගලිකා අක්ක සිල් ගන්නවා. ඇය නිවෙස තුල වියහැකි දේවල් හිතෙන් මවාගන්න උත්සහා කලා.
"අන්න ටෙක්ලා අක්කෙ. අරූ අදත් ගේ අස්සට රින්ගලා."
අනේ පොඩි උන් දෙන්නගෙ බෝල පාරක් වැදියන් වාහනෙ වීදුරුවටම. ඇය සිතින් පැතුවා.
"ඇත්තටම නංගි උඹ හැමදාම කතාවෙන් පැනලා යනවා. අද මට කියපන්. උඹට ඇයි මෙහෙම උනේ?" ටෙක්ලගෙ අවධානය තිබුනෙ වෙන තැනක.
ටෙක්ලගෙ ප්‍රශ්ණ වලදි ඇය හැමදාම කලේ කතාව වෙන තැනකට අරන් ගිය එක. ඒත් හැමදාම ඒක කරන්න බෑ කියලා ඇයට තේරුනා. ඒ වගේම එහෙම කරන එකේ තේරුමකුත් නෑ කියලා ඇයට වැටහුනා. ඇය තීරණය කලා හැමදේම කියන්න. ඇගේ ජීවිතය. ඇගේ අතීතය පළවෙනි වතාවට කෙනෙක් ඉස්සරහ දිග අරින්න. ඇය ආපහු ඇවිත් ඇඳ උඩ වාඩි උනා. පොඩි උන් දෙන්නගෙ සද්දෙ වදයක් වෙන තරම්ම වැඩියි. සද්දෙ අඩුකරගනිව් කියලා බනින්න පවා ඇයට හිතුනා. ඒත් ඇය නැවතත් ආයාසයෙන් ඒ ආවේගය පාලනය කරගත්තා. ටෙක්ලා තාමත් ඇය දිගා බලාගත්තු ගමන්මයි.
"මේක හෙන දිග කතාවක් අක්කේ." ඇය බිම බලාගෙනම කටහඬ අවධිකලා.
"අපි හැමෝටම තියෙන්නෙ දිග කතා තමයි බන්. ඒවා අපේ ජීවිතේ තරම්ම දිගයි. උඹ කියපන් නංගි" ටෙක්ලා ඇගේ අතක් මට සිය අත තැබුවා.

"මේ හැමදේම පටන්ගත්තෙ මන් ඒ ලෙවල් කරන කාලෙ" ඇය ඇගේ මනස සිය අතීතයට ගමන් කෙරෙව්වා.
"මන් ගියේ ගර්ල්ස්කූල් එකකට. ඒක නිසා කොල්ලො කිව්ව ගමන්ම ආවේ මහා අමුතු හැඟීමක්. අපි බලන් ඉන්නෙ ඉස්කොලෙ මොකක් හරි උත්සවයක් තියෙනකම්. මොකද ඉස්කෝලෙට කොල්ලො එනවනෙ එතකොට. මහ පිස්සු කාලයක් ඒක. උඹට කියන්න බැරි කමක් නෑනෙ අක්කෙ. ඒත් එක වල් කමක්ම නෙවෙයි. ඒත් මොකද්දෝ මන්දා. කුතුහලය වෙන්නත් ඇති. ඉස්කොලෙ තිබ්බ එක්සිබිශන් එකකදි තමයි මට සමීරව හම්බ උනේ." ඇය එක මොහොතකට කතාව නවත්වලා ඉහල හිස් අවකාශය දිහා බැලුවා. සිවිලින් ෆෑන් එක කීස් කීස් ගාලා කැරකෙනවා.
"සමීර මාර හැන්ඩ්සම්. ඒක නිසාම වෙන්න ඇති මට එයාව එදා ඒ තරම්ම හිතට ඇල්ලුවෙ. පන්තියෙ යාලුවො කීප දෙනෙක්ටම ලවු එෆෙයාර්ස් තිබ්බ නිසා මමත් ලොකු උනන්දුවකින් හිටියෙ ඒ දවස් වල. ඒ හින්දා හැම දේම හරි ඉක්මනට උනා. සති දෙකක් ඇතුලට අපි යාලු උනා. ඒ වගේම මාස 3ක් ඇතුලට අපි දෙන්න වෙන් උනා."
ඇය ටෙක්ලා දිහා බැලුවා. ටෙක්ලා හූමිටි තියන්නෙවත් නැතුව අහන් ඉන්නවා.
"සමීරගෙ වෙන් වීම මට ටිකක් තදින් දැනුනා. පළවෙනි ආදරේ කෝමත් එහෙමලුනෙ. ඒ දූකෙන් ඉන්න දවස් වල තමයි ගිහාන් මගෙන් ඇහුවෙ. ගිහාන්ව මට හම්බ උනේ ඒකෝන් ක්ලාස් එකේදි. ලවු සික් එකෙන් මූඩ් ගහලා හිටපු නිසා පලවෙනි පාරම මන් ගිහාන්ට කැමැත්ත දුන්නා. විස්වාස කරන්න අර මාස 3ට සමීර මට කිස් එකක්වත් දීලා නෑ. ඒත් ගිහාන් නැවතුනෙ මාව ගෑනියෙක් කරලා."
ටෙක්ලා හෙමිහිට සුසුමක් පිට කලා.
"ගිහාන්ට ඕන උනේ ඒ දේවල් විතරයි. මටත් ඒ කිසි දේක බරක් පතලක් තේරුනේ නෑ. එයා ඉල්ලුව හැම දේකටම මන් කැමැත්ත දුනා. අන්තිමේ මන් රැවටුන බව තේරුම් යද්දි මන් පරක්කු වැඩියි. මන් ගිහාන්ගෙ තවත් එක කෙල්ලෙක් විතරයි කියලා මන් දැනගත්තෙ හොඳටම පරක්කු වෙලා. හැබැයි සමීරගෙ වෙන් වීම තරම් මට ඒක ලොකුවට දැනුනෙ නෑ. උඹට මන් කියලා තියෙනවනෙ අක්කෙ මගෙ අම්මා තාත්තා නැති උනේ මන් පොඩි කාලෙදිමයි කියලා. මන් හැදුනෙ නැන්දයි බාප්පයි එක්ක කියලා. මොනවා උනත් අම්මා තාත්තා කියන දේ පුරවන්න කාටවත් බෑ. මන් හිතන්නෙ මගේ ජීවිතෙටත් උනේ ඒකම තමයි" ඇය තවත් මොහොතක් නිහඬ උනා.
"ඔන්න ඊලඟට තමයි මගේ ජීවිතේ තීරණාත්මකම කෙනා එන්නෙ. ප්‍රියංකර. මට වඩා අවුරුදු 7ක් විතර වැඩිමල්. අපේ එහා ගමේ හිටියා ජයකොඩි කියලා මනුස්සයෙක්. එයා කලේ කුඩු බිස්නස්ලු. ප්‍රියංකර කියන්නෙ ජයකොඩිගෙ ලඟම ගෝලයෙක්. මන් ඒ බව දන්නෙ පස්සෙ. ඒත් එතකොට පරක්කු වැඩියි. ප්‍රියංකර නිසා මන් බොන්න පුරුදු උනා. එයයි එයාගෙ යාලුවොයි එක්ක බීලා උන් එක්ක බුදියගන්නත් උනා. අන්තිමේ මට එතැනින් ගැලවෙන්න බැරි උනා. පස්සෙ අපේ බාප්පලට මේ බව ආරංචි වෙලා ප්‍රශ්ණ ගොඩක් ඇති උනා. අන්තිමේ එවයෙ ප්‍රතිපලයක් විදියට අරුන් මාව මරන්න හෙව්වා. අපේ ගමේ හිටියා ගාමිණී කියලා කෙනෙක්. හැමෝම එයාට කිව්වෙ ගාමිණි අයියා කියලා. ගමේ ලොකු චන්ඩියෙක්. එයා අපේ බාප්පගෙ හොඳම යාලුවෙක්. මන් තාමත් ජීවත් වෙන්නෙ ගාමිණි අයියට පින්සිද්ද වෙන්න. ඒත් දවසක් වෙසක් පෝය දවසක ගාමිණී අයියට කවුදෝ වෙඩි තියලා මරලා දාලා තිබ්බා. එදායින් පස්සෙ මට ගමේ ඉන්න බය හිතුනා. ඉතින් මන් කොලඹට පැනලා ආවා. "
"ඉතින් ඊට පස්සෙ" පළවෙනි පාරට කතාව මැද්දෙ ටෙක්ලා හූමිටි තිබ්බා.
"ඊට පස්සෙ තමයි රස්සාවක් නැතුව කොළඹ චාටර් කද්දි මධාරා අක්කව මට හම්බුනේ. එයා ඉතින් එයාගෙ ජොබ් එකම මටත් කියලා දුන්නා."
"ඉතින් බාප්පලා උඹව හොයන්නෙ නැද්ද?"
"දන්නෙ නෑ බන්. මන් කෝමත් ආයෙ ගමට යන්නෙ නෑ."
"උඹ හැමදාම මේ වලේම ඉන්නද බන් කල්පනාව"
"කවුද දන්නෙ බන්. එක අතකින් මොනවෙන් අඩුවක්ද? අතේ සල්ලි තියෙනවා. අනික බන් අපි නැත්නම් කොලඹ මහත්තුරු ඇඟවල් තලාගන්නෙ කොහොමද?"
දෙදෙනාටම සිනහා අවේ නිරායාසයෙන්. තමන්ගෙ දෛවය ඉදිරියෙදි මොන ආකාරයකින් විසඳේවිදැයි දෙදෙනාටම කිසිම අදහසක් තිබුනේ නෑ.  ඉතින් අද දින සිනාසෙනු විනා වෙන කලහැකි යමක් දෙදෙනාටම ඉතිරිව තිබුනෙ නෑ.
ටෙක්ලා ඇඳෙන් නැගිට ජනේලය දෙසට ඇවිද ගියා.
"ඒයි අරූ ගිහින් වගේ, කාර් එක නෑ."
පොඩි උන් දෙදෙනාගෙ කෑගැසීමත් නතර වෙලා තිබුනා. ටෙක්ලා ආයෙත් ඇඳ පැත්තට හැරුනා.
"ඒයි කාන්චනා. මන් උඹෙන් අහන්න හිටියේ. අර කවුද මේ ටිකේම උඹට දිගට හරහට කෝල් කරන එකා."
'ආහ්!" කාන්චනා මද සිනහවක් මුවට නගා ගත්තා.
"උඹට මතකද අක්කෙ අර පහුගිය සෙනසුරාදා දවස් 5, 6ම එක දිගට ආපු පොර"
"ම්ම්ම්ම්. ඔයි කියන්නෙ අර චාමිකත් එක්ක ආපු මෑන්ද?"
"ඔව් ඔව් ඒකා තමයි. පොර මට ටෝක් කරනවා."  කාන්චනාගෙ සිහනා හඬ තීව්‍ර උනා.
"පොරට උඹ දැනට දෙන සර්විස් එක මදි වෙලා වගේ එහෙනම්."
"පවු බන්. හෙන අහිංසක පොරක්. මීට කලින් ගෑනියෙක්ව අල්ලලාවත් නැද්ද කොහේද? පොර මට කතා කලා අපි කොහේදි හරි හම්බෙමු කියලා. දන්නවද මූ අඩගැහුවේ කොහේ යන්නද කියලා"
"කොහේ"
"බීච් එකට බන් බීච් එකට. මන් කිව්වා මන් දන්න ඊට වඩා හොඳ තැනක් තියෙනවා එහේට යන් කියලා. ඔන්න ඔහේ කීයක් හරි අමතර හොයාගන්න තියෙන චාන්ස් එකනෙ බන්. මොකටද අත අරින්නෙ." කාන්චනාගේ සිනහවට එවර ටෙක්ලාත් එකතු උනා.

Thursday, November 22, 2012

අතික්‍රමණය - දෙවන කොටස

"මචන්. ඇතුලෙදි ලොකු මොකුත් කරන්න බෑ. උඹ කෝම හරි කෙල්ලව ෆිට් කරගෙන නම්බර් එක ගනින්. ඊට පස්සෙ එලියෙදි ඇදපන්."
 චමියගෙ උපදෙස් ඒ අයුරින්ම පිලිපදින්න අදිටන් කරගෙන හිටියත් ලැජ්ජව ඒ හැම දේකටම හරස් උනා. චමියා කිව්වා වගේ ලොකු දෙයක් එතනදි වෙන්නෙ නෑ. හැබැයි ඒ උන දේවල් ටික මගේ ජීවිතේ ඇතුලෙ ලොකු පෙරලියක් ඇති කලා. කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගන්න තරම් හිත හයිය නැති උනත් කෙල්ල යම් තරමක් මට කුලුපග උන බවක්නම් මට තේරුනා. ඇයගේ දෙ අත් අතර සිරවූ මගේ සිරුරේ කාම නහර පිනවමින්  යටි පතුල් හැකිලෙද්දි,  දිගහැරුණු නව පරිජ්ජේදය මගේ ජීවිතය වෙනස්ම පැතිකඩක් වෙත යොමු කලා.
"අඩෝ ලොක්කා.... කෝමද සැප"
එතනින් එලියට ආව ගමන් චමිය ඇහුවෙ මගේ බඩට අනින ගමන්.
"උඹ නම්බර් එක ගත්තද? කෙල්ල ෆිට්ද?"
"පිස්සුද බන්? එහෙම කෝමද නම්බර්ස් ඉල්ලන්නෙ. උඹ මේ මගුලක් කතා කරනවා."
හරි හරි සනා. කොල්ලා කෝම හරි පොඩ්ඩක් සළු උනානෙ. ඒ මදැයි"
උන දේවල් ගැන මට තාමත් හිතාගන්න බෑ. හැම දේම හීනයක් වගේ. එක පැත්තකින් ලැජ්ජවක්. අනිත් පැත්තෙන් සතුටක්. තවත් පැත්තකින් පොඩි කළකිරීමක්. තවත් මොන මොනාදෝ හැඟීම් ගොඩක් මගේ හිත ඇතුලෙ එකට කැකෑරෙමින් දඟ කලා. ඊට අමතරව තවත් දෙයක්....... අර කෙල්ල!!!

ඊ ලඟ සිකුරාදා හවස මගේ ජීවිතේ වෙනස්ම සිකුරාදා දවසක් උනා. කලින් සෙනසුරාදා දිනයේ ලබපු අත්දැකීම ආයෙත් විදගැනීමේ නොනිම් ආශාවකින් මගේ හිත වෙලෙන්න අරන් තිබුනා. මන් හෙමින් සීරුවේ චමියට ලන් කලා.
"මචන්.... අපි හෙටත් යමුද බන් අරහෙ?"
චමියා උත්තරේ විදියට දුන්නෙ ලොකු හිනාවක් විතරයි. ඒත් ඒ හිනාව ඇතුලේ තිබ්බේ එකඟවීම බව මට තේරුම් ගන්න මොහොතවක්වත් ගියේ නෑ.
මගේ දෙවෙනි අත්දැකීම පලවෙනි එකට වඩා සෑහෙන්න දියුණු එකක් උනා. මෙවරත්  මගේ තෝරාගැනීම උනේ කලින් පාර තෝරගත්තු ඒ කෙල්ලමයි. කලින් දවසෙ ලබපු පෙරහුරුව නිසා හැමදේම එදා දවසට වඩා හොඳින් සිද්ධ උනා.
කාන්චනා...! මන් තෝරගත්තු කෙල්ල. පලවෙනි දවසෙදි අමතක වූ දෙයක් දෙවෙනි දවසෙදි මන් සපුරගත්තා. ඒත් නම්බර් එක ඉල්ලන්න තරම් තව මදි කියලයි මට හැඟුනේ. ඒක නිසා නමෙන් හා ඇගේ යම් යම් පසුබිම් විස්තර කිහිපයකින් එදා දවස සෑහීමකට පත් වෙන්න මට සිද්ද උනා.

නැවතත් ඊ ලඟ සෙනසුරාදා..... තෙවෙනි දවස. එදා දවස අවසන් වෙද්දි කාන්චනාගේ දුරකතන අංකය මා සතුව තිබුනා. හතරවෙනි පස් වෙනි සය වෙනි දිනයන් තුනට මට චමියගෙ උදවු අවශ්‍ය උනේ නෑ. ඒ වගේම එතනින් එහාට මට නැවතත් ඒ මසාජ් සෙන්ටර් එකට යන්න අවශ්‍යතාවයක් දැණුනෙත් නෑ. මොකද කාන්චනාත් එක්ක වඩා කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගාගන්න මට ඒ වෙන විට පුලුවන් කම ලැබී තිබුනා.
මසාජ් සෙන්ටර් එකේ කාමරය තුලදී සිදු කරගැනීමට නොහැකිවූ දේවල් කරගන්න එතනින් එහාට මට අපහසු උනේ නෑ. අවශ්‍ය උනේ රුපියල් දාහක් ගෙවලා තානායම් කාමරයක් මිලදී ගන්න එක විතරයි.
ඇයත් සමඟ යහන් ගතවූ මුල් දිනයේදි මන් ඒ බව චාමියට කිව්වා.
"අඩෝ එල ආ.... උඹ එහෙනම් සලු උනා. උඹ කෝම හරි ඒකිව ඇද්දා නේද? උඹත් බලන් ගියාම හෙන වැඩ කාරයෙක්නෙ සද්ද නැතුව හිටියට"
ලිංගික ආශාවන් සංතර්පණය කරගැනීමේ  එකම ආශාව ඇතුව පමණක් මුලදී ඇය සමඟ සම්බන්දතාවය පවත්වාගෙන ගියත් කල් යද්දි මා තුල මහත් වෙනසක් දැනෙන්නට ගත්තා. ඇයගේ ඇසුර මා තුල මටත් නොතේරෙන වෙනස් වූ හැඟීම් සමුදායක් නිර්මාණය කරන්ට පටන් ගෙන තිබුනා. අවසානයේදි මම තේරුම් ගත්තා.
මම ඇයට ආදරේ කරන්න පටන් අරගෙන!!!
මට මේ බව කියන්න ලඟම මිතුරෙක්ට හිටියෙ චමියා විතරයි.
"යකෝ මෝඩ හු__ඕ. තොට පයිත්තියන්ද යකෝ. උඹ හොඳටම දන්නවා නේද ඒකි කවුද කියලා. " චමියගෙන් මට ලැබුනේ මන් බොලාපොරොත්තු නොවුන විදියෙ උත්තරයක්.
"ඇයි ගොන් වස්සො. තොට මොලේ නැද්ද? බූරූ වැඩ කරන්න යන්නෙ. උඹට පිස්සු හැදීගෙන එනවද යකෝ?"
"නෑ මචන්. සීරියස්. මන් ඒයාට ආදරෙයි. මට එයා කලින් කවුද කියන එක වැඩක් නෑ. මන් එයා එක්ක කතා කලා. එයත් කැමතියි ඒ අපායෙන් මිදෙන්න. මන් එයාට වෙන හොඳ රස්සාවක් හොයලා දෙනවා. එතකොට හරිනෙ. අනික චමිත් උඹ දන්නෙ නෑනෙ එයා මේ තත්වෙට පත් උනේ ඇයි කියලා."
"පිස්සු වැඩනම් කරන්න ලේස්ති වෙන්න එපා මචන්.. යකෝ ඒකි වේසකමේ ගිය ගෑනියෙක්. උඹ මොන රස්සාවක් හොයලා දුන්නත් ඒ නම ඒකිගෙන් අයින් වෙන්නෙ නෑ."
ඒ කිසි දෙයක් අහන තත්වෙක මම හිටියෙ නෑ. මම තීරණයක් අරන් තිබුනේ.
"මොන දේ උනත් මන් එයාව කසාද බඳිනවා මචන්"
"කසාද බඳින්න? උඹට මොලේ නැද්ද යකෝ ගොන් බඩුවක් කසාද බැඳලා ගෙදරට ගෙනියන්න. උඹ හිතනවද උඹේ අම්මලා ඕකට ඉඩ දෙයි කියලා. ආ..."
"කවුරු මොනවා කිව්වත් මන් මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ මචන්. අනික උඹ උනත් ඔහොම කතා කරන්න එපා. මන් කැමති නෑ එයාට ඒ විදියට කතා කරනවට. උඹ දන්නවනෙ ඒ වගේ තැන් වලින් එක පාර අයින් වෙන්න ලේසි නෑ කියලා. ඒ නිසයි තාමත් එයා එතන ඉන්නෙ. මේ මාසෙ ඉවර වෙද්දි එයා ඒ ජරාගොඩේ නෑ. එතකොට උඹලට තවත් ඔහොම කුණු කතා කියන්න බෑ."
මගේ ඉවසීමේ රතුකට්ට පුපුරලා ගියා. මොනවා උනත් ඒ මන් ආදාරේ කරන කෙල්ල. එයාට එහෙම ජරා කතා කියන්න ඉඩ දෙන්න බෑ.
"උඹමයි මචන් මාව එතනට එක්ක ගියේ. දැන් ඇයි උඹම මේකට විරුද්ධ වෙන්නේ."
චමියා මගේ කර උඩින් අතක් තිබ්බා. මන් ඒ අත එහට තල්ලු කරලා දැම්මා.
"මචන් මන් උඹව එතනට එක්ක ගියා තමයි. ඒත්  ඒ එක්ක ගියේ එවෙලෙට පොඩි ආතල් එකක් ගන්න විතරයි. නැතුව ඒකෙ ඉන්න ගොන් බඩුවකට ලවු කරලා බෙල්ලෙ එල්ලගන්න නෙවෙයි. පිස්සු කෙලින්නෙ නැතුව තේරුම් ගනින් මච. ලෝකේ ඕනෙම දේක එන්ඩ්ලයින් එකක් තියෙනවා. අපිට ඒක ක්‍රොස් කරන්න බෑ. අපිට ඒ සීමාව පන්නලා යන්න බෑ. එහෙම ගියොත් ඒක ලෝක ප්‍රශ්ණයක්. හරියට උඹ දැන් මේ දාගෙන ඉන්න ලෙඩේ වගේ."
චමියා ඒ සැරේ කතා කලේ බොහොම සන්සුන්ව. මන් මීට කලින් උගේ එහෙම ස්වරූපයක් දැකලා තිබ්බෙ නෑ. ඒත් උගේ කතා පිලිගන්න පුලුවන් තැනක මගෙ ඔලුව තිබුනෙ නෑ. මගේ ජීවිතේ, මගේ ආදරේ..... මොකද්ද අනිත් උන්ට ඒ ගැන තියෙන රුදාව. එයාගෙ පරණ ජීවිතේ මට ප්‍රශ්ණයක් නැත්නaම් ඇ‍යි අනිත් අයට ප්‍රශ්ණයක් වෙන්නෙ. වැරදි කරපු කෙනෙක්ට හැදෙන්න බැරිද? හැදෙන්න ඉඩ දෙන්න තරම් සමාජය කාරුණික නැද්ද? ඇයි වැරදිකාරයව හැමදාම ඒ වැරැද්දෙන්ම වහලා තියන්න හදන්නෙ? අහන්න තව සෑහෙන්න ප්‍රශ්න ඔලුව ඇතුලෙ පෙරළි කලත්, මන් දන්නවා ඒවට සාධාරණ උත්තර කවදාවත් මට හම්බවෙන්නෙ නෑ. මට අනිත් අයගේ ඒ උත්තර වැඩකුත් නෑ. මොකද මන් දන්නවා මගේ හිත ගැන. මන් දන්නවා මන් ආදරේ කරන කෙල්ල ගැන. මට ඒ ඇති.
චාමියා නිකන් ඉන්නෙ නැති වෙයි. ඌ මේක නවත්තන්න ඌට පුලුවන්හැම දේම කරයි. හැබැයි ඒ හැමදේටම මමත් සූදානම්. මට බයක් නෑ. මොකද දැන් මගේ ලෝකේයේ සීමාවන් නෑ. මම ඒ හැම සීමාවක්වම අතික්‍රමණය කරලා.

-(නො)නිමි-

Monday, November 19, 2012

අතික්‍රමණය - පළමු කොටස

"අනුවා හෙට මොකද වෙන්නෙ" චමියා මගේ මේසේ එහා පැත්තෙන් තිබ්බ පුටුවෙ වාඩි වෙන ගමන් ඇහුවා.
"මොනා වෙන්නද බන්. හෙට ඉතින් බෝඩිමට වෙලා ඉන්නවා." මම පරිඝණක තිරයෙන් ඇස් දෙක ගන්නෙ නැතුවම උත්තර දුන්නා.
"හ්ම්ම්... එහෙමද?" චමියා පුටුව ටිකක් මෙහාට ඇදලා ගත්තා. මූ මේ එන්න හදන්නෙ මොකාටද?
"ඇයි මොකෝ හෙට වෙන්න ඕනේ" මගේ ඇස් තාම පරිඝණක තිරයෙ.
"නෑ මචන්. උඹව හෙට පොඩි ගමනක් එක්ක යන්න ඇහුවෙ. උඹ හෙට ෆ්‍රීනේ. වරෙන් යන්න මා එක්ක. උඹට  හොඳ එක්ස්පිරියන්ස් එකක් අරන් දෙන්න හදන්නෙ."
මන් ඒ සැරේ ඔලුව උගේ පැත්තට හැරෙව්වා.
මචන් මන් දන්න පොඩි පොට් එකක් තියෙනවා. මන්නම් නිතර යන තැනක්. ගාන දාහයි. හෙට යමන් මාත් එක්ක. උඹ ගිහින් නෑනෙ මීට කලින්" ඌ මගේ ලඟට මූණ ලන් කරලා හීනියට ඇහැක් ගැහුවා.
"පොට් එකක්?" මන් උගේ මූණ දිහාම බලන් හිටියා.
"මසාජ් සෙන්ටර් එකක් යකෝ මසාජ් සෙන්ටර් එකක්"
මගෙ කට එක පාරටම ඇරුනා.
"පිස්සුද යකෝ? මන් එන්නේ නෑ ඕවට යන්න. තෝ වෙන ඕනේ එකෙක් එක්ක පලයන්"
මන් ආයෙත් පරිඝණක තිරය ඇතුලට ඔලුව ඔබා ගත්තා.
"මේ නිකන් පොන්නයෙක් වෙන්න හදන්න එපා යකෝ. ඔය ගෑනු ගති දැන්වත් අත ඇරගනින්. මන් ඒකයි තොට අඬගැහුවෙ"
චමියා හයියෙන් පුටුවෙන් නැගිට්ටා. ඌ නැගිට්ට වේගෙට පුටුවත් පොඩ්ඩක් පිටිපස්සට විසි උනා. මට එහා ටේබල් එකේ හිටපු චාරුණීත් හැරිලා බැලුවා. ඒකිටත් ඇහුනද මන්දා?
ටික වේලාවක් මට දිගින් දිගටම පෙරෙත්ත කල චමියා ටිකකින් යන්න ගියා. උගේ යෝජනාව මගේ හිත ඇතුලෙ මොකද්දෝ අමුතු පෙරළියක් කරන බව මට දැනුනත් ඒ වගේ නුහුරු දේකට යොමු වෙන්න තරම් මගේ හිත එක්ලස් කරගන්න හැකියාවක් මට තිබුනේ නෑ. ගෑනු ගති!!!. මගේ සමහර ගතිගුණ චමියා අර්ථ දැක්වුවෙ එහෙමයි. මාසෙ ගොඩක් දවස් වල ක්ලබ් වල රැය ගත කරන,  සිය ගණන් ගෑනුන්ව ඇඳන් උඩට අරන් ගියපු, ඇල්කොහොල් වලින් ලේ වෙන් කරගන්න බැරි තරමටම බෝතලයත් එක්ක මිතුරුව සිටි චමියට මාව එහෙම පෙනුන එක පුදුමයක් විදියට මට දැනුනෙ නෑ.

"මචන් මට තාම මිස් උනේ ඉන්ග්‍රීසි හෝඩියෙ අකුරු දෙක තුනක් විතරයි." මිනිහත් එක්ක යහන් ගත උන ගැණු ගැන පොර කිව්වෙ ඒ වගේ කතාවක්.
පාසැල් කාලයේ ඇතිවී පාසල් කාලයේදීම අවසන් උන ප්‍රථම ප්‍රේමය ඇරුනු කොට වෙන කිසිම පෙම් හබයක පැටලිලා තිබුනෙ නැති මම ගොඩක් වෙලාවට ඒ කතා අහගෙන හිටියෙ ලොකු පුදුමයකින්.
ඇත්තටම මචන් කෙල්ලො එනවද බන් ඔහොම. මටනම් හිතාගන්නවත් බෑ" ඔහුගේ ඉවරයක් නැති කතන්දර සමූහය මැද දවසක් මම ඇහුවම ඔහු දුන්නෙ හරි අපූරු උත්තරයක්.
"කෙල්ලො කියන්නෙ හරි පුදුම ජාතියක් මචන්. ලෝකේ අල්ලගන්න අමාරුම කෙල්ලත් සාමාන්‍ය ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ටෝක් කරොත් අල්ලගන්න පුලුවන්."
ඔහුගේ කතා මට හැමදාම සුරංගනා කතා වගේ උනා. හැබැයි ඒවා බොරු නෙවෙයි කියන දේ ඔප්පු උනේ අපේ ඔෆිස් එක ඇතුලෙම ඊට ඕන කරන සාක්ශි කීපයක්ම තිබ්බ නිසයි.
"මචන් මේ ඉන්න ටිකේ ආතල් එක අරන් ඉඳින්. එච්චර තමා ඉතින් ඉතුරු වෙන්නෙ" ඔහුගේ කටේ නිතරම තිබ්බ දෙබසක් ඒක. විටින් විට ඒ නිසාම මාත් ඔහුව අනුකරණය කිරීමට සූදානම් උනත්, මගේ අභ්‍යන්තර සිතුවිලි දාමය විසින්ම සෑම විටකදිම මාව වැලැක්කුවා. මගේ හිත ඇතුලෙ තිබුනු ඒ සිතුවිලි පොරය ඔහුට වැටහී තිබුනු මව මට තේරුම් ගියේ එදා පළමු වරට ඔහු ඒ කල යොජනාව නිසයි. කෙසේ උනත් ඒ අවසන් අවස්ථාවනම් උනේ නෑ.

එදායින් පසු දින කීපයක්ම ඔහු එලෙසම මට කතා කලා. නමුත් මගේ සිතිවිලි පොරයෙන් හැමදාමත් ජයගත්තෙ මා තුල තිබූ එකම සිතුම් පැතුම් රටාවම වීම විටෙක මටම හිසරදයක්ද උනා. අවසානයේ එක් දිනෙක මම ඔහුගේ ආරාධනයට කැමැත්ත පළ කලේ ඒ හිසරදයට එකම පිළියම මෙය වූ බවයැයි මට තදින්ම හැගී ගිය නිසාටත් වඩා, මගේ හිත තුල ගොඩනැගෙමින් තිබුන අධික කුතුහලය නිසායි කීවොත් මම නිවැරදියි.
"ඔන්න ඔහොමනෙ බන් ඉන්න ඕනෙ. අන්න ඔහොම කොල්ලෙක් වගේ වැඩ කරපන්."
ඔහුගේ වචන මගේ හිතට පොඩි උද්දාමයකුත් ඇති කලා.

පහුවදා, සෙනසුරාදා, නිවාඩු දවස.... බෝඩිමෙන් පිට වෙන්න කලින් මම පැයක් පමණ කණාඩිය ඉදිරිපිට හිටියෙ මගේ සුපුරුදු දින චර්යාවෙන් බැහැරට ගිහින්. බෝඩිමේ දොරත් අගුළු දමා පිටතට පැමිණි පසුවත් ආපසු බෝඩිම තුලට දිව ගොස් කොලෝන් බෝතලය යහමින් ඇගේ තවරාගත්තෙ, කලින් ගැල්වූ කෝලොන් වල සුවඳ මැකි ගොස් ඇති බවක් දැනුන නිසයි. කොහොම උනත් පමා නොවී පොරොන්දු උන වෙලාවටම බම්බලපිටිය හන්දියේ ඉන්න මට පුලුවන් කම ලැබුනා. නමුත් චමියා එතනට ආවේ ඊට පැය භාගෙකට විතර පස්සෙ. ඒකත් කෝල්ස් 10ක් විතර දෙන්න උනා. ඒ තරම් දිග පැය භාගයක් මගේ ජීවිතේ අත්විඳපු පලවෙනි පාර.
බම්බලපිටියේ අතුරුපාරකට ඇතුලු වෙලා පොඩි දුරක් පයින් ඇවිද්දට පස්සෙ අපි චමිය කිව්ව තැනට ඇතුලු උනා. '....... මජාස් පාලර්' ගේට්ටුව ඉස්සරහා ලොකු බෝඩ් එකක්.
"ඒ මචන්.. බෝඩ් එහෙමත් දාලානෙ. පොලීසියෙන් ලෙඩක් නැද්ද?" මට පොඩි බයකුත් ඇති උනා.
"පිස්සුද බන්. මසාජ් සෙන්ටර් කරන්න තහනම් නෑනෙ. අනිත්වා කෙරෙන්නෙ ශේප් එකේනෙ බන්. අනික පොලීසියටත් කුට්ටියක් යනවා"
ඒ උත්තරය මාව ලොකූ සෑහිමකට පත් නොකලත් පවත්නා ජමාජ ක්‍රමයේ තත්වය ගැන මට ඇති උනේ විශාල විමතියක්.
 "යමන් යමන් ඇතුලට. මතකනෙ මන් කියලා දුන්න ඒවා" චමියා ඉස්සර උනා. මන් ඔහේ උගේ පස්සෙන් වැටුනා. මට දැනුනේ කකුල් දෙක මගේ පාලනයකින් තොරව ඇවිදිනවා වගේ. පපුවෙ ලබ් ඩබ් ශබ්ධය කෝච්චි එන්ජිමක් තරමට වර්ධනය වෙලා තිබුනා. ඇතුලට ගියපු චමියා පිලිගැනීමේ කවුන්ටර් එකේ හිටපු මැදි වයසෙ පිරිමි මනුස්සයත් එක්ක කතා කලා. කතා බහ අවසානයේදි චමියා මන් දිහාවට හැරුනා.
"අනුවා මෙහාට වරෙන්....... මේ තමයි මගේ යාලුවා. පොඩ්ඩක් අලුත්."
මැදි වයසෙ මනුස්සයා මන් දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. ඒ හිනාව ඇතුලේ තිබ්බෙ මොන වගේ හැඟීමක් උනත් ඒක මාව පොඩි අපහසුතාවයකට පත් කලා. මගේ ඔලුව සැනෙකින් බිමට හැරවුනේ ඒ නිසාමයි.
"කවුද ඇවේලබල්..... අපේ යාලුවට  හොඳ කෙනෙක් දෙමු නේ" චමියා මගේ දිහාවට හැරිලා මට ඇහැක් ගැහුවා.

සුලු මොහොතකින් කෙල්ලන් පස් දෙනෙක් අපේ ඉදිරියේ පෙළ ගැහුනා. කාමරේ ඇතුලෙ රස්නය වැඩි උනා වගේ. මගේ නලල දිගේ හීනි දාඩිය බින්දු කීපයක් බේරුනා.
"ඔන්න කැමති එකක් සිලෙක්ට් කරගනින්" චමිය කෙඳිරුවා.
මට ඒකත් ඇහුනේ හෙන ඈතින් වගේ. මුලු ඇඟම ගල් වෙලා.
තවත් මොහොතක් එහෙමම ගත උනා.
"ඉක්මනට යකෝ"
හරියන්නෙ නෑ. මේක දැන් ආයෙ හැරෙන්න වෙලාව නෙවෙයි. මගේ අත ඉබේම එසවුනා.
"මෙයා" අතත් එක්කම කටත් ඉබේම එසවුනා.
මගේ එසවුනු අත ඉදිරියෙ හිටියේ අවුරුදු 25ක විතර කෙල්ලෙක්. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා. කලු ඩෙනිමයි නිල් පාට කොලර් නැති ටී ශර්ට් එකක් ඇඳලා. මොකක් හරි හේතුවක් නිසා. මගේ ඇහැ නැවතුනේ එයා ලඟ.
"ඔය තියෙන්නෙ කොල්ලො. නියම සිලෙක්ශන් එක ආ.... එහෙනම් ඕල් ද බෙස්ට්. මතකනෙ කියපුවා" චමියා මගේ කනට මැතිරුවා. 
ඊලඟ මොහොතෙදි මන් තොරගත්තු කෙල්ල මාවත් එක්කරගෙන ගියේ ඇතුලෙ තිබුනු කාමරයකට.
"සර්, වොශ් එකක් දෑගෙන ඇවිත් ඇඳේ හාන්සි වෙන්න. අන්න බාත් රූම් එක" කාමරේ එක් කෙලවරක තිබූ බාත් රූම් එක වෙත අත දිගු කල ඇය කාමරයේ දොර වසා දැමුවා.

-මතු සම්බන්ධයි-

Tuesday, October 30, 2012

ආයෙ මල් පිපේ

සැඩ හිරු සැඟවේ
වැහි පබලු වැටේ
වියලුනු කතරේ
ආයෙ මල් පිපේ

උණුසුම් සුළඟේ එතෙමින්
දැවි දැවි නෙත් හැඬුවා
හදිස්සියේ වැහි සීතල
ගෙන සුළඟක් හැමුවා

වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා

Friday, October 12, 2012

හිත් පැපරාසි

ඔහු දැඩිව හින්දි ගීත ප්‍රිය කරන්නෙක්. කොටින්ම හින්දි සින්දු පිස්සෙක් කිව්වොත් මන් නිවැරදියි. ගිතයක කොටසක් ඇහෙද්දි, ඒම ගීතය අඩංගු චිත්‍රපටය, එහි රඟපාන ප්‍රධාන නලු නිලියන් පවා නිවැරදිව කීමේ අපූරු මතයකයක් ඔහු සතුව තිබුණා. ඔහුගේ මුවේ හින්දි ගීතයක් මිමිණුනේ නැති වෙලාවක් තිබුනේ නැති තරම්. ඇතැම් වෙලාවල් වල මම හිතුවා ඔහු නොදන්න එකම හින්දි ගීතයක්වත් මේ ලොකේ නැතුව ඇති කියලා. ඒත්..... ඒක දවසක්.... මගේ ඒ සිතිවිල්ල බොරුවක් උනා. ඔබට ඒ තරම් පුදුමයක් වෙන එකක් නෑ. නමුත් මන් ගොඩක් පුදුම උනා. මොකද ඔහුට එය මග ඇරේවි කියලා ඔහුව දන්න කිසිම කෙනෙක් කවදාවත්ම හිතන එකක් නෑ. ඒත් එය ඒසේ උනා.
ඇය ඔහුට ඒ ගීතය ගැන කියනකම්ම ඔහුගේ මනසේ විශේෂ තැනක් ඒ ගීතය වෙනුවෙන් වෙන් වෙලා තිබුනේ නෑ. කොටින්ම ඒ ගීතය මීට පෙර අසා ඇති බවට මතයකයක සලකුණක්වත් ඔහුට හොයාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. නමුත් එදා... ඒ ගීතය ඔහුගේ ජීවිතේ අලුත් වෙනසක් ඇති කලා. ඔහු ඇහුවා. ආයෙත් ඇහුවා. ආයෙමත්...... ආයෙමත්..... එදා දවස පුරාවටම ඔහුට  අහන්න වෙන කිසිම දෙයක් තිබුනෙ නෑ. දවස අවසාන වෙද්දි ඔහු සම්පූර්ණයෙන්ම ඒ ගීතයේ උන්මත්තකයෙක් වෙලා හිටියා. ඔහු පුදුම උනා. මෙතෙක් කාලයක් මේ ගීතය ඔහුට මග ඇරිලා තිබුන එක ගැන. ඒත් එක්කම ඔහු සතුටු උනා. මොකද තමන් මේ තරම් උන්මත්තකයෙන් උන මේ සින්දුව ගැන තමන්ව දැනුවත් කලේ 'ඇය' උන නිසා. එදා පටන් ඔහුගේ ප්‍රියතම ගීතය උනේ ඒක. ඔහු හැමදාම ඒ ගීතය ඇහුවා. ඒ අහන හැම වාරයක්ම ඔහුගේ මනසෙ මැවුනේ ඇයව. ඇය ලඟ හිටපු කාල වලදි ඔවුන් හැමදාම ඒ ගීතය ගැන කතා කලා. ඒ වගේම ඇය ලඟින් නොසිටි කාල වලදි ඒ ගීතය ඇයගේ සුන්දර මතකයන් ඔහු වෙත අරගෙන ආවා. ඒ නිසාම ඔහු ඒ ගීතයට තවත් තදින් ඇළුම් කරන්න පටන් ගත්තා.
'ඇය'....... ඇයව ඔහුට හමුවන්නෙ අහම්බයකින් වගේ. නමුත් ඒ වචනයට ඔහු නම් තදින්ම විරුද්ධයි.
"ලොකේ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි. හැම දේම වෙන්නේ හේතුවක් ඇතුව, සැලසුම් සහගත විදියකට"
ඒ ඔහුගෙ වචන.
මන් ඔහුත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. මොකද මාත් ඒ දේම විශ්වාස කරන නිසා. ඒත් මටනම් ඒ සිදුවීම හැමදාම පෙනුනේ අහම්බයක් විදියටමයි. 
ඔහුට කවදාවත්ම ඇය වගේ කෙනෙක් මීට කලින් හමු වෙලා තිබුනෙ නෑ. ඒක නිසාම ඇගේ එකතුව ඔහුගේ ජීවිතේ ලොකු පෙරළියක් ඇති කලා. ඇගේ මිත්‍රත්වය ඔහුගෙ ජීවිතේට ලොකු සතුටක් එකතු කරා. ඔවුන් කතා කලා, හිනා උනා. ආයෙ කතා කලා, ආයෙ හිනා උනා. ඔවුන්ට එක දෙයක් අමතක උනා. අඬන්න, දුක් වෙන්න. ඔව්. ඔවුන් කවදාවත්ම ඇඬුවෙ නෑ. මොකද ඔවුන්ගේ කතා බහේ හැමදාම තිබුනේ සතුට විතරමයි. ඇය ඔහුව හැමදාම ඔසවල තිබ්බා. ඔහුගේ ජීවිතේට දිරි දුන්නා. ඔහුත් එහෙමයි. ඇය ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඔහුත් ඇයගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා.
ලෝකෙ උද්යෝගීමත්ම කතා බහ ඇති උනේ කා අතරද කියලා කෙනෙක් මගෙන් අහුවොත්, මට කිසිම සැකයකින් තොරව ඔවුන් දෙදෙනාව නම් කරන්න පුලුවන්. වෙලාවකට මට හිතුනා ඔවුන් දෙදෙනාම එක්කෙනෙක්ද කියලත්.
"දර්පණ ප්‍රතිබිම්බය"
ඔහු ඒකට කිව්වෙ ඒ වගේ නමක්.
ඇයගේ හිතේ ඔහු ගැන ඇත්තෙ මොන වගේ හැඟීමක්ද කියන එක ගැන ඔහු කවදාවත්ම හිතුවේ නෑ. ඔහු ඒ ගැන වද උනෙත් නෑ. ඒත් ඔහු හිතුවා, තමන්ගෙ හිතේ ඇය ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා.  කෙනෙක් කියයි ඔහුගේ හිතේ ඇය ගැන ක්‍රශ් එකක් තිබුනා කියලා. මන්දා. මට ඒක සහතිකෙටම කියන්න පුලුවන් කමක් නෑ. මන් හිතන්නෙ ඔහුටත් බෑ. මොකද ඔහු හැමදාම හිතුවා විතරයි. උත්තරයක් ලැබුනේ නෑ.
මිතුරිය? සහෝදරිය? ආදරවන්තිය?
ඔහුට කවදාවත්ම ඔහුගේ හිතේ ඇය ගැන තිබ්බ හැඟිමට හරි නමක් දෙන්න පුලුවන් කමක් ලැබුනේ නෑ.
නමුත් ඔහු එක දෙයක් තේරුම් අරන් හිටියා.
ඇය විශෙෂයි!!!
ඇය ඔහුට අතිශය විශේෂ කෙනෙක්.
කෙසේ වෙතත් ඔහු හැමදාම නොවරදවා එක දෙයක් කලා. ඔහුගේ ප්‍රියතම හින්දි ගීතයට සවන් දුන්නා.
කාලය ගෙවුනා. ප්‍රශ්ණ කියන දේ කාටත් පොදුයි. ඔහුටත් ප්‍රශ්ණ තිබ්බා. ඒ වගේම ඇයටත්. ඇය කොයි වෙලෙත් සරළ ජීවිතයකට ප්‍රිය කල කෙනෙක්. ඒත් ඒ සරළ ජීවිතය ඇයගෙන් ගොඩක් ඈත් කරන තරම් ඇයටම ආවේනික උන ප්‍රශ්ණ කීපයක් ඇයට තිබ්බා. ඇය කවදාවත් ඒ ප්‍රශ්ණ ගැන ලොකුවට කතා කලේ නෑ. ඔහුට ඕනේ උනා ඇයට උදවු කරන්න. ඒත් ඇය...... ඇය ස්වාධීනයි. ඇයට ඕනේ උනේ ඒ දේවල් ඇය විසින්ම විසඳගන්නයි. ඔහුට ඇයව තනි කරන්න ඕනේ උනේ නෑ. ඒත් ඇගේ ආත්ම ශක්තියට ඔහු හැමදාමත් ගරු කලා.
අන්තිමේදි දවසක්....... ඇය යන්න යනවා......
එකම එක පොරොන්දුවක් විතරක් ඔහුගේ ජීවිතේට බද්ධ කරලා.
"මගේ ෆෝන් එකට කවදාවත්ම කෝල් කරන්න එපා"
ඔහු අදටත් ඒ පොරොන්දුව රකිනවා. ඔහුට ඇයව සම්බන්ධ කරගන්න තියෙන එකම මග ඒක. නමුත් ඔහු පොරොන්දුවක හිර වෙලා. ඒ දුරකතන අංකය තවමත් ක්‍රියාත්මක වෙනවද කියන්නවත් ඔහු දන්නෙ නෑ. ඔහුගේ ඇඟිල්ල හැමදාමත් ඒ අංකය මත නතර වෙනවා. ඒත්.....
හ්ම්ම්ම්. ඔබ කියාවි පිස්සෙක් කියලා. මෝඩයෙක් කියලා. තව නොයෙක් දේවල්..... වෙන්න පුලුවන්. ඒත් අද ඔහුගේ හිත ඇතුලට පැපරාසියෙක් උන මට තේරුම් ගන්න පුලුවන් ඔහුගේ හිතේ තියෙන සැබෑ හැඟීම.
"ඔයාව මට කවදාවත්ම අමතක කරන්න බැරි කෙනෙක්"
යන්න මොහොතකට කලින් ඇය කිව්ව අන්තිම වදන් ටික ඔහු හැමදාමත්ම සිහිපත් කරනවා.
ඔවුන් දෙදෙනාටම අද ඉතුරු මතකයන් විතරයි. හ්ම්ම්ම්. කවදා වෙනකම්ද? බාග විට මැරෙන තුරාවටම......
මේ සටහන ලියන්න මාව පෙලඹවෙව්වෙ එක කරුණක්. මොකද අද එක දෙයක් උනා. ඔහු ඔහුගෙ දිනපතා කරපු පුරුද්ද අත අතඇරියා. ඔව්. අද ඔහු ඒ ගීතය තව දුරටත් දිනපතා අහන එක නැවැත්තුවා. ඒ වෙනුවට ඔහු ඒ ගීතය ඇගේ දුරකතන අංකයට ආවේනික නාද මාලව ලෙස සකස් කලා.
"මගේ ෆෝන් එක රින්ග් වෙද්දි ඒ සින්දුව ඇහෙන්නෙ කවද්ද, එදාට තමයි මන් ආයෙ ඒක අහන්න ගන්නෙ."
වෙලාවකට මට හිතෙනවා ඔහු ඕනවට වඩා බොලඳද කියලත්. මොනවා කරන්නද? මිනිස්සුනේ අපි මිනිස්සුනේ....
දැන් අද ඉඳන් ඔහු බලන් ඉඳිවි. දිගින් දිගටම බලන් ඉඳිවී. කවදා වෙනකම්ද කියලා ඔහුවත් මමවත් දන්නෙ නෑ. හැබැයි ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා. මම ඔහුට සුභ පතනවා. මට කරන්න පුලුවන් එකම දේ ඒකයි.
ඔහුත් ඇයත් දෙදෙනාම ප්‍රිය කල තවත් හින්දි ගීතයක් මට කොහේදෝ ඈතකින් ලාවට ඇහෙනවා. එයින් එක් පද පේලියක් මේ මොහොතේ මගේ හිත තදින්ම ඇදගන්න සමත් උනා.
"ඉන්තසාර් කබ් තක් හම් කරේන්ගේ භලා"
(කොපමණ කාලයක් මා ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නද?)

Monday, September 24, 2012

මා දුටු පොත් පදර්සනය

මම පහුගිය සෙනසුරාදා එකෙ තිබ්බ පොත් පදර්සනය බැලීමට ගියෙමි. මා එහි යන විට ගොඩක් අය ඇවිත් සිටියමුත් මම අඳුරන කවුරුත් ඇවිත් නොතිබ්බෙමි. එම නිසා මම උදේ නවයේ සිට ගේට්ටුව ගාව බලා සිටියෙමි. අන්තිමේ බැරිම තැන අමම ඇතුලට ගියාය. එහිදි මට අපේ බ්ලොග් ලියන මාමිලා නැන්දිලා කිහිප දෙනෙකු හමු උනාය. සිහින මාමා,  අමිල මාමා හසී නැන්දා සමඟ ඕනයා සීයා හා වෙනි සීයාද සිටියේය. පසුව අක්කාද පැමිණ අපිට එකතු ඌවේය. අපි බොහෝ වෙලාවක් යනතෙක් පොත් නරඹමින් එහේ මෙහේ ඇවිද්දේය. පොත් ගැනීම සඳහා ගොඩක් පිරිසක් පැමිණ සිටියේය. ලස්සන ලස්සන ඇඳුම් ඇඳගත් අක්කලා නන්ගිලා නැන්දිලා බොහොමයක් ඒ අතර සිටියේය. එහෙත් අයියලා මල්ලිලා හා මාමලා වැඩි දෙනෙකු මම නොදුටුවෙමි. පූසා මාමත් පසන් මාමාත් අපිට එකතු ඌයේ ටික වෙලාවකට පසුවය. ඕනයා සීයා අපිව වට කරගෙන ලස්සන කතන්දර කියා දුන්නාය. ඒ කතන්දර මට කවදාවත් අපේ ටීටර් කියාදී නැත. වෙනි සීයා එයාගෙ කැමරාව ගෙන පොටෝ ගත්තාය. එහෙත් ඒ කැමරාවෙන් ගත හැක්කේ අක්කලා නන්ගිලා නැන්දිලාගෙ පමණක් බව මට කියා දුන්නේ හවස පැමිණි වැප් මාමාය. මන් පොටෝ වලට සිටීමට ගොඩක් කැමතිය. ඒ නිසා අනිත් පාර අපිවත් පොටෝ ගන්න පුලුවන් කැමරාවක් අරන් එන ලෙස මම වෙනි සීයාට පැවසුවෙමු. රාජ් මාමා, ප්‍රදීප් මාමා, රන්දිකා නැන්දි. සානිකා නැන්දි, ටිටූ මාමා අතුලු තව ගොඩක් දෙනෙක් මට මුණු ගැසුනේය. ඔවුනේ නම් ලියන්න ගියොත් මට මගේ නමත් අමතක වෙන්නේය. සිහින මාමා කවුදෝ නැන්දි කෙනෙක් සමඟ සිටි නිසා හිටියේ හරිම ආඩම්බරයෙන්ය. ඒ නැන්දිට වෙන යාලුවො නැත්දැයි වැප් මාමා සිහින මාමාගෙන් ඇසුවේ ඇයිදැයි මට තාමත් තේරෙන්නෙ  නැත. මෙයට පොත් පදර්සනයයැයි නම තිබ්බේ ඇයිදැයි මන් නොදනිමි. මොකද මම එහිදි වැඩිය පොත් දැක්කේ නැත. හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගොඩක් දැක්කේය. ඒවා දැක මගේ පුන්චි හිතද කැළඹෙන්නට පටන් ගත්තෙමි. සිහින මාමා නිතරම වන් අ ක්ලොක්. ටූ අ ක්ලොක් යැයි කියමින් නිතරම වෙලාව කිව්වේය. ඒ කියන සෑම විටම අනිත් සියල්ලෝම බෙල්ල හරව හරවා එකම මොන මොනවදෝ බැලුවාය. ඒත් ඒ බැලුවේ මොනවාද කියා ඒ කවුරුවත් මට කියා දුන්නේ නැත. ඒ නිසා මට ගොඩක් දුක හිතුනෙමි. හවස අපි සහන් රන්වල මාමාගේ සින්දු බැලුවෝය. මමත් ගොඩක් ලස්සනට සින්දු කිව්වෙමි. අමිල මාමා සින්දු කීම පැත්තක දමා එයා ලඟ සිටි කවුදෝ නැන්දි කෙනෙක් සමඟ කතා කර කර හිටියාය. ඒත් ඒ නැන්දිගේ මහත්තයා එතනට පැමිණි නිසා අමිල මාමාට තරු පෙනුන බව වැප් මාමා මට කීවාය. අපි රෑ 9 විතර වෙනතරු එහි සිටියාය. ඉත් පසු අපි සැවොම සතුටින් නිවෙස් බලා පැමිණියෙමු. ලබන පාරත් පොත් පදර්සනය බැලීමට එමට මම ආසාවෙන් සිටිමි.

Monday, September 17, 2012

නිරුත්තර...!!!

මම ඇගේ සුරත තද කරලා අල්ලගත්තා. තද අවු රශ්මියෙන් ගිණියම් උන ගෙන්දගම් පොලව උඩ අපි දෙන්නා ඉමක් නොදැන ඇවිදිනවා. අවසානය මොන වගේ එකක් වෙයිද කියලා අපි දෙන්නටම හැඟීමක් තිබ්බෙ නෑ. ඇත්තටම අවසානයක් ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ කිව්වොත් හරි. ඇගේ මුදු ස්පර්ශයෙන් දැනුනු පහස මගේ හැගීම් ඊට වඩා වෙනස් තැනකින් උස්සලා තිබ්බා. ඇයටත් ඒක එහෙමයි කියලා මන් දන්නවා. ඒ නිසයි මේ අල්ලගත්ත සුරත අත හරින්න මේ තරම්ම අමාරු.
වටපිටාව ගැන තැකීමක් කරන්න බොහෝ වෙලාවක් යනකම් අපි දෙන්නටම අමතක වෙලා තිබුනා.
"අනූ... අපි මෙහෙම යනවා කවුරුහරි දැක්කොත්!..." සෑහෙන්න වෙලාවකට පස්සෙ ඇය අපි දෙන්නම බයෙන් ඉන්න දේ ගැන සඳහන් කලා.
"හ්ම්ම්ම්. බය වෙන්න එපා සුදූ... මේ හරියෙ අපිව දන්න කවුරුවත් නෑ."
ඇගේ හිත වගේම මගේ හිතත් සනසවාගන්න මම එහෙම කිව්වට මගේ හිත ඇතුලෙත් පොඩි චකිතයක් ඇති නොවුනාම නෙවෙයි. ඒත් දැන් බය වෙලා තේරුමක් නෑ. අපි දෙන්නම මේ තැන ඉන්නෙ අවධානම නොදැන නෙවෙයි. වෙන ඕනෙම දෙයක් බාරගන්න දැන් අපි දෙන්නටම සිද්ධ වෙනවා. ආපහු හැරෙන්න දැන් පරක්කු වැඩියි. ලොකුම දේ ආපහු හැරෙන්න අපි දෙන්නම කැමති නෑ.
ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.
"මටනම් දැන් බඩගිනියි. අපි මොනවා හරි කාලා යන්."
ඇය හා කියලා ඔලුව වැනුවෙ හරියට පොඩි ලමයෙක් වගේ. ඉස්සර වගේමයි. අගේ හුරතල් ගතිය පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ
දුකට සැපට හැමදාම ඒක වගේ හිටපු MC ෆුට් කෝට් එක අදත් අපේ හිසට රැකවරණයක් උනා. සෙනසුරාද නිසා සෙනගත් ටිකක් වැඩියි. මගේ ඇස් දිව්වෙ කෙලවරක් හරියක තියෙන හිස් වෙලා තියෙන පුටු දෙකක් හොයාගෙන. විනාඩි 10කට විතර පස්සෙ එහෙම තැනක් හොයාගන්න පුලුවන් උනා. ඇයව පුටුවක වාඩි කරලා මම ගියා කෑම ඕඩර් කරන්න. බිත්ති පවා අලුත් වෙලා වගේ. ඇයත් එක්ක මෙතනට ආව පළවෙනි දවස.... ඒක සිහි උන මට නැගුනේ පුංචි හිනාවක්.
ඒ වෙද්දි කොළඹට අලුත් උන මටත්, ලොකු සමාජ ඇසුරකට විවර වෙලා නොහිටිය ඇයටවත් මේ වගේ තැන් හුරුපුරුදු තැන් උනේ නෑ. එදා අපි දෙන්නම හැසිරුනෙ ඇෆ්‍රිකාවට ගිය ඇස්කිමෝවරු දෙන්නෙක් වගේ. දවස් ගත වෙලා තියෙන්නෙ කොයි තරම් දේවල් වෙනස් කරගෙනද.
මම කැමත් අරගෙන ඇය ලඟට යද්දිත් මගේ මුහුණේ ඒ හිනාව රැඳිලා තියෙන්න ඇති.
"මොකො නිකන් අමුතු විදියට හිනා වෙන්නෙ"
ඇය ඒක අහපු විදියට මට තවත් හිනා ගියා.
"නෑ මට මතක් උනා අපි දෙන්න මෙතනට ආව මුල් දවස"
ඒක අහලා ඇයටත් හිනා.
"අම්මෝ මටනම් මතක් වෙද්දීත් ලැජ්ජයි වගේ"
"ලැජ්ජ නොවී තියේයැ ඔයා මෙතන බයේ වෙවුලන්න ගත්තනෙ."
"හහ්! ආ.... කවුද දන්නෙ නෑ එතකොට KFC එකෙන් පපඩම් ඉල්ලුවෙ"
"ආ... ඒ පොඩි ආතල් එකක්නෙ ගත්තෙ"
මම ඇයට දිව දික් කලා.
ඉස්සර වගේම අපි දෙන්නම පොඩි උන් දෙන්නෙක් වගේ මහ හයියෙන් හිනා උනා.
හැම දෙයක්ම චිත්‍රපටියක සිදුවීම් වෙලක් වගේ එකින් එකට මට මතක් උනා. කොයි තරම් සුන්දර දවස්ද. කොයි තරම් සුන්දර මතකයන්ද. ගතවුන හැම තත්පරයක්ම පිරිලා තිබ්බෙ ආදරෙන් විතරයි.
"අනේ අපේ සම්බන්දෙට අපෙ ගෙවල් වලින් කැමති උනානම්"
මට කියවුනේ හැඟීම්බර වැඩි උන නිසාද මන්දා.
ඇගේ හිනාව එක පාරටම මුහුණ ඇතුලෙ හැන්ගිලා ගියා.
ඇය මේසය මත තිබුන මගේ වමත තද කරලා අල්ලාගත්තා. මගේ ඇඟිලි තුඩු ඇගේ ඇඟිලි වල හිරකාරයො උනා.
"කොයි දේ සිද්ද උනත් තාමත් අපි දෙන්නා එකට ඉන්නවනෙ අනූ...."
"හ්ම්ම්... ඒත්"
ඇය මගේ නෙත් දිහා එක එල්ලෙ බැලුවා. ඇගේ දෙනෙත් දිලිසෙනවා. ඒ දිලිසීම පුංචි බෝලයක් වෙලා ඇගේ කම්මුල් හරහා ඇවිත් මේසය සිපගත්තා.
"හරි හරි කෙල්ලෙ. ඔයා දන්නවනෙ මොන දේ උනත් මන් තාමත් එදා වගේම ඔයාට ආදරෙයි කියලා"
ඇය සුසුමක් පිට කරලා ලාවට හිනා උනා.
අපිට ඕනෙ ආදරේ කරන දේවල් අපිට අයිති කරගන්න. ඒත් ආදරේ කරන දේවල් අපිට අයිති කරගන්න ලැබෙන්නෙ කොයි තරම් අඩුවෙන්ද. ආදරේ දුකක් වෙන්නෙ එතකොටයි. ආදරේ කියන්නෙ ජීවිතේ හැමදේම නොවුනත් ආදරේ ඉස්සරහ මිනිස්සු කොයි තරම් අසරණ වෙනවද. අපිත් අද ඒ වගෙම අසරණ වෙලා. මිනිස්සුන්ට තර්ක කරන්න ලෙසියි. ඒත් හැම දෙයක්ම හොඳින් අවසන් නොවෙද්දි තර්ක වලට වඩා හැඟීම් ඉස්මතු වෙනවා. හරි උනත් වැරදි උනත්...... මිනිස්සු උනාම ගෙවන්න වෙන පව ඒකයි.
"අපි අද කල දේ වැරදිද අනූ"
ඇය තාමත් මගේ අත සිරකරගත්ත ගමන්මයි.
මම තවත් මොහොතක් ඇගේ දිහා බලන් හිටියා.
"සම්මතය අනුව ඒක වැරැද්දක් වෙන්න පුලුවන්. ඒත්... මගේ ජීවිතය සම්පූර්ණ උනේ අදයි සුදූ..... ඒ වැරැද්ද නිසා"
මගේ ලඟම හිතවතෙකුගේ නිවස තුල උදේ වරුවේ ගත කල ඒ පැය කිහිපය මට නැවතත් සිහිපත් උනා. ඇඳෙහි ස්ප්‍රින් මෙට්ටය මත උස්පහත් උන සිරුරු වල පිරී තිබුනේ හුදු ආසාවන් සන්තර්පනය කරගැනීමේ ආසාවක් නොවන බව මන් දන්නවා. ආදරයද රාගයද කාමයද කියලා අඩිරූලකින් ඉරිගහල වෙන් කරන්න මන් දන්නෙ නෑ. මන් දන්නෙ එකම එක දෙයයි. ඒ මන් ඇයට හැමදාමත්ම ආදරෙයි කියලා විතරයි.
"ඒත් අනූ.... ඒත් අනූ.... දැන් මන් බැඳපු ගැනියෙක්. ඔයා..... ඇත්ත... මට එයාට ආදරේ කරන්න බෑ. තාමත් එයා අම්මලා මට බලෙන් බන්දවපු මනුස්සයා විතරයි. ඒත් අද මගේ වමත මේ තඩි මුද්දෙන් බර වෙලා අනූ."
ඇගේ කතාව ඉස්සරහ මම නිරුත්තරයි.
දෛවය.... කෙහෙල්මල් දෛවය... අපේ දෛවය අපිව ගෙනැල්ලා අතෑරියෙ මෙතනද? හැමදේම දෛවයට බැර කරලා අත පිහිදාගන්න තිබ්බනම් මාර ලෙසියි. ඒත් අපිට ඉස්සරහට එන ප්‍රශ්ණ කන්දරාවට දෛවය ලඟත් උත්තර නෑ කියලා මන් දන්නවා.
සමාජෙ වැරැද්ද.... ම්හු.. නෑ... අපේ වැරැද්ද... වැරැද්ද කාගෙ උනත් විඳවන්නෙ අපිමයි. ඇත්ත මේකයි. අපිත් මේ සමාජෙම කෑල්ලක්. එතකොට වැරැද්ද අපි හැමෝගෙම. අන්තිමෙ බලන් ගියාම අපි හැමෝම මේ සමාජය කියන මකුළු දැලේ පැටලුන පුංචි කෘමියෙක් විතරයි.
මම ඇගේ නෙත්වලින් බේරෙන කඳුලු කැට පිහදාන්න මගේ අත ඇගේ මුහුණ වෙතට ලන් කලා. මගේ ජංගම දුරකතනය නාද වෙන්න ගත්තෙ එතකොටමයි. ඇගේ මුහුණට ඔන්න මෙන්න තිබුන අත, මම ආපස්සට ගත්තා.
"පවනි කෝල් කරනවා" එම අංකයට දමා තිබූ එයට ආවේනික නාද රටාව නිසා ඇමතුම පවනිගෙන් බව වටහා ගැනීම අපහසු උනේ නෑ.
දුරකතන තිරය දිහාත් ඇය දිහාත් කිහිප වරක් මාරුවෙන් මාරුවට බැලූ මම ආන්ස්වර් බාට්න් එක තද කලා.
"හෙලෝ"
මගෙ මුවින් එය පිට උනේ මදක් නොරුස්සනා හඬින්. නමුත් එහා පසින් නැගුනු කටහඬ පවනිගෙ නොවන බව මට ඊලඟ මොහොතෙ වැටහුනා.
"අනේ තාත්ති.... අද ඉක්මනට එනවා නේද? තාත්ති පොරොන්දු උනානෙ අද මාව පාක් එක්කගෙන යනවා කියලා"
ඒ හුරතල් කටහඬ ඉදිරියෙ මම නැවතත් නිරුත්තර උනා.

Friday, August 24, 2012

ස්වයං


ලෙහුනු වත
මතින් හිත
ඔබේ ගත
මගේ මත

Monday, August 20, 2012

රාවණා සිද්ධම්!!!

තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා කතාවට කිව්වට මම සාමාන්‍යයෙන් කරන්නෙ ඔයිට ටිකක් වෙනස් දෙයක්. තැටිය ටිකක් නිවෙනකම් ඉඳල ආයෙ තැටියට ගින්දර ටිකක් දාන එක තමයි මගේ පුරුද්ද. අදත් මේ කරන්න ලක ලැහැස්ති වෙන්නෙ ඒ වගේ වැඩක් තමයි. මගේ රොටිය පුච්චගන්නවට වඩා මේ ගින්දර ටික මන් තැටියට දාන්නේ මුලු මහත් හෙල යකුන්ගේම සුභ සිද්ධිය සඳහා බව හැමෝම හිතට ගත්තොත් හොඳයි. 
 ගරු රාවණා තුමා ගැන මන් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපේ මී ප ල වා නේ උතුමා තමන්ගෙ ජීවිතයත් පරදු කොට තියල ඒ ගැන හැමෝටම හසල අවබෝධයක් ලබා දීලා තියෙන්නෙ මේ වනවිට. එතුමා රාවණාගෙ ශක්තිය ගැන කියද්දි හිනා උන හෙළ යක් විරෝධී අධර්මිෂ්ටයින්ට පාඩමක් උගන්වන්න තමයි මන් අද සැරසෙන්නෙ. අනුරාධ නානායාක්කාර කියන්නෙ කවුද කියලා මන් පෙන්නලා දෙද්දි හිනා උන මිතදුටුවන්ට මගේ තරම පෙන්වන්න තමයි මන් අද ලැහැස්ති වෙන්නේ.

අනුරාධ
අනු = අනුගාමිකයා
රා = රාවණා
ධ = ධර්මය
අනුරාධ = රාවණා ධර්මයේ අනුගාමිකයා

නානායක්කාර
නා = නාඹ = තරුණ
නා = නායකයා
යක් = හෙළ යකුන්
කා = කාර්යය
ර = රකවල = රැකගැනීම
නානායක්කාර = හෙළ යකුන් රැකගැනීමේ කාර්යයේ තරුණ නායකයා

එදා මන් මට පුලුවන් දේවල් පෙන්නන්නම් කියද්දි කට්ටියම මට ඔච්චම් කලා. ඔන්න මන් අද පෙන්වන්න යන්නෙ මට පුලුවන් දේවල් වලින් එක පොඩි දෙයක්. මේක ලෙහෙසි නෑ. කුණ්ඩලිණී යෝගයට සමවැදිලා ලබාගත්තු රාවණා ශක්තියෙන් තමයි මන් මේ පෙන්නන්න යන දේ කරන්නේ. ඔයාලටත් අත්හදා බලන්න ඕනේනම් මුලින්ම රාවණා ගැන විශ්වාසය හිතේ ඇති කරනගන්න වේවි. ඊට පස්සෙ කුණ්ඩලීනි ජෝගයට සමවැදිලා රාවණා ශක්තියට ලඟා වෙන්න පුලුවන්. මී ප ල වා නේ උතුමා උදවු කරාවි ඒක කරන විදිය ගැන කියලා දීලා.
පැඩි පුරසාරම් ඕනේ නෑ. කතාවෙන් පෙන්නනවට වඩා වැඩෙන්ම පෙන්නන එක හොඳයිනේ. ඒක නිසා ඔන්න බලාගන්නකො, රාවණා ශක්තියෙන් වැඩ ගන්න හැටි.
රාවණා සිද්ධම්!!!

Wednesday, August 15, 2012

හීන තොටුපල

දවසක්දා රෑ මැදියම් හීන තොටුපලේ
ඔබ උන්නා සැඟවී සුදු චන්ද්‍ර මණ්ඩලේ
ගුලි වෙන්නට බැරි තැන ඒ සුසුම් උණුසුමේ
තරු හැඬුවා වලා කැටිති වෙලා තනිකමේ

කඩුපුල් මල් සුවඳ දසත ඉඟී කරන පැයේ
මංමුලාව මසිත තවම වෙලී සිහිනයේ
උස උනාට හීනය සුව නොමැති ලෝකයේ
කඩුපුල් පෙති සැඟවෙයි සඳ එලිය ඉදිරියේ

දිව යන සිත මතකය අතරට වරින් වරේ
වෙර සාදයි දෙකකුල් අදිමින් නිරන්තරේ
දුව ආවත් ඔබ වෙත ගෙන හුස්ම ප්‍රෙමයේ
ඔබේ වමත සිරවී රන් මුදුවෙ දිස්නයේ

Wednesday, August 8, 2012

ඇයට කියූ 3

එදා ඔබ මා
කණට මිමිණූ
ගීත සිහිවන
රෑ පුරා
නින්ද නොනැගේ
සුසුම් වැගිරේ
දෙනෙත් පිය
තෙත්වන තුරා

හදේ ඈතම
කෙළවරක නුඹ
අගුළුලන්නට
වන නිසා
ගලක් තරමට
තද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා

යලි යලිත් සිත
මතුපිටට විත්
තෙරපෙනා
සිතුවිලි දරා
බොළඳ වන සිත
ඔබේ ගී ලඟ
හැකිද නවතනු
සවිදරා

Monday, July 16, 2012

අඳුරුම රැය

අවසානයේ ඇය විවාපත් උනා. ප්‍රථම ආදරයේ නෂ්ඨාවශේෂ මතින් ඉවතට පා තබලා ඇය ඔහු හා අතිනත ගත්තා. අන්තිම මොහොත වෙනකම්ම මගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක සලකුණක් තිබ්බෙ නෑ කියලා මට මගේ හිතට බොරු කරගන්න බෑ.  ප්‍රාතිහාර්‍ය ගැන මන් අහලා තියෙනවා. ඒත් මගේ ජිවිතේ ප්‍රාතිහාර්‍ය වලට ඉඩක් නෑ කියලා මන් අද ප්‍රත්‍යක්ශයෙන්ම දැන ගත්තා.
කෙනෙක් හිතයි අනුරාධයා එහෙමත් නැත්නම් සමහරු කියන විදියට පණුවා අද මෙන්න අඳෝනා ගහනවා කියලා. බාගවිට අඳෝනාවක් වෙන්න ඇති. ඒත් අවුරුදු දෙකකට කලින් මේ වගේම 'අඳෝනා' නිසා ටිකක් හරි මන් සැහැල්ලු උනා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ එදා දැනුනු හැඟීම ආයෙත් පාරක් මගේ ජීවිතේට ලන් උන නිසා අදත් මන් ලියනවා.
මංගල සාරියෙන් සැරසුන ඇයව වම් පැත්තෙන් තියාගෙන පෝරුවට නගින්න මන් හීන මැව්වා. ඇයගෙත් මගෙන් දෑඟිලි ගැට ගැහෙන හැටි මන් හිතින් මවාගත්තා. ඇයගෙත් මගෙත් මංගල රාත්‍රිය දා ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි මට මැවිලා පෙනුනා. ඒ හීන, හීන වලටම එකතු උනේ අද ඊයෙ නෙවෙයි. හරියටම අවුරුදු 2ක්. ඒත් ඒ අවුරුදු 2 පුරාම මගේ හීන නෙත් ඇතුලෙ පෙඟිලා යන්න මන් ඉඩ දුන්නෙ නෑ. ඒත් අද.... අද ඒ හීන සදහටම පෙඟිලා ගියා. අද ගොඩක් කලුවර රැයක්. ඒ කලුවර ඇතුලෙ මගේ හීන ඔක්කොම සැඟවිලා ගියා.
අඩුම ගානෙ ඇගේ ඒ සුවිශේෂි දවසෙදි ඇයට සුභ පතන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ. හෙට ඇගේ උපන්දිනය. ඒ වගේම ඇගේ දෙවෙනි ගමන. ඇය ඇගේ අතිනත ගත් ආදරණීය ස්වාමිපුරුෂයාගෙ නිවසට පැමිණෙන දිනය. ඇගේ ජීවිතයේ වැදගත්ම අවස්තා දෙකක් එකම දිනයේදි. ඇගේ ජීවිතේ සුවිශේෂීම උපන්දිනය. ඇයට කරන්න තරම් සුභ පැතුමක් මට වචන වලට ගොණු කරගන්න බෑ. ඒත් හැමදාමත් මම ඇගේ ජීවිතයට සුභ ප්‍රාර්තනා කලා. ඇගේ 'කිතුනු' ස්වාමිපුරුශයාගෙන් ඒ සුභ නිමිති ඇගේ ජීවිතය එකතු වේවි කියලා මන් විශ්වාස කරනවා. ඒ වගේම මන් ඒය එසේම වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මීට කලකට ඉහතදි මගේ අතින් ලියවුනු පැදි පෙලක අවසන් පද කිහිපය මට මේ වෙලාවෙ සිහියට එනවා.

සතුට ලැබෙයි නම් ඔහුගේ සෙවනේ
ඔබේ සතුට තාමත් සතුටයි මට
දෙන්නම් නැලවිලි ගීය ලියා මම
මතු උපදින පොඩි පුතු නලවන්නට

Friday, July 13, 2012

නාරිලතා


නාරිලතා මල දැහැන් බිඳිද්දී
සිත එක්තැන් කල තවුසන්ගේ
නාරිලතා ලඟ අරුමයක්ද සිත
මේ හැටි චංචල වීම මගේ

සිරුරෙහි වෑහෙන කෝමළ රේඛා
අතරින් සිත දිව යන රඟේ
වැලඳ සිඹ මුදු පහස විඳිමින්
මෝදුවන කොලු කම මගේ

රස මීවිත පිරි නුරා දෙතොල් ලඟ
සිල්පද රැකගෙන ඉඳිනු කෙසේ
නුඹේ ලඟ සිල්පද රකින්නට
රහත් වී නැත සිත මගේ

Thursday, April 26, 2012

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි! - අංක 2

පහු ගිය 22 වෙනිදා සයිබර් සිහින උළෙලට සහභාගි උන වෙලාවෙ මම මටම සපථ කර ගත්තු දෙයක් තමයි ආයෙමත් ලියන්න ගන්නවා කියන එක. විශේෂයෙන්ම ලාස්ට් රෝ බ්ලොග් එකටනම් ලියන්නම හිතුනා. හේතුව නම් දන්නෝ දනිති. හෙ හෙ. :D  ඔන්න ඉතින් ඒවට ලිවීම කෙසේ වෙතත් මගේ මේ අටමගලෙවත් දූවිලි පිහදාලා ගන්න ඕන නිසා පොඩි පහේ කතා ටිකකුත් මතක් කරගෙන මන් ආවා. මීට කලින් මේ වගේම හෙඩිමක් එක්ක කතා ටිකක් දුන්නා කට්ටියට මතකද මන්දා. අමතකනම් ඔන්න මෙතන ඔබලා ගිහින් බලන්නත් පුලුවන්. හැබැයි එදා කතානම් ඒ තරම්ම වැඩිහිටියන්ටම වෙන් කල ඒවා නෙවෙයි.  ඒ උනාට අද කතානම් ඕන්න පොඩි එවුන් හෙම බලනවා නෙවෙයි. ඔය සුදු සිල් රෙදි පොරවගත්තු අයට උනත් දැන්ම මේ ටැබ් එක ක්ලෝස් කරලා දාන්ට පුලුවන්. පස්සෙ ඕන් කියන්න එපා මන් බලෙන් මෙව්වා පෙන්නුවා කියලා. :p

Thursday, March 15, 2012

හදිසි රිය අනතුරක්!

 මෙම බ්ලොග් අඩවියේ ලිපි ලියමින් මෙය පවත්වාගෙන යන අනුරාධ නම් වන මම, පහුගියදා දරුණු රිය අනතුරකට මුහුණ පෑවෙමි. මා පසුපස හඹා ආ පැපරාසි ජායාරූප ශිල්පියෙකුට එම අවස්තාව රූපගත ගර ගැනීමට හැකියාව ලැබී තිබේ. පහතින් ඇත්තෙ එම භයානක රිය අනතුර ඔහුගේ කැමරා ෆෝන් කාචය මත පෙල ගැසුනු ආකාරයයි.


අවවාදයයි!!!
හදවත් රෝගීන් හා සංවේදී හිත් ඇත්තන් මෙය නැරඹීමෙන් වලකින්න.

Monday, February 13, 2012

අහෝ........!!!

ප්‍රේම මන්දිරේ
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා

ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා

කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා

ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා

ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා

සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා

Thursday, January 19, 2012

තවත් අත්හදාබැලීමක්

මීට කලින් වතාවක් ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන මන් පොඩි පැහැදිලි කිරීමක් කලානේ. ඒ වගේම මම කරපු පුංචි අත්හදාබැලීමකුත් ඔයාලට දුන්නා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනට ගිහින් ඒක බලලා එන්න පුලුවන්.
එදා ඒ කල දේට ටිකක් විතර එහා ගිය තවත් අත්හදාබැලීමක් පහුගිය දවසක මන් කලා. එහා ගියා කිව්වට මහා ලොකු වැඩක් නෙවෙයි. හෙ හෙ හෙ.... ඒත් එදාට වඩා ගොඩක් වැඩියෙන් මහන්සි වෙන්නනම් උනා. මොකද අවශ්‍ය දේවල් ටික සුදානම් කරගන්නම පැය 5ක් 6ක් විතර ගියා. ෆොටෝ ශූට් එකට පැය දෙකහා මාරක් වගේ ගියා. කොහොම හරි අවසානයේදි ෆොටෝ 335ක් අරගෙන වැඩේ සාර්තකව නිමා කරගන්න පුලුවන් උනා. වැඩේට සහයෝගය ලබා දුන්නෙ අපේ නංගි. එහෙනම් ඔන්න මන් ඔයාලට වීඩියෝ එක දෙන්නම්. බලලා ඔයාලගෙ අදහස් කියලම යන්නකො.



මේ තියෙන්නෙ වැඩේ කරපු හැටි.

 මේ තියෙන්නෙ කැමර් එක රඳවන්න මන් විසින් ගෙදරදී නිර්මාණය කල අලුත්ම නිපැයුම. හබැයි බලලා හිනා වෙන්න එහෙම එපා. දුප්පත් කමට වෙන මොනා කරන්නද. :D

 
 එහෙනම් ඔන්න මන් ගියා. තව පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. ඒකත් අරගෙන ඊලඟ දවසෙ එන්නම්.

Friday, January 13, 2012

ABSORB හැදුන හැටි

කලින් පෝස්ට් එකෙන් මන් ඔයාලට දීපු කෙටි චිත්‍රපටිය ගොඩ දෙනෙක් බලලා තිබ්බනෙ. ඒ වගේම ඒ ගැන විවිධ අදහස් පල කරලත් තිබ්බා. ඇත්තටම ඒ ඔයාලගෙ අදහස් මට හුඟාක් වටිනවා. මොකද ඒ අදහස් තමයි මට ඉස්සහර වැඩකටයුතු වලට ලොකු හයියක් වෙන්නෙ. ඒක නිසා මගේ කෙටි චිත්‍රපටිය නරඹපු හා ඒ වගේම ඒ ගැන අවංක අදහස් පල කරපු හැමෝටම මන් මගේ හෘදයාන්ගම ස්තූතිය පිරිනමනවා. ඒ වගේම ඉදිරි වැඩකටයුතු වලදීත් මේ වගේම මාත් එක්ක ඉඳිමින් මට හයියක් වෙන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.

ගොඩ දෙනෙක් ආලෝකකරණය ගැන කතා කරලා තිබුනා. ඇත්තටම මට මේකෙ ඕන උනේ ටිකක් අඳුරු ගතියක් ලබා දෙන්න. මොකද මේකෙ කතා තේමාවත් ටිකක් ඩාක් එකක්. ඒකට ගැලපෙන විදියටම අඳුරු ගතියක් චිත්‍රපටිය තුල පවත්වාගන්න මට ඕන උනා. ඒත් ඒ තරම්ම ලොකු අපැහැදිලි අඳුරක් ඒකෙ ඔයාලා දැක්කා කියන එක මට ටිකක් හිතාගන්න අමාරුයි. මොකද මගේ මොනිටරේ මට ඒ තරම්ම ලොකු අපැහැදිලි අඳුරක් පේන්නෙ නෑ. ඒත් ඔයාල කිව්ව නිසාම මන් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් වෙනස් කර කර වගේම මැශින් කිහිපයකත් මේක ප්ලේ කරලා බැලුවා. ඒත් ඒ තරම් අවුලක් මට හොයාගන්න බැරි උනා. අනේ මන්දා. සමහර විට මට නොදැනෙන අවුලක් තියෙන්නත් පුලුවන්. කෝම උනත් ඊලඟ නිර්මාණය මන් හිතන් ඉන්නෙ අවුට්ඩෝර් එකක් කරන්න. ඒක නිසා අලෝකකරනය ගැන ලොකු ගැටලුවක් ඒකෙදි නැති වෙයි. :D

කිහිප දෙනෙක් තිර රචනය ගැන කතා කරලා තිබ්බ නිසා පොඩ්ඩක් ඒ ගැනත් කියන්න හිතුනා. ඇත්තෙන්ම මේකෙ මහා ලොකු කතා තේමාවක් නැහැ. ඉතාම සුලු සිද්දියක් ඉදිරිපත් කිරීමක් විතරක් වෙලා තියෙන්නේ. තිර රචනයේ අඩුපාඩු මීට වඩා ටිකක් පුලුල්ව පෙන්වලා දෙන්න පුලුවන්නම් මන් කැමතියි. මොකද එතකොට තමයි මට ඒ අඩුපාඩු ඉදිරියේදි නිවැරදිකරගෙන වඩා සාර්තක නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා වෙලාවක් තියෙනවනම් ඒ අඩුපාඩු ටික ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න කියලා මන් පුංචි ඉල්ලීමක් කරනවා.


මීට වඩා ගොඩක් දේවල් ඒ ගැන කියන්න නෑ. ඉදිරියේදි තවත් දේවල් අරන් ඔයාලව හම්බ වෙන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආයෙම වතාවක් ස්තූති කරනවා නරඹපු අදහස් දක්වපු හැමෝටම. ඒ වගේම ඔන්න ඇබ්සෝබ් හැදුන හැටි දැක බලාගන්න කැමති අයට මන් දෙන්න යන්නෙ Making of video එක. කට්ටිය ඒකත් බලලම යන්න කියලා අවසාන වශයෙන් ඉල්ලනවා.

Sunday, January 1, 2012

ABSORB-Short film


 ඔන්න කට්ටියට ටික දවසකට උඩදි මන් පොඩි කුතුහලයක් එකතු කලානේ පුන්චි පොස්ටර් එකක් දාලා. සමහරු බලන්න ඇති මේ මොකද්ද මේ යකා මේ කරන්න හදන්නෙ කියලා. සමහරු නොබලන්නත් ඇති. හෙ හෙ... කමක් නෑ. බලපු නොබලපු හැමෝටම මන් අද පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ.
TWO HEARTS ENTERTAINMENTS ගැන දැන් හැමෝම දන්නවනෙ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔය නම උඩ ක්ලික් කොරලා ගිහින් දැනගෙන එන්න පුලුවන්. ඔන්න එදා කිව්වා වගේම TWO HEARTS ENTERTAINMENTS වලින් කරපු පලවෙනි නිර්මාණය අද ඔයාලට පිරිනමන්න තමයි මම මේ සුදානම් වෙන්නේ.

ABSORB කියන්නෙ විනාඩි තුනක පමණ ධාවන කාලයකින් යුක්ත කෙටි චිත්‍රපටියක්. ඇත්ත්ටම මේක නිර්මාණය උනේ මගේ FILM AND TV STUDIES Diploma  එකේ ප්‍රොජෙක්ට් එක විදියට බාර දෙන්න. වෙනත් කතා වස්තූන් කීපයක්ම තිබ්බත් ඒ අතරින් මේකම තෝරගන්න උනේ අනෙක්වා නිර්මාණයට ගන්න නොයෙකුත් ප්‍රශ්ණ මතු උන නිසයි. ඒයින් ප්‍රධානම ප්‍රශ්ණයක් තමයි නලු නිලි ප්‍රශ්ණය. ඒක නිසා අවම නලු නිලි සංඛ්‍යාවක් භාවිතා කරලා ඉතාම සරලව කරන්න පුලුවන් දේට තමයි අත ගැහුවෙ. මේක කරද්දිත් යම් යම් ගැටලු ආවෙ නැතුවම නෙවෙයි. ඒත් අන්තිමේදි කොහොම හරි ඒවා සාර්තක ලෙස ජය අරගෙන මේක මේ විදියට නිම කරනන් මට හැකියාව ලැබුනා.

මෙහි රංගන දායකත්වය ලබාදෙන්නෙ දක්ෂිත මලීන් සොයුරා හා තවත් එක විශේෂ නලුවෙක්..... හෙ හෙ... ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. චිත්‍රපටියෙ පිටපත, කැමරාකරණය, සංස්කරණය හා අධ්‍යක්ශනය සිදු කලේ අනුරාධ නානායක්කාර වන මම විසින්. ඒ වගේම මේ කාර්‍යය සාර්ථක කරගන්න මට උදවු උන සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මුලු හදවතින්ම ස්තූති කරනවා.

හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි කෙටි චිත්‍රපටිය ප්‍රේක්ෂක ඔබට බාර කරනවා.  එහෙනම් සූදානම් වෙන්න ABSORB වෙන්න.
නරඹන්න. නරඹලා ඔබේ අදහස් ලබාදෙන්න. ඒක තමයි මට වටින ලොකුම දේ.