එදා ඔබ මා
කණට මිමිණූ
ගීත සිහිවන
රෑ පුරා
නින්ද නොනැගේ
සුසුම් වැගිරේ
දෙනෙත් පිය
තෙත්වන තුරා
හදේ ඈතම
කෙළවරක නුඹ
අගුළුලන්නට
වන නිසා
ගලක් තරමට
තද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා
යලි යලිත් සිත
මතුපිටට විත්
තෙරපෙනා
සිතුවිලි දරා
බොළඳ වන සිත
ඔබේ ගී ලඟ
හැකිද නවතනු
සවිදරා
කණට මිමිණූ
ගීත සිහිවන
රෑ පුරා
නින්ද නොනැගේ
සුසුම් වැගිරේ
දෙනෙත් පිය
තෙත්වන තුරා
හදේ ඈතම
කෙළවරක නුඹ
අගුළුලන්නට
වන නිසා
ගලක් තරමට
තද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා
යලි යලිත් සිත
මතුපිටට විත්
තෙරපෙනා
සිතුවිලි දරා
බොළඳ වන සිත
ඔබේ ගී ලඟ
හැකිද නවතනු
සවිදරා
හ්ම්ම්..
ReplyDeleteහිත තව තවත්
හිර කරලා
හිර කරලා
තිබ්බාට මන්
වතුරේ උඩ එන
රබර් බොලයක් වගේ
ඔයා එනවා උඩටම
ලස්සන කවියක්.. ඒත් හැඟීම ගැන හිතට ගොඩාක් දුකයි..
hm...m ivithe heti
ReplyDeleteහෑ වටින දෙයක්...
ReplyDeleteගලක් තරමට
ReplyDeleteතද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා
ලස්සන කවියක්
සංසාරේ......
ReplyDeleteගොළු වුනෙමි මම
ReplyDeleteතවත් කණකට
ගීත මුමුණනු
බැරි ලෙසින්
තබා ගමි නුඹ
හදේ සැම තැන
මලක් සේ
බැතිබර ලෙසින්
ඔබෙන් සමුගෙන
ඔහු වෙතට යමි
දෙගුරු සිත්
නොරිදෙන ලෙසින්.......
-
මල්ලියේ ඔයාගෙ කවි ලස්සනයි.ඒ නිසා ආස හිතුන පිළිතුරක් ලියන්න.