Tuesday, January 26, 2010

ජන්දෙ ඉවරෝ.........!

මෙච්චර දවසක් මහා හිසරදයක් වෙල තිබ්බ ජන්දෙත් ඕන් ඉවර උනා. හැමෝම උඩ දාගෙන දැඟලුවෙ මේකටනෙ. මාත් ඉතින් තකහනියක් ගාලු ගිහින් ජන්දෙ දාලා ආවා. එව්වත් කෙරෙන්න එපැයි. හැබැයි දැන් ඉතින් අහන්න එපා සුභ අනාගතයක් වෙනුවෙන්ද නැත්නම් ව්ශ්වාසනීය වෙනසක් වෙනුවෙන්ද ජන්දෙ බාවිතා කොලේ කියලා. එව්වා ඉතින් පුරසිද්දියෙ කියන්න හොඳ දේවල් නෙවෙයිනෙ. දැන් ඉතින් අපේ වැඩ කොටස ඉවරයි. දැන් වැඩේ තියෙන්නේ ජන්දෙ ගනන් කොරන මහත්තුරුන්ගෙ අතේ තමයි. හෙට ඉඳන්වත් කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි. සමහරවිට ඒත් බැරි වෙයි. මොකද හෙට ඉඳන් තව කාලයක් යනකන් දිනපු කස්ටියගෙ පුරාජේරු අහගෙන ඉන්න වෙයි. ඊට පස්සෙ මහ මැතිවරණෙ පටන් ගත්තොත් අයෙ ඉතින් මේ වගේ තමයි. කොහොමින් කොහොමින් හරි කමක් නෑ රටට සෙතක් වෙනවනම් එච්චරයි. කවුරු දිනයිද කවුරු අපේ ජනාදිපති වෙයිද කියන්න දන්නෙ නෑ. කවුරු දිනුවත් හෙට ඉඳන් කරන්න තියෙන්නේ ඒ දිනන කෙනාට සහයොගය දීගෙන ඉන්න 1 තමයි. එයා හරි නැත්නම් ඊලඟ ජනාදිපතිවරණෙදි අපිට ඒකට සුදුසු පියවර ගන්න පුලුවන්. තව කියන්න දේවල්නම් තියෙනවා. කියලා වැඩක් නැති 1 ඇත්ත. ඒත් හිතට එන දේවල් කියන්න ආසයි. ඒක හින්දා කියන්නම්. හැබැයි දැන්නම් වෙලාව නෑ. පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒක නිසා දැන් මන් යන්න ඕන. හෙට කියන්නම්කො වැඩි විස්තර. එහෙනම් බායි වේවා. අලුත් වෙච්ච පරණ ආණඩුව යටතෙ  හරි අලුත්ම අලුත් ආණ්ඩුවක් යටතේ හරි ආයි හම්බ වෙමු.

Monday, January 25, 2010

ඕන් මට දැන් 23යි.......!

ඕන් එහෙනම් මට අවුරුදු 23ත් ලැබුවා. මගෙ ජීවිතෙන් අවුරුදු 22ක්ම ඉවරයි. මගේ ගිණුමේ තව අවුරුදු කීයක් තියෙනවද කියල දෙයියො තමයි දන්නේ. මේ ගෙවුන අවුරුදු 22 දිහා අපහු හැරිලා බැලුවොතින්........අනේ මන්දා සතුටු වෙන්නත් බෑ. දුක් වෙන්නත් බෑ. ලැබීම් නොලැබීම් 2ම තියෙනවා. ඒ අතරින් නොලැබීම් පැත්ත වැඩියි. අපි බලාපොරොත්තු වෙන හැමදෙයක්ම අපිට ලැබෙන්නෙ නෑනෙ ඉතින්. නොලැබුන දේ ගැන හිතලා දුක් වෙනවට වැඩිය ලැබුනු දේ ගැන හිතලා සතුටු වෙන 1 හොඳයිනේ.  බුදු හාමුදුරුරුවොත් කියලා තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලනෙ.

Saturday, January 23, 2010

Image 1ක් ඇතුලේ Files හංගමු.

කලින් ලිපියෙන් මන් කියල දුන්නනේ Folder 1ක් අතුරුදහන් කරන්නෙ කොහොමද කියලා. අදත් මන් කියලා දෙන්න යන්නේ ටිකක් ඒ වගේ වැඩක්. Image 1ක් අතුලේ RAR file 1ක් හංගන්නේ කොහොමද කියල තමයි මන් අද කියල දෙන්න යන්නේ. මේකත් හරිම ලෙසි වැඩක්. මෙහෙමයි කරන්නේ.

Friday, January 22, 2010

Folder 1ක් අතුරුදහන් කරමු.

අපෝ මහ එපාම කරපු දවස් ට්කක්. එලොවටත් නැති මෙලොවටත් නැති වැඩක් අල්ලගෙන දඟලන්න උනා. තාමත් වැඩේ ඉවර නෑ. ඒක ඉවරයක් වෙනකල් සැනසිල්ලෙ නිදාගන්නනම් හම්බ වෙන්නෙ නෑ. එකෙන් මේකෙන් දවස් දෙක තුනකින් මොකුත් ලියන්නත් බැරි උනා. ඔන්න ඒ හින්ද අදනම් මොනවාහරි ලියන්න ඕන කියල හිතුවා. පහුගිය ටිකේ කාටවත් ප්‍රයොජනයක් නැති බහුබූත ලියපු නිසා අද ටිකක් වැදගත් දෙයක් ලියන්න ඕන කියල තීරණය කලා. ඒක නිසා කටත් වැදගත් වෙන්න පුලුවන් දෙයක් තමයි මන් අද කියන්න යන්නෙ. සමහරවිට කට්ටිය මේක දන්නවත් ඇති. කමක් නෑ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඒයාලා වෙනුවෙන් ඕන් මන් මේක ලියනවා.

Tuesday, January 19, 2010

සුභ පතමි ඈතින් ඉඳන්.....

මා දිවි අරණේ සෑමදා නුඹ
සිටී යැයි මා සිතු තරම්
ඒ සිතුවිල්ලම කඳුලක් වීලා
මා දෙනෙතට වද දෙන තරම්

පෙම් වදන් සිහිවෙයි කියූ නුඹ
මගේ තුරුලට වී ඉඳන්
කඳුලු බිඳු වල රසය සොයනෙම්
අතීතය ඒ සිහි කරන්

නුඹට මා නැත මට නුඹඳ නැත
නොමැත එක් වීමට වරම්
තනිව වැලපෙමි තනිව විඳගමි
විරහ දුක මහ මෙර තරම්

නුඹව සිහිවෙයි කඳුලු වැගිරෙයි
ඉවසගමි නෙත් තද කරන්
වෛර කරනට නොහැක නුඹ හට
සුභ පතමි ඈතින් ඉඳන්

Monday, January 18, 2010

බලා ඉඳිමි.....

නෙතු මගේ රිදුම් දෙයි
ඔබ එතැයි බල බලා
සිත මගේ ඉකි බිඳියි
ඔබ ගැනම සිත සිතා
සියුමැලියි පියකරුයි
කියා තුරුලට ගත්ත
ආදරේ දුර ගොසින් සැඟවිලා
හදේ පිපි පෙම් කුසුම්
අද ඔහේ පරවෙලා

ඔබ වතට තුරුලු වී
ඔබෙ සුවඳ සිත පුරා
විඳගන්න සැනසෙන්න
නොලැබෙයිද යලි සදා

හීනියට කඳුලු බිඳු
පිරෙදිදී නෙතුපුරා
මතකයන් වල ගිලී
ගෙවමි මම රැ දිවා

ආදරේ සුව යලිත්
මගෙ හදට එක් කරන්
බලා ඉමි සිහිනයෙන් වත්
ලඟට එයි කියා......

Sunday, January 17, 2010

ආදරණීය පෙම්වතිය වෙත ලියමි...

ආදරණීය පෙම්වතිය වෙත,
                         තවත් කොපමන කලක් ඔබට මාගේ පෙම්වතිය කියා ඇමතිමට ලැබේදැයි මා නොදනී. ජිවීත කාලය මුලුල්ලේම එසේ ඇමතිමට මගේ හිත අශා කරයි. පසු කලෙක මගේ බිරිඳ වශෙයෙන් ඔබව ආමන්ත්‍රනය කිරිමටද මගේ හිත ලොබ බැඳ සිටී. එහෙත් අප පතන දේ එලෙසින්ම ලබා දීමට තරම් දෛවය කාරුණික නැත. සමහරවිට ඉදිරියේදි ඔබට මගෙ පෙම්වතියයැයි ඇමතීමේ වරම මගෙන් ගිලිහී යනු ඇත. එහෙත් එසේ වනුයේ මා එසේ ඇමතිමට අකමැති නිසා නොව එසේ ඇමතීම ඔබේ අනාගතයට සුබදායක නොවීමට ඉඩ ඇති බැවිනි.
                එක් අතකින් මා මේ කරනූයේ නිශ්පල කාර්ය්‍යකි. බොහෝවිට මෙය කිසිදාකත් ඔබහට කියවීමට නොලැබීමටද පිලිවන. කියවීමට ලැබුනත්, ඔබේ හිතේ පැලදියම් වූ අදහස් වෙනස් කිරීමට තරම් මා සමත් නොවනු ඇත. ඒ අතින් බැලූ විට මා මේ කරනුයේ බොරු වැඩකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිකරුනේ කාලය කා දැමීමකි. කමක් නැත. මම ලියමි. දුක හිතේ හිර කරගෙන සිටිනවාට වඩා ඒ දුක පැවසීමේන් හිතට යම් සහනයක් ලැබෙන බව මා අසා ඇත. එබැවින් මම ලියමි. මගේ හිතේ තෙරපෙමින් වද විඳින දුක වේදනාව මෙසේ අකුරු කරමි.
                    මගේ ලිපියෙ කිසි පිලිවෙලක් නැතැයි ඔබ දොස් නගනු ඇත. වචන ගැලපීම අන්තිමයැයි ඔබ චෝදනා කරනු ඇත. මම පිලිගනිමි. හැඩ කරමින්, ලස්සන කරමින් පද, ගලපමින් ලියන්නට තරම් මගේ මනස නිරවුල් ත්ත්වයක නැත. මා කරනුයේ හිතේ තෙරපෙන අදහස් එක පෙලට ලියාගෙන යෑම පමණි. මා ඔබෙන් එක ඉල්ලීමක් කරමි. හදිසියේ හෝ ඔබට මෙය කියවන්නට ලැබුනහොත් මෙය අවසාන වනතුරු කියවන්නයැයි මම ඔබෙන් අහිංසක ලෙස ඉල්ලමි. මගේ ඉල්ල්ලිමට ඔබ කන් දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

Friday, January 15, 2010

ආදරණිය කඳුලු බින්දුව

හදවත රිදුම් දීගෙන වේදනාව පැතිර යද්දි ඔයාගේ වදන් අයෙත් පාරක් මතකයට නැගුනා. ඔයා එක්ක ගත උනු ඒ සුන්දර අතීතය සිහියට නැගෙද්දි, ඒ සුන්දර දවස් අයෙමත් මගේ ජිවිතේට එන්නේ  නෑ කියල සිහි වෙද්දි  මුලු හිතම දරගන්න බැරි තරමේ වේදනාවකින් පිරිලා ගියා. අතීතය, අනාගතය, ඔයාගේ ආදරයට මැදි වෙලා මගේ හිත හොල්මන් කරද්දි පෑනට අත ඇදිලා ගියේ නිරායසයෙන්ම. අතැඟිලි වලට මැදිවෙච්ච පෑන කොලේ පුරා දුවද්දි මගේ කඳුලු හිත දෝරෙ ගලුවා.

Thursday, January 14, 2010

හරක් මස් කන්නේ නැද්ද? ඇයි ඒ?

අද මට ලස්සන කතාවක් කියවන්න ලැබුනා. බ්ලොග් කියවගෙන යදිදි තමයි මට මේක හම්බ උනේ. Lishwishගෙයි බින්කුගෙයි (ඇත්ත නම් දන්නේ නෑ. තිබ්බ නම් තමා මේ) කතා කරළිය කියන බ්ලොග් එකේ තමයි මේක තිබ්බේ. ඒක කියවල බලන්නකො මුලින්. හරි ලස්සන කතාවක්. කලින් කියවලත් ඇති බොහෝ දෙනෙක්. අයෙ සැරයක් කියෙව්වත් පාඩු නෑ. ඒ තරම් ලස්සනයි. මෙන්න ලින්ක් 1.

http://kathakaraliya.blogspot.com/2009/07/blog-post_15.html


ඒක කියවලා ප්‍රතිචාරයක් දාන්න කියලා හදද්දි මට හිතුනා මගේ බ්ලොග් ඒකේ ඒ ගැන සටහනක් දැම්මනම් වඩා හොඳයි කියලා. මොකද ඔය හරක් මස් මතෘකාව ගැන කියන්න ගොඩක් දෙවල් තියෙන නිසා. එකේ කස්ටිය ප්‍රතිචාර එහෙමත් දාලා තිබ්බා හරක් මස් කන 1ට බැනල. ඒක දැක්කට පස්සෙ තමයි මගේ අදහසත් කියන්න ඕන කියල හිතුනේ. මොකද මටනම් හිතෙන්නෙ වෙනම දෙයක්. ඔයලා මත් එක්ක එකඟ වේයිද නැද්ද කියලා මන් දන්නේ නෑ. ඒත් මගේ අදහස මන් කියන්නම්.

Wednesday, January 13, 2010

MR ද SF ද ?

දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ කියලා  හිතාගෙන හිටියත්, මේ දවස් වල ඡන්ද උණුසුම තදින්ම තියෙන නිසා ඒ ගැන පොඩි සටහනක් දාන්න හිතුනා. මං මේ හදන්නේ කටවත් කඩේ යන්න එහෙම නෙවෙයි. ඔන්න වරදවා තෙරුම් ගන්න එහෙම එපා. ඔයලගේ දේශපාලන මතවාද ඔයලාම තියගන්න. මං මේ හදන්නේ එවා වෙනස් කරන්න නෙවෙයි. දේශපාලනය කොයි තරම් අපෙ ජීවිත වලට අනිසි විදියට බලපානවද කියල පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න විතරයි මට ඕන කරන්නේ

Monday, January 11, 2010

ලේ...ලා...ලී...ලූ...ල...

ගෙදර ගිහින් පරණ පොත් වගයක් අවුස්සද්දි කලෙකට ඉස්සර ලියපු කවියක් හම්බ උනා. මේක මම ලියල තියෙන්නේ 2006දි. ඒ දවස් වල පාඩම් කරන්න කියලා පුස්ථකාලෙට ගියනේ. එකෙදි පාඩම් කරාට වඩා කලේ කවි ලියපු එක. (ඒකනෙ අද මට මෙහෙම වෙලා තියෙන්නේ.) මෙකත් එකෙදිම ලියපු කවියක්. සෑහෙන්න කලෙකට පස්සෙ ඔය කවිය අයෙත් මගේ අතට හම්බ උනේ. ඒක කියවද්දි හිතුනා බ්ලොග් 1ට දැම්මනම් හොඳයි කියලා. කියවලා බලන්නකෝ.

Friday, January 8, 2010

පව් අනේ !

හෙටයි අනිද්දයි නිවඩුයිනෙ. ඒක නිසා ගෙවල් පැත්තෙ ගිහිල්ල එන්න කියල කල්පනා කලේ. ගොඩ දවසකින් ගෙදර යන්න බැරි උනා. යන්න කලින් පොඩි බඩ්ඩක් දීලා යන්න හිතුවා. මේක මීට දවස් කීපයකට කලින් මට ලැබුන  mail 1ක තිබ්බේ. ඇත්තක්ද බොරුවක්ද

Thursday, January 7, 2010

වැඩේ හරි

බ්ලොග් 1 පටන් අරන් දවස් 5ක් විතර ගියාට මොකද තාම මොකුත් ලියන්න බැරි උනා. මේ ටිකේම ලියන්න තියෙන වෙලාව වැය උනේ අතුරු මුහුණත හදන වැඩ වලට. අන්තර්ජාලෙන් හොයගෙන අලුත් ඇඳුමක් ඇන්දුවා. ඊට පස්සෙ ප්‍රශ්ණ ගොඩයි. ඒ ටික හරිගස්සගෙන මට ඕන විදියට හදාගන්න හෙනම ගේමක් දෙන්න උනා. ජීවිතේට අත තියලා HTML නැති වලටත් අත තිබ්බා. හැබැයි ඒ වැඩෙන් HTML  ගැනත් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගත්තා. දැන් ඉතින් වැඩේ හරි. තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනව. ඒවා එච්චරම ලොකු දෙවල් නෙවෙයි. පස්සෙ හෙමිහිට ඒ ටිකත් හදල දාන්න ඕන. අනිත් ලොකුම ප්‍රශ්නෙ වෙලා තිබ්බෙ

Sunday, January 3, 2010

ආයුබෝවන්!

ඕන් එහෙනන් හා හා පුරා කියලා ආයුබෝවන් කියලම වැඩේ පටන් ගත්තා‍.
කාලෙක ඉ
ඳන් ලියන්න ඕන කියලා හිත හිත හිටියට එක එක හේතූ නිසා ඒක කල් ගියා. අලුත් අවුරුද්දෙ හිතාගත්තා මොන වැඩේ තිබ්බත් ලියනවා කියලා. කොභොමින් කොභොම හරි වැඩේ පටන් ගත්තා. දැන් ඉතින් දිගටම ලියන එක තමයි කරන්න තියෙන්නෙ. හැබැයි ඉතින් මම සෝඩා බෝතලේ වගේ මිනිහා. උඩ දාගෙන පටන් ගත්තට කල් යද්දි කම්මැලිවෙලා අත ඇරල දානවා. මේකටත් ඒ ආනිසන්සෙම උරුම වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ. ඔක්කෝටම වඩා එපා වෙන්නෙ සිංහලෙන් කොටන එක තමයි. ඔයාලා අහයි ඇයි ඉතින් ඉංගිරීසියෙන් කොටනනෙ නැත්තෙ කියලා. මට ඔය සුද්දගෙ බාසාව එච්චර දිරවන්නෙ නෑනෙ. ( ඒ කියන්නෙ එච්චර දන්නෙ නෑ කියන එක තමයි. ) බලමුකො ඉස්සරහට. දිගටම ලියද්දි අත හුරැ වේවිනෙ.