Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Monday, March 23, 2015

මායාව සජීවී කොට...

තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. මිනිස්සු තාක්ශ්නය භාවිතා කරලා විවිධ මායාවන් සිදු කරන්න පෙලඹෙනවා. අතීතයේ ඉඳන්ම මිනිස්සු මායවන් වලට ඇලුම් කලා. මායාවන් ගවේශණය කලා. අලුත් මායාවන් සොයාගෙන ගියා. තාක්ශණයත් මායාවත් එකට සම්බන්ද වෙලා ගමන් කරන්න ආරම්භ වෙන්නෙ ඒ තිබ්බ අසීමිත කුතුහලයත් එක්ක.

Augmented reality කියන්නෙත් ඒ විදියට තාක්ෂණය ඔස්සේ මායාව අපි සමීපයට අරගෙන එන එක්තරා ක්‍රමයක්. මේක ටිකක් සංකීර්ණ තාක්ෂණයක්. මේ ඔස්සේ විවිධාකරයේ පර්යේෂන දියුණු රටවල සිදු කෙරුනා.

මෙහිදී ප්‍රේක්ශකයට අවස්ථාව ලැබෙනවා තමන් අසල නොමැති යම් දෙයක්, සැබැවින්ම තමන් අසල තිබෙනවායැයි හැඟීම ඇතිව ඒ දේ සමග අන්තර් ගනුදෙනු කරන්නට.  මෙහෙම කිව්වට තරමක් අපැහැදිලියි වගේනම් මෙන්න මේ විකිපීඩියා පිටුවට ගිහින් වැඩි විස්තර බලාගෙන එන්න පුලුවන්.

http://en.wikipedia.org/wiki/Augmented_reality

මෙකේ විවිධාකාර මට්ටම් තියෙනවා. ඉහල මට්ටම් වලදි, තමන් ඉදිරියේ සිදු වෙන්නෙ මොකද්ද කියලා නරඹන්නාට සිතාගන්නත් බැරි වෙන තරම් එහි තාක්ෂණය දියුනුයි. මෙය මිනිසුන්ව පුදුමයෙනුත් පුදුමයට පත් කරන තාක්ශණික මායාවක්.

ඉතින් මන් මේ පෙරවදන ලබා දුන්නේ එක විශේෂ දෙයක් කියන්න අවශ්‍ය නිසයි.

ඒ තමයි මේ තාක්ශ්ණයේ එක් පියවරක් පසුගියදා ලංකාව තුල සිදු කෙරුනා. මා දන්නා මට්ටමින් මෙවැනි දෙයක් ලංකාව තුලදි මිනිසුන්ට දැකගත හැකි වූ පලමු අවස්ථාව මේකයි.  2015 පෙබරවාරි 21 වන දින වාද්දූව The Blue Water හෝටලයෙදි තමයි මේ දේ  සිද්ද කෙරුනේ. නිමිත්ත උනේ Peoples leasing & Finance PLC ආයතනය මගින් පවත්වපු උත්සවයක්.  උත්සවය සඳහා පැමිණෙන අමුත්තන්ට උත්සව ශාලාවට පිවිසෙන්නට පලමුවෙන් යම්කිසී විනෝදාත්මක හා විශ්මයජනක අත්දැකීමක් ලබා දෙන්න තමයි මේ දේ සිද්ද කෙරුනෙ.

මා මේ තරම් ආඩම්බරයෙන්  යුතුව මේ ගැන සඳහන් කරන්නෙ මේ දේ සිදු කෙරුනෙ අපි විසින් වන නිසයි.  AV:LAB කණ්ඩායම විසින් සිද්ධ කෙරුණු තවත් අපූර්ව වැඩක් තමයි මේක.






මේ රූප පෙල සමහර අයට මතක ඇති. මේ රූප පෙල දැකපු ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා, මොකද්ද මේ ශූට් එක? කියලා. හැබැයි ඒ ගොඩක් අයට මන් දුන්නෙ එකම උත්තරයයි.

"දැන් මෙහෙම පැහැදිලි කරාට තෙරෙන එකක් නෑ. ඉන්නකො වැඩේ ඔක්කොම ඉවර වෙලා එවෙන්ට් එකෙ විඩියෝ එක හදලා, ඒක පෙන්නන්නම්කො. එතකොට හරියට තෙරෙයි."

අන්න ඒ පොරොන්දුව තමයි මන් මේ අද ඉශ්ට කරන්න යන්නෙ.

මුලින්ම අපි කලේ මේ ශූට් එක කරපු එක. ඊට පස්සෙ එකෙ වීඩියෝස් තමයි ඉවෙන්ට් එක දවසෙ අපි භාවිතා කලේ. සරලව පැහැදිලි කලොත් මෙහෙමයි. නරඹන්නන් LED තිරයක් ඉදිරියට එනවා. LED තිරය උඩින් තියෙන කැමරාවක් මගින් ඒ නරඹන්නන්ව රූපගත කෙරෙනවා. ඒ දර්ශන LED තිරය මත දිස් වෙනවා. දැන් ඔන්න නරඹන්නන්ට තමන්වම දැකගන්න පුලුවන් LED තිරයෙන්. හැබැයි ඔන එයාලා පුදුමයට පත් වෙන්නෙ තමන් ඉස්සරහ ඇත්තටම ඒ වෙලාවෙ නැති රෝමන් සූරූපිනියක්, සොල්දාදුවන්, වහල්ලුන් තමන් අසල ඉන්නවා වගේ LED තිරය තුලින් දකිනට පටන් ගත්තමයි.

ඔහොම කිව්වට වැඩක් නෑ. ඔන්න මේක බලලම තේරුම් ගන්නකො.


THE COLOSSEUM IN AUGMENTED REALITY // AV:LAB // PLC from AV:LAB

තාක්ශණයේ තවත් අලුත් මුහුණුවරකින් හමු වෙමු!

Monday, October 21, 2013

නගා අත්තල වඳිමු මත්තල

පහුගිය දිනෙක නිවැසියන්ද සමඟ කතරගම වන්දනා ගමනකට සහභාගි වීමට මට හැකියාව ලැබිනි. කතරගම යන අතරමග දැකබලාගැනීමට යන ස්ථාන අතර තිබූ එක් විශේෂිත ස්ථානයක් පිලිඹදව ලිවීමට බලවත් ආශාවක් මා සිත තුල ජනිත වූයේ මා එම ස්ථානයේ සිටින අතරතුරමය.
මත්තල. තවත් සම්පූර්ණ කොට පැවසුවහොත්, මත්තල ගුවන් තොටුපල.
ඇත්තෙන්ම මා එහි ගිය ගමන මත්තල ගුවන් තොටුපල පිළිඹඳව මගේ සිත තුල එකතු වී කුණු වී ගඳ ගසිමින් තිබූ බොහෝ දුර්මතයන්, හිරු දුටු පිණි මෙන් වීනාශ වී ගිය බව කියනු ලබන්නේ හද පුරා නැගෙන ඉමහත් වූ සතුටකිනි.
එහෙට මෙහෙට නැවෙන දිව හතර අතර සොලවමින් මිනිසුන්ට තමන් රිසි දේ කීමට හැකි බව මම දැන සිටියෙමි. සිය කුහක සිත් වල තිබෙන අසංතෘප්ත හැඟීම් මුව හරහා එලියට මුදාහරින මිනිසුන්ගෙන් පිරී ගිය සමාජයක අපි ජීවත් වන බවද මම දැන සිටියෙමි. එසේ වී තිබියදීත් මෙතෙක් කලක් එවැනි මිනිසුන්ගේ හිස් වදන් හිස මත නංවාගෙන මගේ මනස දූෂිත වන්නට ඉඩ හැර බලා සිටි අන්දම ගැන සිහිපත් වනවිට මට ඇති වන්නේ සියුම් ලැජ්ජවකි. කෙසේ හෝ එම තත්වයෙන් මිදී පමා වී හෝ මෙලෙස සත්‍යය වටහාගෙන නුවණැසින් යුතුව බැලීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයකි.  මේ සටහන ලියනු ලබන්නේ අඳුරු වළාවන්ගෙන් වැසී ගොස් තිබෙන දෙනෙත් යම් තරමකින් හෝ පාදාලීමට හැකියාව ලැබේවීයි යන අපේක්ෂාවෙනි.

සැබැවින්ම වෙනත් රටක් වෙත පියාසර කරන කෙනෙකුට විනා වෙනත් කෙනෙකුට කටුණායක ගුවන් තොටුපල තුලට ඇතුළු වීමට හෝ අවසර නැත. ගුවන් තොටුපලක් තුල ඇති අසිරිය විඳගැනීමට භාග්‍යය ලැබෙන්නේ ගුවන් ටිකට් පතක් සිය ඇඟිලි අතර රඳවාගත්තෙකුට පමණි. එබැවින් ගුවන් ගත වීමට අවස්ථාවක් නොලැබෙන සාමාන්‍ය ජනයා දිනපතා පසුවන්නේ ඒ ගැන මහත් වූ කනස්සල්ලකිනි.
අප ගුවන්යානා වලට ප්‍රිය කරන්නේ කුඩා කල සිටමය. මා කුඩා කල ඈතින් ගුවන් යානයක හඬ ඇසෙද්දි නිවසේ බඩු භාහිරාදියද පෙරලාගෙන මිදුලට දිව ගොස් ගුවන් යානය මාගේ දෑස් මානයෙන් මැකී යන තුරුම අහස්කුස මත දෑස රඳවාගෙන සිටි අයුරු මට මතකයට නැගෙයි. අදට පවා ගුවන් යානයක් අහසේ පියාසර කරන අයුරු දැකීමට මම ප්‍රිය කරමි. ඔබ බහුතරයක් දෙනා එම ප්‍රියතාවය හදවතේ රුවාගෙන ජීවත් වන බව මම දනිමි. ගුවන් යානයක් ඉහල අහසේ පියාසර කිරීම වරින් වර හෝ දැකගත හැකි වුවත්, ගුවන් යානයක් පොළව මත තිබෙන අයුරු දැක ගත හැකිවන්නේ සීමිත පිරිසකට පමණි. ගුවන් යානය පොලවේ සිට ඉහල අහස වෙත ඔසවනු ලබන ඒ විශ්මයජනක අවස්ථාව සජීවීව නැරඹීමට භාග්‍යය ලැබෙන්නේ අතලොස්සකට පමණි. අප අතරින් බොහොමයක් දෙනෙක් ඒ භාග්‍යය නොවිඳම සිය ජීවිතය හමාර කරයි. මත්තල ගුවන් තොටුපල ඉදිවන්නේ එවන් අවධියකය.

සැබැවින්ම මත්තල ගුවන් තොටුපල අප වැනී පිපාසිත ජනයා වෙනුවෙන් තැනුනු සිසිල් දිය කඩිත්තක් වැන්න. ජීවිත කාලය පුරාම ගුවන් යානයක් දෑසට සමීපව දැකබලාගත හැකි නොවෙතැයි පසුගාමි වී සිටි අපට, ගුවන් තොටුපලක් තුල ඇති සුන්දරත්වය විඳ ගත හැකි නොවැතැයි විලාප නගමින් සිටි අපට මත්තල ගුවන් තොටුපල කදිම වූ තෝතැන්නකි. සැබැවින්ම එය ඉදිවන්නේ අප වෙනුවෙනි. අපගේ සිත්වල තිබූ පසුගාමී බවට මනා පිළියමක් වශයෙනි.
අප අතර සිටින කුහකයින්ට මෙය ඇසට කටු අනින්නාක් මෙනි. එබැවින් විවිධාකරයේ දූෂිත තොරතුරු පතුරවමින් මත්තල ගුවන් තොටුපල පිළිබඳ වැරදි අදහස් සමාජය තුල ස්ථාපිත කිරීමට වෙර දරයි. නුවණති මිනිසුන් ලෙස අපි ඒවාට අසුවිය යුතුද නැද්ද යන්න අපම තීරණය කල යුතු වේ.

මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමේ අරමුණ ගුවන් ගමනාගමනයට සහාය වීම නොවේ. අප එය පලමුකොට තේරුම් ගත යුතුය. එහි සැබෑ අරමුණ නම් මා ඉහත විස්තර කල දෙයයි. මෙය ගුවන් තොටුපලක ආකෘතියකි. රටට හිතැති මිනිසුන් ලෙස අප කල යුත්තේ කුහකයන් ලෙස ගැරහීම නොවේ. මෙතරම් ධනස්කන්දයක් වැය කොට අප වැනි තුන්වන පන්තියේ මිනිසුන් උදෙසා මෙවැනී උසස් නිර්මාණක් බිහි කිරීම ගැන ප්‍රසංසා කිරීමයි.

සියල්ලන්ට ප්‍රථමයෙන් මේ උසස් නිර්මාණය නැරඹීමට යන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. කිසිඳු මුදලක් අය නොකොට නොමියලයේ ලබා දෙන එම අවස්ථාව නොපමාව ලබාගෙන ඔබගේ සිත් වල හිරවී තිබෙන ආශාවන් සංතර්පණ කරගන්නා ලෙස ඉල්ලමි.
මම ඒ භාග්‍යය වින්දෙමි. බොහො දෙනා එම භාග්‍යය විඳින අයුරු දුටුවෙමි. වයස් භේදයකින් තොරව බාල තරුණ මහළු සෑම අයෙක්ම ගුවන් යානා අංගනය පිටුපස වීදුරුවේ එල්ලි ගුවන් යානා ඉහල නංවන අයුරු විසල් කරගත් දෑසින් යුතුව බලා සිටින අන්දම දැක මගේ දෙනෙතට සතුටු කඳුලු ඉනුවේය. පොෂ් යැයි සම්මත ඇඳුම් විලාසිතා වලින් සැරසුනු තරුණ රූමත් යුවතියන් පවා, තම රෝස කොපුල් වීදුරුවට තද කරගෙන එම සුන්දර දසුනේ අසිරිය සිය දෙනෙත් වල මෙන්ම කැමරා වලද සටහන් කරගන්නා අයුරු දැකගත හැකිවිය. එම දසුන මගේ සිතට මහත් ආඩම්බරයක් ඇති කරන්නට සමත් විය. අපේ රටේ අනාගතය ගැන ඉතාමත් ස්ථාවර බවක් මගේ සිතේ ජනිත විය. අපගේ පාලකයන් ගැන ඉතාමත් ආදරයකින් මගේ සිත පිරී ගියේය. මා හැකි ඉක්මනින් ගුවන් තොටුපලින් පිටතට ආවේ තවත් වෙලා ඇතුලට වී සිටියහොත් එම ආදරය පිරී ඉතිරී ගොස් දරාගත නොහැකිව මා පුපුරා යැතැයි බියක් මා සිත තුල ඇති වූ බැවිනි.

මා පිටතට පැමිණෙන විට වන්දනා බස් රථ 5ක් පමණ රථ ගාලේ නවතා තිබෙනු දැකගත හැකිවිය. නුදුරු අනාගතයේදි මෙම රථ ගාල වන්දනා රථ වලින් පිරී යනු ඇත. එවිට අප රට ආසියාවේ ආශ්චර්යය වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි වනු ඇත.



Monday, August 20, 2012

රාවණා සිද්ධම්!!!

තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා කතාවට කිව්වට මම සාමාන්‍යයෙන් කරන්නෙ ඔයිට ටිකක් වෙනස් දෙයක්. තැටිය ටිකක් නිවෙනකම් ඉඳල ආයෙ තැටියට ගින්දර ටිකක් දාන එක තමයි මගේ පුරුද්ද. අදත් මේ කරන්න ලක ලැහැස්ති වෙන්නෙ ඒ වගේ වැඩක් තමයි. මගේ රොටිය පුච්චගන්නවට වඩා මේ ගින්දර ටික මන් තැටියට දාන්නේ මුලු මහත් හෙල යකුන්ගේම සුභ සිද්ධිය සඳහා බව හැමෝම හිතට ගත්තොත් හොඳයි. 
 ගරු රාවණා තුමා ගැන මන් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපේ මී ප ල වා නේ උතුමා තමන්ගෙ ජීවිතයත් පරදු කොට තියල ඒ ගැන හැමෝටම හසල අවබෝධයක් ලබා දීලා තියෙන්නෙ මේ වනවිට. එතුමා රාවණාගෙ ශක්තිය ගැන කියද්දි හිනා උන හෙළ යක් විරෝධී අධර්මිෂ්ටයින්ට පාඩමක් උගන්වන්න තමයි මන් අද සැරසෙන්නෙ. අනුරාධ නානායාක්කාර කියන්නෙ කවුද කියලා මන් පෙන්නලා දෙද්දි හිනා උන මිතදුටුවන්ට මගේ තරම පෙන්වන්න තමයි මන් අද ලැහැස්ති වෙන්නේ.

අනුරාධ
අනු = අනුගාමිකයා
රා = රාවණා
ධ = ධර්මය
අනුරාධ = රාවණා ධර්මයේ අනුගාමිකයා

නානායක්කාර
නා = නාඹ = තරුණ
නා = නායකයා
යක් = හෙළ යකුන්
කා = කාර්යය
ර = රකවල = රැකගැනීම
නානායක්කාර = හෙළ යකුන් රැකගැනීමේ කාර්යයේ තරුණ නායකයා

එදා මන් මට පුලුවන් දේවල් පෙන්නන්නම් කියද්දි කට්ටියම මට ඔච්චම් කලා. ඔන්න මන් අද පෙන්වන්න යන්නෙ මට පුලුවන් දේවල් වලින් එක පොඩි දෙයක්. මේක ලෙහෙසි නෑ. කුණ්ඩලිණී යෝගයට සමවැදිලා ලබාගත්තු රාවණා ශක්තියෙන් තමයි මන් මේ පෙන්නන්න යන දේ කරන්නේ. ඔයාලටත් අත්හදා බලන්න ඕනේනම් මුලින්ම රාවණා ගැන විශ්වාසය හිතේ ඇති කරනගන්න වේවි. ඊට පස්සෙ කුණ්ඩලීනි ජෝගයට සමවැදිලා රාවණා ශක්තියට ලඟා වෙන්න පුලුවන්. මී ප ල වා නේ උතුමා උදවු කරාවි ඒක කරන විදිය ගැන කියලා දීලා.
පැඩි පුරසාරම් ඕනේ නෑ. කතාවෙන් පෙන්නනවට වඩා වැඩෙන්ම පෙන්නන එක හොඳයිනේ. ඒක නිසා ඔන්න බලාගන්නකො, රාවණා ශක්තියෙන් වැඩ ගන්න හැටි.
රාවණා සිද්ධම්!!!

Sunday, June 13, 2010

ඔබේ අවධානය පිණිසයි...........

                             පහුගිය දිනක එක්තරා ඉංග්‍රීසි පුවත්පතක පලවී තිබූ ලිපියකි ඒ ඔබ දුටුවේ. එය කියවූ වහාම මගේ හිස මහත් වූ විමතියකින් පිරී යන්නට විය. මා පාසල් යන අවදියේද ගාල්ල නගරය තුල මෙවැනිම සිදුවීම් සිදුවූ බව මට අසන්නට ලැබී තිබිනි. එයට ප්‍රධාන හේතුව වූයේ ගාලු කොටු පවුර එදා සිටම පෙම්වතුන්ගේ පාරාදීසයක් වී තිබූ බැවිනි. කොටු පවුර වෙත ගිය දිනෙක කුඩවලින් සිය පෞද්ගලිකතවය ආවරණය කරගනිමින් නිදහසේ පෙම්සුව විඳින පෙම් යුවලක් දැකගත නොහැකි වුවහොත් එය පුදුමයට කරුණක් වනු ඇත. කලකට පෙරනම් මෙය ඉතාමත් කතාබහට තුඩු දුන් මාතෘකාවත් වුවමුත් අද වන විට එය ඉතාමත් සාමාන්‍ය දසුනක් වී ඇති බැවින් ඒ ගැන විචාරයන් අල්ප වී තිබේ. නමුත් ඉහත ලිපිය කියවන විට මට වැටහී ගිය දෙයනම් පෙම්වතුන්ට තිබූ එම අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. කෙසේ වෙතත් එම ලිපිය කියවීමෙන් අනතුරුව මේ පිලිබඳව මට හැඟෙන දේ ගැන යම් සටහනක් කලොත් මනා යැයි හැඟී ගිය බැවින් මේ ලිපිය මෙසේ අකුරු කරන්නෙමි. මා සියයට සියයක් නිවැරදියැයි මා නොපවසමි. මේ මට හැඟෙන හැටිය. වැරැද්දක් ඇතිනම් පෙන්වා දෙන මෙන් මා පලමුවෙන්ම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙය සංවාදයට විවෘත කරුණක් බව සිහි තබාගන්න.
                                  පෙම්වතුන් හා පොලීසිය අතර සිදුවන මෙම ගට්ටනය අද ඊයේ පටන් ගත්තක් නොව, බොහො කලක පෙර සිට පැවත එන්නකි. මා පලමුව කිවාක් මෙන් මම කුඩා කලද මෙවැනි සිදුවීම් අනේකවාරයක් අසා ඇත්තෙමි. ආදරය කිරීම හා ආදරය ලැබීම යනු මිනිසෙකු සතු අයිතිවාසිකමකි. එය වැලැක්වීම සඳහා කිසිවෙකුටත් අනිසි බලපෑම් කල නොහැක. නමුත් පොලීසිය විසින් කරන්නාවූ මෙවැනි ක්‍රියාවන් එම අනිසි බලපෑම් ගොන්නට වැටෙන බව ඔබටද වැටහෙනු ඇත. "ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරීම". පොලීසිය විසින් ඔවුනට එල්ල කරන චෝදනාව එයයි. ඇත්තෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක එසේ අනාචාරයේ හැසිරුනේනම් එය බලවත් වරදකි. මක් නිසාද යත් අපේ සංස්කෘතිය විසින් එවැනි ක්‍රියාවන් අසම්මතයන් ලෙස වර්ග කොට ඒවැනි ක්‍රියාවන් වලට් වැට බැඳීමට සංස්කෘතික නීති රීති වලින් යුතු රාමුවක් නිර්මාණය කොට ඇති බැවිනි. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් එම රාමුව තුල සිටිමින් ක්‍රියා කල යුතුය. මන්ද සියල්ලන්ම අප දෙස බලනුයේ එම රාමුව තුලම සිටිමිනි. එම රාමුවට බාහිරින් වන දෙයක් අප විසින් කලහොත් එය අසම්මතයක් බවට පත් වේ. අසම්මතයක් සිදු කරන තැනත්තා විවිධ නම් වලින් වර්ග කරමින් ඔහුට චරිත සහතික ලබා දෙමින් එතැන් සිට සමාජය තුල ඔහුට හිමි තැන තීරණය කිරීමට තරම් කාරුණික සමාජයක් අප වටා සිටින බව ඔබ සැම දන්නා කරුණකි. අපේ සන්ස්කෘතිය තුල අසම්මතයක් ලෙස වර්ග කල ඇති දේවල් වෙනත් සංස්කෘති වලදී සම්මතයක් විය හැක. බොහො බටහිර රටවල සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් දෙස අප සමාජය වපර ඇසින් බලනුයේ එබැවිනි. ඇත්තෙන්ම මෙම වෙනස වටහා ගැනීමට තරම් දැනුමක් හෝ උවමනාවක් අප බහුතරයකට නොමැති වීම අප ලබන මහත් පරාජයක් බව මාගේ පෞද්ගලික හැඟීමයි.
                               නැවතත් ප්‍රධාන කරුණ වෙත යොමු වෙනවානම්, එසේ අසම්මත හැසිරීමක යෙදීම ලාංකිකයෙකු වශයෙන් ලංකාව තුලදී අපේ සංස්කෘතිය අනුව වැරදි දෙයකි. එබැවින් අප සියලු දෙනා එය හැසීරීම් වලින් මිදී සිටිනවානම් එය යහපත් කාරණයකි. නමුත් ගැටලුව වනුයේ පොලීසිය  විසින් මෙම අත් අඩංගුවට ගන්නා සෑම යුවලක්ම එසේ සත්‍ය වශයෙන්ම ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරුනු අයමද යන  වගයි. උක්ත ලිපියෙහි සඳහන් වන අන්දමට නිකම් අත් අල්ලාගෙන සිටීමත් පොලිසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරම් බරපතල කාරණයක් වේ. අවට සමාජයටද එම කරුණ පවා තම තමන්ගේ ගෞරවයටද හානි වන, දැකීමටත් ජුගුප්සාජනක මහත් අප්‍රිය දර්ශණයක් වේ. මෙය සාධාරණද අසාධාරණද යන වග වියත් ඔබට වැටහෙනු ඇතැයි මා තදින් විශ්වාස කරමි. නිදහසේ පෙම් සුව විඳීමට අප කවුරුත් කැමතිය. කොහේ හෝ සුන්දර නිස්කලංක පරිසරයක තනි වී තම ආදරය කරන තැනැත්තා සමඟ දොඩමලු වෙමින් කාලය ගෙවීමට අකමැති අයෙක් සිටීයැයි මා නොසිතමි. ඇත්තෙන්ම එය අප මිනිසෙකු වශයෙන් ලබන අයිතිවාසිකමක්ද වේ. එයට අකුල් හෙලන අයෙක් සිටීනම් එම පුද්ගලයාගේ මානසික මට්ටම ගැන වටහාගැනීමට මට මෙන්ම ඔබටද හැකිවනු ඇතැයි මා සිතමි.


                           ගාලු කොටු පවුර, ගෝල් ෆෙස්, විහාර මහා දේවී උද්‍යානය, ගල්කිස්ස මුහුදු වෙරල පෙම්වතුන්ගේ පාරාදීස බවට පත් වූ ප්‍රධන ස්ථාන කිහිපයකි. මේ ඇරුනු කොට එවැනි ස්ථාන කොතෙකුත් ඇතත් ඒ සියල්ලම එකින් එක නම් වශයෙන් සඳහන් කිරීමට මා අදහස් නොකරන්නේ මා මේ ලිපිය ලියනුයේ අතදරුවන් පිරිසකට නොවන බැවිනි. එම බොහෝ ස්තානයන්හීදී කුඩ වලින් ආවරණය කරගනිමින් පෙම් සුව විඳින ආදරවන්තයින් කොතෙකුත් දැක ගත හැක. මිනිසුන් කියනවා තරම් ජුගුප්සාජනක දෑ එම කුඩ යට සිදුවෙතයි මා විශ්වාස නොකරමි. තුරුලු වී සිටීම හෝ හාදුවක් දීම එතරම් ජුගුප්සාජනක ක්‍රියාවක් නොවන බව මාගේ හැඟීමයි.  ඊට එහා ගිය දෑ ඇත්තෙන්ම සිදුවේදැයී කීමට මා දන්නෙ නැත. එසේ සිදුවනවානම් එය වරදකි. එය එසේ වේනම් ඔවුනට යම් අවවාදයක් දීම වරදක් නොවේ. නමුත් එලිමහන් ස්ථානයක තමන් ආදරය කරන තැනැත්තා ලැජ්ජාවට පත්  විය හැකි යමක් කිරීමට තරම් වර්ථමාන තරුණ පරම්පරාව අනුවණ නැතැයි මා විශ්වාස කරමි.  එකෙකු දෙන්නෙකු එසේ හැසිරුනද සියලු ආදරවන්තයින් හට ඇඟිල්ල දික් කිරීම කොයි තරම් සාධාරනද යන්න සිතීමට මා ඔබට බාර කරමි.
                        සැබැවින්ම ආදරවන්තයන් හට නිදහසේ කතා බහ කිරීමට තැනක් තිබිය යුතුය. ඒ සඳහා වැට බැඳීමෙන් සිදුවනුයේ තානායම් කාමර පෙම්වතුන්ගෙන් පිරී යාමය. එය කෙතරම් සංස්කෘතික හිතකර කාරණයක් වනු ඇත්දැයි අප සමාජය වටහාගනු ඇතැයි යන්න මාගේ තදබල විශ්වාසයයි. පෙම්වතුන් කුඩයකින් අපේක්ශා කරනුයේ තම ජුගුප්සාජනක ක්‍රියා සඟවා ගැනීමකට වඩා තම පෞද්ගලිකතවය හා අනන්න්‍යතාවය සඟවා ගැනීමක් විය හැක. මන්ද සෑම පෙම්වතුන් යුවලක්ම දෙමාපිය අනුදැනුම මත ආදරය කරන්නන්නම නොවන බැවිනි. කෙසේ වෙතත් ගැටලුව වන්නේ මෙම කුඩ තුලට එබී බලමින් ඔවුන් සඟවන්නට උත්සහ කරන දෑම බලෙන් සොයා බලන්නට මිනිසුන් උත්සහ කිරීමයි. කුඩයකින් ආවරණය වී සිටින එවැනි පෙම්වතුන් යුවලක් දුටු සැනින් ඔවුන් දෙස වැරදි ඇසකින් බලමින් ඔවුන්ට නිග්‍රහ කරමින් කතා කිරීමට අපේ බොහෝ දෙනා පුරුදු වී සිටිති. එය ඇත්තෙන්ම මහත් ඛෙදජනක තත්වයකි. මට වැටහෙන අන්දමට එතැනින් පිලිබුඹු වන්නේ පෙම්වතුන්ගේ නොව ඔවුන් දෙස වපර ඇසින් බලනා අයගේ පහත් මානසික මට්ටමයි.
                   ලංකාව යනු අන් සියලුම දේ අංග සම්පූර්නව තිබෙන මෙම පෙම්වතුන්ගේ ගැටලුවට පමණක් මුහුණ දී සිටින රටක් නොවේ. එසේ තිබියදීත් මෙය මහත් වූ ගැටලුවක් කරගනිමින් අහිංසක ආදරවන්තයින්ගේ නිදහසට වැට බැඳීම මෙතරම් විශාල අන්දමින් සිදු කරන්නෙ ඇයිද යන වග මටනම් ගැටලුවකි. අපේ සංස්කෘතිය සදාචාරය විනාස කරන අව්ලම් පිරිසක් ලෙස ආදරවන්තයින්ට නිර්දය අන්දමින් බැන වදින අයගෙන් මා එක ඉල්ලිමක්  කරමි. එක් වරක් සමාජ ශාලාවකට ගොස් බලන්න. සම්බාහන ආයතන ලෙස පෙනී සිටිමින් ලිංගික සේවා සපයන ස්ථානයකට ගොස් බලන්න. අපෙ රටේ සංස්කෘතිය සදාචාරය තිබෙන තැන ගැන වැටහීමක් එවිට ඔබටම ලබා ගත හැකි වනු ඇත. මෙම ආදරවන්තයින් නිසා කුඩා දරුවෙක්වත් නිසි ලෙස හදා ගැනීමට නොහැකියැයි සමහරු අවලාද නගති. එසේනම් එය ආදරවන්තයින්ගේ වරදක් නොව දෙමාපියන්ගේ වරදකි. තම දරුවන් දකින හා අසන දේවල් ගැන හොඳ නරක කියා දීමට දෙමපියන්ට හැකිවිය යුතුය. තම දරුවන් හට සමාජය ගැන යහපත් නිවැරදි අවබෝදයක් ලබා දෙමින් ඔවුන්ව හරි මගට ගැනීමට දෙමාපියන්ට හැකි විය යුතුය. දරුවන් යහපත් හදා ගැනීමට නොහැකී වීමේ වරද පෙම්වතුන් වෙත පවරා අත පිහිදා ගැනීමට තරම් බහුතරයක් දෙමාපියන් පුරුදු වී සිටීම කණගටුවට කරුණකි.  එසේනම් පලමුව දරුවාගෙන් ඈත් කල යුත්තේ රූපවාහිනියයි. මක්  නිසාද යත් අද ලමුන්ගේ මනසට තදබල බලපෑමක් ඇති කරන්නේ මාධ්‍ය වන නිසාවෙනි.
                     කෙසේ වෙතත් අවසාන වශයෙන් තවත් දෙයක් කිව යුතුව ඇත. මුහුදු වෙරලේ හෝ උද්‍යානයක හෝ කුඩ යටට වී සිටින පෙම් යුවලවල් හා පුංචි තානායම් කාමර වලට පනිමින් එහි සිටින යුවලවල් අත් අඩංගුවට ගත් සිද්ධි කොතෙකුත් අප අසා ඇති මුත් තරු පහේ හෝටල් කාමරයකට පැන එහි අනාචාරයේ හැසිරෙමින් සිටිනා යුවලක් අත් අඩංගුවට ගත් පුවතක් ඇසුනොත් එය ඉතාමත් කලාතුරකින් බව මා වැවසුවහොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත. මන්ද යත් ලංකාව තුල බොහෝ නීති වලංගු වන්නේ තුන්වන පංතියේ සාමාන්‍ය ජනතාවට පමණක් වන බැවිනි. එක්තරා පැරණි කියමනක් මගෙ සිහියට නැගේ. "ලිඛිත නීතිය යනු මකුණු දැලක් බඳුය. දුබලයා එහි පැටලේ. බලවතා දැල කඩාගෙන පලා යයි." කෙසේ නමුත් හැංගී වරද සිදු වන තුරු බලා සිට දඩ කොලය ලියනා පොලිස් නිලදාරින් සිටින රටක මේවා එතරම් ලොකු දේවල්  නොවන බවද කිව යුතුය. ( මා සඳහන් කලේ මුලු මහත් පොලිස් දෙපාර්තමෙන්තුව ගැනම නොව නීච පහත් ක්‍රියා සිදු කරමින් මුලු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්‍රයක් ගෙන දෙන පොලිස් නිලධාරීන් ගැන පමණි. තොප්පිය ගැලපෙන අය දා ගනිත්වා)
                මෙ මා සැම දෙනාටම කරන විවෘත ආරාධනයයි. මදක් සිත බලන්න. පෙම්වතුන් යනු සමාජයට පිලිලයක්ද. සමාජයට කැලලක්ද. සියල්ල තීරණය වන්නේ ඔබේ අදහස මතයි. ඔබ මා සමඟ එකඟනම් මේ අසාධරණ තත්වයට එරෙහිව පෙල ගැසෙන්නට එක් වන්න. අපි හැකි අන්දමින් සටන් කරමු. පොලිස් උවදුරින් පෙම්වතුන් බේරාගනිමු.
              

Tuesday, January 26, 2010

ජන්දෙ ඉවරෝ.........!

මෙච්චර දවසක් මහා හිසරදයක් වෙල තිබ්බ ජන්දෙත් ඕන් ඉවර උනා. හැමෝම උඩ දාගෙන දැඟලුවෙ මේකටනෙ. මාත් ඉතින් තකහනියක් ගාලු ගිහින් ජන්දෙ දාලා ආවා. එව්වත් කෙරෙන්න එපැයි. හැබැයි දැන් ඉතින් අහන්න එපා සුභ අනාගතයක් වෙනුවෙන්ද නැත්නම් ව්ශ්වාසනීය වෙනසක් වෙනුවෙන්ද ජන්දෙ බාවිතා කොලේ කියලා. එව්වා ඉතින් පුරසිද්දියෙ කියන්න හොඳ දේවල් නෙවෙයිනෙ. දැන් ඉතින් අපේ වැඩ කොටස ඉවරයි. දැන් වැඩේ තියෙන්නේ ජන්දෙ ගනන් කොරන මහත්තුරුන්ගෙ අතේ තමයි. හෙට ඉඳන්වත් කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි. සමහරවිට ඒත් බැරි වෙයි. මොකද හෙට ඉඳන් තව කාලයක් යනකන් දිනපු කස්ටියගෙ පුරාජේරු අහගෙන ඉන්න වෙයි. ඊට පස්සෙ මහ මැතිවරණෙ පටන් ගත්තොත් අයෙ ඉතින් මේ වගේ තමයි. කොහොමින් කොහොමින් හරි කමක් නෑ රටට සෙතක් වෙනවනම් එච්චරයි. කවුරු දිනයිද කවුරු අපේ ජනාදිපති වෙයිද කියන්න දන්නෙ නෑ. කවුරු දිනුවත් හෙට ඉඳන් කරන්න තියෙන්නේ ඒ දිනන කෙනාට සහයොගය දීගෙන ඉන්න 1 තමයි. එයා හරි නැත්නම් ඊලඟ ජනාදිපතිවරණෙදි අපිට ඒකට සුදුසු පියවර ගන්න පුලුවන්. තව කියන්න දේවල්නම් තියෙනවා. කියලා වැඩක් නැති 1 ඇත්ත. ඒත් හිතට එන දේවල් කියන්න ආසයි. ඒක හින්දා කියන්නම්. හැබැයි දැන්නම් වෙලාව නෑ. පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒක නිසා දැන් මන් යන්න ඕන. හෙට කියන්නම්කො වැඩි විස්තර. එහෙනම් බායි වේවා. අලුත් වෙච්ච පරණ ආණඩුව යටතෙ  හරි අලුත්ම අලුත් ආණ්ඩුවක් යටතේ හරි ආයි හම්බ වෙමු.

Wednesday, January 13, 2010

MR ද SF ද ?

දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ කියලා  හිතාගෙන හිටියත්, මේ දවස් වල ඡන්ද උණුසුම තදින්ම තියෙන නිසා ඒ ගැන පොඩි සටහනක් දාන්න හිතුනා. මං මේ හදන්නේ කටවත් කඩේ යන්න එහෙම නෙවෙයි. ඔන්න වරදවා තෙරුම් ගන්න එහෙම එපා. ඔයලගේ දේශපාලන මතවාද ඔයලාම තියගන්න. මං මේ හදන්නේ එවා වෙනස් කරන්න නෙවෙයි. දේශපාලනය කොයි තරම් අපෙ ජීවිත වලට අනිසි විදියට බලපානවද කියල පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න විතරයි මට ඕන කරන්නේ