Showing posts with label කෙටි චිත්‍රපට. Show all posts
Showing posts with label කෙටි චිත්‍රපට. Show all posts

Wednesday, March 29, 2017

"කුඩේ කුඩු" වූ වගයි!


ඩ්‍රාමා උණ පටන් ගත්තෙ ඉස්කෝලේ යන කාලෙ. එතකොට මන් ගියේ ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයට. සමිති රැස්වීම් වල පොඩි පොඩි නාට්ටි කෑලි කර කර ඒ උණ යන්තම් යන්තම් හොඳ කරගත්තා. පාසල් මට්ටමින් ගිය නාට්ටි වලට සම්බන්ධ වෙන්න පුලුවන් උනත් අපේ ඉස්කෝලෙ ජාතික පාසලක් නොවුන නිසා තිබ්බ බාධක නිසාද කොහේද ඩ්‍රාමා පැත්තෙන් ලොකු දෙයක් ඉස්කෝලෙන් උනේ නෑ. වේදිකාවෙදි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන් ලැබුන පළවෙනි කමෙන්ට් එක හම්බෙන්නෙ එහෙම පාසල් මට්ටමින් ගිය නාට්ටියකදි ලයනල් රන්වල මහත්මයගෙන්. එකෙන් තිබ්බ උණ වැඩි උනා උනත් ඒ උණට හරි හමන් බේතක්නම් හම්බවෙන්නෙ නෑ. ඒත් මට මතකයි විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක් විදියට වසරක කාලායකට අපේ ඉස්කෝලට ආපු "සම්පත් සර්" අපිව පලාත් මට්ටම දක්වා අරන් ගියා. ඒ වෙද්දි මම 9 වසරෙ වගේ පොඩි කොලු ගැටයා.  ඒත් ඒ අවුරුද්ද සුරුස් ගානකොට ගෙවිල ගිය නිසා එතනින් එහාට ආයෙ අපේ ගමන නැවතුනා. ඊට පස්සෙ 11 වසරේ මුල් භාගයේදි ගාල්ල මහින්ද විද්‍යාලයට යෑමත් එක්ක නාට්ටි කෙරුවාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. උසස් පෙලට තෝරගත්තෙත් විද්‍යා විශයන් නිසා ඒ පැති ගැන හිතන්න පවා ඔලුව නිදහසක් ලැබුනේ නෑ. ඉතින් නාට්‍ය කළාව ගැන කිසිම විදියක විධිමත් දැනුමක් ලබාගන්න හැකියාවක් ලැබුනත් නෑ.

ඒ දේවල් ඒ විදියට උනත් දන්න කාලෙ ඉඳලම ඔලුව ඇතුලේ කැකෑරි කැකෑරි එලියට එන්න දඟලපු නාට්ටි හීනෙනම් කිසිම අඩුවක් උනේ නෑ. "කවදම හරි ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවමයි" අරමුණ දවසින් දවස ඝනව වැඩුනා. වතාවක් දෙකක් ඊට සුදුසු දැණුම ලබාගන්න අවශ්‍ය පසුබිම් සැකසුනත් දෛවයේ සරදමක් නිසාදෝ ඒ හැම අවස්ථාවක්ම අවාසනාවන්ත විදියට ගිලිහිලා ගියා. ගුරුවරයෙක් විදියට පිහිටට හිටියේ නරඹන්න ලැබුන අතලොස්සක් වේදිකා නාට්‍ය කිහිපයක් විතරයි. හීනයේම කොටසක් වන චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න පෙලඹුනේ ඒ හේතුව නිසාමයි. පර්යේශණාත්මක කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කරමින් හෙමින් හෙමින් වතුරට බැහැගෙන ආවත් ඒ දේවල් පවා සීමා වෙන්නෙ ආර්ථික බාධක හැමදේකටම හරස් කපපු නිසයි.

2013 වසර විශේෂ වසරක්. රූපවාහිනි මාධ්‍යය තුල ටෙලි නාට්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න ලැබෙන්නෙ අහම්බෙකින් වගේ. සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට, නළුවෙක් විදියට විවිධ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුනත් 2013 වසර අවසානයත් එක්ක ඒ සියල්ලත් අවසන් වෙන්නෙ හේතූකාරනා කීපයක්ම නිසා.  

එතැන් පටන් ගත වෙන්නෙ හීනයේ මංපෙත් වලින් තරමක් ඈත් වෙච්ච වෙනස්ම විදියක නිහඬ ජීවිතයක්. කිසිදිනෙක බලාපොරොත්තු නොවුන රජයේ රස්සාවක, ජීවිතේ ආර්ථික ශක්තිය හොයමින් කරන සටන්කාමී කාල පරිච්චේදයක්. 

කාතාව ආයෙ වෙන පැත්තකට අරන් යන්න වෙනවා. වෙන පැත්තකට වගේම ආයෙමත් තව අතීතයට. ශ්‍රී ලංකා HBS සංවිධානය වසර 18ක පමණ කාලයක් තිස්සේ ලංකාව තුල ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධානයක්. 2006 වර්ශයේදි මට අවස්ථාව ලැබෙනවා HBS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න. එතැන් පටන් මම සංවිධානය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත් වෙනවා. අද වෙද්දි මම HBS සංවිධානයත් එක්ක එකතු වෙලා අවුරුදු 11ක් . මේ අවුරුදු 11 පුරාවට මගේ ජීවිතේ සිදු උන සියලූම දේවල් පිටිපස්සෙ මේ සංවිධානය තිබුනා කිව්වොත් මම නිවැරදියි. මා පිළිඹඳව පෞද්ගලිකව දන්නා සියල්ලන් ඒ ගැන හොඳින්ම සාක්ශි සපයාවි. පෞර්ෂය, රස්සාව, විවාහය.... මේ එයින් ප්‍රධාන දෙක තුනක් විතරයි. දැන් ආයේ ප්‍රධාන කතාව දෙසට හැරුනොත්, ක්ශීන වෙමින් යමින් තිබුන කලා හීනයට ආයෙමත් පණ පොවමින් මා තුල තිබූ යම් යම් හැකියාවන් එලියට ගේන්න විශාල අත්වැලක් උනේත් මේ HBS සංවිධානයමයි. 
"දවසක ඩ්‍රාමා එකක් කරමු" මගේ අරමුණ, මගේ හීනය HBS සංවිධානය ඔවුන්ගේ එකක් කරගත්තා. කිසිවෙකුත් අත නොදෙන මොහොතක ඔවුන් ඒ බර ඔවුන්ගේ මත පටවගත්තා.

"කුඩේ කුඩු" වේදිකා නාට්ටිය සඳහා පිඹුරු පත් සකස් වෙන්නෙ ඒ විදියට. වැඩේට මුල් අඩිය තියන්නේ ඉස්සහට මොනවා වෙයිද කියලා කිසි දෙයක්  නොදැන. හැබැයි මොන දේ උනත් නොනැවතී ඉස්සරහට යනවා කියන අරමුණ විතරක් අපේ ඔලුව ඇතුලේ තිබ්බා. මම නවකයෙක්. වේදිකා නාට්‍ය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්. මීට කලින් ප්‍රසිද්ධ වේදිකාවක කිසිම නිර්මාණයක් නොකල කෙනෙක්. මන් ඉස්සරහා තිබුනෙ ලොකු අභියෝගයක්. ඒත් HBS සංවිධානය මාව විශ්වාස කලා. ඒ විශ්වාසයම මට ලොකුම හයිය උනා.

සතියක් ඇතුලත තිරපිටපත ලියැවුනා. ඒ ලියන අතරතුරේම HBS සංවිධානයේ සාමාජික සාමජිකාවන් අතුරෙන් තෝරාගැනීමේ පරීක්ශනයක් සිදු කලා. අවශ්‍ය කරන නලු නිළියන් එයින් තෝරාගැනුනා. තවත් අලුත්ම පිරිසක්. අභියෝගය තවත් තීව්‍ර උනා. පිටපත ලැඟුම් පාලක මණ්ඩලයට යොමු කරලා එහි අනුමැතිය ලබාගන්න ඕනෙ බව දැන්ගත්තෙ කණාවට වගේ. පේනවනෙ දැණුමේ තරම. ලහි ලහියේ ඒ කටයුත්තත් සිදු කරලා ඔවුන්ගේ අනුමැතිය අරගත්තා. පුහුණුවීම් ඇරඹුණා.

සම්පූර්ණයෙන්ම නවක පිරිසක්!!! 
අභියෝග රාශියක්!!! 
නමුත් එකම අරමුණක්!!!

මාස දෙකක් පුරාවට සියල්ලන්ගේම ජීවිතය උනේ ඒ අරමුණ විතරයි. 
මමද ඇතුලුව මුලු කණ්ඩායමම බින්දුවේ සිට සෙමෙන් ගොඩනැගෙන විදිය දකිද්දි තියෙන ධෛර්‍ය තව තවත් දළුළා වැඩුනා. ඔවුන් කිසිවෙකුත් මුදල් අපේක්ෂාවෙන් පැමිණි අය නෙවෙයි. කිසිම විදියක පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් පැමිණි අය නෙවෙයි. මුදල්, කාලය, ශ්‍රමය සියල්ල කැප කරමින් ඔවුන් පැමිණියේ HBS සංවිධානය වෙනුවෙන්. ඔවුන්ගේ උත්සහයේ වටිනාකම වැඩි වෙන්නෙ ඒ හින්දමයි.

දිනය : දෙදහස් දාහතේ මාර්තු මස 26 වන ඉරිදා......
ස්ථානය : කොළඹ නව නගර ශාලාව
වෙලාව : සවස 3.30

අවුරුදු ගානක, මගේ සිහිනය.....
අවුරුදු ගානක, HBS සංවිධානයේ දිරිගැන්වීම......
මාස දෙකක, නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩ කැපවීම......

සියල්ල මල්පල ගැන්වුනා.
වේදිකාව මත ආලෝක කදම්බ මගේ මුහුණට එල්ල වෙද්දි මගේ මුලු ආත්මයම ආලෝකමත් උනා. වචන වලින් විස්තර කරන්න බැරි අනේක හැඟීම් වරුසාවකින් මගේ හිතම තෙමිලා ගියා. චරිතයක රඟ දක්වමින් සිටි නිසා ඒ වෙනස පහල නරඹන්නන්ට නොපෙනෙන්න ඇති. ඒත් අද මේ ලියවුන වචනයක් වචනයක් පාසා ඒ හැගීම, මෙය කියවන ඔබේ ඔළු ගෙඩි පුරා ඇදිලා යනු ඇති. 

මෙය මගේ ජීවිතේ සුවිශාල සංධිස්ථානයක්. උපන් දිනය, විවාපත් දිනය වගේම, ඒ තරමටම සිහිපත් කල හැකි දිනයක්.

2017 මාර්තු 26 : මම නැවත උපන්නා.....

ඇත්තෙන්ම මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මෙය පිටුපස ඉතා විශාල පිරිසක් හිටියා. ඔවුන් නොයිඳින්න අද තාමත් මම මගේ සිහිනය දිහා බලාගෙන හූල්ලන තවත් එක ප්‍රාණියෙක් විතරයි. මේ ස්තූතිය ඔවුන් හැමදෙනා වෙනුවෙන්මයි. 

"කුඩේ කුඩු" 
අපි ඉහලලා බැලුවා.
උදව් කල හැමෝම ගැන තියෙන්නෙ අපිරිමිත ස්නේහයක්.

මම සිහිනයක් දැක්කා. සිහිනය සම්පූර්ණ වුනේ එදා ඔබෙන් ලැබුනු අත්පොලසන් හඬත් එක්ක. ඒ හඬ මුළු ජීවිතය පුරාවටම මගේ කන්පෙති අතර රැව් පිලිරැවු දේවි.






Wednesday, April 1, 2015

වෙනස සහා ආදරයේ කතාව



Two Heart Entertainment කියන නම සමහර දෙනෙක්ට මතක ඇති. කාලෙකට ඉහතදි මවිසින් කරන්න යෙදුන විඩියෝ නිර්මාණ මන් කලේ ඒ නමින්. ඒත් ඔන්න අද සිට යම් වෙනසක් වෙනවා. මේ වෙනස ගැන තමයි මන් පහුගිය කාලෙ මුහුනු පොතේ එහෙමත් දාගෙන හිටියෙ.
හරි ඔන්න එහෙනම් මේකයි වෙනස. Two Heart Entertainments කියන නම අද ඉඳන් වෙනස් වෙනවා. අලුත් නම තමයි
Magic Hat Pictures.


ඔක තමයි මගේ අලුත්  Logo එක. මෙතැන් සිට මන් කරන දේවල් මේ නමිත් තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නෙ.
ඉතින් Magic Hat Pictures වලින් කරපු පලවෙනි වැඩේ ඔයාලට පෙන්නන්න තමයි මන් මේ සූදානම් වෙන්නෙ. මට මේකට ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 13යි තප්පර 10ක් ලබාදෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

ඔෆිස් එකෙ වැඩයි තව දහසකුත් වැඩයි මැද්දෙ මේ වීඩියෝ එක මේ මට්ටමින් කරලා නිමා කරගන්න මට මාස දෙකක කාලයක් ගත උනා. ඇත්තටම මේක ලෝ බජට් ක්‍රියේශන් එකක්. ඒක නිසා ගොඩ දෙනෙක්ගෙ උදව් මට මේකට ලබාගන්න උනා. ඒ උදව් කල හැමෝටම මන් මේ වේලාවෙ මගේ හද පිරි ස්තූතිය පිරි නමනවා. වැඩේ අයිඩියා එක මගේ ඔලුවට ආපු වෙලාවෙ ඉඳන් වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම, හැම පැත්තකින්ම උදව් කරපු අක්කව (දිල්ශාරා වීරසිංහ) මන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒත් එක්කම අඳුනගෙන මාස දෙකක් තුනක් යන්නත් කලින් තමන්ගෙ වටිනා කාලය කැප කරගෙන ඇවිත් මගේ වැඩේට ඕන කරන චිත්‍ර ටික ඇඳලා දීපු අංජලා මධුභාෂිණී නංගිටත් මේ වෙලාවෙ ස්තූති කල යුතුමයි. ඒත් එක්කම විඩියෝ රූපගත කිරීම් වලට අවශ්‍ය දර්ශණ තලය නිර්මාණය කරගන්නත්, රූපගත කිරීම සාර්ථකව සිද්ධ කරගන්නත් උදව් කරපු තරිඳු දර්ශන, දක්ශිත මලීන්, දසුන් චාමිකර, හශාන් රමේශ්, පුලස්ති චතුරංග, අසංක ප්‍රදීප් මල්ලිලා සෙට් එකටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ගෙදරින් එන බැනුම් මැද්දෙ රෑ වෙනකම් පසුබිම් කථනය සඳහා හඬ කවපු යශී තත්සරණි නංගිටත් ස්තූති නොකලොත් ඒක අඩුවක් වෙනවා. ඒත් එක්කම සංජය ගුණවර්ධන අයියා, මන් කරපු හැම වැඩකදිම වගේම මේ වැඩේදිත් පිටිපස්සෙන් ඉඳගෙන නිර්ලෝභීව අවශ්‍ය උපදෙස් ලබාදිම ගැන ගොඩක් ස්තූතියි. මොකද මන් මෙතෙක් හමුවෙලා තියෙන නිර්මානශීලීම මනුස්සායා ඔහූයි. ඔහුගේ උපදෙස් හැමවෙලේම මගේ වැඩ වලට ලොකු රුකුලක් උනා.

දීලීප ර්යෝජුන්, කෙනෙකා හිමානි

මේ ස්තූතිය ඔබ දෙපලටයි. ඔබ දෙපල නොවන්නට මේ නිර්මාණය බිහි නොවන්නට ඉඩ තිබ්බා. මෙහි සැබෑ අයිතිය සැබැවින්ම ඔබ දෙපලටයි. මා කෙරෙහි විශ්වාසය තබා ඔබ දෙපලගේ ජීවිතයේ වැදගත්ම දෙයක් මට බාරදීම ගැන බොහොමත්ම ස්තූතියි.

ඔන්න පුදසත්කාර තුති වැයුම් ඔහොමයි. ඔයිට අමතරව මේ නිර්මාණය සැබෑවක් කරගන්න එක වචනෙකින් හෝ එක මයිල් ගහකින් හෝ උදව කල සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මගේ හද පිරි ස්තූතිය පිරි නමනවා.

එහෙනම් ඉතින් මේ සූදානම් වෙන්නෙ මේ වීඩියෝ නිර්මාණය ජනසතු කරන්නයි. විනාඩි 13යි තප්පර 10ක් බොහොම ඉවසීමෙන් මේ වීඩියෝව නරඹලා ඔබේ අවංක අදහස සටහන් කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඉදිරි වැඩ වලට මට ලොකු උදව්වක් වේවි.

 නරඹපු ඔබ සැමටත් ස්තූතියි!

ඔන්න මේකටත් ලයික් එකක් දාගෙනම යන්නකො........
https://www.facebook.com/MagicHatPictures

Monday, March 23, 2015

මායාව සජීවී කොට...

තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. මිනිස්සු තාක්ශ්නය භාවිතා කරලා විවිධ මායාවන් සිදු කරන්න පෙලඹෙනවා. අතීතයේ ඉඳන්ම මිනිස්සු මායවන් වලට ඇලුම් කලා. මායාවන් ගවේශණය කලා. අලුත් මායාවන් සොයාගෙන ගියා. තාක්ශණයත් මායාවත් එකට සම්බන්ද වෙලා ගමන් කරන්න ආරම්භ වෙන්නෙ ඒ තිබ්බ අසීමිත කුතුහලයත් එක්ක.

Augmented reality කියන්නෙත් ඒ විදියට තාක්ෂණය ඔස්සේ මායාව අපි සමීපයට අරගෙන එන එක්තරා ක්‍රමයක්. මේක ටිකක් සංකීර්ණ තාක්ෂණයක්. මේ ඔස්සේ විවිධාකරයේ පර්යේෂන දියුණු රටවල සිදු කෙරුනා.

මෙහිදී ප්‍රේක්ශකයට අවස්ථාව ලැබෙනවා තමන් අසල නොමැති යම් දෙයක්, සැබැවින්ම තමන් අසල තිබෙනවායැයි හැඟීම ඇතිව ඒ දේ සමග අන්තර් ගනුදෙනු කරන්නට.  මෙහෙම කිව්වට තරමක් අපැහැදිලියි වගේනම් මෙන්න මේ විකිපීඩියා පිටුවට ගිහින් වැඩි විස්තර බලාගෙන එන්න පුලුවන්.

http://en.wikipedia.org/wiki/Augmented_reality

මෙකේ විවිධාකාර මට්ටම් තියෙනවා. ඉහල මට්ටම් වලදි, තමන් ඉදිරියේ සිදු වෙන්නෙ මොකද්ද කියලා නරඹන්නාට සිතාගන්නත් බැරි වෙන තරම් එහි තාක්ෂණය දියුනුයි. මෙය මිනිසුන්ව පුදුමයෙනුත් පුදුමයට පත් කරන තාක්ශණික මායාවක්.

ඉතින් මන් මේ පෙරවදන ලබා දුන්නේ එක විශේෂ දෙයක් කියන්න අවශ්‍ය නිසයි.

ඒ තමයි මේ තාක්ශ්ණයේ එක් පියවරක් පසුගියදා ලංකාව තුල සිදු කෙරුනා. මා දන්නා මට්ටමින් මෙවැනි දෙයක් ලංකාව තුලදි මිනිසුන්ට දැකගත හැකි වූ පලමු අවස්ථාව මේකයි.  2015 පෙබරවාරි 21 වන දින වාද්දූව The Blue Water හෝටලයෙදි තමයි මේ දේ  සිද්ද කෙරුනේ. නිමිත්ත උනේ Peoples leasing & Finance PLC ආයතනය මගින් පවත්වපු උත්සවයක්.  උත්සවය සඳහා පැමිණෙන අමුත්තන්ට උත්සව ශාලාවට පිවිසෙන්නට පලමුවෙන් යම්කිසී විනෝදාත්මක හා විශ්මයජනක අත්දැකීමක් ලබා දෙන්න තමයි මේ දේ සිද්ද කෙරුනෙ.

මා මේ තරම් ආඩම්බරයෙන්  යුතුව මේ ගැන සඳහන් කරන්නෙ මේ දේ සිදු කෙරුනෙ අපි විසින් වන නිසයි.  AV:LAB කණ්ඩායම විසින් සිද්ධ කෙරුණු තවත් අපූර්ව වැඩක් තමයි මේක.






මේ රූප පෙල සමහර අයට මතක ඇති. මේ රූප පෙල දැකපු ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා, මොකද්ද මේ ශූට් එක? කියලා. හැබැයි ඒ ගොඩක් අයට මන් දුන්නෙ එකම උත්තරයයි.

"දැන් මෙහෙම පැහැදිලි කරාට තෙරෙන එකක් නෑ. ඉන්නකො වැඩේ ඔක්කොම ඉවර වෙලා එවෙන්ට් එකෙ විඩියෝ එක හදලා, ඒක පෙන්නන්නම්කො. එතකොට හරියට තෙරෙයි."

අන්න ඒ පොරොන්දුව තමයි මන් මේ අද ඉශ්ට කරන්න යන්නෙ.

මුලින්ම අපි කලේ මේ ශූට් එක කරපු එක. ඊට පස්සෙ එකෙ වීඩියෝස් තමයි ඉවෙන්ට් එක දවසෙ අපි භාවිතා කලේ. සරලව පැහැදිලි කලොත් මෙහෙමයි. නරඹන්නන් LED තිරයක් ඉදිරියට එනවා. LED තිරය උඩින් තියෙන කැමරාවක් මගින් ඒ නරඹන්නන්ව රූපගත කෙරෙනවා. ඒ දර්ශන LED තිරය මත දිස් වෙනවා. දැන් ඔන්න නරඹන්නන්ට තමන්වම දැකගන්න පුලුවන් LED තිරයෙන්. හැබැයි ඔන එයාලා පුදුමයට පත් වෙන්නෙ තමන් ඉස්සරහ ඇත්තටම ඒ වෙලාවෙ නැති රෝමන් සූරූපිනියක්, සොල්දාදුවන්, වහල්ලුන් තමන් අසල ඉන්නවා වගේ LED තිරය තුලින් දකිනට පටන් ගත්තමයි.

ඔහොම කිව්වට වැඩක් නෑ. ඔන්න මේක බලලම තේරුම් ගන්නකො.


THE COLOSSEUM IN AUGMENTED REALITY // AV:LAB // PLC from AV:LAB

තාක්ශණයේ තවත් අලුත් මුහුණුවරකින් හමු වෙමු!

Monday, August 20, 2012

රාවණා සිද්ධම්!!!

තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා කතාවට කිව්වට මම සාමාන්‍යයෙන් කරන්නෙ ඔයිට ටිකක් වෙනස් දෙයක්. තැටිය ටිකක් නිවෙනකම් ඉඳල ආයෙ තැටියට ගින්දර ටිකක් දාන එක තමයි මගේ පුරුද්ද. අදත් මේ කරන්න ලක ලැහැස්ති වෙන්නෙ ඒ වගේ වැඩක් තමයි. මගේ රොටිය පුච්චගන්නවට වඩා මේ ගින්දර ටික මන් තැටියට දාන්නේ මුලු මහත් හෙල යකුන්ගේම සුභ සිද්ධිය සඳහා බව හැමෝම හිතට ගත්තොත් හොඳයි. 
 ගරු රාවණා තුමා ගැන මන් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපේ මී ප ල වා නේ උතුමා තමන්ගෙ ජීවිතයත් පරදු කොට තියල ඒ ගැන හැමෝටම හසල අවබෝධයක් ලබා දීලා තියෙන්නෙ මේ වනවිට. එතුමා රාවණාගෙ ශක්තිය ගැන කියද්දි හිනා උන හෙළ යක් විරෝධී අධර්මිෂ්ටයින්ට පාඩමක් උගන්වන්න තමයි මන් අද සැරසෙන්නෙ. අනුරාධ නානායාක්කාර කියන්නෙ කවුද කියලා මන් පෙන්නලා දෙද්දි හිනා උන මිතදුටුවන්ට මගේ තරම පෙන්වන්න තමයි මන් අද ලැහැස්ති වෙන්නේ.

අනුරාධ
අනු = අනුගාමිකයා
රා = රාවණා
ධ = ධර්මය
අනුරාධ = රාවණා ධර්මයේ අනුගාමිකයා

නානායක්කාර
නා = නාඹ = තරුණ
නා = නායකයා
යක් = හෙළ යකුන්
කා = කාර්යය
ර = රකවල = රැකගැනීම
නානායක්කාර = හෙළ යකුන් රැකගැනීමේ කාර්යයේ තරුණ නායකයා

එදා මන් මට පුලුවන් දේවල් පෙන්නන්නම් කියද්දි කට්ටියම මට ඔච්චම් කලා. ඔන්න මන් අද පෙන්වන්න යන්නෙ මට පුලුවන් දේවල් වලින් එක පොඩි දෙයක්. මේක ලෙහෙසි නෑ. කුණ්ඩලිණී යෝගයට සමවැදිලා ලබාගත්තු රාවණා ශක්තියෙන් තමයි මන් මේ පෙන්නන්න යන දේ කරන්නේ. ඔයාලටත් අත්හදා බලන්න ඕනේනම් මුලින්ම රාවණා ගැන විශ්වාසය හිතේ ඇති කරනගන්න වේවි. ඊට පස්සෙ කුණ්ඩලීනි ජෝගයට සමවැදිලා රාවණා ශක්තියට ලඟා වෙන්න පුලුවන්. මී ප ල වා නේ උතුමා උදවු කරාවි ඒක කරන විදිය ගැන කියලා දීලා.
පැඩි පුරසාරම් ඕනේ නෑ. කතාවෙන් පෙන්නනවට වඩා වැඩෙන්ම පෙන්නන එක හොඳයිනේ. ඒක නිසා ඔන්න බලාගන්නකො, රාවණා ශක්තියෙන් වැඩ ගන්න හැටි.
රාවණා සිද්ධම්!!!

Thursday, January 19, 2012

තවත් අත්හදාබැලීමක්

මීට කලින් වතාවක් ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන මන් පොඩි පැහැදිලි කිරීමක් කලානේ. ඒ වගේම මම කරපු පුංචි අත්හදාබැලීමකුත් ඔයාලට දුන්නා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනට ගිහින් ඒක බලලා එන්න පුලුවන්.
එදා ඒ කල දේට ටිකක් විතර එහා ගිය තවත් අත්හදාබැලීමක් පහුගිය දවසක මන් කලා. එහා ගියා කිව්වට මහා ලොකු වැඩක් නෙවෙයි. හෙ හෙ හෙ.... ඒත් එදාට වඩා ගොඩක් වැඩියෙන් මහන්සි වෙන්නනම් උනා. මොකද අවශ්‍ය දේවල් ටික සුදානම් කරගන්නම පැය 5ක් 6ක් විතර ගියා. ෆොටෝ ශූට් එකට පැය දෙකහා මාරක් වගේ ගියා. කොහොම හරි අවසානයේදි ෆොටෝ 335ක් අරගෙන වැඩේ සාර්තකව නිමා කරගන්න පුලුවන් උනා. වැඩේට සහයෝගය ලබා දුන්නෙ අපේ නංගි. එහෙනම් ඔන්න මන් ඔයාලට වීඩියෝ එක දෙන්නම්. බලලා ඔයාලගෙ අදහස් කියලම යන්නකො.



මේ තියෙන්නෙ වැඩේ කරපු හැටි.

 මේ තියෙන්නෙ කැමර් එක රඳවන්න මන් විසින් ගෙදරදී නිර්මාණය කල අලුත්ම නිපැයුම. හබැයි බලලා හිනා වෙන්න එහෙම එපා. දුප්පත් කමට වෙන මොනා කරන්නද. :D

 
 එහෙනම් ඔන්න මන් ගියා. තව පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. ඒකත් අරගෙන ඊලඟ දවසෙ එන්නම්.

Friday, January 13, 2012

ABSORB හැදුන හැටි

කලින් පෝස්ට් එකෙන් මන් ඔයාලට දීපු කෙටි චිත්‍රපටිය ගොඩ දෙනෙක් බලලා තිබ්බනෙ. ඒ වගේම ඒ ගැන විවිධ අදහස් පල කරලත් තිබ්බා. ඇත්තටම ඒ ඔයාලගෙ අදහස් මට හුඟාක් වටිනවා. මොකද ඒ අදහස් තමයි මට ඉස්සහර වැඩකටයුතු වලට ලොකු හයියක් වෙන්නෙ. ඒක නිසා මගේ කෙටි චිත්‍රපටිය නරඹපු හා ඒ වගේම ඒ ගැන අවංක අදහස් පල කරපු හැමෝටම මන් මගේ හෘදයාන්ගම ස්තූතිය පිරිනමනවා. ඒ වගේම ඉදිරි වැඩකටයුතු වලදීත් මේ වගේම මාත් එක්ක ඉඳිමින් මට හයියක් වෙන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.

ගොඩ දෙනෙක් ආලෝකකරණය ගැන කතා කරලා තිබුනා. ඇත්තටම මට මේකෙ ඕන උනේ ටිකක් අඳුරු ගතියක් ලබා දෙන්න. මොකද මේකෙ කතා තේමාවත් ටිකක් ඩාක් එකක්. ඒකට ගැලපෙන විදියටම අඳුරු ගතියක් චිත්‍රපටිය තුල පවත්වාගන්න මට ඕන උනා. ඒත් ඒ තරම්ම ලොකු අපැහැදිලි අඳුරක් ඒකෙ ඔයාලා දැක්කා කියන එක මට ටිකක් හිතාගන්න අමාරුයි. මොකද මගේ මොනිටරේ මට ඒ තරම්ම ලොකු අපැහැදිලි අඳුරක් පේන්නෙ නෑ. ඒත් ඔයාල කිව්ව නිසාම මන් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් වෙනස් කර කර වගේම මැශින් කිහිපයකත් මේක ප්ලේ කරලා බැලුවා. ඒත් ඒ තරම් අවුලක් මට හොයාගන්න බැරි උනා. අනේ මන්දා. සමහර විට මට නොදැනෙන අවුලක් තියෙන්නත් පුලුවන්. කෝම උනත් ඊලඟ නිර්මාණය මන් හිතන් ඉන්නෙ අවුට්ඩෝර් එකක් කරන්න. ඒක නිසා අලෝකකරනය ගැන ලොකු ගැටලුවක් ඒකෙදි නැති වෙයි. :D

කිහිප දෙනෙක් තිර රචනය ගැන කතා කරලා තිබ්බ නිසා පොඩ්ඩක් ඒ ගැනත් කියන්න හිතුනා. ඇත්තෙන්ම මේකෙ මහා ලොකු කතා තේමාවක් නැහැ. ඉතාම සුලු සිද්දියක් ඉදිරිපත් කිරීමක් විතරක් වෙලා තියෙන්නේ. තිර රචනයේ අඩුපාඩු මීට වඩා ටිකක් පුලුල්ව පෙන්වලා දෙන්න පුලුවන්නම් මන් කැමතියි. මොකද එතකොට තමයි මට ඒ අඩුපාඩු ඉදිරියේදි නිවැරදිකරගෙන වඩා සාර්තක නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා වෙලාවක් තියෙනවනම් ඒ අඩුපාඩු ටික ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න කියලා මන් පුංචි ඉල්ලීමක් කරනවා.


මීට වඩා ගොඩක් දේවල් ඒ ගැන කියන්න නෑ. ඉදිරියේදි තවත් දේවල් අරන් ඔයාලව හම්බ වෙන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආයෙම වතාවක් ස්තූති කරනවා නරඹපු අදහස් දක්වපු හැමෝටම. ඒ වගේම ඔන්න ඇබ්සෝබ් හැදුන හැටි දැක බලාගන්න කැමති අයට මන් දෙන්න යන්නෙ Making of video එක. කට්ටිය ඒකත් බලලම යන්න කියලා අවසාන වශයෙන් ඉල්ලනවා.

Sunday, January 1, 2012

ABSORB-Short film


 ඔන්න කට්ටියට ටික දවසකට උඩදි මන් පොඩි කුතුහලයක් එකතු කලානේ පුන්චි පොස්ටර් එකක් දාලා. සමහරු බලන්න ඇති මේ මොකද්ද මේ යකා මේ කරන්න හදන්නෙ කියලා. සමහරු නොබලන්නත් ඇති. හෙ හෙ... කමක් නෑ. බලපු නොබලපු හැමෝටම මන් අද පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ.
TWO HEARTS ENTERTAINMENTS ගැන දැන් හැමෝම දන්නවනෙ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔය නම උඩ ක්ලික් කොරලා ගිහින් දැනගෙන එන්න පුලුවන්. ඔන්න එදා කිව්වා වගේම TWO HEARTS ENTERTAINMENTS වලින් කරපු පලවෙනි නිර්මාණය අද ඔයාලට පිරිනමන්න තමයි මම මේ සුදානම් වෙන්නේ.

ABSORB කියන්නෙ විනාඩි තුනක පමණ ධාවන කාලයකින් යුක්ත කෙටි චිත්‍රපටියක්. ඇත්ත්ටම මේක නිර්මාණය උනේ මගේ FILM AND TV STUDIES Diploma  එකේ ප්‍රොජෙක්ට් එක විදියට බාර දෙන්න. වෙනත් කතා වස්තූන් කීපයක්ම තිබ්බත් ඒ අතරින් මේකම තෝරගන්න උනේ අනෙක්වා නිර්මාණයට ගන්න නොයෙකුත් ප්‍රශ්ණ මතු උන නිසයි. ඒයින් ප්‍රධානම ප්‍රශ්ණයක් තමයි නලු නිලි ප්‍රශ්ණය. ඒක නිසා අවම නලු නිලි සංඛ්‍යාවක් භාවිතා කරලා ඉතාම සරලව කරන්න පුලුවන් දේට තමයි අත ගැහුවෙ. මේක කරද්දිත් යම් යම් ගැටලු ආවෙ නැතුවම නෙවෙයි. ඒත් අන්තිමේදි කොහොම හරි ඒවා සාර්තක ලෙස ජය අරගෙන මේක මේ විදියට නිම කරනන් මට හැකියාව ලැබුනා.

මෙහි රංගන දායකත්වය ලබාදෙන්නෙ දක්ෂිත මලීන් සොයුරා හා තවත් එක විශේෂ නලුවෙක්..... හෙ හෙ... ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. චිත්‍රපටියෙ පිටපත, කැමරාකරණය, සංස්කරණය හා අධ්‍යක්ශනය සිදු කලේ අනුරාධ නානායක්කාර වන මම විසින්. ඒ වගේම මේ කාර්‍යය සාර්ථක කරගන්න මට උදවු උන සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මුලු හදවතින්ම ස්තූති කරනවා.

හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි කෙටි චිත්‍රපටිය ප්‍රේක්ෂක ඔබට බාර කරනවා.  එහෙනම් සූදානම් වෙන්න ABSORB වෙන්න.
නරඹන්න. නරඹලා ඔබේ අදහස් ලබාදෙන්න. ඒක තමයි මට වටින ලොකුම දේ.



Friday, December 16, 2011

හෙලිදරව්ව

පහුගිය දෙසැම්බර් හත් වෙනිදා අනන්තය ඔබට ප්‍රශ්නයක් ඉතිරි කරලා ගියා ඔබට මතක ඇති. ඒ ගැන ඔයලා මොන විදියට අනුමාන කලාද කියන්න මම දන්නෙ නෑ. ඔන්න ඒ ප්‍රශ්ණය ඔයාලගෙ හිත් වලින් අයින් කරන්න තමයි මම සූදානම් වෙන්නෙ. ඊට කලින් මෙන්න මේ වීඩියෝව බලලා ඉන්නකො.



එදා ඔබ දැක්ක අර්ධ සම්පූර්ණ වීඩියෝවෙ සම්පූර්ණ වීඩියෝව තමයි ඔය. වීඩියෝව ගැන විස්තර කරන්න කලින් මන් අහන්නම් පොඩි ප්‍රශ්නයක්.
මතකද WHO ?
විනෝදෙට හදපු මගේ පලවෙනි කෙටි චිත්‍රපටිය......
අමතක කෙනෙක් හරි දන්නෙ නැති කෙනෙක් හරි ඉන්නවනම් මේන්න ගිහිල්ලා බලලා එන්න.
WHO-SHORT FILM

ඒක බැලුව අය දන්නවා ඇති ෆිල්ම් එක පටන් ගනිද්දි යන්නේ ANU FILM PRESENTS කියලා බව. ඒක එදා ඒ නිකන් ඔහේ දාන්න දෙයක් නැතුවට දාපු නමක්. පස්සෙ හරි නමකින් වැඩේ පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනා. අන්න ඒ බලාපොරොත්තුවෙ මල්පල ගැන්වීම තමයි  TWO HEARTS ENTERTAINMENTS කියන්නේ.  මෙතැන් පටන් මම කරන සෑම නිර්මාණයක්ම එලියට එන්නේ ඔන්න ඔය නමින්. හරියටම කිව්වොත් ඕක තමයි මෙතැන් සිට මගේ ප්‍රඩක්ශන් කම්පැනි එක.
ඒත් එක්කම කියන්න ඕන මේ ප්‍රඩක්ශන් කම්පැනියේ තවත් එක හවුල් කාරයෙකුත් ඉන්නවා. ඒ කෙනයි මමයි එකතු වෙලා තමයි මේක පටන් ගන්න අඩිතාලම දැම්මේ. කොටින්ම මේ නම පවා සැනින් තහවරු කලේ ඒ කෙනා. නමුත් පොඩි පොඩි අවහිරතා කීපයක් නිසා එයාට දැනට මේකට සෘජුව සම්බන්ද වෙන්න හැකියාවක් නෑ. තවම වක්‍ර ලෙස සම්බන්ද වෙමින් අදහස් යෝජනා වලින් පමණයි ඒ කෙනා මේකට දායක වෙන්නේ. ඒත් මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම ඒ කෙනාගෙ සෘජු දායකත්වය මේ සඳහා ලැබෙයි කියලා. මගෙන් අහන්නනම් එපා ඒ කෙනා කවුද කියලා. බලමු. ඒ කෙනාගෙ දායකත්වය හරි හැටි ලබාගන්න පුලුවන් උන දවසක මම ඒ කෙනා ගැන හෙලි කරන්නම්. ඒතකම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා විතරක් දැනන් ඉන්නකො. දැනට ඒක රහසක්. :D

එහෙනම් ඔන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉස්සරහට TWO HEARTS ENTERTAINMENTS වලින් කෙරෙන නොයෙක් නිර්මාණයන් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. 

තවත් ආරංචියක් තියෙනවා. ම්ම්ම්ම්ම්. ඒක වචනයෙන් කියන්න ඕන නෑ. පල්ලෙහා බැලුවම ඔයාලට ඒක තෙරේයි.


එහෙනම් රැඳිලා ඉන්න අනන්තයත් එක්ක. මේ දේවල් අනන්තයෙන්ම විතරයි.

Thursday, April 7, 2011

අත්හදාබැලීමක්!

ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න මන් පොඩ්ඩක් ඒ ගැන කියන්නම්. ඔයාලා කාටූන් දන්නවනේ. කාටුන් වලදි වෙන්නෙ එක්තරා චලනයකට අදාල චිත්‍ර රාශියක් එකට එකතු වීමනේ. ඒ වගේම මේ ස්ටොප් මෝශන් ඇනිමේශන් වලදි වෙන්නෙ ඒ ඒ කැරැක්ටර්ස් වල ස්ටිල් ඉමේජස් එක දිගට ප්ලේ කිරීමක්. සරලව පැහැදිලි කරනවනම් මෙන්න මෙහෙම. මුලින්ම අපිට අදාල කැරැක්ටර්ස් හදන්න වෙනවා කුමක් හෝ අමුද්‍රව්‍යකින්. හැබැයි ප්‍රධානම දේ ඒ කැරැක්ටර්ස් වල අංගෝපාංග චලනය කරන්න පුලුවන් වෙන්න ඕන. ඔන්න අපි හිතමුකො අපි ක්ලේ වලින් මිනිහෙක්ව හැදුවා කියලා. අපිට ඕන ඒ මිනිහා ඇවිදින විදියේ ස්ටොප් මෝශන් ඇනිමේශන් එකක් කරන්න. එතකොට කරන්නෙ මෙහෙමයි. ඒ මිනිහ ඇවිදින ඉරියව්වෙන් අත පය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර ඒ කරන හැම වෙනස්කමක්ම ස්ටිල් ෆොටෝ එකක් ගන්නවා. ඒ කියන්නෙ පොඩ්ඩක් වෙනස් කරනවා ෆොටෝ එකක් ගනන්වා. ආයෙ තව ටිකක් වෙනස් කරනවා තව ෆොටෝ එකක් ගන්නවා. ඔය විදියාට අපිට අවශ්‍ය තරම් ෆොටෝ ගනන්වා. ඊට පස්සෙ අන්තිමට ඒ ෆොටෝස් සේරම ටික වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකකින් එකලස් කරගන්නවා. ඉතින් අර ගත්තු ෆොටෝ ටික එක දිගට ප්ලේ වෙද්දි අපිට පේන්නෙ අර මිනිහා ඇවිදිනවා වගේ. ඕක තමයි සරල සිද්ධාන්තය. හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. මොකද තත්පරයක් කියන්නෙ ෆේම් 24ක්. ඒ කියන්නෙ තත්පරයක ඇනිමේශන් එකක් කරන්න අපි ෆොටෝ 24ක් ගහන්න ඕනේ. ඉතින් හිතන්න දිග ඇනිමේශන් එකකට කොයි තරම් ෆොටෝ ගහන්න ඕනද කියලා. අනිත් එක ඇනිමේශන් එක ස්මූත් වෙන්න නම් චලනයේ හූඟාක්ම ලඟ ලඟ වෙනස් කම් තමයි කරන්න ඕන. ඒ වගේම හිතන්න කැරැක්ටර්ස් ගොඩක් ඒක සැරේ කන්ටොර්ල් කරද්දි කොහොමද. ඇත්තටම මේක නහින වැඩක්. ඒක මට තේරුනේ මන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලපු නිසා. මිට මාස 5කට විතර උඩදි තමා මන් ඔය එක්ස්පෙරිමන්ට් එක කලේ. හෙන ගේමකින් පස්සෙ යාන්තම් තත්පර හතරක පුංචි ඇනිමේශන් එකක් කරගන්න පුලුවන් උනා. ඒකට මට ෆොටෝ 96ක් ගහන්න උනා. ඒකනම් එපාම වෙන වැඩක්. ඒත් කරද්දිනම් ආසයි. වැඩේ තියෙන්නෙ තනියෙන් කරන්න ටිකක් අමාරුයි. ඒ ඒ කැරැක්ටර්ස් වල මූව්මන්ට්ස් බලාගන්න වෙන වෙනම අය දාන්න පුලුවන්නම් වැඩේ හොඳට කරගන්න පුලුවන්. ෆිල්ම් වලදිනම් වෙන්නෙ එහෙමයි.
                                   3D එහෙම නොතිබුන කාලේ මේ ක්‍රමය ගොඩක් ෆිල්ම් වලට යොදාගත්තා. හැබැයි හොලිවුඩ් වල තාමත් ස්ටොප් මෝශන් ෆිල්ම්ස් බිහි වෙනවා. ඔයාලා ආසවෙන් නරඹපු Chicken Run චිත්‍රපටියත් සම්පූර්ණයෙන්ම කරලා තියෙනෙන් ස්ටොප් මෝශන් වලින්.
                           මේ තියෙන්නෙ මන් කරපු එක්ස්පෙරිමන්ට් එක. පස්සෙ තව හරියට එකක් කරන්න ඕන. ඒත් ඒකට වෙලාවක් ලැබුනේ නෑ. පැය ගානක් එක දිගට නහින්න බලාගෙන ඕන වැඩේට අත ගහන්න. :D ස්ටිල් කැමර් එකක් තියෙනවනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න. ෆෝන් එකේ කැමර් එක උනත් වැඩේට ඇති.



තත්පර 4ක් නිසා මොකද්ද වෙන්නෙ කියලවත් හිතාගන්න බැරි වෙයි. දැන් මට බනින්න එපා මේ මොන මගුලක්ද මේ කියලා. මන් කිව්වනෙ ඕක එක්ස්පෙරිමන්ට් එකක්. :D

Wednesday, March 16, 2011

WHO (හූ)

කොලඹ ඉඳලා ඉඳලා ගෙදර ගියාම මාර කම්මැලියි. ගෙදර මැශින් එකකුත් නැති නිසා දවසෙම ටීවී එකේ තමයි. ගිය වීක් එන්ඩ් එකේ මම ගෙදර ගියා. වසම කම්මැලියි. ටීවී එකේ බලන්න දේකුත් නෑ. පොඩි ෆොටෝස් වගයක් ගන්න මන් අපේ ඔෆ්ස් එකේ ඉන්න හර්ශ අයියගෙ ස්ටිල් කැමරා එක ගෙදර අරන් ඇවිත් තිබුනේ. ඔන්න මට ආවා අපූරූ අදහසක්. හදන්න ඕන පුංචි පහේ ශෝට් ෆිල්ම් එකක්. ඒත් කෝ කතාවක්. ම්ම්ම්.... එක පාරටම ආවා අයිඩියාර් එකක්. ඔන්න දැන් කතාවක් තියෙනවා. ඒත් කවුද නලුවා. වෙන නලුවො මොකටද මේ මම ඉන්නෙ. ඒකත් හරි. ඒත් මම ඇක්ට් කලොත් කවුද කැමරාකරන්නෙ. අහ්. මේ ඉන්නෙ අපේ නංගි. ඔන්න ඉතින් නංගිවත් අල්ලගෙන හැදුවා ශෝට් ෆිල්ම් එකක්. කැමරාකරනය අපේ නංගියා. රංගනය, කැමරා අධ්‍යක්ශනය, පිටපත, සංස්කරනය, අධ්‍යක්ශනය කියන සේරම ඉතින් මේ මමම තමා. බලන්නකො කොහොමද කියලා. බලලා ඔයාලගෙ අදහස් එහෙමත් කියලා යන්න හොඳේ.