අද එයි
හෙට එයි
කිය කිය
බලන් ඉන්නවා
හැමදාම
වාසනාව
ගෙයි දොරකඩට
ඇවිත්
පිරෙනකන්
ගෝනි ගනනින්
ම්හු....
ඒත් නෑ...
බලන් ගියාම
කරලා තියෙන්න
බලන් හිටපු
එක විතරයි
මන් හිතන්නෙ
මගේ
ලක් එකේ
හිලක්....
Thursday, November 4, 2010
Wednesday, November 3, 2010
වැරදුන දඩයම
ගිය අවුරුද්දේ හරියටම මේ දවස් වල මම කරාපිටියෙ ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපලා ඉන්නවා. ඔක්තෝඹර් 31 වෙනිදා ඉඳන් නොවෙම්බර් 7 වෙනිදා වෙනකම් දවස් 8ක්ම බෙහෙත්, ඉන්ජෙක්ශන්, සේලයින්, නර්ස්ලා, දොස්තරලා අතරේ හිර වෙලා ජීවත් වෙන්න උනා. මාව ඇතුල් කරගත්තේ ඩෙංගු කියලා. පස්සෙ කිව්වා මී උණ කියලා. ඊට පස්සෙ කිව්වා මුත්‍රා මාර්ගෙට විශබීජයක් ගිහින් කියලා. ඊට පස්සෙ තවත් මොකද්දෝ ලෙඩක් කිව්වා. හප්පා ඒක නිකන් මහ භයානක නමක්. නමේ බර වැඩි කමට මට දැන් ඒක මතකත් නෑ. මම එහෙම නමක් තියෙන ලෙඩක් ඇහුවෙ එදාමයි. ඒ වෙලාවෙනම් මන් හිතුවා මන් මැරේවිමයි කියලා. එච්චර භයානක නමක් තිබ්බේ ඒ ලෙඩේට. කොහොම හරි අන්තිමේ ලේ වලට විශබීජයක් ගිහින් කියලා අවසන් නිගමනයකට ඇවිත් මාව ටිකට් කපලා ගෙදර එව්වා. ඇත්තටම තිබ්බ ලෙඩේ මොකද්ද කියනන් දන්නෙ දෙයියෝ තමයි. ඒකෙන් මේකෙන් උනේ මදුරුවන්ටත් හපන් විදියට පැයෙන් පැයට ඉන්ජක්සන් කට්ටක් උස්සන් එන නර්ස් ඇන්ටිලාට ලේ පූජා කරන්නයි, පෙනිසිලීන් විදින කොට තියෙන ෆුල් ආතල් 1 විඳගැනීමයි විතරයි. හප්පා ඒකනම් ෆුල්ම ආතල් එකක් තමයි. පැය 6න් 6ට ඒක විදිනවා. විදින්න පැයකට දෙකකට කලින් ඉඳන්ම හූල්ල හූල්ල ඉන්නවා 'අයියෝ තව ටිකකින් අර මගුල විදියි' කිය කිය. විද්දිදි තියෙන්නෙ අමුතුම සැපක්. මැනික් කටුව ගාවින් බෙහෙත ඇඟට ඇතුල් වෙද්දි උරහිස ගාවට යනකම්ම ඒ සැප දැනෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙත් පැයක් විතර යනකම් අතම අත ගගා ඉන්නවා. ඒ අස්සේ වැලමිට හරියේ ඇතුල් පැත්තේ තනිකර හිල් විමානයක් ලේ අරන්ම. මදුරුවො තව හොදයි අප්පා.
Subscribe to:
Posts (Atom)