Showing posts with label පබැඳුම්. Show all posts
Showing posts with label පබැඳුම්. Show all posts

Monday, February 17, 2020

හිල

කීර්තිරත්න කඩුල්ල පැන වත්තට ඇතුළු උනේය. තමන්ගේ දණහිස තරම් උස් වූ කඩුල්ලේ උණ බටය පහත් නොකොටම ඒ මතින් පැනීම ඔහු කලක සිට පුරුද්දක් කරගෙන සිටියේය. තිස් පස් වසරක වැඩිහිටියෙකු වුවත් තමා තුළ තාමත් අවුරුදු දහ අටේ කොලුගැටයාගේ ජවය තිබෙන බව තමන්ටම ඒත්තු ගන්වාගැනීමට මේ පුරුද්ද ඔහුට උදව් වූයේය. මිදුලේ බොරළු පොළව මතින් නිවෙස දෙසට පිය නගන ඔහුට, ඈත උළුවස්සෙන් එබී බලා නැවත හනික ගෙතුළට ගිය තිලකාගේ රුව පෙනිණ. මිදුලත් ඉස්තෝප්පුවේ බිමත් අතර තිබූ කෙටි පඩි දෙක එක පිම්මෙන් පැන්න ඔහු සිය කන්තෝරු බෑගය ඉස්තෝප්පුවේ තිබූ රවුම්මේසය මත තබමින් ඒ අසල තිබූ හාන්සි පුටුවෙහි ඇල වුණේය. ඒත් සමඟම තිලකා උළුවස්සෙන් නැවත පැමිණියේ එක් අතක වූ කහට කෝප්පයත් අනිත් අතෙහි වූ හකුරු කෑල්ලකුත් සමඟිනි. කහට කෝප්පය තම සුරතට ගත් කිර්තිරත්න එක හුස්මට දෙකට එය කටට හලාගෙන හකුරු කෑල්ල කටේ දමා සූප්පු කරන්නට ගත්තේය. ඒ අතරතුර ඔහු කකුලෙන්ම සිය සපත්තු දෙකත් මේස් දෙකත් ගැලව්වේය. හනික පාත් වුණ තිලකා සපත්තු දෙක සිය වමතින් අල්ලාගෙන අනික් අතට හිස් තේ කෝප්පයද රැගෙන නැවත ගේ තුළට ගියාය. දෛනික දින චර්‍යාවේ කොටසක් වූ මේ සියල්ල දෙදෙනා අතින්ම සිදු වූයේ පුරුද්දට මෙන්ය. ඉන්පසු සිදුවීමට තිබුණේ තිලකා තුවායත්, සබන් කැටයත් රැගෙන විත් කීර්තිරත්නගේ අතට දීමය. ඉන්පසු කීර්තිරත්න වත්ත පහළ ළිඳ ළඟට ගොස් හොඳට නාකියාගෙන පිරිසිඳු වී නැවත ගෙට පැමිණීමය. නියමිතව තිබූ පරිදි තිලකා උළුවස්සෙන් මතුවිය. හැබැයි ඇය අතේ තුවායවත් සබන් කැටයවත් තිබුණේ නැත. පළමුව ඇගේ දෙඅත් දෙසත් ඉන් පසුව කෙළින්ම ඇගේ මුහුණ දෙසත් කිර්තිරත්නට බැලුණේ එම වෙනස්ට හේතුව ඔහුට සිතාගත නොහැකි වූ නිසාය. තිලකා කිසිඳු කලබලයක් නැතිව උළුවස්සට හේත්තු වූවාය. ඉන්පසුව සෑහෙන්න වෙලාවක් තිස්සෙ රජ කරගෙන තිබූ නිහැඬියාව බිඳ දමමින් ඇය සිය කටහඬ අවදි කළාය.

"අද ඉසෙබෙලා නැන්දා මෙහෙ ආවා"ඇයගේ එම පිළිතුරත් සමඟ, මේ ඇති වෙන්නට යන කතා බහා ඉවෙන් මෙන් වටහාගන්නට කීරිතිරත්න සමත් විය. එහෙත් ඔහු නිහඬවම ඇයටම ඉඩ දී බලා සිටියේය. ඇය ඔහේ ඈත කඩුල්ල දෙස බලාගත් වනම සිටියා මිස නැවත කතා කළේ නැත. එයෙහින් සංවාදය ඉදිරියට ගෙන යෑමට කීර්තිරත්නගේ මැදිහත් වීම අත්‍යාවශ්‍යම විය. ඇතිව තිබූ දැඩි නිහඬතාවයට බිය වූ ඔහු කට ඇරියේ ඒ නිසාය.

"මොනවද උන්දෑ මේ සැරේ කිව්වෙ?"ඔහුගේ වචන වලින් ඇය නැවත පණ ලද්දාය.

"ආයෙ පාරක් තිරිකුණාමලේ ගිහින් තොටිල්ලක් පූජා කරන්නය කිව්වා. ඊට පස්සෙ තව මොකද්දෝ මන්දා පූජාවක් තියෙනවය ඒකත් කරමුය කිව්වා"

"දැන් කී පාරක්නම් ඔයි කියන කියන එව්වා කළාද? කෝ පලක් උනාද?" කියා ඇසීමට සිතුනත් ඇගේ අහිංසක බලාපොරොත්තු වලට එක වරම අභියෝග කරන්නට ඔහුට සිත් දුන්නෙ නැත. ඒත් එක්කම දෙයියන් ගැන වැරදි වචනයක් කටින් පිට කර කට වරද්ධවාගැනීමටද ඔහු බිය විය. එබැවින් සිතට ආ වචන සිත තුළම සිරකර ගනිමින් ඔහු දිගු සුසුමක් පමණක් වාතලයට මුදා හැරියේය. "මෙච්චර කරපු එකේ ඒකත් කරලා බලමු" තවත් කෙටි නිහැඬියාවකට පසුව කීර්තිරත්න ඇගේ සුරත අල්ලාගෙන කියන විට ඇය සිය දෑස් විසල් කොට තම සැමියා දෙස බලා ආදරයෙන් සිනාසුණාය.

මීට දස වසරකට පෙර කීරිතිරත්න තිලකාව කැන්දන් එන විට ඇයට යන්තම් 19 සපිරුණා පමණි. වයසට ගැලපෙන තරම් වූ ඇගේ සුරූපි දේහ විලාසය අතුරින් ඔහුගේ වඩාත්ම සිත් ගත්තෙ ඒ අතරින් වඩාත්ම පිටට කැපී පෙනුණ ඇගේ පිරිපුන් පියයුරු යුගලයි. ඒවා ඇගේ වයසට වඩා මුහුකුරා ගොස් ඇති බව ඔහුට හැඟුණ වාර අනන්තය. මුලදී ඇගේ හැට්ටය අස්සෙන් ඔහු දෙසට පනින්නට මාන බලමින් සිටි පියයුරු වලට වශී වී සිටියත් කෙමෙන් කෙමෙන් ඊට පහළින් තිබූ හදවතින් නැගෙන රිද්මයට ඇහුම්කන් දෙන්නට ඔහු වඩාත් ආශා කළේය. මුලදී නැගුණ රාග හැඟුම් කල් යත්ම ආල හැඟුම් වලට පරිවර්තනය වී දෙදෙනා දෙමාපිය ආශිර්වාදය මැද එක් වහලක් යටට එන්නට කටයුතු සිද්ධ වූයේ එලෙසය. මේ දස වසර තුළ ඔවුන් දෙදෙනාගේ යුග දිවිය තුළ අවුල් ආරවුල් කිසිවක් ඇති නොවී තිබිණ. උප්පතියෙන්ම ඉවසිලිවන්තයෙකු වූ කීර්තිරත්න, යම් යම් හේතුමත ඇති වන්නට තිබූ සුළු සුළු අවුල් වියවුල්ද ඉතා ඉවසිලිමත්ව යටපත් කරගත්තේය. ඔහු ඇයගේ සියලූම අවශ්‍යතාත් ඇය ඔහුගේ සියලූම අවශ්‍යතාත් සොයා බලා නොපිරිහෙලා ඉටු කල බැවින් දකින අය ඉරිසියා හිතවන අන්දමේ පවුල් ජීවිතයක් ගත කරන්නට ඔවුනට හැකියාව ලැබී තිබිණ. මේ දස වසර පුරාවටම ඔවුන් දෙදෙනාගේම සිත් ශෝකයෙන් බර කල කාරණයකට තිබුණේ එකම එකක් පමණි. එනම් දෙදෙනාම මහත් ආශවෙන් බලාපොරොත්තු සහගතව සිටියත් දරු පැටියෙක්ගෙ සිනහා හඬක් තම නිවෙස තුළින් අසන්නට ඔවුන් අපෝහොසත් වීමයි. ඒ සඳහා ඔවුන් නොකළ දෙයක් නැත. දන්නා සියලූම බේත් හේත් කළහ. දන්නා සියලුම වෙදදුරන් හමුවීමට ගියහ. පන්සල් පල්ලි කෝවීල් දේවාල ගානේ ගොස් භාර හාර විය. යකැදුරන් ගෙන්වා සන්තිකර්ම කළහ. ඒත් මේ දස වසර තුළම ඉන් එකකින්වත් ලැබුණ කිසිම සෙතක් නොවීය. උපයන දෙයින් වැඩි කොටසක් මේ යාග හෝම වලටම වියදම් වූවත් ඔවුනට එය මුදල් නාස්තියක් සේ නොපෙනිණ. දස වරසක් පුරා මේ දිවිල්ලෙන් හෙම්බත්ව සිටියත් සිය අරමුණ කෙදිනකම හෝ සැබෑ වේයැයි යන බලාපොරොත්තුව ඔවුන්ව තව තවත් දිරිමත් කරන්නට සමත් විය.

"තව සති දෙකකින් පෝය නිවාඩුවක් එනවා. එදාට ඔයි ගමන ගොහින් එමු."කීර්තිරත්න පුටුවෙන් නැගිට ඇගේ නළල් තලය මත සිය දෙතොල් තෙරපමින් සෙමෙන් මිමිනුවේය.

සති දෙක ඊයක වේගයෙන් ගෙවිණි. කිරිකැටි සිනහා හඬ සිය දෙකන් ඇතුළට මවා ගනිමින් ඔවුන් දෙදෙන නැවතත් තමන්ට කල හැකි සියල්ල කළෝය. තවත් මාස 4ක් ගෙවුණේ සුපුරුදු වේගයෙන්මය. තවමත් සිය දෙකන් තුළ මවා ගත් කිරිකැටි සිනහා හඬින් පමණක් සැනසෙන්නට ඔවුන්ට සිදු වී තිබුණි. ඔවුන් එයට කෙතරම් ඇබ්බැහි වී තිබුණේද යත් විටෙක එය සැබැවින්ම ඇහෙන හඬක් බව ඔවුන් විශ්වාස කිරීමට පෙළඹුණේය. කුස්සියේ උය උය ඉන්න අතරතුරේ එම හඬ ඇසී හැට්ටයත් බුරුල් කරගෙන කාමරය වෙත දිව යන අතරතුර සාලයේ පුටු මේස වල වැදී තිලකා කීප වතාවක්ම තුවාල කරගත්තාය. ළිඳ ළඟ නනා සිටිනා අතරතුර එම හඬ ඇහුණ කීර්තිරත්න විටෙක ගෙට දුව ආවේ සිය නිරුවත් සිරුර සබන් වලින් පමණක් වැසී තිබියදීය. අනෙක් සියලු කටයුතු හුරුපුරුදු දෛනික දින චර්‍යාවටම සිදු වෙන අතරේදී ඔවුන්ගේම මනස තුළින් ඇසෙන්නට ගත් මේ කිරිකැටි සිනහා හඬ ඔවුන් දෙදෙනාට කිසියම් මායාකාරි අස්වැසිල්ලක් ගෙන දෙන්නට සමත් විය.

දිනක් කන්තෝරු වැඩ අහවර කර කීර්තිරත්න වැටේ කඩුල්ලෙන් පැන බොරළු මිදුල හරහා නිවෙස වෙතට ඇවිද විත් සුපුරුදු පරිදි හාන්සි පුටුවේ ඇල වුණේය. ඒත් සමඟම ඔහුගේ අතට ලැබෙන්නට තිබූ කහට කෝප්පයත් හකුරුකැබැල්ලත් එදා නිසි වෙලාවට ඔහුගේ ඇතට ලැබුණේ නැත. ඔහුට ඉබේටම ගේ ඇතුළ බැලුණේ එබැවිනි. කූස්සිය පැත්තේ සිට සාලය හරහා ඉස්තෝප්පුවට ඇවිද එමින් සිටි ගෑනු පරාණ දෙක ඔහුගේ ඇස ගැටුණේ එවිටය. සුපුරුදු පරිදි කහට කෝප්පයත් හකුරු කැබැල්ලත් අතැතිව එන ඔහුගේ බිරිඳ සමඟ සිටි ගෑනු පරාණය ඔහු සැණින් හඳුනාගත්තේය. එ ගැම්මටම ඔහු පිටුවෙන් නැගිට්ටුණේය.

"කාන්ති අක්කා! කොයි වෙලේද ආවෙ?"

"දැන් පැය තුනහතරක් විතර ඇති" ආගන්තුක ගෑනු පරාණය එලෙස කියමින්ම එහා පැත්තේ වූ වැල් පුටුවෙහි වාඩි වුණාය.

"අක්කා තව ටික කාලයක් අපිත් එක්ක මෙහේ ඉන්නවය කියන්නෙ" තිලකා තේ කෝප්පය කීර්තිරත්නගේ අතේ තැබුවේ ඔහුගේ දෑස් තරමක් මගහරිමිනි. ඔහුගෙන් ලැබෙන උත්තරය හරිහැටි අනුමාන කිරීමට නොහැකි දෙයක් ප්‍රකාශ කරන අවස්ථාවන්හී ඇය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලීමට තරමක් විය වූවාය.

"ආ... හොඳනෙ ඉතින්. නෝනෙටත් දවල් වරුවෙ තනියක් නෑනෙ" ඔහු නැවත සිය සුපුරුදු හාන්සි පුටුවේ වාඩි වෙන ගමන් කියද්දී තිලකා ඔහුගේ දෑස් දෙසම බැලුවේ හිතේ ඇති උණ සතුට සිය දෑස් වලින් උතුරා යන අතරතුරය.

"එතකොට ගාල්ලෙ ගෙදර? මේ ටිකේ කවුද ඒක බලාගන්නෙ?" වෙනදාට වඩා ඉවසීමෙන් තේ උගුරු දෙකක් බිවු කීර්තිරත්න ඇහුවෙ හදිසියේ මතක් වූවාක් මෙනි.

"පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා මල්ලි. මන් හෙමින් සීරුවෙ කියන්නම්කො. දන්නවනෙ ඉතින් මිනිහත් නැති තනි පන්ගලමෙ ඉන්න ගෑනියෙක් උණාම එන එක එක ප්‍රශ්න. මට හිතුණා ඒක නිසා ටිකක් එහෙන් ඈතට වෙලා හිටියනම් හොඳා කියලා. ඒ ගේ ඉතින් වහලා දාලා ආවා කියලා කවුරු මොනා අරන් යන්න කියලද? ඔයි දෙන්නට කරදරයක් නෙවෙයිනම් ඉතින් හැමදාම උණත් මෙහේ ඉන්න බැරියැ" ඈ සීරුවට කියාගෙන යන අතරතුර කීර්තිරත්න කහට එක බී අහවර කොට හිස් කෝප්පය තිලකාට දෙමින් පුටුවෙන් නැගිට්ටේය.

"අපිට මොන කරදරයක්ද අක්කෙ. කැමති කාලයක් මෙහේ ඉන්න පුළුවන්." ඔහු එසේ කියුවේ එය එවෙලේ ඔහුගේ හිතට නැගුණ අව්‍යාජම සිතුවිල්ල නිසා නොව එවෙලේ දියයුතු සුදුසුම පිළිතුර එයයැයි ඔහුට හැඟුණු නිසාය.

සැබැවින්ම අක්කා ටික කලක් ඔවුන් සමඟ විසීම ගැන ඔහුට තදබල අකමැත්තක්ද නොවිණි. එහෙත් තමාත් බිරිඳත් අතර ඇති නිදහස සීමා වේයැයි සාධාරණ බියක් ඔහුගේ හිත තුළ හටගෙන තිබුණි. වෙලාවක් අවේලාවක් නැතුව නිවෙස තුළ ඕනෙම තැනක ඔවුන් දෙදෙනා අතර අතෝරක් නැතුව සිදුවන සිපවැළඳගැනීම් වලට අක්කාගේ පැමිණීම බාධාවක් වෙතැයි ඔහුගේ යටි හිත අවලාද නගන්නට විය. නිදන කාමරයද, කුස්සියද, සාලයද, කියා වෙනසක් නැතුව සිදුවන උණුසුම් ප්‍රේමාලිංගනයන්ට මින්පසු අත්වෙන ඉරණම ගැන ඔහුගේ හිතේ අවිනිශ්චිතභාවයක් ගොඩ නැගිණි. එක් වහලක් යට පවුල් කන්නට පටන් ගෙන අවුරුදු දහයකට වැඩි උණත්, අලුත බැන්ද නාඹර යුවලක් ලෙසින්  තම පවුල් ජීවිත පවත්වාගෙන යන්නට මහත් ලෙසින්ම උපකාරී උණේ ඒ ආශ්වාදජනක ආලින්ංගනයන් බව ඔහු සහසුද්දෙන්ම දැන සිටියේය. ඊළඟ දවසේ රාජකාරී වෙනුවෙන් ඔහුට ඉලන්ධාරියෙකුගේ ජවය සැපයූවේ ඒ තැනක් නොතැනක් නැතුව සිද්ධවෙන රමනයන් බව ඔහු තදින්ම විශ්වාස කළේය. නිඳන ඇඳ මත සිදුවන සාම්ප්‍රදායික එකතුවීම ඔහු එතරම් ප්‍රිය නොකළේය. එබැවින් අනාගතය ගැන සියුම් බියක් ඔහුගේ පපුවේ කොනක ලියලන්නට පටන් ගෙන තිබිණ.

ඇය තිලකාගේ වැඩිමහල් සොහොයුරිය විය. තිලකාට වඩා වයසින් අවුරුදු 8ක් වැඩිමහල් වූවත් ඇයද තිලකා තරම්ම ප්‍රියමනාප එකියක වූවාය. මහත් කම්කටොලු රැසක් මැද ගෙවුණ අතීතයක හිමිකාරිනියක් වුවත්, ඒ කිසිවක් ඇයගේ රූ සපුව ට හානියක් කිරීමට සමත් වී නොතිබිණි. දවසින් දවස පෙනුමින් තිරිහන් වීම ඇයටත් තිලකාටත් දෙදෙනාටම තිබූ පොදු සාධකයක් විය. කාන්තී යන ඇගේ නමේ අරුතටම සමාන පරිදි කාන්තියක් විදාහල මුත් ඇගේ විවාහය ඇයට අවුරුදු 25 වෙන තෙක්ම කල් ගියේ කෙතරම් මංගල යෝජනා පැමිණියද ඒ එකකටවත් ඇය කැමති නොවීමයි. හොඳ හයේ හතරේ පිරිමින් කොතෙකුත් ඇයගේ රූ ශොභාවට වශීවී ඇගේ අත පතා ආවද ඇය ඒ එකෙක්වත් තුට්ටුවකට මයිම් කළේ නැත.මහ බඹා නළලෙ කෙටූ එකා ඇරෙන්න වෙන මොකා ආවත් වැඩක් නැහැයි කියමින් සිය නිදහසට කාරණය සකසා ගත් ඇය අවසානයේ ඇයට අවුරුදු 25 ලබන විට මහ බඹා නළලේ කෙටූ එකා සොයාගත්තාය. දුම්රිය දෙපාර්තමේන්තුවේ තරමක ඉහළ නිලයක් දැරූ ඔහු එවකට සේවය කළේ ගාල්ල දුම්රිය ස්ථානයේය. හරි එකා හමු වූ විට තවත් කල් අරින එක මොඩ වැඩක් හෙයින් එම වසරේදීම විවාපත් උණ ඔවුන් ගාල්ලේ තිබූ කාන්තිලාගේ මහ ගෙදරම පඳිංචි විය. අවුරුද්දක ඇවෑමෙන් සිය කුළුඳුල් පුත්ත රත්නයේ හුරතල් බැලූ ඔවුන් තවත් අවුරුදු දෙකක ඇවෑමෙන් තවත් පුත්ත රත්නයක් මෙලොවට ජාතක කරන්නට සමත් විය. සියල්ල ඉතා යහපත්ව සිදුවෙමින් පවතින විටයි ඇයගේ සැමියාට නුවර එළියට ස්ථාන මාරුවක් ලැබුණේ. පැවති ආණුඩුවට එරෙහිව සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇතිකරලීම හේතුවෙන් දේශපාලන පළිගැනීමක් ලෙස ලැබුණ මේ ස්ථාන මාරුව ඔවුන්ගේ කැදැල්ල තුළද උණුසුම් තත්වයක් මතු කරන්නට සමත් විය. කාන්තීත් දරු දෙදෙනාත් ගාල්ලෙ නිවසේ සිටියදී ඔහු නුවර එළියේ වැඩ බාරගෙන එහි තිබූ සේවක නිවාසයක පඳිංචි විය. එහෙත් නිවාඩුවක් ලැබුණ විගස ගාල්ලට ඒම ඔහු පුරුද්දක් කොටගෙන සිටියේය. කල් ගත් වෙත්ම මේ පුරුද්ද ටික ටික වෙනස් වී සතියකට එකක් බැගින් ලියුම් කඩදහියක් එවන තැනට කටයුතු සිද්ධ විය. තවත් කල් ගත වෙත්ම ලියුම් ලැබීමේ කාල පරාසය ටිකෙන් ටික වැඩිවී ගොස්, එක දිනක සිට තවදුරටත් ලියුම් ලැබීම සහමුලින්ම ඇණහිටියේය. පසුව විපරම් කර බලන විට ආරංචි වූයේ තමන් ලද දේශපාලන පළිගැනීම තමන්ගේම සුඛ විහරණයට හරවා ගනිමින් ඔහු කලක සිට නුවර එළියේ පඳිංචිව සිටි සුදු ජාතික කාන්තාවක් සමඟ හාදව ඇය කැටුව ඇගේ රටටම පිටමන් වී ඇති බවයි. එලෙසින් ඇය මිනිහා දමා ගිය ගැහැනියක් ලෙසට දරු දෙදෙනා සමඟ තනි විය. එහෙත් ඇය එයින් එතරම්ම කම්පා වූ බවක් නොපෙනිණි. යන යකා දම්වැල් දාලා බැඳගෙන හිටියත් යනවායි කියමින් ඒ ගැන සැහැල්ලුවට ගත් ඇය අත් මැෂිමක් මිලට ගෙන නිවසේ සිටම හැට්ට මසන්නට පටන් ගත්තාය. ඇයටත් දරු දෙදෙනාටත් කන්න අඳින්න දෙන්නට කාන්තිගේ දෙමාපියන්ට හොඳටෝම පිළිවන් උණත් මෙම අලුත් ශ්වයං රැකියාව ඇයගේ මිනිහෙකු නැති පාළු ජීවිතය කාර්‍යබහුල කොට තැබීය. එබැවින් එයින් ලද ආදායමින් ඇය නිහඬ සතුටක් වින්දාය. සියල්ල නැවත යහපත් අතට හැරෙද්දී, දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඇගේ වෙන් කල නොහැකි සම්බන්ධයක් ඇති බැවු තහවරු වූයේ ඊට වසර දෙකකට පසු සිදු වූ ඇගේ ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම නිසාය. තිලකා බලන්නට කෝච්චියෙන් කොළඹ එමින් සිටි ඇයගේ මව්පිය දෙපලත් ඇගේ දරු දෙන්නාත් එකතැනම අවසන් හුස්ම හෙළුවේ පානදුරේට ඔන්න මෙන්න තිබියදී කෝච්චිය පීලි පැනීම නිසාය. වෙන්න තියෙන දේ වළක්වන්න බෑය කියමින් ඇගේ හිත අස්වද්දන්නට එන අයට උත්තර දුන්නත්, ඒ වචන වලින් හංගන්නට හදන මහා ලෝකු දුකක් ඇගේ පපු කැවුත්තේ පිරී ඇති බව ඔවුන් සහසුද්දෙන්න්ම දැන සිටියහ. ඇගේ අත්මැෂිමත් සමඟ ඒ පාළු මහ ගෙදර තට්ට තනියම ජීවත් වූ ඇයට හවුහරණක් වෙන්නට කොතෙක් පිරිමි ඉදිරිපත් වුවත් ඇය ඒ සියල්ල්ල උපායශීලීව මහහැරියාය. හැට්ට මැසීම නොකඩවා කරගෙන ගිය ඇයට එයින් ලද ආදායම ඇගේ පාළු ජීවිතයට ඉහටත් උඩින් විය. හැමදේම හොඳ අතට ගෙන හිතන්නට පුරුදු වී සිටි ඇය කාලයත් සමඟ ඒ තනිකමට හුරුපුරුදු විය.

ඇය ගාල්ලේ නිවස වසා දමා කීර්තිරත්නලාගේ ගෙදර පැමිණෙන්නෙ එයිනුත් වසර දෙකහමාරක් පමණ ගත උණ තැනය.

ඇය පැමිණි දිනට පහුවදා සිටම කීර්තිරත්නගේත් තිලකාගේත් දෛනික දින චර්‍යාවන්හී යම් යම් වෙනස්කම් විය. වෙනදා සිය නිවසෙහි හිතූ හැටියට හැසිරුණ ඔවුන් එදායින් පසු හැසිරුණේ තමන්ගේම නිවසට ආගන්තුකයින් මෙන්ය. වෙනදා ඕනෑ අගුපිලක සිට එකිනෙකා බදාගනිමින් සිය හැගීම් නිදහස් කල ඔවුන් දෙදෙනාට ඉන් පසු එම සෙල්ලම නිදන ඇඳට පමණක් සීමා වූ දෙයක් බවට පත් විය. ඊටත් වඩා දෙදෙනාගෙ මුවින් පිටවූ කෙඳිරිලි හඬ ආයාසයෙන් යටපත් කරගන්නට යාමේදී එම සෙල්ලමේ තිබූ දඟකාරකම ඔවුන් තුළින් පලා ගොස් තිබිණ. එම නිසාම එන්න එන්නම කීරිතිරත්න අලස වන්නට විය. වෙනදා තිබූ උද්යෝගය ඔහු තුළින් දක්නට නැති විය. ඒ වෙනුවට මහා මංදගාමී මිනිසෙක් ඔහු තුළින් බිහි විය. වෙනදා කඩුල්ල උඩින් පැනගෙනම වත්තට ඇතුළු වූ ඔහු ඉන් පසු කඩුල්ලේ ලී දෙකම පහත් කොට ඇවිදගෙන ආවේය. ඔහු තුළ තිබූ ඉලංදාරීකම කෙමෙන් ඔහු තුළින් පහව යන බව ඔහුටම දැනී තිබිණ. එහෙත් මාස එකහමාරක් පමණ ගිය තැන මේ සියල්ල නැවත යථා තත්වයට පත් වෙන්නට පටන් ගත්තේ ඉතාම අහඹු සිදුවීමක් නිසාය. වෙනදා පරිදි කීරිතිරත්න කන්තෝරු නිමවී පැමිණ අගපත සෝදාගෙන එන විට ඔහු දුටුවේ කාන්ති අක්කා ළිඳ ළඟට යන අයුරුය. ඔහු නිවසට පැමිණ කුස්සිය වෙත පියවර තැබුවේය. තිලකා සිටියේ කුස්සියේ රෑට කෑම පිළියෙල කරමිනි. වෙනදාටත් මෙවැනි අවස්ථා ඕනෑ තරම් තිබුණාට එදා කීර්තිරත්නට කිසියම් ඇමුත්තක් දැනිණි. තමා තුළම ගිලී යමින් සිටි ඉලංදාරියා නැවත පණ ගසා එන්නට වෙර දරන බවක් ඔහුට දැනිණි. වහා තිලකා දෙසට පැන්න ඔහු ඇයව පිටුපසින් බදාගත්තේය. ඇය එක් වරම බිය වී ඔහුව පසෙකට තල්ලු කළාය. ඇගේ වැඩි වූ හෘද ස්පන්දනය නැවත යථා තත්වයට පත් වූයේ ඒ ඇගේ සැමියා බව හඳුනාගැනීමෙන් පසුවය. ඒහෙත් ඉන් පසුවත් ඇය බියෙන් මෙන් වට පිට බැලුවාය.

"පිස්සුද? අක්කා දකීවි"

"අක්කා ළිඳට ගියා. එන්න කලින් අපිට ඕනෙ තරම් වෙලාව තියෙනවා" ඔහු නැවත ඔහුගේ ග්‍රහණයට ඇයව හසු කරගත්තේය.මාස එකහමාරක් තිස්සේ සිය සිරුරු තුළ සිර වී තිබූ ශක්තිය කුස්සියේ උයන මේසය මතදී දෙදෙනාගේ සිරුරු වලින් එළියට වෑහුණේ එලෙසිනි. අක්කා කොහෙන් මතු වේදැයි සැරෙන් සැරේ බියෙන් බලමින්, එළියෙන් ඇහෙන පුංචි සද්ධයටත් තිගැස්සෙමින් කෙරූ මේ සෙල්ලම වෙනදාටත් වඩා ආශ්වාදජනක බව දෙදෙනාටම තේරුම් ගොස් තිබිණ. එබැවින් එතැන් සිට පරණ ඉලංදාරි කීරිතිරත්න නැවත උපන්නේය. අක්කා තව දුරටත් බාධාවක් නොව ඔවුන්ගේ ආස්වාදයේ බිය මුසු නිමිත්ත බවට පත් විය. අක්කා කුස්සියේ සිටියදී සාලයේ කවිච්චිය මතත්, අක්කා සාලයේ සිටියදී කුස්සියේ උයන මේසය මතත්, අක්කා ළිඳ ළඟ සිටියදී නිවසේ පිළිකන්නේ බංකුව මතත් තිලකාගේ සිරුර කීරිතිරත්නගේ දෑත් අතර සිරවිය.පසුව ඔවුන් එයට කෙතරම් හුරු වීද යත් අක්කා තැනින් තැනට ඇවිද යන විට ඔවුන් දෙදෙනාද ඒ අනුව තැන් මාරු කරගනිමින් නිවසේ බිත්ති වලට පවා හේත්තු වී රමණයේ ආස්වාදය විඳගත්හ. බිත්තිවල සුදු පාට හුණු පතුරු ගැලවී ඔවුන්ගේ තට්ටම් වල ඇලෙන තරම් තදින් එකිනෙකාව බිත්තියට හිරකරගත් බැවින් කෙටි කලකින්ම නිවසේ බිත්ති වල සුදු පාටට වඩා සිමෙන්ති පාට මතු වූ නිසා කීප වරක්ම නැවත නැවත හුණු ආලේප කරන්නට ඔවුන්ට සිදුවිය. අවසානයේ සිදුවූයේ තව දුරටත් අක්කා නිවසේ සිටීම නොව, අක්කා නිවසේ නොසිටීම කීර්තිරත්නට බියක් ඇති කරවන කාරනයක් බවට පත් වීමයි. කාන්ති අක්කා එම නිවසේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත් වූයේ එලෙසිනි.

පැරණි කාලසටහනත් අලුත් හුරුපුරුදුත් හෙමුහුන්ව තැනුණු අලුත් කාලසටහනත් සමග තවත් මාස 3ක් පමණ ගෙවිණි. සියල්ල උඩු යටිකුරු කරවන අන්දමේ සිදුවීමක් එම නිවසේ සිදුවූයේ ඉන් පසුවයි. එදා ඉරිදා දිනයක් විය. කීර්තිරත්න විවේකීව ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙහි වාඩි වී පත්තරයක් කියවමින් සිටියේය.

"නෝනේ....නෝනේ" සිය දෑස් පුවත්පතේ පිටු අතරින් එළියට නොගෙනම ඔහු හඬ නැගුවේය. මොහොතකින් ඔහුට වම් පසින් ගැහැණු කඩහඬක් ඇසිණි. එහෙත් එය තිලකාගේ කටහඬ නොවිණි.

"නංගි ළිඳ ළඟට ගියා. කියන්න මල්ලි"ඔහු එවර දෑස ඔසවා ඇය දෙස බැලීය.

"ආහ්. නෑ මේ තේ එකක් හෙම බොමු නේද කියන්න කතා කළේ"

"ආ... හරි මල්ලි. ඉන්නකො මන් හදලා ගේන්නම්" ඇය නැවත ගෙතුළට යන්නට හැරුණාය.කිරිතිරත්න ඇයගේ මුහුණ මත රඳවා සිටි සිය දෙනෙත බෙල්ලත් සමඟ හරවා ඇය ආපහු හැරී යන දෙසට යොමු කළේ නිකමට මෙනි. එහෙත් එවිට ඔහු දුටු දෙයින් ඔහුගේ පිරිමි සිත යම් තරමකට සලිත කරන්නට සමත් විය. පුළුලුකුළ තාලයට පද්දමින් සෙමෙන් නිවෙස තුළට පා නැගූ ඇය ඇඳ සිටි හැට්ටයේ පිටුපස ඉරී තරමක හිලක් සෑදී තිබිණි. වෙනදාට වැසී තිබූ අගේ පිටෙහි තලෙළු පාට එතුළින් කාන්දු වී පැමිණ ඔහුගේ දෙනෙත් තුළ පිරී ඉතිරිණි. ඔහු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටමය. කාටත් නොඇසෙන පරිදි හෙමින් අඩිය තියමින් ඔහු කුස්සියේ දොර අසලට ගියේය. ඇය සිටියේ ඔහුට පිටුපා වතුර කේතලය රත් කරමිනි. කලින්ට වඩා හොඳින් හැට්ටයේ හිල එවර ඔහුගේ දෑසට හසු විය. එක්වරම හිත තුළ පිරී ගිය සියුම් ලැජ්ජාවක් සමඟ නැවත යන්නට හැරුණත් එවිටම හටගත් මහත් ආශාව මගින් ඒ ලැජ්ජාව යටපත් කළේය. සැබැවින්ම එම සිදුර තුළින් පිරිමියෙක්ගේ ආශාවන් ඉස්මතු වන තරම් දෙයක් එළියට පෙනුණේ නැත. හැට්ටයේ කරට තරමක් පහළින් හැට්ට රෙද්ද කුමක් හෝ නිසා ඉරී යෑම හේතුවෙන් හටගත් එම සිදුරෙන් පෙනුණේ පිට මැද්දේ සුළු කොටසක් පමණි. එහෙත් එම සිදුර කීර්තිරත්නගේ සිත තුළ මහත් හැඟුම් ගොන්නක් පොපියවන්නට සමත්කරවා තිබිණි. ජනේලයෙන් පෙරී හා හිරු කිරණ එම සිදුර අතරින් ඇගේ සම මත වැටී ඇගේ තලෙළු සම රන් පැහැයෙන් බබළන්නට වීම එම හැගීම් තවත් තීව්‍ර කරලන්නට සමත් විය. කුමක් නිසා එම හැට්ටය ඉරෙන්නට ඇද්දැයි ඔහු කල්පනා කළේය. එම ඉරුණු තැනින් පටන් ගෙන මුළු හැට්ටයම ඉබේටම ඉරී ඇයගේ උඩුකය නිරුවත් වෙන අන්දම ඔහු සිතින් මවා ගත්තේය. තමා මේ සිතින් රසවිඳින්නේ ඔහුගේ බිරිඳගේ අක්කගේ සිරුර බව ඔහුට අමතකව ගියේය. ඔහුට අතීතය ගැන වගක් නැති විය. අනාගතය ගැනද වගක් නැති විය. හැට්ටයේ හිලෙන් පමණක් උත්තේජනය ලැබූ සිය මොළයත් ඔසවාගෙන ඔහු ඇය දෙසට සෙමින් පා එසෙව්වේය. ඇය තවමත් ඔහුට පිටුපා සිටගෙනය. තම නහයෙන් නැගෙන හුස්ම ඇගේ හිසේ වදින තරමට ඇගේ අසලට ගිය ඔහු සිය සුරතේ වෙවුලන ඇගිලි හැට්ටයේ හිල අතරින් ඇගේ සම මතින් තැබුවේය. ඔහුගේ ඇඟිලිත් ඇගේ සමත් එකිනෙක ගැටීමෙන් හටගත් මහත් විදුලි සැරක් හැට්ටයේ හිල හරහා දෙදෙනාගේම සිරුරු වලට ඇතුළු වී ඇට මිදුලු පසාරු කරගෙන ගොස් මොළ තුළට කිඳා බැස්සේය. එම අනපේක්ෂිත උත්තේජනයත් සමග ඇය එක් වරම ගැස්සුණාය. එහෙත් ඇය පිටුපස නොබැලුවාය. හදිසියේ මුළු සිරුරම ගල් වුණාක් මෙන් ඇය හිටි ලෙසටම නොසෙල්වී සිටියාය. ඔහුගේ ඇතැඟිලි වලින්  ඇගේ සම මත නිදහසේ රටා මැවෙන්නට විය. ඊළඟ මොහොතේ ඔහු පහත් වී සිය දෙතොල් හැට්ටයේ හිල අතරින් ඇගේ උණුසුම් සිරුර මත තැබුවේය. ඒත් සමඟම වේගයෙන් උස් පහත් වෙන ඇගේ සුසුම් හඬ ඔහුට පැහැදිලිවම ඇසුණි. ඔහුගේ සුසුම් හඬත් ඇගේ සුසුම් හඬත් එකිනෙක සමපාත වෙන බව කියමින් ඔහුගේ යටි හිත හිත කෑ ගසන්නට විය. ඒ කෑ ගැසීමත් සමඟ ප්‍රාණවත් වෙමින් තිබූ ඔහුගේ යටි කය විසින් ඔහුගේ මුළු සිරුරේම අයිතිය සීන්නක්කර ලබාගෙන සිටියේය. ඇය ඔහු දෙසට හැරුණාද, ඔහු ඇයව ඔහුගේ දෙසට හරවාගත්තාද කියා හරිහැටි වෙන් කරගැනීමට කාලයක් නොතිබුණි. ඊළඟ මොහොතේ ඔවුන් දෙදනාගේ සිරුරු මුහුණට මුහුණ ගැටෙමින් තිබුණි. එහෙත් ඔහු ඇගේ දෑස් මග හැරියේය. බියක්ද, ලැජ්ජාවක්ද කියා හරි හැටි නිනව්වක් නොතිබුණත් ඇයගේ ඇස් මට්ටම දක්වා එසැවීමට තරම් ශක්තියක් ඔහුගේ ඇස් වල නොතිබිණි. ඒ වෙනුවට ඔහුගේ ඇස් ඇගේ ළැම මත නතර වී තිබ්ණි. හැට්ටය පුපුරාගෙන එළියට පනින්නට තරම් විශාලව ඒ හැට්ටය තුළ හිරවී තුබූ පියයුරු යුගල ඔහුගේ දෑසම ඒම මත සිරකරගෙන තිබිණි. හුස්ම වේගයෙන් ඉහළ පහළ වැටෙන වාරයක් පාසා ඒවාද රිද්මයානුකූලව ඉහළ පහළ ගියාය. උදේ හවස කොතෙකුත් දුටුවත් වෙනදාට මේ තරම් උනන්දුවෙන් ඒවා දෙස බැලීමට යොමුනොකිරීම ගැන ඒ දැස් ඔහුගේ සිතට දොස් නැගුවේය. දිගු කාලයකට ඉහතදී තිලකාගේ පියයුරු ගැන හටගෙන තිබූ සේම මහත් ආශාවකින් ඔහුගේ මුළු ගතම පොපියන්නට විය. කාලයක් තිස්සෙ පිරිමියෙකුගේ උණුසුමක් නොලැබුණු ඇගේ සිරුරේ හදිසියේ හටගත් වෙනස ඇය තුළද අමූතුම හැඟුමක් ජනිතකරලන්නට සමත් වී තිබිණි. එබැවින් ඇය ඔහුගේ සිරුරේ උණුසුම වඩ වඩාත් දැනෙන ලෙස තම සිරුර ඔහුගේ සිරුරට තද කළාය. ඒ අවසරයෙන් ඔහු ඇයව කිටි කිටියේ තම සිරුරට සිර කරගෙන ඇගේ සිරුරේ අතොරක් නැතුව සිපගන්නට පටන් ගත්තේය. තමා මේ තිලකාට කරන්නෙ වංචාවක් බව ඔහුගේ හිතට නොදැනුණා නොවේ. ඒහෙත් ඒ හැගීම ඔහුගේ ගත දැවූ ආශාව සමඟ පොරබැද දිනන්නට තරම් ශක්තිමත් එකක් නොවීය. වයසින් ඔහුට වඩා වැඩිමල් උණත් ඇයද නාඹර ගැටිස්සියක මෙන් ඔහුගේ හැඩිදැඩි බාහු අතර ගුලි වී ඔහුගේ උණුසුම සෙව්වාය. අවසානයේ ඔහුගේ පුරුෂ නිමිත්ත කුස්ස්යේ උයන මේසය මතදී ඇගේ සිරුර තුළ සැඟවි යද්දී ඔවුන් දෙදෙනා තහනම් ඇසුරක හිමිකරුවන් වී සිටියහ.

කීර්තිරත්නගේ දිනචර්‍යාව නැවත වරක් යාවත්කාලීන වූයේ එලිසිණි. එදායින් පසුව ගතවූ සෑම දිනකම සිය නීත්‍යානුකූල ඇසුරත්, තහනම් ඇසුරත් නිසි පරිදි කළමනාකරගන්නට ඔහුට සිදුවිය. අක්කා එහෙමෙහේ වෙන අවස්ථාවලදී තිලකාවත්, තිලකා එහෙමෙහේ වන අවස්ථාවලදී අක්කාවත් සිය හැඩිදැඩි බාහු අතර සිරකරගන්නට ඔහු කාලය සොයාගත්තේය. ඒත් එක්කම ඒ තුළින් ඔහු වෙනදා නොවිඳු අමුතුම විදියේ තෘප්තියක් වින්දේය. තිලකාත් තමාත් අතර සිදුවන දේ අක්කාගෙන් වසන් කිරීම අවශ්‍ය නොවූ නිසා, වෙනදා ආයාසයෙන් යටපත් කල කෙඳිරිලි හඬවල් ඕනෑකමින්ම තව තවත් ඉස්මතු කිරිමට ඔහු වගබලා ගත්තේය. එයට මුලින් මුලින් තිලකාගෙ යම් විරෝධයක් මතු වුවද ආශා දනවන වචන මගින් ඇයගේ විරෝධතාවය යටපත් කිරීමට ඔහු සමත් විය. ඔවුන්ගෙන් නැගෙන උණුසුම් රාගී හඬවල් අක්කා අසා ඇතියි යන සිතුවිල්ල ඔහුගේ ආශාවන් තව තවත් වැඩි කරලීමට සමත් විය. එහෙත් අක්කා සමඟ ඔහුගේ ඇසුර තිලකාගෙන් වසන් කළයුතුව තිබූ නිසා, ඔවුන් දෙදෙනා කිසිඳු හඬක් නොනැගෙන පරිදි සම්පූර්ණයෙන්ම රහසේ ඔවුන්ගේ ඇසුර පවත්වාගෙන ගියේය. අක්කාත් නංගීත් සමඟ එකිනෙකට සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් පරිදි එකම වහලක් තුළ මෙලෙස එක්වීම ඔහුගේ හුරුපුරුදු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කොට තිබුණේය. තමා අක්කත් නංගීත් දෙදෙනාම සල්ලන් කල මිනිහෙකුය යන හැඟීම ඔහුව තව තවත් උද්‍යෝගීමත් කරන්නට සමත් වූ නිසා ඔහු එන්නම එන්නම තව තවත් තිරිහන් වන්නට විය.

මාස තුනකට පමණ පසු දිනක උදේ වරුවක අක්කා හදිසියේම ගෙයි පිළිකන්නට ගොස් බඩ බොකු එළියට එන ලෙසින් වමනය කරන තුරුම මේ අලුත් දින චර්‍යව නොකඩවා ඒ වහල යට පැවතුණි.

"මොනවද මිනිහො මේ කරලා තියෙන දහදුරා වැඩේ. දැන් ඉතින් මේවා අහලා දැකලා ජීවත් වෙලා පලක් තියෙනවද?" වැනි පිළිතුරක් තිලකාගෙන් අපේක්ෂා කළද ඇය මුවින් කිසිඳු වදනකුදු නොදොඩා ඔහේ බලා සිටියාය. කීර්තිරත්න ඇගේ මුහුණට එබුණේ ඇගේ මුහුණේ හැඟීම නිවැරදිව වටහා ගන්නටය. දුකක්ද, කෝපයක්ද, කලකිරීමක්ද කියා හරි හැටි වෙන් කරගත නොහැකි අමුතූම විදියේ හැඟීමකින් ඇගේ මුළු මුහුණම පිරි තිබිණි. අඩුම තරමේ ඇය හැඬුවානම් එසේත් නැත්නම් බැණ වැදුනානම් ඔහුට තරමක් හිත හදාගන්නට තිබිණි. එහෙත් ඇයගේ මුහුණේ වූ මේ ආගන්තුක හැඟීම ඔහුගේ හිත අනියත බියකින් වෙලන්නට සමත් විය. කම්පනය වීමට තරම් ශක්තියක් ඔහුගේ ස්වර තන්තු වල නොතිබුණත් ඔහු මුළු ඇඟේම ඉතිරි වූ ස්වල්ප ජවය ස්වරතන්තු වලට මුසු කොට සිය කටහඬ අවදි කළේය.

"උණ දේවල් උණා. දැන් අපි මොකද මේකට කරන්නෙ?"

"අපි මේ ළමයව හදාගන්නවා" අක්කාත්, කීර්තිරත්නත් විසල් කරගත් දෑස් වලින් එකිනෙකා දෙස බලද්දී තිලකා ස්ථිර ලෙස පිළිතුරු දුන්නාය.එතැන් සිට පැය දෙකක් තිස්සේ ඔවුන් ඉදිරියට කල යුතු දේ ගැන සාකච්ඡා කළහ. ඉන්පසුව නිවෙසින් පිටත්ව ගිය කීර්තිරත්න ඔහුගේ මිතුරියක වූ වෛද්‍යවරියෙකුත්, ඉසබෙලා නැන්දාවත් කැටුව නැවත පැමිණියේය. සිදු වී ඇති දේ ඔවුන් දෙදෙනාට විස්තර කල විට ඉසෙබෙලා නැන්දා ක්ලාන්ත වී බිම ඇද නොවැටුණේ අසල තිබූ බිත්තියකට වාරු වීමෙනි.

"මෙහෙම නවනිංගිරා වැඩක් අහන්නත් පවු කළානෙ දෙයියනේ" යි කියමින් කීර්තිරත්න දෙසත් කාන්ති අක්කා දෙසත් පිළිකුලෙන් බලමින් ආඬපාලි නගන්නට වූ ඉසෙබෙලා නැන්දාව ඉදිරි කතාබහට නම්මා ගැනීමට ඔවුන්ට තවත් අමතර පැය දෙක තුනක වෙහෙසක් දරන්නට සිදු වුණි.

"මේ අහිංසක කෙල්ල කියන නිසා මන් ඉවසනවා" තිලකාගේ හිස සිපගනිමින් ඉසෙබෙලා නැන්දා ඔවුන්ගේ බසට අවනත වූයේ එලෙසිනි.එතැන් පටන් පැයක සාකච්ඡාවකින් පසු ඔවුන් විසිරගියේ නිශ්චිත සෑලසුමක් ඇතුව වූ තීරණයකට එලැඹීමෙන් අනතුරුවය.

ඉතිරි මාස කිහිපය ගත වුණේ එම සැලසුමට අනුවය. කාන්ති අක්කා කිසි විටෙක නිවෙසින් එළියට නොබහින්න්ට වග බලාගත්තාය. තිලකාද නිවෙසින් පිටවීම හැකි තරම් සීමා කළාය. ඇතැම් විටෙක නිවෙසින් බැහැරට යාම සිදු වුණොත් අදාළ මාසයට ගැලෙපෙන තරම් බඩක් පෙනෙන සේ කොට්ටයක් ඇය සිය ඇඳුම තුළ රඳවාගත්තාය. කීර්තිරත්නගේ මිතුරියක වූ වෛද්‍යවරිය විටින් විට පැමිණ කාන්ති අක්කාගේ සෞඛ්ය තත්වය සෝදිසි කළාය. හැකි සෑම විටකම ඉසෙබෙලා නැන්දා පැමිණියාය. එහෙත් වෙනදා වගේ කීර්තිරත්නට මුහුණ දීමට තරම් පිරියක් ඇය තුල නොවූ නිසා, ඇය හැකි සෑම අවස්ථාවකදීමට ඔහුව මහ හරින්නට කටයුතු කලාය. වෙනදා සිය පුතෙකු මෙන් සැලකූ කීර්තිරත්නගේ මුහුණ දෙස පිළිකුලකින් තොරව බැලීමට ඇයට ඉන්පසු කිසි දිනක හැකි වූයේ නැත. අවට ලෝකයට තිලකා ගැබිනියක සේ පෙන්වීමේ සැලැස්ම ඉතා සාර්ථකව සිදුවිය. අවසානයේ එක් දිනක ඒ වහල යටදීම කාන්ති අක්කා හුරුබුහුටි කෙළි පැටික්කියක සිය කුසින් මෙලොවට ජාතක කළාය. මීට අවුරුදු ගණනකට ඉහතදී කොල්ලන් දෙදෙනෙක්ම මෙලොවට ජාතක කොට, අවසානාවන්ත ලෙස ඔවුණෙගේ තුරුණු විය නොදැකම ඔවුන්ගෙන් සමුගන්නට සිදුව සිටි ඇය, පපු කැවුත්ත තුළ දැවුණු නාඳුනන හැඟීමකින් යුතුව සිය දියණිය දෙස මොහොතක් බලා සිටියාය. අත පා ඒ සෙමන් ඒ මේ අත කරකවමින් අඬන්නට වැර දරන ඒ කිරිකැටි දියණියගේ දෑස් තුළට එබුණු ඇයට ඒ තුළින් තමාගේම මුහුණ දර්ශනය විය. දිගු හුස්මක් ඉහළට ගෙන නැවත පහළට හෙළූ කාන්ති අක්කා ඇගේ අත වූ දරුවාව අසල සිටි තිලාකගේ දෑත මත තැබුවාය.

"නංගියෙ, මේ උඹේ දරුවා" තිලකා මුළු ආත්මයෙන්ම වෑහෙන දරු සෙනෙහසින් යුතුව දරුවාව සිය පපු තුරුල්ලට ගනිනිද්දී අක්කා සෙමෙන් මිමිණුවාය. 

කීර්තිරත්නගේ නිවස සැබෑ කිරිකැටි හඬකින්ම පිරී ගියේ එලෙසිනි. අවසානයේ කෙලෙස හෝ පියෙකු වීමට ලැබීම ගැන අප්‍රමාණ ප්‍රීතියකින් ඔහුගේ හිත පිරීගොස් තිබිණි. කාන්තී අක්කා එම නිවසේම විසූවත් දරුවා තිලාකාටම පමණක් හුරුකරලීමට ඇය වග බලාගත්තාය. දරුවා වෙනුවෙන් අයට හරිහැටි කිරි නො එරීම එයට මහත් උදව්වක් විය. ඒ වෙනුවට තම කුසින් නොවැදූවත් තිලකාට දරුවා වෙනුවෙන් කිරි එරුණාය. කුඩා දැරිවිය තිලකාගේ තනේ කටේ ගසාගෙන ගොජ ගොජ ගා කිරි උරද්දී, කාන්ති ඇයට එරුණු කිරි ස්වල්පයෙන් සිය හැට්ටිය තෙත් වන්නට දී බලාසිටියාය. නොබෝ දිනකින්ම ඒ එරුණු කිරි ස්වල්පයත් කාන්තීගේ දෙතනින් වියැළී යද්දී, දරුවාගේ සැබෑ මවු කාන්තී බව ඇයටම අමතක වී ගියාය. දරු සෙනෙහස ගෙදර පුරා දෝරෙ ගලද්දි සියල්ල්න්ගේම ජීවිත ඒ වෙනුවෙන්ම පමණක් වෙන්වී තිබිණි.

පුරා වසරක කාලයක් ඒ නිවසෙහි කිසිඳු ප්‍රේමාලිංගනයක් සිදු උණේ නැත. වෙනදාට තැනක් නොතැනක් නොමැතිව මතු වුණ උණුසුම් රාගික හඬවල් එම නිවසින් මතු වූයේ නැත. කාන්ති අක්කා සමඟ තබා තිලකා සමඟවත් වෙලී පැටලෙන්නට කාලයක්වත්, සුදුසු මානසිකත්වයක් කීර්තිරත්නට තිබුණේ නැත. සිය ලිංගික ජීවිතය එලෙස අඩපණ වුවත් තමා පියෙක් වූවා යන හැඟීම කීර්තිරත්නව සුපුරුදු උද්‍යෝගයෙන්ම තැබීමට සමත් විය. එයෙහින් තිලකාවවත් කාන්තී අක්කවවත් තම බාහු අතර හිරකරගැනීමට තරම් වුවමනාවක් ඔහුට ඇති නොවීම එතරම් පුදුමයක් නොවිණි. එහෙත් මෙම නිවස තුළ අවසාන ප්‍රේමාලිංගන නාටකය සිදුවී වසරක් පමණ ගත වන තැන එක දිනක කීරිතිරත්නගේ රාග සිතුවිලි හිර කොට තැබූ ඝන වේල්ල පුපුරා හැඟීම් පිටාර ගැලුවේය. නිදාසිටින දරුවාද ළංකරගෙන තිලකා තද නින්දක පසුවන රාත්‍රියක තිලකරත්න හොරරහසේම කාන්ති අක්කගේ කාමරයට රින්ගුවේය. වසරක් පුරා හිරවී තිබූ ආශාවන් සිරුරු වලින් වෑහේද්ධි දෙදෙනා එකිනෙකා පරයාගනිමින් ඔවුනොවුන්ව සිපගන්නට පටන් ගත්තේය. කාමයත් ආවේගයත් එක්ව තැනුණු අසාමාන්‍ය උද්‍යෝගයකින් යුතුව ප්‍රේමාලිංගනයේ යෙදෙමින් සිටි ඔවුන්ට දොර රෙද්ද ඈත් කොට ඒ දෙස බලා සිටි තිලකාව දකින්නට සෑහෙන්න වෙලාවක් ගත විය. දහඩියෙන් පෙඟී එකිනාකට ඇලුණු නිරුවත් සිරුරු වලින් යුක්තව ඔවුන් දෙදෙනා, ඉහළට ගත් හුස්ම එලෙසම රඳවාගනිමින් ඇය දෙස බලාසිටියේ විසල් කරගත් දෑසිනි. කලින් හොර රහසේම වූවත් පසුව එලෙස සිදූ බව රහසක් නොවූවත්, ඇගේ නෙත් මානයේ මෙලෙස සිටින්න ලැබීම ගැන මහත් ලැජ්ජාවකින් කීර්තිරත්නගේත් කාන්තීගේත් සිත් පිරීයන්නට විය. එහෙත් ඔවුන් දෙදෙනා දෙසම බලාසිටි තිලකාගේ දෑසේ තිබූ හැඟීම් තෝරාගන්නට ඔවුන් දෙදෙනාටම හරි හැටි නොහැකිවිය. ඊළඟ මොහොතේ තිලකා දොරෙන් අඩියක් කාමරය තුළට ආවාය. කීර්තිරත්නගේත් කාන්තිගේත් දෑස් තවත් විසල් කරමින් තිලකා තමා ඇඳ හිටි හැට්ටය සහ රෙද්ද එතැනම සිට උණා දැමුවාය. පහන් එළියෙන් දිදුලන ඇගේ නිරුවත් සිරුර දෙපා වලින් ඔසවාගෙන විත් කීර්තිරත්නත් කාන්තීත් අතරින් යහන මත තැබුවාය. ඉන්පසුව සිය දෑත විහිදා කීර්තිරත්නව තම නිරුවත් සිරුරට තබා හිරකරගත්තේ කිසියම් ආවේසයකට නතු වූවාක් මෙනි. තිදෙනාගේම නිරුවත් සිරුරු ඒ යහන මත එකිනෙක පැටලෙන්නට පටන් ගත්තේ වෙනත් කිසියම් බලවේගයක් විසින් ඔවුන්ගේ පාලනය අත්පත් කරගෙන සිටි ලෙසිණි. කිසිවෙකුත් එකිනෙකාගේ දෑස් දෙක එක එල්ලේ බැලුවෙ නැත. ඒ වෙනුවට ඔවුනොවුන්ගේ සිරුරු වල සෑම අංගයක්ම අනෙකාගේ සිරුරු සමඟ කතා බස් කළහ. සෑහෙන්න වෙලාවක් තිස්සෙ තම හැඟීම් සමුදායන් එකිනෙකාගේ සිරුරු අතර හුවමාරු කරමින්, එදා රාත්තිරියේ ඒ යහන මතදී ඔවුන් එකිනෙකාට තුරුලුව නිරුවතින්ම නින්දට ගියේ ජීවිතයේ විඳි සුන්දරම අතිඋත්තරීතර උත්කර්ෂවත් ආස්වාදයට ළඟාවූ පසුවය.  

පහුවදා උදෑසන කීරිතිරත්න අවදි වූයේ නව පණක් ලද්දෙකු මෙනි. කන්තෝරුවේ දවස් ගාණක් තිස්සෙ එකතු වී තුබූ රාජකාරි ඔහු එදා එක දවසින් නිම කළේය. ඔහු උදේ අහාරය ගත්තේ නැත. දවල් ආහාරය ගත්තේද නැත. ඔහුට බඩගිනි නොදැනුණි. කිසිඳු පිපාසයක් නොදැනුණි. ඔහුට තිබුණේ එකම හැඟීමක් පමණි. ඒ එදා සවස නැවත ගෙදර යන හැඟීමයි. කන්තෝරු නිමවි ඔහු නැවත පැමිණියේ වෙනදාටත් වඩා ජවයකිනි. ඒ ජවයෙන්මකඩුල්ල පැනීමට තැත්කළත් කඩුල්ලේ ඉහළ ලී බටය බිමට පාත් කොට තිබූ බැවින් ඔහු මොහොතක් නැවතුණේය. නැවත ඒම උණ බටය කඩුල්ලේ රැඳවූ ඔහු අඩි තුන හතරක් පස්සට ගොස්, නැවත දිව ඇවිත් කඩුල්ලෙන් පැන්නේ තමා අන් හැම කලකටම වඩා තිරිහන් වී ඇතැයි තමන්ටම ඇතිවූ සියුම් ආඩම්බරයත් සමඟිනි. කඩුල්ලත් නිවසත් අතර බොරළු මිදුල මත එදා ඔහුගේ පියවරයන් ඉතා දිගු ඒවා විය. එහෙත් ඔහුට කාලය වැඩිපුර යන බවක් හැඟුණි. එබැවින් ඔහු අවසාන පියවර කීපය තව තවත් දිගු කළේය. දකින කෙනෙක් මෙයට ඇවිදිම නොව දිවීමක්යැයි කියනු ඇත. වෙනදා හාන්සිපුටුව මත වාඩිවී තේ එක එනතුරු බලා සිටින ඔහු එදා බෑගය පුටුව මතට විසි කොට කෙළින්ම නිවස තුළටම දිව ගියේය. ඔහු කෙළින්ම නැවතුණේ කුස්සියේය. ඉන්පසු ඔහුගේත් තිලකාගේත් කාමරයටය. ඉන්පසු කාන්ති අක්කාගේ කාමරයටය. ඒ පිම්මෙන්ම ඔහු නැවතත් ඉස්තෝප්පුවට පැමිණ වත්ත දෙස නෙත් යොමන්නට විය. නිවෙස තුළ කිසිවෙකුත් නොවීය. තිලකා නොසිටියේය. කාන්තී නොසිටියේය. දරුවාද නොසිටියේය. ඔහු නැවත ඔවුණේ කාමරයට ගියේය. කාමරයේ කිසිඳු වෙනසක් නැත. කාන්ති අක්කා සිටි කාමරයට ගියේය. එවිට කලින් වතාවේ එහි නොතිබූ වෙනසක් මෙවර ඔහුගේ ඇසට හසු විය. එහි තුබූ අක්කාගේ අඩුම කුඩුම ඇඳුම් පැළඳුම් කිසිවක් එහි නොවීය. කාමරයම පාළුවට ගොස්ය. ඔහු වික්ස්ප්ත වූ මනසින් යුතුව නැවතත් ඉස්තෝප්පුවට පැමිණියේය. දරුවාවත් වඩාගෙන මිදුලේ සිට ඉස්තෝප්පුවේ පඩි දෙක නගින තිලකා ඔහුගේ ඇස ගැටුණේ එවිටය.

"මන් පොඩ්ඩක් දරුවත් එක්ක මිදුලට බැස්සා" ඔහුගේ නෙත් වල ඇතිවී තිබූ ගැටලුව එක්වරම හඳුනාගත් ඇය පිළිතුරු දුන්නේය. එතෙත් ඔහුගේ හිතේ තවමත් නොවිසඳුන තවත් ගැටලුවක් ඉතිර්ව තිබිණි.

"කෝ කාන්ති අක්කා?" ඇය නිහඬවම සිය හැට්ටය අස්සේ ගසාගෙන තිබූ තුනට හතරට නැවූ කඩදාසි කැබැල්ලක් ගෙන ඔහුගේ අතේ තැබුවාය. ඔහු කිසිවක් සිතාගත නොහැකිව ඒ කොළ කැබැල්ල දිග හැරියේය. ඒහි වූයේ රවුම් අත් අකුරෙන් ලිවූ වචන කීපයකි. ඔහු ඒ වචන කීපය කියෙව්වේ සිතින් වුවත් ඔහු එය කියවන හඬ ගවු ගාණක් දුරට ඇසෙන්නට ඇතැයි ඔහුටම සිතුණේය.

'ඕනම මනුස්සයෙක්ට දෛවයෙන් පැවරුණ රාජකාරියක් තියෙනවා. මගේ ඒ රාජකාරිය අහවරයි. උඹලා තුන් දෙනාට තුරුණුවන් සරණයි'

මුල් අකුරේ සිට අවසන් අකුර දක්වාත්, නැවත අවසන් අකුරේ සිට මුල අකුර දක්වාත් දෙතුන් වරක්ම ඒ වචන ටික හිතින් කියවූ ඔහු, ඒ ලියමනත් තිලකාගේ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ බැලුවේ ඒ ගැන ඇගේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතමිනි. වෙන්ව වටහාගත හැකි කිසිඳු හැඟීමක් ප්‍රකාශ නොවන මුහුණෙන් යුතුව තිලකා දරුවාව කීර්තිරත්නගේ අතට දුන්නාය.

"මන් තේ කහට එක අරන් එන්නම්"

දරුවාව සිය පපුවට තුරුල් කරගත් කීර්තිරත්න, ඔහුට පිටුපා කුස්සිය දෙසට යන්නට තනන තිලකා දෙස හැරී බැලුවේය. එවිටය ඔහු එය දුටුවේ. දුටු විගස ඔහු එය හඳුනාගත්තේය. මේ සියල්ල ආරම්භ වූ හැන්දෑවට පසුව ඔහු එය නැවත දුටු පළමු වර මෙයයි. ඔහු දෑස් තද කොට දෙවරක් ඇහිපිල්ලම් ගසා නැවත බැලුවේය. ඔව්! ඒ එයම විය. මීට කලකට පෙර කාන්ති අක්කාත් සමඟ රහස් ඇසුර පටන් ගැනීමට මුල් වූ හැට්ටය තිලකා ඇඳ සිටියේය. ඔහු ඇගේ පිටුපසින්ම පියවර තබමින් ගොස් හැට්ටිය දෙස ළංවී බැලුවේය. ඔවුන්ගේ ජීවිතය වෙනස් කල හැට්ටයේ හිල සොයා ඔහුගේ දෙනෙතේ කළු ඉංගිරියාවන් වේගයෙන් එහේ මෙහ දුවන්නට පටන්ගත්තේ ඔහුටත් නොදැනීමය. එහෙත් ළඟින් ළඟින් ඇල්ලූ මැහුම් කීපයක් ඉතුරුව තබා හැට්ට්යේ තිබූ හිල සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණි. 

Tuesday, June 18, 2019

සාරාංශය

සුළඟකට තහනම්ද ආලය
චණ්ඩ වී මග නසන හංදා
සයුරකට තහනම්ද ආලය
වෙරළ මත වැද බිඳෙන හංදා

අමාවක රෑ දිලෙන තරු කැට 
රැයේ කළුවර මකන හංදා
පුරා පුන්සඳ කිරණ අතරේ
උඩුඟු නෙත් සර දේද මංදා

වඩා බැතිසිත ගියත් ඉහළින්
ඉගිල සමනොල අඩවි වන්දා
සමනලුන් ගෙන ඒද කිසිදා
රොන් උරා බිවු මලක් කැන්දා

Thursday, June 6, 2019

ෆැන්ටසි!

පැරණි කවියක බිඳුණු කවිපද
අලුත් ගීයේ එලිසමට විත්
අරුත නොඅසා තනුව හැඩ කර
ගීතයේ රස මරා නික්මෙත්

බැන්ද කවිපද පෙර එදා දින
එලිසමය පමණක් සිතාගෙන
ගීයකට සවි මදි නිසාවෙන්
සිත යටම මිහිදන් කලා මම

අරුත ගැඹුරුව තනුව මිහිරිව
දිවිය රඳවා තැනුව ගිතය
ගැයෙන විට කල් මතුවෙනා දොස්
මකන්නට ආ පැරණි කවිපද

අලුත් ගීයත් පැරණි කවියත්
එක්ව තැනු කවි පෙළ අරුත්බර
එකම තනුවක ගැයෙන මිහිරිය
සිතින් විඳගමි නෙත් පියන් මම

Wednesday, May 9, 2018

මිනිසුන්

සමනොළ තටු මත කටු ඇන හිනහෙති
කඳුලු වලට හුරු නැති මිනිසුන්
පිණි කැට මැද මැවු පැහැ දැක වැලපෙති
කලු සුදු ලොව ඉපදුන මිනිසුන්

තත්පර දිවියක පැය කටු සොයමින්
සිහින පොදි බඳී නොමියෙන මනසින්
පැතුම් යදම් වට සිරකර සරසති
හැරයන දා යන නිරුවත මිනිසුන්

බිඳී වෙන්ව සිරගත කල සිතිවිලි
ගැටේ නිතර පැරදුම මග හරිමින්
තනුවෙන් හැඩ කර රවටති රැවටෙති
එලිසම නැති ජීවිත මිනිසුන්

Monday, October 30, 2017

එකොමත් එක...

දේවදාර ගස අත්තක් අද්දර
පුංචි කැකුළු මල සිනාසුනා
ගසේ මුදුන් මුල බදාන හිටි පස
මහා ගංවතුරට නාය ගියා
දේවදාර අතු බිම නැමුණා
පුංචි කැකුළු මල් පෙති තැලුනා

කලින් ඇරුණු මල් පෙති අතරින්
මුදු සුවඳ සොයා බඹරුන් ඇදුණා
රිසිසේ මල් රොන් ගන්නට ඉඩ හැර
ගස නිහඬව නිසලව සිටියා
ගස බඳ වට කර වැල් එතුනා

නාය ගියපු පස ඈතක නැවතී
අලුත් ගසක මුල් ඵල දැරුවා
ඒ ගස ඉතිඅග පිපුණු කැකුළු මල්
අකලට පරවී බිම වැටුණා
අරටුව පිපිරී ගස වැටුනා

දේවදාර ගස සුළඟට හසුවී
මල් පෙති සුළඟේ පා කෙරුවා
සුළඟට හසුවී ගසාගෙන ගිය පෙති
වැටුනු ගසක අත්තක රැඳුනා
නව දල්ලක් ලියලනු පෙනුනා

Monday, May 15, 2017

මතක සුවඳ

අතීතය සුවඳයිද කෙතරම්
දැනේ කල්ගත වුවත් මෙතරම්
සඟවගත් පෙම එදා එතරම්
දන්නේ මා මිස කවුද ඔතරම්

මුකුළු සිනහා අතර අමුණා
මිහිරි වදනින් සවන් පුරවා
රුවැති රුව මනසේම තවරා
ලඟින් සිටි කාලයක් තිබුනා

හීන කන්දම නාය යද්දි
නෙතු පියන් යට තෙමී පෙඟවී
අතීතය තුල සෙනෙහෙ සිර කොට
සිනා මල් මුව ගියා සැඟවී

ආ මගක් නැත ගිය මගක් නැත
සිටි බව සළකුණක්වත් නැත
සදාතනිකව සුවඳ විහිදන
මතක ගොන්නක් ඉතිරි වී ඇත
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

Wednesday, March 29, 2017

"කුඩේ කුඩු" වූ වගයි!


ඩ්‍රාමා උණ පටන් ගත්තෙ ඉස්කෝලේ යන කාලෙ. එතකොට මන් ගියේ ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයට. සමිති රැස්වීම් වල පොඩි පොඩි නාට්ටි කෑලි කර කර ඒ උණ යන්තම් යන්තම් හොඳ කරගත්තා. පාසල් මට්ටමින් ගිය නාට්ටි වලට සම්බන්ධ වෙන්න පුලුවන් උනත් අපේ ඉස්කෝලෙ ජාතික පාසලක් නොවුන නිසා තිබ්බ බාධක නිසාද කොහේද ඩ්‍රාමා පැත්තෙන් ලොකු දෙයක් ඉස්කෝලෙන් උනේ නෑ. වේදිකාවෙදි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන් ලැබුන පළවෙනි කමෙන්ට් එක හම්බෙන්නෙ එහෙම පාසල් මට්ටමින් ගිය නාට්ටියකදි ලයනල් රන්වල මහත්මයගෙන්. එකෙන් තිබ්බ උණ වැඩි උනා උනත් ඒ උණට හරි හමන් බේතක්නම් හම්බවෙන්නෙ නෑ. ඒත් මට මතකයි විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක් විදියට වසරක කාලායකට අපේ ඉස්කෝලට ආපු "සම්පත් සර්" අපිව පලාත් මට්ටම දක්වා අරන් ගියා. ඒ වෙද්දි මම 9 වසරෙ වගේ පොඩි කොලු ගැටයා.  ඒත් ඒ අවුරුද්ද සුරුස් ගානකොට ගෙවිල ගිය නිසා එතනින් එහාට ආයෙ අපේ ගමන නැවතුනා. ඊට පස්සෙ 11 වසරේ මුල් භාගයේදි ගාල්ල මහින්ද විද්‍යාලයට යෑමත් එක්ක නාට්ටි කෙරුවාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. උසස් පෙලට තෝරගත්තෙත් විද්‍යා විශයන් නිසා ඒ පැති ගැන හිතන්න පවා ඔලුව නිදහසක් ලැබුනේ නෑ. ඉතින් නාට්‍ය කළාව ගැන කිසිම විදියක විධිමත් දැනුමක් ලබාගන්න හැකියාවක් ලැබුනත් නෑ.

ඒ දේවල් ඒ විදියට උනත් දන්න කාලෙ ඉඳලම ඔලුව ඇතුලේ කැකෑරි කැකෑරි එලියට එන්න දඟලපු නාට්ටි හීනෙනම් කිසිම අඩුවක් උනේ නෑ. "කවදම හරි ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවමයි" අරමුණ දවසින් දවස ඝනව වැඩුනා. වතාවක් දෙකක් ඊට සුදුසු දැණුම ලබාගන්න අවශ්‍ය පසුබිම් සැකසුනත් දෛවයේ සරදමක් නිසාදෝ ඒ හැම අවස්ථාවක්ම අවාසනාවන්ත විදියට ගිලිහිලා ගියා. ගුරුවරයෙක් විදියට පිහිටට හිටියේ නරඹන්න ලැබුන අතලොස්සක් වේදිකා නාට්‍ය කිහිපයක් විතරයි. හීනයේම කොටසක් වන චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න පෙලඹුනේ ඒ හේතුව නිසාමයි. පර්යේශණාත්මක කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කරමින් හෙමින් හෙමින් වතුරට බැහැගෙන ආවත් ඒ දේවල් පවා සීමා වෙන්නෙ ආර්ථික බාධක හැමදේකටම හරස් කපපු නිසයි.

2013 වසර විශේෂ වසරක්. රූපවාහිනි මාධ්‍යය තුල ටෙලි නාට්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න ලැබෙන්නෙ අහම්බෙකින් වගේ. සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට, නළුවෙක් විදියට විවිධ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුනත් 2013 වසර අවසානයත් එක්ක ඒ සියල්ලත් අවසන් වෙන්නෙ හේතූකාරනා කීපයක්ම නිසා.  

එතැන් පටන් ගත වෙන්නෙ හීනයේ මංපෙත් වලින් තරමක් ඈත් වෙච්ච වෙනස්ම විදියක නිහඬ ජීවිතයක්. කිසිදිනෙක බලාපොරොත්තු නොවුන රජයේ රස්සාවක, ජීවිතේ ආර්ථික ශක්තිය හොයමින් කරන සටන්කාමී කාල පරිච්චේදයක්. 

කාතාව ආයෙ වෙන පැත්තකට අරන් යන්න වෙනවා. වෙන පැත්තකට වගේම ආයෙමත් තව අතීතයට. ශ්‍රී ලංකා HBS සංවිධානය වසර 18ක පමණ කාලයක් තිස්සේ ලංකාව තුල ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධානයක්. 2006 වර්ශයේදි මට අවස්ථාව ලැබෙනවා HBS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න. එතැන් පටන් මම සංවිධානය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත් වෙනවා. අද වෙද්දි මම HBS සංවිධානයත් එක්ක එකතු වෙලා අවුරුදු 11ක් . මේ අවුරුදු 11 පුරාවට මගේ ජීවිතේ සිදු උන සියලූම දේවල් පිටිපස්සෙ මේ සංවිධානය තිබුනා කිව්වොත් මම නිවැරදියි. මා පිළිඹඳව පෞද්ගලිකව දන්නා සියල්ලන් ඒ ගැන හොඳින්ම සාක්ශි සපයාවි. පෞර්ෂය, රස්සාව, විවාහය.... මේ එයින් ප්‍රධාන දෙක තුනක් විතරයි. දැන් ආයේ ප්‍රධාන කතාව දෙසට හැරුනොත්, ක්ශීන වෙමින් යමින් තිබුන කලා හීනයට ආයෙමත් පණ පොවමින් මා තුල තිබූ යම් යම් හැකියාවන් එලියට ගේන්න විශාල අත්වැලක් උනේත් මේ HBS සංවිධානයමයි. 
"දවසක ඩ්‍රාමා එකක් කරමු" මගේ අරමුණ, මගේ හීනය HBS සංවිධානය ඔවුන්ගේ එකක් කරගත්තා. කිසිවෙකුත් අත නොදෙන මොහොතක ඔවුන් ඒ බර ඔවුන්ගේ මත පටවගත්තා.

"කුඩේ කුඩු" වේදිකා නාට්ටිය සඳහා පිඹුරු පත් සකස් වෙන්නෙ ඒ විදියට. වැඩේට මුල් අඩිය තියන්නේ ඉස්සහට මොනවා වෙයිද කියලා කිසි දෙයක්  නොදැන. හැබැයි මොන දේ උනත් නොනැවතී ඉස්සරහට යනවා කියන අරමුණ විතරක් අපේ ඔලුව ඇතුලේ තිබ්බා. මම නවකයෙක්. වේදිකා නාට්‍ය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්. මීට කලින් ප්‍රසිද්ධ වේදිකාවක කිසිම නිර්මාණයක් නොකල කෙනෙක්. මන් ඉස්සරහා තිබුනෙ ලොකු අභියෝගයක්. ඒත් HBS සංවිධානය මාව විශ්වාස කලා. ඒ විශ්වාසයම මට ලොකුම හයිය උනා.

සතියක් ඇතුලත තිරපිටපත ලියැවුනා. ඒ ලියන අතරතුරේම HBS සංවිධානයේ සාමාජික සාමජිකාවන් අතුරෙන් තෝරාගැනීමේ පරීක්ශනයක් සිදු කලා. අවශ්‍ය කරන නලු නිළියන් එයින් තෝරාගැනුනා. තවත් අලුත්ම පිරිසක්. අභියෝගය තවත් තීව්‍ර උනා. පිටපත ලැඟුම් පාලක මණ්ඩලයට යොමු කරලා එහි අනුමැතිය ලබාගන්න ඕනෙ බව දැන්ගත්තෙ කණාවට වගේ. පේනවනෙ දැණුමේ තරම. ලහි ලහියේ ඒ කටයුත්තත් සිදු කරලා ඔවුන්ගේ අනුමැතිය අරගත්තා. පුහුණුවීම් ඇරඹුණා.

සම්පූර්ණයෙන්ම නවක පිරිසක්!!! 
අභියෝග රාශියක්!!! 
නමුත් එකම අරමුණක්!!!

මාස දෙකක් පුරාවට සියල්ලන්ගේම ජීවිතය උනේ ඒ අරමුණ විතරයි. 
මමද ඇතුලුව මුලු කණ්ඩායමම බින්දුවේ සිට සෙමෙන් ගොඩනැගෙන විදිය දකිද්දි තියෙන ධෛර්‍ය තව තවත් දළුළා වැඩුනා. ඔවුන් කිසිවෙකුත් මුදල් අපේක්ෂාවෙන් පැමිණි අය නෙවෙයි. කිසිම විදියක පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් පැමිණි අය නෙවෙයි. මුදල්, කාලය, ශ්‍රමය සියල්ල කැප කරමින් ඔවුන් පැමිණියේ HBS සංවිධානය වෙනුවෙන්. ඔවුන්ගේ උත්සහයේ වටිනාකම වැඩි වෙන්නෙ ඒ හින්දමයි.

දිනය : දෙදහස් දාහතේ මාර්තු මස 26 වන ඉරිදා......
ස්ථානය : කොළඹ නව නගර ශාලාව
වෙලාව : සවස 3.30

අවුරුදු ගානක, මගේ සිහිනය.....
අවුරුදු ගානක, HBS සංවිධානයේ දිරිගැන්වීම......
මාස දෙකක, නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩ කැපවීම......

සියල්ල මල්පල ගැන්වුනා.
වේදිකාව මත ආලෝක කදම්බ මගේ මුහුණට එල්ල වෙද්දි මගේ මුලු ආත්මයම ආලෝකමත් උනා. වචන වලින් විස්තර කරන්න බැරි අනේක හැඟීම් වරුසාවකින් මගේ හිතම තෙමිලා ගියා. චරිතයක රඟ දක්වමින් සිටි නිසා ඒ වෙනස පහල නරඹන්නන්ට නොපෙනෙන්න ඇති. ඒත් අද මේ ලියවුන වචනයක් වචනයක් පාසා ඒ හැගීම, මෙය කියවන ඔබේ ඔළු ගෙඩි පුරා ඇදිලා යනු ඇති. 

මෙය මගේ ජීවිතේ සුවිශාල සංධිස්ථානයක්. උපන් දිනය, විවාපත් දිනය වගේම, ඒ තරමටම සිහිපත් කල හැකි දිනයක්.

2017 මාර්තු 26 : මම නැවත උපන්නා.....

ඇත්තෙන්ම මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මෙය පිටුපස ඉතා විශාල පිරිසක් හිටියා. ඔවුන් නොයිඳින්න අද තාමත් මම මගේ සිහිනය දිහා බලාගෙන හූල්ලන තවත් එක ප්‍රාණියෙක් විතරයි. මේ ස්තූතිය ඔවුන් හැමදෙනා වෙනුවෙන්මයි. 

"කුඩේ කුඩු" 
අපි ඉහලලා බැලුවා.
උදව් කල හැමෝම ගැන තියෙන්නෙ අපිරිමිත ස්නේහයක්.

මම සිහිනයක් දැක්කා. සිහිනය සම්පූර්ණ වුනේ එදා ඔබෙන් ලැබුනු අත්පොලසන් හඬත් එක්ක. ඒ හඬ මුළු ජීවිතය පුරාවටම මගේ කන්පෙති අතර රැව් පිලිරැවු දේවි.






Friday, September 4, 2015

මල සමයං!

ඇවිත් යයි
සලකුණු තබයි
වදනකුත් නැත
මුව ගොලුයි

හිනා හඬ නැත
මිහිරි බස් නැත
සවන් වියැලී
හද දැවෙයි

දින ගෙවෙයි
නෙත් විඩා වෙයි
මතකයන් වල
සිත එබෙයි

හිරු ගිලෙයි
කලුවර වැටෙයි
සිහිනයෙන් විත්
ලඟ වෙලෙයි

Friday, July 24, 2015

විපර්යාස

හාත්පස පුරා පැතිර තිබුනු ශ්වේත වර්ණය ක්‍රමයෙන් දියවෙමින් ඒ අතරින් ලා හරිත පැහැය මතු වෙන්න පටන් අරන්. ඒත් තවමත් ශරීරය පුරා හිරිගඩු නන්වමින් ඇදී ගිය සීත සුලඟේ ලොකු වෙනසක් නැහැ. පරිසරය හරිත පැහැයෙන් බබලන්නට තව යම් කාලයක් ගත වෙයි. ශීත කාලය වැඩි කාලයක් තිබුනා වගෙයි දැනෙන්නෙ. කාලෙකින් නොදුටුව උණුසුම් හිරු රශ්මියෙන් නැහැවී යන්නට මුළු සිරුරම පොපියනවා. ඒත් සොබාදහම අපි පතන තරම්ම ඉක්මන් නැහැ. හිතේ පොපියන ආශාවන් සොබාදහමේ නීතීන් වලට යටත් වන තැන මේකයි. ලෝකය කුරිරුද නැතිනම් අපේ ආශාවන් කුරිරුයිද කියල වෙන් කරල අඳුනගන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ. ජනේලයෙන් එහා පේන ඈත අනන්තයට මන් ඔහේ දෑස මෙහෙයවෙව්වා.

"තව දර ටිකක් දාන්නද?" පිටිපස්සෙන් ආව පවනිගෙ කටහඬත් එක්ක මන් ඔලුව හරවල බැලුවා.
උඳුනේ ගින්දර නිවෙන්නට ඔන්න මෙන්න.
මන් හා කියන්න ඔලුව වැනුවා.
අනන්තය දිහාට යොමුවෙල තිබ්බ මනස මන් මොහොතකට ඇය දියට යොමු කලා. මේ ටික කාලෙට ඇය වඩා ලස්සන වෙලා. පරිසරයේ වෙනස නිසාද හිතේ සිතිවිලි වල වෙනස නිසාද කියලා මට හරියට අවබෝධයක් තිබ්බෙ නෑ. මට ඇය ගැන ඇති උනේ ලොකු අනුකම්පාවක්. මම ඇයට සලකපු විදිය කොයි තරම් වැරදිද?

"ජීවිතේ කියන්නෙ අතීතයෙ ජඹි ගහන්න ඕනෙ තරම් නරා වලක් වත්, අනාගතය ගැන හීන මව මවා සික් වෙන්න තරම් ෆැන්ටසියක්වත් නෙමෙයි." කාලෙකට ඉස්සර අක්කා මට කිව්ව දෙයක් මගේ ඔලුව හරහා වැටුනා.
"මට තේරෙනවා අක්කෙ. අතීතේ තියෙන්නෙ එකේ ජීවත් වෙන්න නෙවෙයි කියලා. අතීතේ අනගතේට බාධාවක් වෙන්න ඔනේ නෑ කියලත් මන් දන්නවා. ඒත්....."
මට හැමදාම තිබ්බේ 'ඒත්' කියන වචනෙන් ඉවර වෙන උත්තර. ඒක කිසිම ප්‍රශ්ණෙකට උත්තරයක් නොවුනත් සමහර ප්‍රශ්න වලට උත්තර කාලෙට ඉඩ දිය යුතුයි කියලා මන් විශ්වාස කලා.

හැම මනුස්සයෙගෙම දුර්වල ස්ථානයක් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ගේ ඒක තමයි ආදරය. ඒ කුළකයටම මාවත් වැටුන එක ගැන මට දුකක් තිබුනේ නෑ. මට දුක තිබුනේ දෛවය අපිට ලබාදෙන තීරණ ගැන.
ඇය මගේ මුළු ජීවිතයම උනා. ආත්මීය බැඳීම් ගැන පොත පතෙන් විතරක් කියවල තිබ්බ මම ඒ හැඟීම මුලු ආත්මයෙන්ම අත්දැක්කෙ ඇගෙන්. එහෙම බැඳීමක් ඇති උනාම අනාගතේදි විඳින්න වෙන ප්‍රථිපල මේ තරම් දරුණුයි කියලා මන් දැනගෙන හිටියෙ නෑ. දවසින් දවස මන් ඒ ආතීමීය සයුරේ ගැඹුරටම කිමිදුනා. අන්තිමේ ඒ ගැඹුරේ තිබුන පීඩනයෙන්ම මගේ හුස්ම හිර කලා, ආයෙමත් මතුපිටට පීනන්න බැරි වෙන තරමටම.

"එයා ගියේ එයාව මට ඔනෙම වෙලා තිබ්බ වෙලාවෙ" ඇගේ නික්ම යාම ගැන මට තිබ්බේ එහෙම මතයක්. මගේ හිත ඒ තරම්ම බොලඳ උනේ කොහොමද කියලා මටත් තේරුමක් නෑ. හැබැයි ඒ හැඟීමම තමයි, එදා මට නොතිබුන ඒත් ඇය මගෙන් බලාපොරොත්තු උන යම් යම් දේවල් මේ මට්ටමින් ලබාගන්න මාව දිරිමත් කලෙත්. ඒ අතින් බැලුවම ඇය මගෙන් වෙන්වීමම ඇය මට ලන්වීමක් වෙලා.

"ආච්චිගෙ රෙද්ද. තෝ හිතනවා වැඩියි. ගිය රෙද්දවල් ගැන හිත හිත ඉන්නෙ නැතුව ඉසරහට කරන දේවල් ගැන හිතපන්" හැම වෙලේම මගේ ලඟම යාලුවො උපදෙස් දුන්නත් ඒ අතීතය වතුරේ හන්ගපු රබර් බෝලයක් වගේ විටින් විට උඩට ආවා.

මගේ ජීවිතේ වසර ගණනාවක්ව ගෙවිලා ගියේ ඒ අතීතයේ ජීවත් උන මනසත් එක්කමයි.

පවනි....... ඇය මගේ ජීවිතේට එන්නෙ අහම්බෙන්. බාගවිට ඒක අහම්බයක් නොවෙන්නත් පුලුවන්. අතීතය මතින්  හදපු මන්දිරයේ පාදමේ කොනක හිර වෙලා ඉන්න මොහොතකයි ඇය මගේ ජීවිතයට එන්නෙ. ඇය ගැන යාලුවෙක්ට වඩා හැඟීමක් මට ඇති උනේ නෑ. ඒත් අවසානයේ සියල්ල කනපිට හැරුනා.

ඇය මට ආදරය කරනවා.

මම ඇයව විවාහ කරගත්තෙ මම ඇයට ආදරය කල නිසා නෙවෙයි. මම ඇයට අනුකම්පා කලා. ඒ වගේම මගේ අවට පරිසරයෙන් මාව ඒ තත්වයට පත් කලා.
ඒත් ඒ විවාහය ව්‍යසනයක් බවට පත් වෙන්න වැඩි කලක් ගත උනේ නෑ. ඇගෙන් ලැබුන ආදරයට සමාන ගෞරවයක්වත් මගෙන් ඇයට ලැබුනේ නෑ. දවසින් දවස ඇය වැහැරුනා. නමුත් ඇගේ ආදරය.... ඒය නොවෙනස්ව පැවතුනා.

"මචන් උඹ මෙහේ ඉන්නකන් ඔකේ වෙනසක් වෙන්නෙ නෑ. උඹලා දෙන්න පොඩි වෙනසකටත් එක්ක වෙන රටකට පලයන්." ඇති වී තිබූ තත්වය ගැන මටත් කලකිරීමක් ඇතිවෙලා නොතිබුනාම නෙවෙයි. ඒ නිසා ඒ ලැබුනු උපදෙස ගැන උනන්දුවෙන් සිතා බලන්න මම පෙළඹුනා.

අපි දෙන්නා මෙහේට එනකොටත් සීත සමය ආරම්භ වෙලා. අවට පැතුරුණු ශ්වේත වර්ණය වෙලාවකට හිතට සහනයක් වගේම තවත් වෙලාවකට ඉතා හිරිහැරයක් උනා. ඒත් අතීතය ඒ ගල් ගැහුණු හිම අස්සෙ හිර කරන්න මේ පරිසරය මට උදව්වක් උනා. මේ මාස කීපය පුරාවට පවනි ගැන මෙතෙක් ඇති නොවුන හැඟීම් ගොන්නකින් මාව වෙලාගන්න පටන් අරගෙන. ඇගේ ආදරය කැඩපතක් වෙලා මම මාවම දකින්න පටන් අරගෙන.

පවනි උඳුනේ ගින්දර වැඩි කරලා ඒ දිහාවම බලාගෙන ඉන්නවා.

"පවනි"
ඇය ඔලුව හරවල බැලුවෙ මූනේ මද හිනාවකුත් රඳවගන්න ගමන්ම.

'එන්න' මම ඇයට ඇහින් සංඥා කලා.
ඇය බර අඩි තියමින් මගේ දිහාවට ඇවිදන් එන හැටි මන් ආසාවෙන් බලන් හිටියා.
ඇය මගේ අසල තිබ්බ පුටුවෙ වාඩි වෙන්න හදද්දි මන් ඇයව අතින් අල්ලල මගේ ලඟට ගත්තා. ඇය ඇස් ලොකු කරලා මගේ දිහා බලද්දි මන් ඇයව මගේ උකුල මත වාඩි කරගත්තා. ලොකු කරගත්ත ඇස් වලින් මගේ ඇස් දිහා බලන ගමන්ම ඇය මගේ උරහිසට බර උනා. උඳුනෙන් ගින්දර මතින් දැනුන උණුසුමට වඩා උණුසුමක් ඇගේ ස්පර්ශයෙන් මගේ සිරුර තුලට ඇතුලු උනේ නිමේශයකින්.

"මේ හිම ඉක්මනට දිය වෙලා යයි පවනි" මම ඇගේ ඇස් දිහාත් ජනේලයෙන් එපිටත් මාරුවෙන් මාරුවට බලන ගමන් කෙඳුරුවා.
ඇය ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඒ වෙනුවට මගේ උරහිස මත තුබුන ඇගේ හිස තවත් මගේ උරහිසට තද කරගත්තා.

මම ඇයව තවත් තුරුළු කරගන්න ගමන් ඈත ලාවට මතු වෙමින් තිබුන ලා හරිත පැහැය මත දෙනෙත් රඳවගත්තා.

Monday, April 7, 2014

ආදර සැමරුම්


අපේ ආදර මතක සැමරුම්
දසත ඇත බිම විසිරිලා
ඒ මතින් ඔබ අඩිය තබමින්
ඈතටම යයි සැඟවිලා

ගිලෙන හිරු අර ඈත ක්ෂිතිජයේ
ගිනියම්ව රත් පැහැ වෙලා
රැගෙන එයි තව තවත් කළුවර
ආදරේ සුව සඟවලා

විරහා ගී පද රසය සොයමින්
සිතේ සිනහව හැකිළිලා
මුවේ සිනහව ලොවට පෙන්වා
හිඳිමි මියැදී යන තුරා

Tuesday, March 4, 2014

හෙට...


දෙගුරුන් සනසවා
තම සෙනෙහෙ සඟවා
සිතක දුක් පුරවා
කුමරි යාවිද
මුදුව පලඳා

Wednesday, February 19, 2014

එක නිමේශයෙන්

කල්පාන්තය එනතුරා
සිටීයැයි ලඟ දිවුරලා
එක නිමේශයෙන් නුඹ
ඇදි ගිහින් දුර
ඈතක සැඟවීලා

මගේ උර මත හිත තබා
නිදා උන් හැටි නෙතුපියා
මතක පමණක් මට තියා
ඔබ කොහේද ඈතක ඉගිලිලා

ඔබේ ලැමැදේ මා හොවා
සුවය දෙන බව මුමුණලා
වචන පමණක් මට තියා
ඔබ මගේ සිහිනෙන් පියඹලා

Wednesday, February 12, 2014

ඔබට ආදරෙන්...

හුරතල් හිනාව ඔබේ
මත මුව තබමින් මගේ
ඉන්න දෙන්න මුලු දිවිය පුරාවට
විඳිමින් ආදර සුවේ

හීන කන්ද හිත් ලොවේ
නෙතු අභියස හැඩ මැවේ
ඔබට තුරුළු වී සෙනෙහස විඳිනට
ආශාවන් ගොඩ ගැහේ

තාලෙට හැඬවෙන හදේ
නාදය සවනේ වැදේ
ඔබටම පුද දුන් පෙම් සිත අරගෙන
තුරුලෙම ඉන්නට සිතේ

Monday, October 14, 2013

සඳ සහ කුමරිය

පුංචි කුමරිය සඳේ රුව දැක
ලබාගන්නට සිත් මැවී
තබාගෙන ඇස අහස් කුස මත
වැලපුනා සිත දැවී දැවී

දුරින් දැක සිත පිනවගන්නට
පමණදො උරුමය හිමී
සිත සිතා දින මාස ගෙව්වා
සලා දෙනෙතින් කැට මිණී

දිනක් සඳ සිය දෙනෙත් පොළවට
යොමා බැලු කල ඇය පෙනී
සඳේ පැහැයත් අලුත් වූවා
ආලයක් සිත තුල දැනී

ආදරෙන් සිත පිරී ගිය සඳ
අහසෙ ඉනු බැරි බව දැනී
වලාකුළු පඩිපෙළින් බැස සඳ
පොලෝ තලයට ලන් වුනී

තමා වෙත පිය නඟන සඳ දැක
ප්‍රීතියෙන් මුලු හිත පිරී
දෑත් දිගු කර පුංචි කුමරිය
ගියා සඳ වෙත ගෙන දිරී

ටික දුරක් පා නැගූ කුමරිය
නැවත ආ මග දෙස හැරී
තබන්නට සඳ හෙව්වා ඉඩකඩ
සැඟව යද්දී ගත් දිරී

ලබාගත්තට තබාගන්නට
පොළවෙ ඉඩ මදි බව දැනී
නැවත අහසට යන්න කියමින්
කුමරියගේ සිත නැවතුනී

නැවත අහසට නගිනු නොහැකිව
අසරණව ආලෙන් වෙලී
වැලපෙනා සඳ දෙස බලාගෙන
හිනහුනා නිල් තරු එලී


Wednesday, February 13, 2013

අරුම කරුමය

ඇයගේ දසුනක් දකින තුරා
නෙතු බලාගෙන උන්නා
ඇයගේ  වදනක් ඇසෙන තුරා
සිත අසාගෙන උන්නා

හීන් කවිමල් පෙළට වැතිරී
ඇගේ දෙපතුල් සිම්බා
රේණු වල පැහැ ඇයට නොපෙනුන
අරුම කරුමය වින්දා

නෙතුද පියවී සිතද මැලවී
හදේ කවුළුව බිඳුනා
ඇයට නොඇසී ඇයට නොපෙනී
මගේ කවි විල සිඳුනා

Tuesday, October 30, 2012

ආයෙ මල් පිපේ

සැඩ හිරු සැඟවේ
වැහි පබලු වැටේ
වියලුනු කතරේ
ආයෙ මල් පිපේ

උණුසුම් සුළඟේ එතෙමින්
දැවි දැවි නෙත් හැඬුවා
හදිස්සියේ වැහි සීතල
ගෙන සුළඟක් හැමුවා

වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා

Friday, August 24, 2012

ස්වයං


ලෙහුනු වත
මතින් හිත
ඔබේ ගත
මගේ මත

Wednesday, August 15, 2012

හීන තොටුපල

දවසක්දා රෑ මැදියම් හීන තොටුපලේ
ඔබ උන්නා සැඟවී සුදු චන්ද්‍ර මණ්ඩලේ
ගුලි වෙන්නට බැරි තැන ඒ සුසුම් උණුසුමේ
තරු හැඬුවා වලා කැටිති වෙලා තනිකමේ

කඩුපුල් මල් සුවඳ දසත ඉඟී කරන පැයේ
මංමුලාව මසිත තවම වෙලී සිහිනයේ
උස උනාට හීනය සුව නොමැති ලෝකයේ
කඩුපුල් පෙති සැඟවෙයි සඳ එලිය ඉදිරියේ

දිව යන සිත මතකය අතරට වරින් වරේ
වෙර සාදයි දෙකකුල් අදිමින් නිරන්තරේ
දුව ආවත් ඔබ වෙත ගෙන හුස්ම ප්‍රෙමයේ
ඔබේ වමත සිරවී රන් මුදුවෙ දිස්නයේ

Wednesday, August 8, 2012

ඇයට කියූ 3

එදා ඔබ මා
කණට මිමිණූ
ගීත සිහිවන
රෑ පුරා
නින්ද නොනැගේ
සුසුම් වැගිරේ
දෙනෙත් පිය
තෙත්වන තුරා

හදේ ඈතම
කෙළවරක නුඹ
අගුළුලන්නට
වන නිසා
ගලක් තරමට
තද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා

යලි යලිත් සිත
මතුපිටට විත්
තෙරපෙනා
සිතුවිලි දරා
බොළඳ වන සිත
ඔබේ ගී ලඟ
හැකිද නවතනු
සවිදරා

Monday, February 13, 2012

අහෝ........!!!

ප්‍රේම මන්දිරේ
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා

ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා

කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා

ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා

ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා

සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා