Monday, October 14, 2013

සඳ සහ කුමරිය

පුංචි කුමරිය සඳේ රුව දැක
ලබාගන්නට සිත් මැවී
තබාගෙන ඇස අහස් කුස මත
වැලපුනා සිත දැවී දැවී

දුරින් දැක සිත පිනවගන්නට
පමණදො උරුමය හිමී
සිත සිතා දින මාස ගෙව්වා
සලා දෙනෙතින් කැට මිණී

දිනක් සඳ සිය දෙනෙත් පොළවට
යොමා බැලු කල ඇය පෙනී
සඳේ පැහැයත් අලුත් වූවා
ආලයක් සිත තුල දැනී

ආදරෙන් සිත පිරී ගිය සඳ
අහසෙ ඉනු බැරි බව දැනී
වලාකුළු පඩිපෙළින් බැස සඳ
පොලෝ තලයට ලන් වුනී

තමා වෙත පිය නඟන සඳ දැක
ප්‍රීතියෙන් මුලු හිත පිරී
දෑත් දිගු කර පුංචි කුමරිය
ගියා සඳ වෙත ගෙන දිරී

ටික දුරක් පා නැගූ කුමරිය
නැවත ආ මග දෙස හැරී
තබන්නට සඳ හෙව්වා ඉඩකඩ
සැඟව යද්දී ගත් දිරී

ලබාගත්තට තබාගන්නට
පොළවෙ ඉඩ මදි බව දැනී
නැවත අහසට යන්න කියමින්
කුමරියගේ සිත නැවතුනී

නැවත අහසට නගිනු නොහැකිව
අසරණව ආලෙන් වෙලී
වැලපෙනා සඳ දෙස බලාගෙන
හිනහුනා නිල් තරු එලී


9 comments:

  1. ඇයි උඹ හිතන්නෙ අපි උඹේ විලාප කියවන්න ඕනෙ කියල ???
    ඊටත්
    ඒව කියවලා කොමෙන්ට් කරන්න ඕනෙ කියල ????

    ReplyDelete
  2. මාව අන්දුන් කුන්දුන්z

    ReplyDelete
  3. මම හිතුවා ටෙලිනාට්‍ය කරන්ට යනකොට මේ වගේ දෙයක් වෙනබව...:D:D

    ReplyDelete
  4. දෑන් මක්කෙයි මේ වෙලා තියෙන්නෙ

    ReplyDelete
  5. පෝස්ට් එකක් ලියන්න මතක් වෙන්න මෙහෙම දෙයක් වත් උන එක මදැයි..

    ReplyDelete
  6. ආවටත් ණයයි...ඉස්සරහට තව මක්ක වෙයිද කියලා ගොඩ් තමා නොව්ස්

    ReplyDelete
  7. wo.............w පට්ට.....විශිෂ්ඨ කවි පබැදුමක්. ඉතාමත් සාර්ථකයි නිර්මාණයක්

    ReplyDelete
  8. Harima lassana kavi pelak. Meka thama mage aasama kotasa:

    ලබාගත්තට තබාගන්නට
    පොළවෙ ඉඩ මදි බව දැනී
    නැවත අහසට යන්න කියමින්
    කුමරියගේ සිත නැවතුනී

    ReplyDelete