සැඩ හිරු සැඟවේ
වැහි පබලු වැටේ
වියලුනු කතරේ
ආයෙ මල් පිපේ
උණුසුම් සුළඟේ එතෙමින්
දැවි දැවි නෙත් හැඬුවා
හදිස්සියේ වැහි සීතල
ගෙන සුළඟක් හැමුවා
වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා
වැහි පබලු වැටේ
වියලුනු කතරේ
ආයෙ මල් පිපේ
උණුසුම් සුළඟේ එතෙමින්
දැවි දැවි නෙත් හැඬුවා
හදිස්සියේ වැහි සීතල
ගෙන සුළඟක් හැමුවා
වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා
අලුත් වෙනසක් වගේ.... සිතුවිල්ල ලස්සනයි. :)
ReplyDeleteබ්ලොග් එක පේන්නේ නැහැනේ ?
ReplyDeleteකඳුළු මතින් හිනැහුනු කවියක්.. ලස්සනයි
ReplyDeleteලස්සනයි.කඳුළු ගලලා හරි කමක් නෑ ආයෙත් මල් පිපෙනවා නම්.
ReplyDeleteමහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි.
ReplyDeleteහරිම ලස්සනයි සහො...
ReplyDeleteපොඩි මෙව්ව එකක් තියෙනව.......
ReplyDelete//සැඩ හිරු සැඟවේ
ReplyDeleteවැහි පබලු වැටේ//
//වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා//
කවි ටික ඔක්කොම ලස්සනයි. ඒත් මේ ටික තදින් හිත්ගත්තා.:)
i wish u oll tha best
ReplyDelete