Tuesday, October 30, 2012

ආයෙ මල් පිපේ

සැඩ හිරු සැඟවේ
වැහි පබලු වැටේ
වියලුනු කතරේ
ආයෙ මල් පිපේ

උණුසුම් සුළඟේ එතෙමින්
දැවි දැවි නෙත් හැඬුවා
හදිස්සියේ වැහි සීතල
ගෙන සුළඟක් හැමුවා

වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා

9 comments:

  1. අලුත් වෙනසක් වගේ.... සිතුවිල්ල ලස්සනයි. :)

    ReplyDelete
  2. බ්ලොග් එක පේන්නේ නැහැනේ ?

    ReplyDelete
  3. කඳුළු මතින් හිනැහුනු කවියක්.. ලස්සනයි

    ReplyDelete
  4. ලස්සනයි.කඳුළු ගලලා හරි කමක් නෑ ආයෙත් මල් පිපෙනවා නම්.

    ReplyDelete
  5. මහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි.

    ReplyDelete
  6. හරිම ලස්සනයි සහො...

    ReplyDelete
  7. පොඩි මෙව්ව එකක් තියෙනව.......

    ReplyDelete
  8. //සැඩ හිරු සැඟවේ
    වැහි පබලු වැටේ//

    //වැහි සුළඟින් පොලව පුරා
    අමුතු රටා ඇඳුනා
    ඒ මැද මල් පිපෙන අයුරු
    දැක මගෙ හද නැටුවා//

    කවි ටික ඔක්කොම ලස්සනයි. ඒත් මේ ටික තදින් හිත්ගත්තා.:)

    ReplyDelete