Wednesday, August 15, 2012

හීන තොටුපල

දවසක්දා රෑ මැදියම් හීන තොටුපලේ
ඔබ උන්නා සැඟවී සුදු චන්ද්‍ර මණ්ඩලේ
ගුලි වෙන්නට බැරි තැන ඒ සුසුම් උණුසුමේ
තරු හැඬුවා වලා කැටිති වෙලා තනිකමේ

කඩුපුල් මල් සුවඳ දසත ඉඟී කරන පැයේ
මංමුලාව මසිත තවම වෙලී සිහිනයේ
උස උනාට හීනය සුව නොමැති ලෝකයේ
කඩුපුල් පෙති සැඟවෙයි සඳ එලිය ඉදිරියේ

දිව යන සිත මතකය අතරට වරින් වරේ
වෙර සාදයි දෙකකුල් අදිමින් නිරන්තරේ
දුව ආවත් ඔබ වෙත ගෙන හුස්ම ප්‍රෙමයේ
ඔබේ වමත සිරවී රන් මුදුවෙ දිස්නයේ

13 comments:

  1. ලස්සනයි අයියා.....

    හීන හීන...හීන හා බලාපොරොත්තු......

    ReplyDelete
  2. මා නිදනා දවසක් දා මැදියමේ රැයේ
    දුටුවා ඔබ ඇවිදින් ලඟ හීනයක් වගේ
    තුරුල් කරන් මගේ ළමැදට උණුසුමට වගේ
    ඉන්න හිතැත් බෑ මට මේ මුදුව සිර වුනේ...

    හරිම ලස්සන කවියක්,.,.

    ReplyDelete
  3. අනේ හරි ලස්සනයි අප්පා...

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  5. ගීතයකට හොඳයි වගේ කියල හිතුනා

    ReplyDelete
  6. එල, හුගක් ලස්සනයි කවිය

    ReplyDelete
  7. නියමයි
    හරිම ලස්සනයි

    ReplyDelete
  8. ගිය දේ ගියා දැන් වෙන එකක් ගැන හිතපන් අඬන්නේ නැතුව . . .

    ReplyDelete
  9. බලන් යද්දි හැමෝම මුදුවල හිරකාරයො තමයි. අපිත් ආසාවෙන් ඉන්නවා මුදුවක සිරගත වෙන්න. ජීවිතේ ඔහොම තමයි.

    ReplyDelete
  10. සුපිරි ආ සින්දුවක් කරා නම් මරේ මරු

    ReplyDelete
  11. හරිම ලස්සනයි. mama maka ganwa .ok

    ReplyDelete