දවසක්දා රෑ මැදියම් හීන තොටුපලේ
ඔබ උන්නා සැඟවී සුදු චන්ද්ර මණ්ඩලේ
ගුලි වෙන්නට බැරි තැන ඒ සුසුම් උණුසුමේ
තරු හැඬුවා වලා කැටිති වෙලා තනිකමේ
කඩුපුල් මල් සුවඳ දසත ඉඟී කරන පැයේ
මංමුලාව මසිත තවම වෙලී සිහිනයේ
උස උනාට හීනය සුව නොමැති ලෝකයේ
කඩුපුල් පෙති සැඟවෙයි සඳ එලිය ඉදිරියේ
දිව යන සිත මතකය අතරට වරින් වරේ
වෙර සාදයි දෙකකුල් අදිමින් නිරන්තරේ
දුව ආවත් ඔබ වෙත ගෙන හුස්ම ප්රෙමයේ
ඔබේ වමත සිරවී රන් මුදුවෙ දිස්නයේ
ඔබ උන්නා සැඟවී සුදු චන්ද්ර මණ්ඩලේ
ගුලි වෙන්නට බැරි තැන ඒ සුසුම් උණුසුමේ
තරු හැඬුවා වලා කැටිති වෙලා තනිකමේ
කඩුපුල් මල් සුවඳ දසත ඉඟී කරන පැයේ
මංමුලාව මසිත තවම වෙලී සිහිනයේ
උස උනාට හීනය සුව නොමැති ලෝකයේ
කඩුපුල් පෙති සැඟවෙයි සඳ එලිය ඉදිරියේ
දිව යන සිත මතකය අතරට වරින් වරේ
වෙර සාදයි දෙකකුල් අදිමින් නිරන්තරේ
දුව ආවත් ඔබ වෙත ගෙන හුස්ම ප්රෙමයේ
ඔබේ වමත සිරවී රන් මුදුවෙ දිස්නයේ
ලස්සනයි අයියා.....
ReplyDeleteහීන හීන...හීන හා බලාපොරොත්තු......
මා නිදනා දවසක් දා මැදියමේ රැයේ
ReplyDeleteදුටුවා ඔබ ඇවිදින් ලඟ හීනයක් වගේ
තුරුල් කරන් මගේ ළමැදට උණුසුමට වගේ
ඉන්න හිතැත් බෑ මට මේ මුදුව සිර වුනේ...
හරිම ලස්සන කවියක්,.,.
අනේ හරි ලස්සනයි අප්පා...
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteලස්සනයි...
ReplyDeleteගීතයකට හොඳයි වගේ කියල හිතුනා
ReplyDeleteඑල, හුගක් ලස්සනයි කවිය
ReplyDeleteනියමයි
ReplyDeleteහරිම ලස්සනයි
ගිය දේ ගියා දැන් වෙන එකක් ගැන හිතපන් අඬන්නේ නැතුව . . .
ReplyDeleteහ් ම්ම්..........
ReplyDeleteබලන් යද්දි හැමෝම මුදුවල හිරකාරයො තමයි. අපිත් ආසාවෙන් ඉන්නවා මුදුවක සිරගත වෙන්න. ජීවිතේ ඔහොම තමයි.
ReplyDeleteසුපිරි ආ සින්දුවක් කරා නම් මරේ මරු
ReplyDeleteහරිම ලස්සනයි. mama maka ganwa .ok
ReplyDelete