සෑහෙන්න දවසකට පස්සෙ ඔන්න මම ආයෙත් ආවා. හැබැයි ඔන්න ආවෙත් හිස් අතින්නම් නෙවෙයි. වෙනදට ගහන එක එක බයිලා නැතුව ජීවිතේට වටින දෙයක් අරගෙන තමයි මන් ආවෙ. අද මන් ඔයාලට කියන යන දේ ගැන මට අහන්න ලැබුනෙ පහුගිය දිනක මන් දන්න කියන මගේ මිත්රයෙක්ගෙන්. අවුරුදු කීපයක් තිස්සෙ ජපානයේ ජීවත් වෙන ඔහු මේ දින වල ලංකාවට ඇවිත් ඉන්නවා. ජපන් මිනිස්සුන්ගෙන් ඉගෙන ගනන් පුලුවන් බොහොම අපූරු පාඩමක් එයා මට කියලා දුන්නා. මන් මේ හදන්නෙ ඒ දේ ඔයාලත් එක්කත් බෙදාගන්න.
ලස්සනට ඉන්න කවුද අකමැති. නේද? අපි හැමෝම විවිධ දේවල් කරනවනෙ ලස්සනට ඉන්න. නමුත් ඇත්තටම ලස්සන කියන්නෙ මොකද්ද? කොහොමද මිනිහෙක් ඇත්තටම ලස්සන වෙන්නෙ? මිනිහෙක් ඇයි කැත වෙන්නෙ? ජපානයේ එක්තරා මෝස්තර ශිල්පී පාසලක ඔවුන්ගේ සුවිසල් වේදිකාව පිටුපස එම සිසු සිසුවියන්ට දර්ශණය වන අයුරින් ලියා තිබෙනවා කැත වෙන්න බලපාන කරුණු කාරණා 25ක්. ඔවුන් නිතරම ඔවුන්ගේ සිසු සිසුවියන්ට පවසන්නෙ ඒ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඒවාට ප්රතිවිරුද්ධ ලෙසින් ජීවත් වීමෙන් ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න පුලුවන් බව.
බලන්නකො මේවායින් කීයක් ඔබ සතුව තියෙනවද කියලා.
01.සිනා නොවීම
02.ස්තූති නොකිරීම
03.කෑමක් රසයි නොකීම
04.පණ නැති බව
05.ආත්ම විස්වාසය නොමැති බව
06.කන් කෙඳිරි ගෑම
07.අරමුණක් අධිෂ්ඨානයක් නොමැති බව
08.නිතරම තමා වටේ සිටින අය වැරදි යයි සිතීම
09.තමා කැත බව නොදැනීම
10.කටහඬ ඉතා පහත් හා වෙවිලීම
11.කිසිම වැඩකට නැති දේවල් වලින් හිත බිඳ ගැනීම
12.ඉරිසියාව
13.ඇස් වල දීප්තියක් නොමති වීම
14.කට බෙරි වී තිබීම
15.දෝෂාරෝපනයට දක්ශ බව
16.අන් අයට බැන වැදීම
17.සෘණාත්මක චින්තනය
18.තමා අවට සිදුවන දේ ගැන අනවබෝදය
19.අන් අයට නොසැලකීම
20.අන් අය අවිශ්වාස කිරීම
21.පෞදගලික ජීවිතයේත් රැකියාවේත් උනන්දුවක් නැති කම
22.මනුස්සකම නොමැතිකම
23.අවවාද පිලිනොගන්නා බව
24.තමා ලෝකයේ සිටින නිවැරදිම පුද්ගලයා යයි සිතා සිටීම
25.අලස කම
ඕනම පුද්ගලෙයෙක් තුල මේ කරුණු කාරණා අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙනම් දැන්ම තමුන්ගෙ ඇතුලාන්තයට ගිහින් බලන්න. මේ දේවල් ඔයාලගෙ ජීවිත වලත් තියෙනවනම් ඒවා අඩු කරගන්න උත්සහා ගන්න. ඔයාලා හැමෝටම තවත් ලස්සන වෙන්න පුලුවන් වේවී.
Showing posts with label බණ. Show all posts

Tuesday, July 5, 2011
Sunday, June 13, 2010
ඔබේ අවධානය පිණිසයි...........
පහුගිය දිනක එක්තරා ඉංග්රීසි පුවත්පතක පලවී තිබූ ලිපියකි ඒ ඔබ දුටුවේ. එය කියවූ වහාම මගේ හිස මහත් වූ විමතියකින් පිරී යන්නට විය. මා පාසල් යන අවදියේද ගාල්ල නගරය තුල මෙවැනිම සිදුවීම් සිදුවූ බව මට අසන්නට ලැබී තිබිනි. එයට ප්රධාන හේතුව වූයේ ගාලු කොටු පවුර එදා සිටම පෙම්වතුන්ගේ පාරාදීසයක් වී තිබූ බැවිනි. කොටු පවුර වෙත ගිය දිනෙක කුඩවලින් සිය පෞද්ගලිකතවය ආවරණය කරගනිමින් නිදහසේ පෙම්සුව විඳින පෙම් යුවලක් දැකගත නොහැකි වුවහොත් එය පුදුමයට කරුණක් වනු ඇත. කලකට පෙරනම් මෙය ඉතාමත් කතාබහට තුඩු දුන් මාතෘකාවත් වුවමුත් අද වන විට එය ඉතාමත් සාමාන්ය දසුනක් වී ඇති බැවින් ඒ ගැන විචාරයන් අල්ප වී තිබේ. නමුත් ඉහත ලිපිය කියවන විට මට වැටහී ගිය දෙයනම් පෙම්වතුන්ට තිබූ එම අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. කෙසේ වෙතත් එම ලිපිය කියවීමෙන් අනතුරුව මේ පිලිබඳව මට හැඟෙන දේ ගැන යම් සටහනක් කලොත් මනා යැයි හැඟී ගිය බැවින් මේ ලිපිය මෙසේ අකුරු කරන්නෙමි. මා සියයට සියයක් නිවැරදියැයි මා නොපවසමි. මේ මට හැඟෙන හැටිය. වැරැද්දක් ඇතිනම් පෙන්වා දෙන මෙන් මා පලමුවෙන්ම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙය සංවාදයට විවෘත කරුණක් බව සිහි තබාගන්න.
පෙම්වතුන් හා පොලීසිය අතර සිදුවන මෙම ගට්ටනය අද ඊයේ පටන් ගත්තක් නොව, බොහො කලක පෙර සිට පැවත එන්නකි. මා පලමුව කිවාක් මෙන් මම කුඩා කලද මෙවැනි සිදුවීම් අනේකවාරයක් අසා ඇත්තෙමි. ආදරය කිරීම හා ආදරය ලැබීම යනු මිනිසෙකු සතු අයිතිවාසිකමකි. එය වැලැක්වීම සඳහා කිසිවෙකුටත් අනිසි බලපෑම් කල නොහැක. නමුත් පොලීසිය විසින් කරන්නාවූ මෙවැනි ක්රියාවන් එම අනිසි බලපෑම් ගොන්නට වැටෙන බව ඔබටද වැටහෙනු ඇත. "ප්රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරීම". පොලීසිය විසින් ඔවුනට එල්ල කරන චෝදනාව එයයි. ඇත්තෙන්ම ප්රසිද්ධ ස්ථානයක එසේ අනාචාරයේ හැසිරුනේනම් එය බලවත් වරදකි. මක් නිසාද යත් අපේ සංස්කෘතිය විසින් එවැනි ක්රියාවන් අසම්මතයන් ලෙස වර්ග කොට ඒවැනි ක්රියාවන් වලට් වැට බැඳීමට සංස්කෘතික නීති රීති වලින් යුතු රාමුවක් නිර්මාණය කොට ඇති බැවිනි. අප ශ්රී ලාංකිකයන් වශයෙන් එම රාමුව තුල සිටිමින් ක්රියා කල යුතුය. මන්ද සියල්ලන්ම අප දෙස බලනුයේ එම රාමුව තුලම සිටිමිනි. එම රාමුවට බාහිරින් වන දෙයක් අප විසින් කලහොත් එය අසම්මතයක් බවට පත් වේ. අසම්මතයක් සිදු කරන තැනත්තා විවිධ නම් වලින් වර්ග කරමින් ඔහුට චරිත සහතික ලබා දෙමින් එතැන් සිට සමාජය තුල ඔහුට හිමි තැන තීරණය කිරීමට තරම් කාරුණික සමාජයක් අප වටා සිටින බව ඔබ සැම දන්නා කරුණකි. අපේ සන්ස්කෘතිය තුල අසම්මතයක් ලෙස වර්ග කල ඇති දේවල් වෙනත් සංස්කෘති වලදී සම්මතයක් විය හැක. බොහො බටහිර රටවල සිදුවන ඇතැම් ක්රියාකාරකම් දෙස අප සමාජය වපර ඇසින් බලනුයේ එබැවිනි. ඇත්තෙන්ම මෙම වෙනස වටහා ගැනීමට තරම් දැනුමක් හෝ උවමනාවක් අප බහුතරයකට නොමැති වීම අප ලබන මහත් පරාජයක් බව මාගේ පෞද්ගලික හැඟීමයි.
නැවතත් ප්රධාන කරුණ වෙත යොමු වෙනවානම්, එසේ අසම්මත හැසිරීමක යෙදීම ලාංකිකයෙකු වශයෙන් ලංකාව තුලදී අපේ සංස්කෘතිය අනුව වැරදි දෙයකි. එබැවින් අප සියලු දෙනා එය හැසීරීම් වලින් මිදී සිටිනවානම් එය යහපත් කාරණයකි. නමුත් ගැටලුව වනුයේ පොලීසිය විසින් මෙම අත් අඩංගුවට ගන්නා සෑම යුවලක්ම එසේ සත්ය වශයෙන්ම ප්රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරුනු අයමද යන වගයි. උක්ත ලිපියෙහි සඳහන් වන අන්දමට නිකම් අත් අල්ලාගෙන සිටීමත් පොලිසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරම් බරපතල කාරණයක් වේ. අවට සමාජයටද එම කරුණ පවා තම තමන්ගේ ගෞරවයටද හානි වන, දැකීමටත් ජුගුප්සාජනක මහත් අප්රිය දර්ශණයක් වේ. මෙය සාධාරණද අසාධාරණද යන වග වියත් ඔබට වැටහෙනු ඇතැයි මා තදින් විශ්වාස කරමි. නිදහසේ පෙම් සුව විඳීමට අප කවුරුත් කැමතිය. කොහේ හෝ සුන්දර නිස්කලංක පරිසරයක තනි වී තම ආදරය කරන තැනැත්තා සමඟ දොඩමලු වෙමින් කාලය ගෙවීමට අකමැති අයෙක් සිටීයැයි මා නොසිතමි. ඇත්තෙන්ම එය අප මිනිසෙකු වශයෙන් ලබන අයිතිවාසිකමක්ද වේ. එයට අකුල් හෙලන අයෙක් සිටීනම් එම පුද්ගලයාගේ මානසික මට්ටම ගැන වටහාගැනීමට මට මෙන්ම ඔබටද හැකිවනු ඇතැයි මා සිතමි.
ගාලු කොටු පවුර, ගෝල් ෆෙස්, විහාර මහා දේවී උද්යානය, ගල්කිස්ස මුහුදු වෙරල පෙම්වතුන්ගේ පාරාදීස බවට පත් වූ ප්රධන ස්ථාන කිහිපයකි. මේ ඇරුනු කොට එවැනි ස්ථාන කොතෙකුත් ඇතත් ඒ සියල්ලම එකින් එක නම් වශයෙන් සඳහන් කිරීමට මා අදහස් නොකරන්නේ මා මේ ලිපිය ලියනුයේ අතදරුවන් පිරිසකට නොවන බැවිනි. එම බොහෝ ස්තානයන්හීදී කුඩ වලින් ආවරණය කරගනිමින් පෙම් සුව විඳින ආදරවන්තයින් කොතෙකුත් දැක ගත හැක. මිනිසුන් කියනවා තරම් ජුගුප්සාජනක දෑ එම කුඩ යට සිදුවෙතයි මා විශ්වාස නොකරමි. තුරුලු වී සිටීම හෝ හාදුවක් දීම එතරම් ජුගුප්සාජනක ක්රියාවක් නොවන බව මාගේ හැඟීමයි. ඊට එහා ගිය දෑ ඇත්තෙන්ම සිදුවේදැයී කීමට මා දන්නෙ නැත. එසේ සිදුවනවානම් එය වරදකි. එය එසේ වේනම් ඔවුනට යම් අවවාදයක් දීම වරදක් නොවේ. නමුත් එලිමහන් ස්ථානයක තමන් ආදරය කරන තැනැත්තා ලැජ්ජාවට පත් විය හැකි යමක් කිරීමට තරම් වර්ථමාන තරුණ පරම්පරාව අනුවණ නැතැයි මා විශ්වාස කරමි. එකෙකු දෙන්නෙකු එසේ හැසිරුනද සියලු ආදරවන්තයින් හට ඇඟිල්ල දික් කිරීම කොයි තරම් සාධාරනද යන්න සිතීමට මා ඔබට බාර කරමි.
සැබැවින්ම ආදරවන්තයන් හට නිදහසේ කතා බහ කිරීමට තැනක් තිබිය යුතුය. ඒ සඳහා වැට බැඳීමෙන් සිදුවනුයේ තානායම් කාමර පෙම්වතුන්ගෙන් පිරී යාමය. එය කෙතරම් සංස්කෘතික හිතකර කාරණයක් වනු ඇත්දැයි අප සමාජය වටහාගනු ඇතැයි යන්න මාගේ තදබල විශ්වාසයයි. පෙම්වතුන් කුඩයකින් අපේක්ශා කරනුයේ තම ජුගුප්සාජනක ක්රියා සඟවා ගැනීමකට වඩා තම පෞද්ගලිකතවය හා අනන්න්යතාවය සඟවා ගැනීමක් විය හැක. මන්ද සෑම පෙම්වතුන් යුවලක්ම දෙමාපිය අනුදැනුම මත ආදරය කරන්නන්නම නොවන බැවිනි. කෙසේ වෙතත් ගැටලුව වන්නේ මෙම කුඩ තුලට එබී බලමින් ඔවුන් සඟවන්නට උත්සහ කරන දෑම බලෙන් සොයා බලන්නට මිනිසුන් උත්සහ කිරීමයි. කුඩයකින් ආවරණය වී සිටින එවැනි පෙම්වතුන් යුවලක් දුටු සැනින් ඔවුන් දෙස වැරදි ඇසකින් බලමින් ඔවුන්ට නිග්රහ කරමින් කතා කිරීමට අපේ බොහෝ දෙනා පුරුදු වී සිටිති. එය ඇත්තෙන්ම මහත් ඛෙදජනක තත්වයකි. මට වැටහෙන අන්දමට එතැනින් පිලිබුඹු වන්නේ පෙම්වතුන්ගේ නොව ඔවුන් දෙස වපර ඇසින් බලනා අයගේ පහත් මානසික මට්ටමයි.
ලංකාව යනු අන් සියලුම දේ අංග සම්පූර්නව තිබෙන මෙම පෙම්වතුන්ගේ ගැටලුවට පමණක් මුහුණ දී සිටින රටක් නොවේ. එසේ තිබියදීත් මෙය මහත් වූ ගැටලුවක් කරගනිමින් අහිංසක ආදරවන්තයින්ගේ නිදහසට වැට බැඳීම මෙතරම් විශාල අන්දමින් සිදු කරන්නෙ ඇයිද යන වග මටනම් ගැටලුවකි. අපේ සංස්කෘතිය සදාචාරය විනාස කරන අව්ලම් පිරිසක් ලෙස ආදරවන්තයින්ට නිර්දය අන්දමින් බැන වදින අයගෙන් මා එක ඉල්ලිමක් කරමි. එක් වරක් සමාජ ශාලාවකට ගොස් බලන්න. සම්බාහන ආයතන ලෙස පෙනී සිටිමින් ලිංගික සේවා සපයන ස්ථානයකට ගොස් බලන්න. අපෙ රටේ සංස්කෘතිය සදාචාරය තිබෙන තැන ගැන වැටහීමක් එවිට ඔබටම ලබා ගත හැකි වනු ඇත. මෙම ආදරවන්තයින් නිසා කුඩා දරුවෙක්වත් නිසි ලෙස හදා ගැනීමට නොහැකියැයි සමහරු අවලාද නගති. එසේනම් එය ආදරවන්තයින්ගේ වරදක් නොව දෙමාපියන්ගේ වරදකි. තම දරුවන් දකින හා අසන දේවල් ගැන හොඳ නරක කියා දීමට දෙමපියන්ට හැකිවිය යුතුය. තම දරුවන් හට සමාජය ගැන යහපත් නිවැරදි අවබෝදයක් ලබා දෙමින් ඔවුන්ව හරි මගට ගැනීමට දෙමාපියන්ට හැකි විය යුතුය. දරුවන් යහපත් හදා ගැනීමට නොහැකී වීමේ වරද පෙම්වතුන් වෙත පවරා අත පිහිදා ගැනීමට තරම් බහුතරයක් දෙමාපියන් පුරුදු වී සිටීම කණගටුවට කරුණකි. එසේනම් පලමුව දරුවාගෙන් ඈත් කල යුත්තේ රූපවාහිනියයි. මක් නිසාද යත් අද ලමුන්ගේ මනසට තදබල බලපෑමක් ඇති කරන්නේ මාධ්ය වන නිසාවෙනි.
කෙසේ වෙතත් අවසාන වශයෙන් තවත් දෙයක් කිව යුතුව ඇත. මුහුදු වෙරලේ හෝ උද්යානයක හෝ කුඩ යටට වී සිටින පෙම් යුවලවල් හා පුංචි තානායම් කාමර වලට පනිමින් එහි සිටින යුවලවල් අත් අඩංගුවට ගත් සිද්ධි කොතෙකුත් අප අසා ඇති මුත් තරු පහේ හෝටල් කාමරයකට පැන එහි අනාචාරයේ හැසිරෙමින් සිටිනා යුවලක් අත් අඩංගුවට ගත් පුවතක් ඇසුනොත් එය ඉතාමත් කලාතුරකින් බව මා වැවසුවහොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත. මන්ද යත් ලංකාව තුල බොහෝ නීති වලංගු වන්නේ තුන්වන පංතියේ සාමාන්ය ජනතාවට පමණක් වන බැවිනි. එක්තරා පැරණි කියමනක් මගෙ සිහියට නැගේ. "ලිඛිත නීතිය යනු මකුණු දැලක් බඳුය. දුබලයා එහි පැටලේ. බලවතා දැල කඩාගෙන පලා යයි." කෙසේ නමුත් හැංගී වරද සිදු වන තුරු බලා සිට දඩ කොලය ලියනා පොලිස් නිලදාරින් සිටින රටක මේවා එතරම් ලොකු දේවල් නොවන බවද කිව යුතුය. ( මා සඳහන් කලේ මුලු මහත් පොලිස් දෙපාර්තමෙන්තුව ගැනම නොව නීච පහත් ක්රියා සිදු කරමින් මුලු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්රයක් ගෙන දෙන පොලිස් නිලධාරීන් ගැන පමණි. තොප්පිය ගැලපෙන අය දා ගනිත්වා)
මෙ මා සැම දෙනාටම කරන විවෘත ආරාධනයයි. මදක් සිත බලන්න. පෙම්වතුන් යනු සමාජයට පිලිලයක්ද. සමාජයට කැලලක්ද. සියල්ල තීරණය වන්නේ ඔබේ අදහස මතයි. ඔබ මා සමඟ එකඟනම් මේ අසාධරණ තත්වයට එරෙහිව පෙල ගැසෙන්නට එක් වන්න. අපි හැකි අන්දමින් සටන් කරමු. පොලිස් උවදුරින් පෙම්වතුන් බේරාගනිමු.

Tuesday, April 6, 2010
රජකමේ හඬ - පසු විපරම
රජකමේ හඬ නමින් ඊයේ ලියා පල කරපු ලිපිය සම්බන්දයෙන් නොයෙකුත් මත පල වෙලා තිබ්බා. ප්රතිචාර දක්වපු හැමෝටම මන් මගේ ස්තූතිය මේ මොහොතෙදි පිරිනමනවා. ඒ කතාවෙන් මා ලබපු ආදර්ශ වෙන්ම ලිපියකින් ලියන්න ඕන කියලා හිතුනා. මේ ටික එතනම් කමෙන්ට් එකක් විදියට දාන්න කියල තමයි මුලින්ම හැදුවෙ. ඒත් පස්සෙ හිතුනා වෙනම ලිපියක් විදියට ලියන එක හොදයි කියලා. කතාව කියවපු නැති කෙනෙක් එහෙම ඉන්නවනම් මෙතනට ගිහින් ඒක කියවල එන්න. කම්මැලියි වගේනම් ඕනේ නෑ. දැන් ඔන්න ඔහේ මේක කියවන්නකො.
Tuesday, February 16, 2010
කාන්තාවට හිමි තැන කුමක්ද?
හුඟ දවසකින් මොකුත් ලියන්න බැරි උනා. මේ දවස් වල සෑහෙන්න කාර්යබහුලයි. වැඩ කියන්නේ හුස්මක් කටක් ගන්නවත් බැරි තරමට වැඩ. ඔන්න දැන් තමයි අද දවසේ වැඩ ඉවර උනේ. පේනවා ඇතිනෙ වෙලාව. මේ දවස් ටිකේම මේ වගේ තමයි. නිදිමතනම් ඇස් දෙක කඩාගෙන පහලට බේරෙනවා. ඒත් නිදිමතයි කියලා බෑ. ලැබුනු වෙලාවෙ මොනව හරි ලියන්න ඕන. අනික මන් පොරොන්දුවකුත් උනානෙ කාන්තාව ගැන ලියනවා කියලා. එදා ලියන්න උනේ ආගම ගැන විතරයිනෙ. ඒක නිසා ඔන්න මම නිදිමත බේරෙන ඇස් ආයාසයෙන් ඇරගෙන කාන්තාව ගැන ලියන්න පටන් ගන්නවා.
Monday, February 8, 2010
ආගම නම් බෙදුම්වාදය...?
තරිඳු රොෂාන්ත සහොදරයා ලිපියක් ලියල තිබ්බා ත්රිපිකටය හා කාන්තාව ගැන. මෙන්න එකේ සබැඳිය. ඔයලටත් කියවලාම බලන්න පුලුවන්. කියවන්න වටින ලිපියක්. මේ ලිපිය ගොඩ දෙනෙක්ගේ කතා බහට, විචාරයට ලක් වෙලා තිබ්බා. ලිපියේ කියෙවෙන දේට එකාඟව හා විරුද්ධව බොහෝ මත පල වෙලා තිබ්බා. කොහොමත් ආගම හා කාන්තාව කියන්නේ සෑහෙන්න විචාරයට තුඩු දෙන මාතෘකා 2ක්නේ. මගේ අදහස එතන ප්රතිචාරයකින් ලියන්න තරම් පොඩියට ගොණු කරගන්න අපහසු නිසා ඒ ගැන පුලුල්ව විස්තර කරලා ලිපියක් ලියන්න ඕන කියල හිතුනා. සමහර විට මන් වැරදි වෙන්නත් පුලුවන්. නමුත් මේ මට දැනෙන, මට හැඟෙන, මට තේරෙන විදිය. මේක කියවලා ඔයලගේ අදහස් මොනවද කියලත් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
Thursday, January 14, 2010
හරක් මස් කන්නේ නැද්ද? ඇයි ඒ?
අද මට ලස්සන කතාවක් කියවන්න ලැබුනා. බ්ලොග් කියවගෙන යදිදි තමයි මට මේක හම්බ උනේ. Lishwishගෙයි බින්කුගෙයි (ඇත්ත නම් දන්නේ නෑ. තිබ්බ නම් තමා මේ) කතා කරළිය කියන බ්ලොග් එකේ තමයි මේක තිබ්බේ. ඒක කියවල බලන්නකො මුලින්. හරි ලස්සන කතාවක්. කලින් කියවලත් ඇති බොහෝ දෙනෙක්. අයෙ සැරයක් කියෙව්වත් පාඩු නෑ. ඒ තරම් ලස්සනයි. මෙන්න ලින්ක් 1.
http://kathakaraliya.blogspot.com/2009/07/blog-post_15.html
ඒක කියවලා ප්රතිචාරයක් දාන්න කියලා හදද්දි මට හිතුනා මගේ බ්ලොග් ඒකේ ඒ ගැන සටහනක් දැම්මනම් වඩා හොඳයි කියලා. මොකද ඔය හරක් මස් මතෘකාව ගැන කියන්න ගොඩක් දෙවල් තියෙන නිසා. එකේ කස්ටිය ප්රතිචාර එහෙමත් දාලා තිබ්බා හරක් මස් කන 1ට බැනල. ඒක දැක්කට පස්සෙ තමයි මගේ අදහසත් කියන්න ඕන කියල හිතුනේ. මොකද මටනම් හිතෙන්නෙ වෙනම දෙයක්. ඔයලා මත් එක්ක එකඟ වේයිද නැද්ද කියලා මන් දන්නේ නෑ. ඒත් මගේ අදහස මන් කියන්නම්.

Wednesday, January 13, 2010
MR ද SF ද ?
දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත්, මේ දවස් වල ඡන්ද උණුසුම තදින්ම තියෙන නිසා ඒ ගැන පොඩි සටහනක් දාන්න හිතුනා. මං මේ හදන්නේ කටවත් කඩේ යන්න එහෙම නෙවෙයි. ඔන්න වරදවා තෙරුම් ගන්න එහෙම එපා. ඔයලගේ දේශපාලන මතවාද ඔයලාම තියගන්න. මං මේ හදන්නේ එවා වෙනස් කරන්න නෙවෙයි. දේශපාලනය කොයි තරම් අපෙ ජීවිත වලට අනිසි විදියට බලපානවද කියල පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න විතරයි මට ඕන කරන්නේ
Subscribe to:
Posts (Atom)