Thursday, January 7, 2010

වැඩේ හරි

බ්ලොග් 1 පටන් අරන් දවස් 5ක් විතර ගියාට මොකද තාම මොකුත් ලියන්න බැරි උනා. මේ ටිකේම ලියන්න තියෙන වෙලාව වැය උනේ අතුරු මුහුණත හදන වැඩ වලට. අන්තර්ජාලෙන් හොයගෙන අලුත් ඇඳුමක් ඇන්දුවා. ඊට පස්සෙ ප්‍රශ්ණ ගොඩයි. ඒ ටික හරිගස්සගෙන මට ඕන විදියට හදාගන්න හෙනම ගේමක් දෙන්න උනා. ජීවිතේට අත තියලා HTML නැති වලටත් අත තිබ්බා. හැබැයි ඒ වැඩෙන් HTML  ගැනත් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගත්තා. දැන් ඉතින් වැඩේ හරි. තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනව. ඒවා එච්චරම ලොකු දෙවල් නෙවෙයි. පස්සෙ හෙමිහිට ඒ ටිකත් හදල දාන්න ඕන. අනිත් ලොකුම ප්‍රශ්නෙ වෙලා තිබ්බෙ සිංහලෙන් කොටන 1. ඕන් එකටත් විසඳුමක් ලබුනා. යුනිකෝඩ් එසැනින් පරිවර්තකය ගැන දැනගන්න ලැබුනෙ අද. මේකෙන් ලියන 1නම් ගේමක් නෑ. දැන්නම් ඉතින් කොටන 1 ගැන බය වෙන්න ඕනෙ නෑ. දැන් හිතන්න ඕනෙ මොනවද ලියන්නෙ කියලා.
හැබැයි ඉතින් ලිව්වට කියවන්න අය ඉඳිවිද කියල සැකයි. අවුලක් නෑ. කවුරුවත් කියෙව්වෙ නැතනම් මමම හරි කියවගන්නම්කො.
එහෙනම් ඉතින් අයෙ හමුවෙමු හොඳේ.

No comments:

Post a Comment