Friday, January 22, 2010

Folder 1ක් අතුරුදහන් කරමු.

අපෝ මහ එපාම කරපු දවස් ට්කක්. එලොවටත් නැති මෙලොවටත් නැති වැඩක් අල්ලගෙන දඟලන්න උනා. තාමත් වැඩේ ඉවර නෑ. ඒක ඉවරයක් වෙනකල් සැනසිල්ලෙ නිදාගන්නනම් හම්බ වෙන්නෙ නෑ. එකෙන් මේකෙන් දවස් දෙක තුනකින් මොකුත් ලියන්නත් බැරි උනා. ඔන්න ඒ හින්ද අදනම් මොනවාහරි ලියන්න ඕන කියල හිතුවා. පහුගිය ටිකේ කාටවත් ප්‍රයොජනයක් නැති බහුබූත ලියපු නිසා අද ටිකක් වැදගත් දෙයක් ලියන්න ඕන කියල තීරණය කලා. ඒක නිසා කටත් වැදගත් වෙන්න පුලුවන් දෙයක් තමයි මන් අද කියන්න යන්නෙ. සමහරවිට කට්ටිය මේක දන්නවත් ඇති. කමක් නෑ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඒයාලා වෙනුවෙන් ඕන් මන් මේක ලියනවා.

                      මොකක් හරි folder 1ක් hide කරගන්න ඕන උනොත් මොකද කරන්නේ. හරිම සරලයි. හැමෝම කරන්නේ folder 1 උඩ right click  කරනවා. properties ගිහින් hidden කියන 1 select  කරලා apply  කරනවා. ඊට පස්සෙ folder option ගිහින් කියන view 1 යටතෙ තියෙන Do not show hidden files & folders කියන 1 select කරනවා. ඕකනේ හැමෝම කරන්නේ. ඒත් කවුරුහරි ඇවිත් show hidden files & foldersකියන 1 select කරගමන් hide කරපු ඔක්කොම බබා වගේ පෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒ ක්‍රමේ සාර්ථකම නෑ. අද මන් කියන්න යන්නේ folders hide කරන්න ඊට වඩා සාර්ථක ක්‍රමයක්.
                                    මේකයි ක්‍රමේ. Hide කරන්න ඕන folder 1 මෙන්න මේ විදියට Rename කරන්න. Alt key 1 ඔබාගෙන 0160 කියලා type කරන්න. දැන් නිකන් එලියෙ click කරලා බලන්න. Folder එකේ නමක් නෑ නේද. බලන්නකො පහළ පින්තූරේ.


ඔන්න එහෙනම් පලවෙනි පියවර ඉවරයි. දැන් Folder 1ට නමක් නෑ. දැන් තියෙන්නෙ Icon 1ත් නැති කරල දන්න. හරි ලේසියි. folder 1 උඩ right click කරලා properties යන්න. properties වල Customize tab 1 ට යන්න. පල්ලෙහා තියෙනවා change icon කියල button 1ක්.


අන්න ඒක click කරන්න. එතකොට මේ පල්ලෙහා රූපෙ තියෙනවා වගේ diolog box 1ක් එයි.



දැන් එකේ තියෙන Image 1ක් නැති icon 1ක් select කරල ok කරන්න. ඔය රතු පාටින් රවුම් කරල තියෙන්නේ ඒ වගේ ටිකක්. දැන් Customize tab එකේ Apply buttton 1 ත් ඔබලා වැඩේ අහවර කරන්න. ඔන්න ඔච්චරයි කොරන්න තියෙන්න. දැන් බලන්නකො. folder ක් තියෙනවා කියල පේන්නෙ නෑ. කාටවත් හොයාගන්න බෑ. හැබැයි ඉතින් මේකත් 100%ක්ම සාර්ථක නෑ. මොකද  thumbnails දැම්මට පස්සෙ border 1ක්  පෙන්නනවා. බලන්නකො රූපේ.


සමහර වෙලාවට අනිත් View වලදිත් හිස්තනක් වගේ පෙන්නනවා.


ඒක නිසා මේ වගේ Folder 1ක් හදන්න හොදම තැන Dextop 1 විතරයි. හැබැයි ඉතින් කවුරු හරි කනාවට select කරද්දි අහු උනොත් එකෙනුත් වැඩක් නෑ.  හොඳම දේ මන් වගේ රහස් තියගන්නේ නැතුව ඉන්න.

Description

No comments:

Post a Comment