මම ඇගේ සුරත තද කරලා අල්ලගත්තා. තද අවු රශ්මියෙන් ගිණියම් උන ගෙන්දගම් පොලව උඩ අපි දෙන්නා ඉමක් නොදැන ඇවිදිනවා. අවසානය මොන වගේ එකක් වෙයිද කියලා අපි දෙන්නටම හැඟීමක් තිබ්බෙ නෑ. ඇත්තටම අවසානයක් ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ කිව්වොත් හරි. ඇගේ මුදු ස්පර්ශයෙන් දැනුනු පහස මගේ හැගීම් ඊට වඩා වෙනස් තැනකින් උස්සලා තිබ්බා. ඇයටත් ඒක එහෙමයි කියලා මන් දන්නවා. ඒ නිසයි මේ අල්ලගත්ත සුරත අත හරින්න මේ තරම්ම අමාරු.
වටපිටාව ගැන තැකීමක් කරන්න බොහෝ වෙලාවක් යනකම් අපි දෙන්නටම අමතක වෙලා තිබුනා.
"අනූ... අපි මෙහෙම යනවා කවුරුහරි දැක්කොත්!..." සෑහෙන්න වෙලාවකට පස්සෙ ඇය අපි දෙන්නම බයෙන් ඉන්න දේ ගැන සඳහන් කලා.
"හ්ම්ම්ම්. බය වෙන්න එපා සුදූ... මේ හරියෙ අපිව දන්න කවුරුවත් නෑ."
ඇගේ හිත වගේම මගේ හිතත් සනසවාගන්න මම එහෙම කිව්වට මගේ හිත ඇතුලෙත් පොඩි චකිතයක් ඇති නොවුනාම නෙවෙයි. ඒත් දැන් බය වෙලා තේරුමක් නෑ. අපි දෙන්නම මේ තැන ඉන්නෙ අවධානම නොදැන නෙවෙයි. වෙන ඕනෙම දෙයක් බාරගන්න දැන් අපි දෙන්නටම සිද්ධ වෙනවා. ආපහු හැරෙන්න දැන් පරක්කු වැඩියි. ලොකුම දේ ආපහු හැරෙන්න අපි දෙන්නම කැමති නෑ.
ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.
"මටනම් දැන් බඩගිනියි. අපි මොනවා හරි කාලා යන්."
ඇය හා කියලා ඔලුව වැනුවෙ හරියට පොඩි ලමයෙක් වගේ. ඉස්සර වගේමයි. අගේ හුරතල් ගතිය පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ
දුකට සැපට හැමදාම ඒක වගේ හිටපු MC ෆුට් කෝට් එක අදත් අපේ හිසට රැකවරණයක් උනා. සෙනසුරාද නිසා සෙනගත් ටිකක් වැඩියි. මගේ ඇස් දිව්වෙ කෙලවරක් හරියක තියෙන හිස් වෙලා තියෙන පුටු දෙකක් හොයාගෙන. විනාඩි 10කට විතර පස්සෙ එහෙම තැනක් හොයාගන්න පුලුවන් උනා. ඇයව පුටුවක වාඩි කරලා මම ගියා කෑම ඕඩර් කරන්න. බිත්ති පවා අලුත් වෙලා වගේ. ඇයත් එක්ක මෙතනට ආව පළවෙනි දවස.... ඒක සිහි උන මට නැගුනේ පුංචි හිනාවක්.
ඒ වෙද්දි කොළඹට අලුත් උන මටත්, ලොකු සමාජ ඇසුරකට විවර වෙලා නොහිටිය ඇයටවත් මේ වගේ තැන් හුරුපුරුදු තැන් උනේ නෑ. එදා අපි දෙන්නම හැසිරුනෙ ඇෆ්‍රිකාවට ගිය ඇස්කිමෝවරු දෙන්නෙක් වගේ. දවස් ගත වෙලා තියෙන්නෙ කොයි තරම් දේවල් වෙනස් කරගෙනද.
මම කැමත් අරගෙන ඇය ලඟට යද්දිත් මගේ මුහුණේ ඒ හිනාව රැඳිලා තියෙන්න ඇති.
"මොකො නිකන් අමුතු විදියට හිනා වෙන්නෙ"
ඇය ඒක අහපු විදියට මට තවත් හිනා ගියා.
"නෑ මට මතක් උනා අපි දෙන්න මෙතනට ආව මුල් දවස"
ඒක අහලා ඇයටත් හිනා.
"අම්මෝ මටනම් මතක් වෙද්දීත් ලැජ්ජයි වගේ"
"ලැජ්ජ නොවී තියේයැ ඔයා මෙතන බයේ වෙවුලන්න ගත්තනෙ."
"හහ්! ආ.... කවුද දන්නෙ නෑ එතකොට KFC එකෙන් පපඩම් ඉල්ලුවෙ"
"ආ... ඒ පොඩි ආතල් එකක්නෙ ගත්තෙ"
මම ඇයට දිව දික් කලා.
ඉස්සර වගේම අපි දෙන්නම පොඩි උන් දෙන්නෙක් වගේ මහ හයියෙන් හිනා උනා.
හැම දෙයක්ම චිත්‍රපටියක සිදුවීම් වෙලක් වගේ එකින් එකට මට මතක් උනා. කොයි තරම් සුන්දර දවස්ද. කොයි තරම් සුන්දර මතකයන්ද. ගතවුන හැම තත්පරයක්ම පිරිලා තිබ්බෙ ආදරෙන් විතරයි.
"අනේ අපේ සම්බන්දෙට අපෙ ගෙවල් වලින් කැමති උනානම්"
මට කියවුනේ හැඟීම්බර වැඩි උන නිසාද මන්දා.
ඇගේ හිනාව එක පාරටම මුහුණ ඇතුලෙ හැන්ගිලා ගියා.
ඇය මේසය මත තිබුන මගේ වමත තද කරලා අල්ලාගත්තා. මගේ ඇඟිලි තුඩු ඇගේ ඇඟිලි වල හිරකාරයො උනා.
"කොයි දේ සිද්ද උනත් තාමත් අපි දෙන්නා එකට ඉන්නවනෙ අනූ...."
"හ්ම්ම්... ඒත්"
ඇය මගේ නෙත් දිහා එක එල්ලෙ බැලුවා. ඇගේ දෙනෙත් දිලිසෙනවා. ඒ දිලිසීම පුංචි බෝලයක් වෙලා ඇගේ කම්මුල් හරහා ඇවිත් මේසය සිපගත්තා.
"හරි හරි කෙල්ලෙ. ඔයා දන්නවනෙ මොන දේ උනත් මන් තාමත් එදා වගේම ඔයාට ආදරෙයි කියලා"
ඇය සුසුමක් පිට කරලා ලාවට හිනා උනා.
අපිට ඕනෙ ආදරේ කරන දේවල් අපිට අයිති කරගන්න. ඒත් ආදරේ කරන දේවල් අපිට අයිති කරගන්න ලැබෙන්නෙ කොයි තරම් අඩුවෙන්ද. ආදරේ දුකක් වෙන්නෙ එතකොටයි. ආදරේ කියන්නෙ ජීවිතේ හැමදේම නොවුනත් ආදරේ ඉස්සරහ මිනිස්සු කොයි තරම් අසරණ වෙනවද. අපිත් අද ඒ වගෙම අසරණ වෙලා. මිනිස්සුන්ට තර්ක කරන්න ලෙසියි. ඒත් හැම දෙයක්ම හොඳින් අවසන් නොවෙද්දි තර්ක වලට වඩා හැඟීම් ඉස්මතු වෙනවා. හරි උනත් වැරදි උනත්...... මිනිස්සු උනාම ගෙවන්න වෙන පව ඒකයි.
"අපි අද කල දේ වැරදිද අනූ"
ඇය තාමත් මගේ අත සිරකරගත්ත ගමන්මයි.
මම තවත් මොහොතක් ඇගේ දිහා බලන් හිටියා.
"සම්මතය අනුව ඒක වැරැද්දක් වෙන්න පුලුවන්. ඒත්... මගේ ජීවිතය සම්පූර්ණ උනේ අදයි සුදූ..... ඒ වැරැද්ද නිසා"
මගේ ලඟම හිතවතෙකුගේ නිවස තුල උදේ වරුවේ ගත කල ඒ පැය කිහිපය මට නැවතත් සිහිපත් උනා. ඇඳෙහි ස්ප්‍රින් මෙට්ටය මත උස්පහත් උන සිරුරු වල පිරී තිබුනේ හුදු ආසාවන් සන්තර්පනය කරගැනීමේ ආසාවක් නොවන බව මන් දන්නවා. ආදරයද රාගයද කාමයද කියලා අඩිරූලකින් ඉරිගහල වෙන් කරන්න මන් දන්නෙ නෑ. මන් දන්නෙ එකම එක දෙයයි. ඒ මන් ඇයට හැමදාමත්ම ආදරෙයි කියලා විතරයි.
"ඒත් අනූ.... ඒත් අනූ.... දැන් මන් බැඳපු ගැනියෙක්. ඔයා..... ඇත්ත... මට එයාට ආදරේ කරන්න බෑ. තාමත් එයා අම්මලා මට බලෙන් බන්දවපු මනුස්සයා විතරයි. ඒත් අද මගේ වමත මේ තඩි මුද්දෙන් බර වෙලා අනූ."
ඇගේ කතාව ඉස්සරහ මම නිරුත්තරයි.
දෛවය.... කෙහෙල්මල් දෛවය... අපේ දෛවය අපිව ගෙනැල්ලා අතෑරියෙ මෙතනද? හැමදේම දෛවයට බැර කරලා අත පිහිදාගන්න තිබ්බනම් මාර ලෙසියි. ඒත් අපිට ඉස්සරහට එන ප්‍රශ්ණ කන්දරාවට දෛවය ලඟත් උත්තර නෑ කියලා මන් දන්නවා.
සමාජෙ වැරැද්ද.... ම්හු.. නෑ... අපේ වැරැද්ද... වැරැද්ද කාගෙ උනත් විඳවන්නෙ අපිමයි. ඇත්ත මේකයි. අපිත් මේ සමාජෙම කෑල්ලක්. එතකොට වැරැද්ද අපි හැමෝගෙම. අන්තිමෙ බලන් ගියාම අපි හැමෝම මේ සමාජය කියන මකුළු දැලේ පැටලුන පුංචි කෘමියෙක් විතරයි.
මම ඇගේ නෙත්වලින් බේරෙන කඳුලු කැට පිහදාන්න මගේ අත ඇගේ මුහුණ වෙතට ලන් කලා. මගේ ජංගම දුරකතනය නාද වෙන්න ගත්තෙ එතකොටමයි. ඇගේ මුහුණට ඔන්න මෙන්න තිබුන අත, මම ආපස්සට ගත්තා.
"පවනි කෝල් කරනවා" එම අංකයට දමා තිබූ එයට ආවේනික නාද රටාව නිසා ඇමතුම පවනිගෙන් බව වටහා ගැනීම අපහසු උනේ නෑ.
දුරකතන තිරය දිහාත් ඇය දිහාත් කිහිප වරක් මාරුවෙන් මාරුවට බැලූ මම ආන්ස්වර් බාට්න් එක තද කලා.
"හෙලෝ"
මගෙ මුවින් එය පිට උනේ මදක් නොරුස්සනා හඬින්. නමුත් එහා පසින් නැගුනු කටහඬ පවනිගෙ නොවන බව මට ඊලඟ මොහොතෙ වැටහුනා.
"අනේ තාත්ති.... අද ඉක්මනට එනවා නේද? තාත්ති පොරොන්දු උනානෙ අද මාව පාක් එක්කගෙන යනවා කියලා"
ඒ හුරතල් කටහඬ ඉදිරියෙ මම නැවතත් නිරුත්තර උනා.

ජීවිතය ඇයි මේ තරම් කුරිරු ?
ReplyDeleteජීවිතේ කියන්නෙ අතීතයෙ ජඹි ගහන්න ඕනෙ තරම් නරා වලක් වත්, අනාගතය ගැන හීන මව මවා සික් වෙන්න තරම් ෆැන්ටසියක්වත් නෙමෙයි.
ReplyDeleteඔන්න ඔය ටික කොච්චර වචන වලින් පඬියා වගෙ දෙඩෙව්වත් ඒක තාම උඹෙ ඔලුව ඇතුලෙ පත්තියම් වෙලා නැහැ.
මගෙ ඔලුව සැරින් සැරේ මන්ද මානසික උනාට , මගෙ ඔලුවෙ සදාතනිකව පැල වෙලා තියෙන්නෙ ඔන්න ඔය තියරිය නිසා ,මට පුලුවන් ඔලුව කෙලින් තියන් වර්තමානයෙ ජීවත් වෙන්න.
මට සිරාවටම තරහයි උඹ එක්ක.
අනේ මංදා බං. මේවට මුකුත් කියලත් බෑ.. නොකියත් බෑ...
ReplyDeleteඔන්න ඔහෙ නොකියම ඉන්නවා
අණදෙන්න නොයමි.. දැනගන්න කියෙව්වෙමි...
ReplyDeleteලස්සන ගෙතිල්ලක් මල්ලී... වනේ වන හතුරෙකුටවත් සැබෑවට නොවේවා ඒකායන පැතුමයි!!
බොහොම අනුවේදනීය කතාවක්!!! මේ වගේ ඉරණමක් අපේ කතා නායකාට (ලේඛකයා ) අත් නොවේවා කියා අවංකව පතමි.
ReplyDeleteලස්සනට ගොතලා තියනවා (අනූ) :D
සීතලම සීතල දවසක ..
ReplyDeleteනුඹේ උණුහුමට ලං වෙද්දි..
දැනුනු එ වේදනාව ..
නුඹ මට උරුම නොවුනු...
හිතින් නික්මුන ..
අකාලික වසන්තයක ..
මතකයක් පමණමද..
නිම්ශා..
සමහර දේවල් ප්‍රේහිලිකා වගේ එත් එ ප්‍රේහේලිකා ජිවිතේට එක් කරන්නේ හිඩැස් නෙමේ..උත්තර හොයාගන්න කියලා බලාපොරොත්තුවක්...
අනේ මන්දා මේවට මොනා කියන්නද කියලා තේරෙන්නෑ
ReplyDeleteඅදමයි අවෙත් එත් කාතාව අසාවෙන් කියෙව්වා ලස්සනයි දුකයි... ජය
ReplyDeleteහ්ම්ම්ම් !!
ReplyDeleteමම තවමත් නිරුත්තරයි මල්ලි.., වෙලාවක සෙට් උනාම මම උඹට කතාවක් කියන්නම්.., ඒක මේ කතාව එක්ක මම සමපාත කරාම මට කරන්න තියෙන්න වාක්‍ය කීපයක් ඉරිගහල අයින් කරන එක විතරයි.., ඊට පස්සේ මේක මගේ කතාව..! :/
ReplyDeleteඇය වෙන්වී ගියාය
ReplyDeleteසමු නොගෙනම
නෙත් නොගෙනම
ඇය වෙන්වී ගියාය
නාස් පුඩුව ගතපු හුස්ම
පපුව පුරන්නට කලියෙන්
නෙතට පේන ඈත කොනට
ඇය වෙන්වී ගියාය
හැබැයි ඉතින් ...ඒ දෙන්නා එක් නොවුනු එක හොඳයි.එක් වුනානම් ඔය කතාන්දරේ වෙනස් වෙන්න පුලුවන්.එයාව සාමාන්‍ය කෙනෙක් වෙද්දි එයාගේ විශේෂත්වය දුරස් වෙනවා.දැන් හැමදාටම එයාව විශේෂයි......
තවත් ආදර කතාවක්...
ReplyDeleteමොනවා කියන්නද..?
දුක තමා දුක මාත්තියා