Thursday, November 22, 2012

අතික්‍රමණය - දෙවන කොටස

"මචන්. ඇතුලෙදි ලොකු මොකුත් කරන්න බෑ. උඹ කෝම හරි කෙල්ලව ෆිට් කරගෙන නම්බර් එක ගනින්. ඊට පස්සෙ එලියෙදි ඇදපන්."
 චමියගෙ උපදෙස් ඒ අයුරින්ම පිලිපදින්න අදිටන් කරගෙන හිටියත් ලැජ්ජව ඒ හැම දේකටම හරස් උනා. චමියා කිව්වා වගේ ලොකු දෙයක් එතනදි වෙන්නෙ නෑ. හැබැයි ඒ උන දේවල් ටික මගේ ජීවිතේ ඇතුලෙ ලොකු පෙරලියක් ඇති කලා. කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගන්න තරම් හිත හයිය නැති උනත් කෙල්ල යම් තරමක් මට කුලුපග උන බවක්නම් මට තේරුනා. ඇයගේ දෙ අත් අතර සිරවූ මගේ සිරුරේ කාම නහර පිනවමින්  යටි පතුල් හැකිලෙද්දි,  දිගහැරුණු නව පරිජ්ජේදය මගේ ජීවිතය වෙනස්ම පැතිකඩක් වෙත යොමු කලා.
"අඩෝ ලොක්කා.... කෝමද සැප"
එතනින් එලියට ආව ගමන් චමිය ඇහුවෙ මගේ බඩට අනින ගමන්.
"උඹ නම්බර් එක ගත්තද? කෙල්ල ෆිට්ද?"
"පිස්සුද බන්? එහෙම කෝමද නම්බර්ස් ඉල්ලන්නෙ. උඹ මේ මගුලක් කතා කරනවා."
හරි හරි සනා. කොල්ලා කෝම හරි පොඩ්ඩක් සළු උනානෙ. ඒ මදැයි"
උන දේවල් ගැන මට තාමත් හිතාගන්න බෑ. හැම දේම හීනයක් වගේ. එක පැත්තකින් ලැජ්ජවක්. අනිත් පැත්තෙන් සතුටක්. තවත් පැත්තකින් පොඩි කළකිරීමක්. තවත් මොන මොනාදෝ හැඟීම් ගොඩක් මගේ හිත ඇතුලෙ එකට කැකෑරෙමින් දඟ කලා. ඊට අමතරව තවත් දෙයක්....... අර කෙල්ල!!!

ඊ ලඟ සිකුරාදා හවස මගේ ජීවිතේ වෙනස්ම සිකුරාදා දවසක් උනා. කලින් සෙනසුරාදා දිනයේ ලබපු අත්දැකීම ආයෙත් විදගැනීමේ නොනිම් ආශාවකින් මගේ හිත වෙලෙන්න අරන් තිබුනා. මන් හෙමින් සීරුවේ චමියට ලන් කලා.
"මචන්.... අපි හෙටත් යමුද බන් අරහෙ?"
චමියා උත්තරේ විදියට දුන්නෙ ලොකු හිනාවක් විතරයි. ඒත් ඒ හිනාව ඇතුලේ තිබ්බේ එකඟවීම බව මට තේරුම් ගන්න මොහොතවක්වත් ගියේ නෑ.
මගේ දෙවෙනි අත්දැකීම පලවෙනි එකට වඩා සෑහෙන්න දියුණු එකක් උනා. මෙවරත්  මගේ තෝරාගැනීම උනේ කලින් පාර තෝරගත්තු ඒ කෙල්ලමයි. කලින් දවසෙ ලබපු පෙරහුරුව නිසා හැමදේම එදා දවසට වඩා හොඳින් සිද්ධ උනා.
කාන්චනා...! මන් තෝරගත්තු කෙල්ල. පලවෙනි දවසෙදි අමතක වූ දෙයක් දෙවෙනි දවසෙදි මන් සපුරගත්තා. ඒත් නම්බර් එක ඉල්ලන්න තරම් තව මදි කියලයි මට හැඟුනේ. ඒක නිසා නමෙන් හා ඇගේ යම් යම් පසුබිම් විස්තර කිහිපයකින් එදා දවස සෑහීමකට පත් වෙන්න මට සිද්ද උනා.

නැවතත් ඊ ලඟ සෙනසුරාදා..... තෙවෙනි දවස. එදා දවස අවසන් වෙද්දි කාන්චනාගේ දුරකතන අංකය මා සතුව තිබුනා. හතරවෙනි පස් වෙනි සය වෙනි දිනයන් තුනට මට චමියගෙ උදවු අවශ්‍ය උනේ නෑ. ඒ වගේම එතනින් එහාට මට නැවතත් ඒ මසාජ් සෙන්ටර් එකට යන්න අවශ්‍යතාවයක් දැණුනෙත් නෑ. මොකද කාන්චනාත් එක්ක වඩා කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගාගන්න මට ඒ වෙන විට පුලුවන් කම ලැබී තිබුනා.
මසාජ් සෙන්ටර් එකේ කාමරය තුලදී සිදු කරගැනීමට නොහැකිවූ දේවල් කරගන්න එතනින් එහාට මට අපහසු උනේ නෑ. අවශ්‍ය උනේ රුපියල් දාහක් ගෙවලා තානායම් කාමරයක් මිලදී ගන්න එක විතරයි.
ඇයත් සමඟ යහන් ගතවූ මුල් දිනයේදි මන් ඒ බව චාමියට කිව්වා.
"අඩෝ එල ආ.... උඹ එහෙනම් සලු උනා. උඹ කෝම හරි ඒකිව ඇද්දා නේද? උඹත් බලන් ගියාම හෙන වැඩ කාරයෙක්නෙ සද්ද නැතුව හිටියට"
ලිංගික ආශාවන් සංතර්පණය කරගැනීමේ  එකම ආශාව ඇතුව පමණක් මුලදී ඇය සමඟ සම්බන්දතාවය පවත්වාගෙන ගියත් කල් යද්දි මා තුල මහත් වෙනසක් දැනෙන්නට ගත්තා. ඇයගේ ඇසුර මා තුල මටත් නොතේරෙන වෙනස් වූ හැඟීම් සමුදායක් නිර්මාණය කරන්ට පටන් ගෙන තිබුනා. අවසානයේදි මම තේරුම් ගත්තා.
මම ඇයට ආදරේ කරන්න පටන් අරගෙන!!!
මට මේ බව කියන්න ලඟම මිතුරෙක්ට හිටියෙ චමියා විතරයි.
"යකෝ මෝඩ හු__ඕ. තොට පයිත්තියන්ද යකෝ. උඹ හොඳටම දන්නවා නේද ඒකි කවුද කියලා. " චමියගෙන් මට ලැබුනේ මන් බොලාපොරොත්තු නොවුන විදියෙ උත්තරයක්.
"ඇයි ගොන් වස්සො. තොට මොලේ නැද්ද? බූරූ වැඩ කරන්න යන්නෙ. උඹට පිස්සු හැදීගෙන එනවද යකෝ?"
"නෑ මචන්. සීරියස්. මන් ඒයාට ආදරෙයි. මට එයා කලින් කවුද කියන එක වැඩක් නෑ. මන් එයා එක්ක කතා කලා. එයත් කැමතියි ඒ අපායෙන් මිදෙන්න. මන් එයාට වෙන හොඳ රස්සාවක් හොයලා දෙනවා. එතකොට හරිනෙ. අනික චමිත් උඹ දන්නෙ නෑනෙ එයා මේ තත්වෙට පත් උනේ ඇයි කියලා."
"පිස්සු වැඩනම් කරන්න ලේස්ති වෙන්න එපා මචන්.. යකෝ ඒකි වේසකමේ ගිය ගෑනියෙක්. උඹ මොන රස්සාවක් හොයලා දුන්නත් ඒ නම ඒකිගෙන් අයින් වෙන්නෙ නෑ."
ඒ කිසි දෙයක් අහන තත්වෙක මම හිටියෙ නෑ. මම තීරණයක් අරන් තිබුනේ.
"මොන දේ උනත් මන් එයාව කසාද බඳිනවා මචන්"
"කසාද බඳින්න? උඹට මොලේ නැද්ද යකෝ ගොන් බඩුවක් කසාද බැඳලා ගෙදරට ගෙනියන්න. උඹ හිතනවද උඹේ අම්මලා ඕකට ඉඩ දෙයි කියලා. ආ..."
"කවුරු මොනවා කිව්වත් මන් මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ මචන්. අනික උඹ උනත් ඔහොම කතා කරන්න එපා. මන් කැමති නෑ එයාට ඒ විදියට කතා කරනවට. උඹ දන්නවනෙ ඒ වගේ තැන් වලින් එක පාර අයින් වෙන්න ලේසි නෑ කියලා. ඒ නිසයි තාමත් එයා එතන ඉන්නෙ. මේ මාසෙ ඉවර වෙද්දි එයා ඒ ජරාගොඩේ නෑ. එතකොට උඹලට තවත් ඔහොම කුණු කතා කියන්න බෑ."
මගේ ඉවසීමේ රතුකට්ට පුපුරලා ගියා. මොනවා උනත් ඒ මන් ආදාරේ කරන කෙල්ල. එයාට එහෙම ජරා කතා කියන්න ඉඩ දෙන්න බෑ.
"උඹමයි මචන් මාව එතනට එක්ක ගියේ. දැන් ඇයි උඹම මේකට විරුද්ධ වෙන්නේ."
චමියා මගේ කර උඩින් අතක් තිබ්බා. මන් ඒ අත එහට තල්ලු කරලා දැම්මා.
"මචන් මන් උඹව එතනට එක්ක ගියා තමයි. ඒත්  ඒ එක්ක ගියේ එවෙලෙට පොඩි ආතල් එකක් ගන්න විතරයි. නැතුව ඒකෙ ඉන්න ගොන් බඩුවකට ලවු කරලා බෙල්ලෙ එල්ලගන්න නෙවෙයි. පිස්සු කෙලින්නෙ නැතුව තේරුම් ගනින් මච. ලෝකේ ඕනෙම දේක එන්ඩ්ලයින් එකක් තියෙනවා. අපිට ඒක ක්‍රොස් කරන්න බෑ. අපිට ඒ සීමාව පන්නලා යන්න බෑ. එහෙම ගියොත් ඒක ලෝක ප්‍රශ්ණයක්. හරියට උඹ දැන් මේ දාගෙන ඉන්න ලෙඩේ වගේ."
චමියා ඒ සැරේ කතා කලේ බොහොම සන්සුන්ව. මන් මීට කලින් උගේ එහෙම ස්වරූපයක් දැකලා තිබ්බෙ නෑ. ඒත් උගේ කතා පිලිගන්න පුලුවන් තැනක මගෙ ඔලුව තිබුනෙ නෑ. මගේ ජීවිතේ, මගේ ආදරේ..... මොකද්ද අනිත් උන්ට ඒ ගැන තියෙන රුදාව. එයාගෙ පරණ ජීවිතේ මට ප්‍රශ්ණයක් නැත්නaම් ඇ‍යි අනිත් අයට ප්‍රශ්ණයක් වෙන්නෙ. වැරදි කරපු කෙනෙක්ට හැදෙන්න බැරිද? හැදෙන්න ඉඩ දෙන්න තරම් සමාජය කාරුණික නැද්ද? ඇයි වැරදිකාරයව හැමදාම ඒ වැරැද්දෙන්ම වහලා තියන්න හදන්නෙ? අහන්න තව සෑහෙන්න ප්‍රශ්න ඔලුව ඇතුලෙ පෙරළි කලත්, මන් දන්නවා ඒවට සාධාරණ උත්තර කවදාවත් මට හම්බවෙන්නෙ නෑ. මට අනිත් අයගේ ඒ උත්තර වැඩකුත් නෑ. මොකද මන් දන්නවා මගේ හිත ගැන. මන් දන්නවා මන් ආදරේ කරන කෙල්ල ගැන. මට ඒ ඇති.
චාමියා නිකන් ඉන්නෙ නැති වෙයි. ඌ මේක නවත්තන්න ඌට පුලුවන්හැම දේම කරයි. හැබැයි ඒ හැමදේටම මමත් සූදානම්. මට බයක් නෑ. මොකද දැන් මගේ ලෝකේයේ සීමාවන් නෑ. මම ඒ හැම සීමාවක්වම අතික්‍රමණය කරලා.

-(නො)නිමි-

15 comments:

  1. පහුගිය කාලේ නෙට් එකේ තිබුනා එක්තරා කෙටි වීඩියෝ දර්ශනයක්.බඩුව ගහලා ඉවර වෙලා කෙල්ල ඇදුම් අදින් ගමන් ඇදේ ඉන්න කොල්ලා එක්ක කතා කරන. ඒකිගේ නමත් කාංචනා. කොල්ලගේ කට හඩත් අපේ යොවුන් අධ්‍යක්ෂකවරයාගේ හඩමයි. කැමරාකරණයත් අති විශිෂ්ඨයි.

    උඹ එළ කොල්ලෙක්නේ. කාංචනාත් සුපර් සෙක්සි කෑල්ල. ජයවේවා

    ReplyDelete
  2. නියමයි. කිව්වොත් ඒක මදි මචං.. මම මේ ලිවිල්ලට කැමතියි. ඒක නිර්ව්‍යාජයි.

    ReplyDelete
  3. අහල පහලින් එකතු කරගත්තා කිව්වම මම ඒක පිළිගන්න ඕන කියලද උඹ හිතන්නේ...?

    අත්දැකීම හා ප්‍රභන්දය මුසු වුන තැන තමයි හොඳම නිර්මාණය බිහි වෙන්නේ මචන්.. මේ එහෙම එකක්,,,,

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හිතුව අවසානය නැහැ ... වැඩත් අවුල් ගියා ... ෂික්


    ~අරූ :DDD

    ReplyDelete
  6. අර චමියා නම් ආපාය සහය මිත්‍රයෙක්.. එච්චරයි කියන්න හිතෙන්නේ....

    ReplyDelete
  7. හිතාගන්න බෑ මොනවා කියන්නද කියල.මොකුත්ම නොකියා ඉන්නම්.

    ReplyDelete
  8. මේ ලිපියට වඩා ඔයාගේ මුල් ලිපියේ තාත්වික බව වැඩි කියල හිතුනා . මේ මට දැනුන හැටි ..
    …කෙසේ වුවත් හොඳ නිර්මාණයක් .

    ReplyDelete
  9. අපුරු අදහසක් ...

    ReplyDelete
  10. මෙහෙම කතා ඇත්ත වෙනව නම් මං කැමතියි. 99% ක්ම ගණිකාවො ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැතිවට මේක කරනව මිසක් ඇඟේ අමාරුවට ඕක කරනව කියල මං හිතන්නෙ නෑ

    ReplyDelete
  11. බොහොම ලගන්නා සුලු අයුරින් ලියා තිබෙනවා. ලෙංගතුයි නිර්ව්‍යජයි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  12. අපුරු අදහසක් ..., ඒ නිසා මම මගේ මුහුණු පොතේ ඔබේ මේ කථාව ඔබෙනමින් publish කරා . ඔබේ විරුද්ධත්වයක් තිබේනම් මම ඒක අයින් කරන්නම්....
    https://www.facebook.com/photo.php?fbid=521271874564006&set=a.510826222275238.127788.510816882276172&type=1&theater

    ReplyDelete
  13. @Anonymous
    හැබෑටම. අනේ උඹ ගාව තියේනම් මටත් එවාහන්කො පොඩ්ඩක් බලන්න. :D

    @නද්යා නෙරංජි සුලක්ඛනා
    බොහෝම ස්තූතියි අදහසට. හැබැයි නිර්ව්‍යාජයි කිව්වට මේ මම නෙවෙයි ඕන් හොඳේ. :D

    @අභීත
    ඔව් අයියා කියන කතාව හරි. අත්දැකීමයි ප්‍රබන්ධයයි එකට මුසු වෙලා තමයි මේක නිර්මාණය උනේ. හැබැයි ඉතින් ඒ අත්දැකීම කතෘගෙම වෙන්න ඕනේ නෑ නේද? :D

    @Travel Sri Lanka
    ඔව් මේකට අවසානයක් දෙන්න තරම් පෘථුල පුද්ගලයෙක් නෙවෙයි මම. කියවන අය සුදුසු අවසානයක් තෝරගත්තාවේ.

    @Anonymous
    ඔව් ඔව්. මන් දන්නවා තොගේ මොන වැඩේද අවුල් ගියේ කියලා. ඉඳපන් උඹේ අභිමතය සාර්ථක කරගන්න මන් උඹට වෙනම කතාවක් ලියලා දෙන්නම්. :D

    @හිරු
    හ්ම්ම්. ඒක පැත්තකින් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් හැම කෙනෙක්ම ඒක එක අවස්තාවන් වලදි ප්ලේ කරන රෝල්ස් එකිනෙකට වෙනස්. එතනට එක්කන් ගිය කෙනාම පස්සෙ මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නෙ ඒකයි. නමුත් සමස්ථයක් ලෙස ගත්තාම ඔයා කියන චරිතය චාමිකගෙන් ඉස්මතු වෙනවා. ඒක ඇත්ත.

    @samzi
    ඕක හරි කිව්ව එක මැදැයි. :D

    @Gimhani
    මන් මේ මුළු කතාවම ලියාගෙන ගියේ එකට. පස්සෙ දිග වැඩි නිසා තමයි කොටස් දෙකකට කැඩුවෙ. නැත්නම් මාගල වගේනෙ. ඒත් කොටස් දෙකකට කැඩුන නිසා අර වගේ වෙනසක් පෙනුනා වෙන්න පුලුවන්. මොනවා උනත් අදහසට මන් ගොඩක් ගරු කරනවා. මන් ඒ ගැන ආයෙත් විමර්ශණයක යෙදෙන්නම්. ස්තූතියි.

    @සචිත්
    තැන්කූ වේවා මචන්.

    @යසිත්
    අපිට ඇහෙන ගොඩක් කතා උඹ කියනවා වගේ සෑහෙන්න මානුශියයි. හැබැයි මචන් ඒ හැම කතාවකම සෑබෑ ඇත්ත අපිට ඇහෙන ඇත්තමද කියන්න අපි දන්නෙ නෑ. ඉඳපන්කො ටිකක්. ඒ සම්බන්ධව කතාවකුත් මග එන්න තියෙනවා. තාම ඒක ලියන්න හරි මූඩ් එකක් ආවේ නෑ.

    @Naleen Dilruksha
    බොහොම ස්තූතියි ලොක්කා.

    @World Amazing Nature Pictures
    අයියෝ කමක් නෑ අනේ. ගොඩක් ස්තූතියි එහෙම කලාට. මන් ඉතින් මේවා ලියන්නෙ අනිත් අයට කියවන්නනෙ. ඉතින් වැඩි පිරිසක් මේක දකිනවට මාත් ආසයි. ඒක නිසා මන් මොකට අකමැති වෙන්නද අප්පා.
    හැබැයි මන් මේ දාලා තියෙන ලින්ක් එකට යන්න බැලුවා. ඒත් එක වැඩ නෑනෙ.

    ReplyDelete
  14. අපූරුයි යාළු.. දිගටම ලියන්න සුභපැතුම්..!!!

    ReplyDelete