Monday, August 20, 2012

රාවණා සිද්ධම්!!!

තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා කතාවට කිව්වට මම සාමාන්‍යයෙන් කරන්නෙ ඔයිට ටිකක් වෙනස් දෙයක්. තැටිය ටිකක් නිවෙනකම් ඉඳල ආයෙ තැටියට ගින්දර ටිකක් දාන එක තමයි මගේ පුරුද්ද. අදත් මේ කරන්න ලක ලැහැස්ති වෙන්නෙ ඒ වගේ වැඩක් තමයි. මගේ රොටිය පුච්චගන්නවට වඩා මේ ගින්දර ටික මන් තැටියට දාන්නේ මුලු මහත් හෙල යකුන්ගේම සුභ සිද්ධිය සඳහා බව හැමෝම හිතට ගත්තොත් හොඳයි. 
 ගරු රාවණා තුමා ගැන මන් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපේ මී ප ල වා නේ උතුමා තමන්ගෙ ජීවිතයත් පරදු කොට තියල ඒ ගැන හැමෝටම හසල අවබෝධයක් ලබා දීලා තියෙන්නෙ මේ වනවිට. එතුමා රාවණාගෙ ශක්තිය ගැන කියද්දි හිනා උන හෙළ යක් විරෝධී අධර්මිෂ්ටයින්ට පාඩමක් උගන්වන්න තමයි මන් අද සැරසෙන්නෙ. අනුරාධ නානායාක්කාර කියන්නෙ කවුද කියලා මන් පෙන්නලා දෙද්දි හිනා උන මිතදුටුවන්ට මගේ තරම පෙන්වන්න තමයි මන් අද ලැහැස්ති වෙන්නේ.

අනුරාධ
අනු = අනුගාමිකයා
රා = රාවණා
ධ = ධර්මය
අනුරාධ = රාවණා ධර්මයේ අනුගාමිකයා

නානායක්කාර
නා = නාඹ = තරුණ
නා = නායකයා
යක් = හෙළ යකුන්
කා = කාර්යය
ර = රකවල = රැකගැනීම
නානායක්කාර = හෙළ යකුන් රැකගැනීමේ කාර්යයේ තරුණ නායකයා

එදා මන් මට පුලුවන් දේවල් පෙන්නන්නම් කියද්දි කට්ටියම මට ඔච්චම් කලා. ඔන්න මන් අද පෙන්වන්න යන්නෙ මට පුලුවන් දේවල් වලින් එක පොඩි දෙයක්. මේක ලෙහෙසි නෑ. කුණ්ඩලිණී යෝගයට සමවැදිලා ලබාගත්තු රාවණා ශක්තියෙන් තමයි මන් මේ පෙන්නන්න යන දේ කරන්නේ. ඔයාලටත් අත්හදා බලන්න ඕනේනම් මුලින්ම රාවණා ගැන විශ්වාසය හිතේ ඇති කරනගන්න වේවි. ඊට පස්සෙ කුණ්ඩලීනි ජෝගයට සමවැදිලා රාවණා ශක්තියට ලඟා වෙන්න පුලුවන්. මී ප ල වා නේ උතුමා උදවු කරාවි ඒක කරන විදිය ගැන කියලා දීලා.
පැඩි පුරසාරම් ඕනේ නෑ. කතාවෙන් පෙන්නනවට වඩා වැඩෙන්ම පෙන්නන එක හොඳයිනේ. ඒක නිසා ඔන්න බලාගන්නකො, රාවණා ශක්තියෙන් වැඩ ගන්න හැටි.
රාවණා සිද්ධම්!!!

24 comments:

  1. ඔය තියෙන්න වැඩ ...:) මල් හතයි ආහ්හ් :)D

    රා වණ සිද්ධ්ම්!!!!!!!

    ReplyDelete
  2. අපි ඒ කාලේ ඉගෙන ගත්තා කුණ්ඩලිනි යෝගය පුටුවේ ඉඳන් කොම්පියෙන් වඩවන හැටි. ඒකට අපට අවශ්‍ය වුනේ මෘදුකාංග කිහිපයක් තමයි... මට මතක විදිහට ඇඩෝබි ප්‍රිමියර් සහ ආෆ්ටර් ඉෆෙක්ට්ස්...................... :D ඔයා ඊටත් වඩා වැඩි දියුණු කල කුණ්ඩලිනි යෝගයක්ද භාවිතා කරන්නේ?

    ReplyDelete
  3. එළ එළ ..මටත් කියා දියන්කො ..උබෙ ...ඔය විජ්ජාවලින් ටිකක් ...

    ReplyDelete
  4. රාවණ කියන නම දැකලා තමා මේ පැත්තට ආවේ.
    ශ්‍රී රාවණ සිද්ධම්!!
    හෙළ යකුන් විතරයි නේද රැක බලාගන්නේ? යකිනියෝ රැක බලාගන්න එහෙම යනවා නෙවේ. :පී

    ReplyDelete
  5. ජය ශ්‍රී... :D
    ශ්‍රී රාවණ සිද්ධම්!!

    ReplyDelete
  6. අපිට බැරි වෙයිද ඕක පොඩ්ඩක් දියුණු කරල අරගෙන බැංකුවක් කඩන්න වගේ වැදගත් වැඩකට යොදාගන්ඩ. මේ දවස් වල හාල් වෙලා ඉන්නෙ..

    ReplyDelete
  7. ශ්‍රී රාවණ සිද්ධම්..!

    (මැද කෑලි හෙන හයියෙන් ෆාස්ට් ෆෝවඩ් කලා එහෙම නෙමෙයිනේ... :D )

    ReplyDelete
  8. ෂහ් කදිමයි... මේක නම් මල් හතයි....

    ReplyDelete
  9. මේක නම් ආස්චර්යක් අනුරාධයානෙනි.කොළ පාට ඇන්දේ රාවන රජතුමා ආයේ ආවම කොළ පාටින් රටේ නායකයා වෙන හින්දද?

    ReplyDelete
  10. oya meka software ekakin kerela na kiyala oppu kernne puluwanda??

    ReplyDelete
  11. mchn umber film 1k hadapn bn. Mewge itm dapuwama elata thyei. Dn thyna gonpart film wlta wda meka ela

    ReplyDelete
  12. මේ තැටියෙන්ම කලින් රොටි කොටහක් උබ දන්නේම නැතුව පිච්චුනා නේ :DDDD

    ReplyDelete
  13. ශ්‍රී රාවණ සිද්ධම්..! අනුරාධ උතුමාණෙනි,,,,,

    ReplyDelete
  14. අනුරාධ
    අනු = අනුගාමිකයා
    රා = රාවණා//

    රා - කියන්නේ අපි බොන රා වලට නොවේද බොල

    ReplyDelete
  15. අති විශිෂ්ටයි, මා ඔබගේ හැකියාව ගැන ලිපියකුත් ලියන්න බලාපොරොත්තු වෙනව. ශ්‍රී රාවණා සිද්ධම්!

    ReplyDelete
  16. රාවණා තුමා......මීපලවලානෙ උතුමා..... රාවණා සිද්ධම්!!! මීපලවලානට එහෙම ආමන්ත්‍රනය කලේ එතුමා රාවණ අවතාරයක් නිසාවත්දැ අනුරාධයාණය:D:D

    ReplyDelete
  17. මචන් මම මේ අහම්බෙන් මේක දැකලා මෙතෙන්ට ආවෙ .උඹලා ඔක්කොටම රාවන රජතුමාව විහිලුවක් වෙලා තියෙන්නෙ.ඔය වැඩේ මුලින්ම පටන්ගත්තෙ රන්දිව පත්තරේ කාන්චන් මනමේන්ද්‍ර කියන පත්තරකාරයා.උගෙ පත්තරේ විකුණගන්ඩයි ඌ ගාවට මිනිස්සු ගෙන්නගන්ඩයි තමයි ඌ රාවණ ගැන බොරු විස්තර පත්තරේ දැම්මෙ .දැණ් අර වර්ගපූර්ණිකාව බ්ලොග් එක කරන යා ඒ වැඩේ ජයටම කරගෙන යනවා..මතක තියාගනින් උඹලා ඔය හිනාවෙන්නෙ උඹලගෙම ඉතිහාසෙට.ඕව උඹලට විහිලුවක් උණාට ලංකාවෙ වගේම පිටරටවලත් උගත්තු රාවණ රජතුමා ගැන හොයනවා ..උඹලගෙ සිඟිති ආතල් වලින් ඒක නවතින්නෙ නෑ

    ReplyDelete
  18. හරියටම හරි Don Kayci, මුන් ඔක්කොම එකතුවෙලා වගේ මේක කරන්නේ.

    ReplyDelete
  19. මූ නං යකෙක්ම තමා :)

    ReplyDelete
  20. නියමමෙට ලියල තියනවා එලකිරි

    ReplyDelete
  21. @ප්‍රසා :)
    ස්තූතියි. රාවණා සිද්ධම්!!!

    @RanDil
    ඒ තරම් පහසුවෙන් කුණ්ඩලීනි යෝගය වඩවන්න පුලුවන්නම් හැමෝම මේක කරාවිනෙ. ඔහොම ඉන්නකො. මේ එකක් විතරයි. මන් තාම හොඳම වැඩ පෙන්නුවෙ නෑ.

    ලොඩියා
    ගුරු පඬුරුත් අරගෙන වරෙන්.

    @ Pramudi
    යකිනියොන්ගෙන් යක්කුන්ව බේරගන්න එක තමා අමාරුව වැඩේ. :D

    @Red Riding Hood
    :) :) :)

    @සිහින
    හාල් වෙලානම් මුට්ටියකට වතුර ටිකක් තියලා තම්බපන්. එතකොට බත් වෙනවා.

    @Beetle
    නොදැනුවත්ව කියපු දෙයක් කියලා හිතුන නිසා මේ වතාවට සමාව දෙනවා. ඒත් මින් පස්සෙ රාවණා ශක්තිය ඔහොම අවතක්සේරු කරන්න එපා

    @Anonymous
    ස්තූතියි.

    @ItalyDilan
    අගෙයි අගෙයි. බොහොම අගෙයි. ඔබ එය හරියටම වටහාගත්තා.

    @Senarathne Dumindu
    මෙන්න තවත් හෙල යක් විරෝධියෙක්. ඔබට රාවණා ශක්තිය විශ්වාස නැද්ද ආ?

    @වැප්
    පල පල යන්න. උඹ මේ ආවේ මන් රත් කරපු තැටියට දාලා උඹේ රොටිය පුච්චගන්න නේද?

    @හසී
    :):):)

    @දූපත් වැසියා
    ඒ රා වලට ඒ රා නම ලැබුනේ මේ රාවණා නිසාම තමයි බොල.

    @ ආචාර්ය මීවනපළානේ ජයරත්න
    බොහොමත්ම ස්තූතියි. ඔබ මගේ බ්ලොග් අඩවිය පැමිනීමත් මට ඉතාමත් ගෞරවයක්.

    @සංජු
    ඔහ්. වෙලාවකට මට එහෙමත් හිතෙනවා හැබෑටම.

    @Mositha
    he he

    @Don Kayci & Senarathne Dumindu
    ඔබ දෙදෙනාටම මගේ හැකියාවන් ගැන විස්වාසයක් නැති හැඩයි. ඔහොම ටිකක් ඉන්නකො මන් ලඟදිම හැමෝම ඉස්සරහ මගේ හැකියාවන් පෙන්නනවා. එදාට හැමොගෙම ඇස් ඇරේවී.

    @HI CORP.(RajithA) & charmi & යසිරු
    ඔබ තිදෙනාටම ස්තූතියි.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete