Tuesday, April 6, 2010

රජකමේ හඬ - පසු විපරම

රජකමේ හඬ නමින් ඊයේ ලියා පල කරපු ලිපිය සම්බන්දයෙන් නොයෙකුත් මත පල වෙලා තිබ්බා. ප්‍රතිචාර දක්වපු හැමෝටම මන් මගේ ස්තූතිය මේ මොහොතෙදි පිරිනමනවා. ඒ කතාවෙන් මා ලබපු ආදර්ශ වෙන්ම ලිපියකින් ලියන්න ඕන කියලා හිතුනා. මේ ටික එතනම් කමෙන්ට් එකක් විදියට දාන්න කියල තමයි මුලින්ම හැදුවෙ. ඒත් පස්සෙ හිතුනා වෙනම ලිපියක් විදියට ලියන එක හොදයි කියලා.  කතාව කියවපු නැති කෙනෙක් එහෙම ඉන්නවනම් මෙතනට ගිහින් ඒක කියවල එන්න. කම්මැලියි වගේනම් ඕනේ නෑ. දැන් ඔන්න ඔහේ මේක කියවන්නකො.
ඉවසිලිවන්ත කම තියනවනම් අවධානයයි සන්සුන්කමයි දෙකම ගොඩ නැඟෙනවා
අරමුණ දෙස ඉතා සියුම්ව පුළුල් පරාසයකින් මනස යොමු කිරිමට හුරු කරවිම ඉතාම වැදගත් ගති ගුනයක්
කුඩා කුඩා දේවල් වලට පවා හොඳ අවධානයක් සහ සංවේදී බවක් තිබීම වැදගත්
අරමුණකට යන්න පුළුවන් වෙන්නේ අපි හැමදෙයක් ගැනම හොඳ අවධාණයෙන් උන්නොත් විතරයි
තියුණු සංවේදීතාවය තමයි සියල්ලටම වැදගත් වෙන්නෙ

මෙන්න මේවා තමයි මන් මේක ලියන මොහොත වෙනකොට කතාවෙ ආදර්ශය ගැන ලැබිල තිබ්බ අදහස්. මේ අදහස් ලබා දීපු හැමෝටම මගේ ප්‍රමාණය...... සොරි සොරි. මගේ ප්‍රණාමය. මේ සේරම හරි. ඒ කීව දේවල් සියල්ලම මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් හොඳ ආදර්ශ. නමුත් මටනම් හිතෙන්නෙ ඒ විතරක් නෙවෙයි. නායකයෙකු සතුව තිබිය යුතු තවත් ගුණාංග රාශියක් මේකෙන් අපිට පෙන්නනවා. අපි ඉස්සිලම බලමු මොනවද නායකයෙකු සතුව තිබිය යුතු ලක්ශණ කියලා.
පෞර්ශය
සෘජු බව
විචක්ෂණභාවය
අවංකකම
කැපවීම
මහාත්මභාවය
නිහතමානබව  
ඉවසිලිවන්ත බව
විවෘතභාවයසාධාරණත්වය
හාස්‍යය 
නිපුණ බව 
නිර්භීත බව
කාර්‍යක්ශම බව
උපායශීලි බව
උත්සහවන්ත බව
මනා හික්මීම

සංවේදීතාවය
බලය පැවරීමේ හැකියාව
මද සිනහව
දුර දක්නා ණුවනින් යුතු වීම

ඇහුම්කම් දීම
සංනිවේදනය 
පොලඹවා ගැනීමේ හැකියාව

ඔය ඇවිල්ල නායකයෙකු සතුවිය යුතු ගුණාංග වලින් මගේ  මතකයට ආපු කිහිපයක් විතරයි. මට මග ඇරුනු යමක් තියේනම් මතක් කරන්න. දැන් පොඩ්ඩක් කතාව අයේ මතකයට නගාගෙන බලන්න ඔය කිව්ව ලක්ශණ වලින් කීයක් මේ කතාවෙන් අපිට ගන්න පුලුවන්ද කියලා.පොඩ්ඩක් හිතල බලන්න. කාටවත් හරි මගට ගන්න බැරි උන මේ දඩබ්බර කුමාරයාව, තාපසතුමා හරි මගට ගත්තෙ කොහොමද. මේ නිකම්ම නිකන් ශබ්ධ ටිකක් අහන්න ඉඩ දීලා. කොච්චර සරළ දෙයක්ද. නමුත් ඒ සරළ වැඩේ තුලින් මොනතරම් සංකීර්ණ වැදගත් දේවල් රාශියක් කුමාරයගේ ජීවිතයට ආරෝපණය කරාද. 
                                    පලමුවෙන්ම කැලේ මැදට තනියෙන් යෑමෙන් එයා මොකද්ද ප්‍රගුණ කලේ. නිර්භීත කම. ඊට පස්සෙ කැපවීම. මොකද කැපවීම නැත්නම් ශබ්ධ අහන්න හිත යොමු කරගන්න බෑ. ඊට පස්සෙ එකම දේ තුන් පාරක් කරන්න උනා. එකෙන් උත්සහවන්තකම එයා ඉගෙන ගත්තා. එයාට ඕනෙනම් තාපසතුමාට බොරු කරන්න තිබ්බ. නමුත් එයා එහෙම කලේ නෑ. මොක්ද අවංක කම ඒ වගේම සාධාරණත්වය එයාගේ ජීවීතේට ලඟා උන නිසා. එයා තුල මනා හික්මීමක් ඇති උනා. ඒ තුලින් ඉවසිලිවන්තකම එයා ප්‍රගුණ කරගත්තා. මේ හැම දෙයක්ම තුලින් තියුණු සංවේදීතාවයක් එයා තුල ඇති උනා. බලන්න පිහාටුවක් බිමට වැටෙන ශබ්දය ඇහෙන්න තරම් මනස සකසවාගන්නව කියන්නෙ මොන තරම් හිතේ ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනද. ඒ දේ අපිටත් කරන්න බැරි නෑ. උනන්දුව උත්සහය උවමනාව තියෙනවනම් මොනාද කරන්න බැරි.
            දැක්කද මේ ලක්ෂන ටිකෙන් ටික ප්‍රගුණ වෙද්දි කුමාරය නිකම්ම හොඳ අතට හැරුනු හැටි. මේ කියන ලක්ශණ අපේ ජීවිත තුලත් වර්ධනය කරගන්න පුලුවන්නම් මන් හිතන්නෙ අපේ ජීවිත ගොඩක් සාර්ථක කරගන්න පුලුවන් වෙයි. 


                 ආ.....  තවත් දෙයක්. මේ කතාවෙන් අපිට තවත් දෙයක් පෙන්නනවා.. රජ කෙනෙක් කියන්නෙ කව්ද. රටේ පාලකයා. රටේ පාලකයා කියන්නෙ රටේ ඉන්න හැම මිනිහෙක්ටම එක වගේ ඇහුම්කන් දෙන කෙනෙක්, සලකන කෙනෙක් වෙන්න ඕන. රටේ පාලකයා ලොකු මිනිස්සුන්ට ඒ කිව්වෙ, ප්‍රභූ වරුන්ට විතරක් සලකන කෙනෙක් උනොත් කොහොමද. අසරණ දුප්පත් මිනිස්සුන්ගේ වේදනාව නොතේරෙන ඔවුන්ගෙ දුක් ගැනවිලි වලට ඇහුම්කන් නොදෙන කෙනෙක් උනොත්........ අලින්ගේ කොටින්ගේ සද්ද අහෙන මිනිහෙක්ට රට බාර දුන්නොත් වෙන්නෙ ඒ ටික තමයි. ඉතාමත්ම සියුම් ශබ්ද අහෙන මට්ටමට කුමාරයා පත් උනා කියන්නෙ සෑම රට වැසියෙකුටම එක සේ සලකන, ඇහුම්කන් දෙන නායකයෙක් බිහි උනා කියන එකයි.
                 ඔන්න ඕව තමයි මගේ අදහස්. තව දේවල් තියෙන්න පුලුවන්. මට නොපෙනෙන. ඔයාලට පෙනෙන. ඒ වගේ මට මග ඇරුනු යමක් තියෙනවනම් ඒ ගැන මට කියන්න.
            ඒ වගේම බලන්නකො අර කිව්ව ලක්ෂණ ඔයාලා තුලත් තියෙනවද කියලා. තියෙනවනම් ඔන්න සතුටු වෙන්න. ඔයාලා තුලත් ඉන්නව හොඳ නායකයෙක්.

 

4 comments:

  1. පොඩ්ඩක් විපරම් කරද්දි මට නායකත්වය ගැන තියෙන බ්ලොග් 1ක් හම්බ උනා. පොඩ්ඩක් ඒකට ගිහිල්ල බලන්න. ඔයාලට ඉගෙන ගන්න යමක් එකෙ තියේවි කියල මට විස්වාසයි.

    http://leadershipchanna.blogspot.com/

    ReplyDelete
  2. අනු ඔය කිව්ව එවගෙ න් නම් 4 ක් පහක් විතරයි ටිකක් හරි හොදට හදාගන්න පුළුවන් උනෙ.. ඔය ඔක්කොම හොදට තියනවා නම් ගොඩෙ ගොඩ...

    ReplyDelete
  3. නියමයි කොල්ලො අදහස් ටික. හරිම වටිනව.
    මට පොඩි ප්‍රශ්ණයකුත් නැතිව නෙවෙයි. මේ ගුණාංග ලංකාවේ නායකයන්ට අදාල නෑ නේද? ලංකාවෙ නායකයෙක් වෙන්න ඕනි කරන්නෙ ගොඩක් වෙලාවට
    කෛරාටිකකම,පට්ට බොරු කීමේ හැකියාව,විළි ලැජ්ජාවක් නැතිකම,කෙසේ හෝ බලය ලබා ගැනීම, ලබාගත් බලය මොන උප්පැරවැට්ටියෙන් හරි රැක ගැනීම,ඊයේ දවස අමතක කිරීමේ හැකියාව,වාසිය පමණක් ප්‍රතිපත්තිය වීම, සාමාන්‍ය ජනතාවට සවන් නොදීම
    ලියල ඉවර කරන්න බැරිවෙයි අම්මෝ..

    ReplyDelete
  4. @රවා
    හතරක් පහක් හරි තියෙනවා කියන්නෙ හොඳනෙ ඉතින්. ඒ තියෙන ටික පාවිච්චි කරල ඉතිරි ටිකත් හදාගන්න පුලුවන්. උත්සහකලොත් ඔයාට බැරි වෙන්නෙ නෑ අයියෙ. ඔයා හොඳ ධෛර්‍යවන්ත කොල්ලෙක්නෙ.

    @Outsider
    අපෝ නෑ මන් මේ කතා කරන්නේ ලංකාවෙ, නායකයොයි කියලා කියාගන්න හදන උදවිය ගැන නෙවෙයි. හැබැයි ඉතින් ලංකාවෙත් හිටියා ඔය හොඳ නායකයෝ. මොන අහේතුවක් හින්දද මංදා ඒ වගේ නායකයෝ දැන් ඉතිහාස පොත් වලට විතරක් සීමා වෙලා. කාට කියන්නද ඉතින්.

    ReplyDelete