Monday, April 12, 2010

ගාල්ලේ සිට ලියමි......

ඔන්න මන් අද පළවෙනි වතාවට ගාල්ලෙ ඉඳන් බ්ලොග් 1 ලියනවා. මන් කියලා ගියේ අයේ 19 වෙනිදා වෙනකම් මට මේ පැත්තෙ එන්න බැරි වෙයි කියලනේ. මොන. ඉන්න බෑ. ඇඟ වෙව්ලන්න ගත්තා. ඔලුව කකියන්න ගත්තා. බඩ රිදෙන්න ගත්තා. අත පය වරු නැතුව ගියා. කෑමක් කට ලඟට ගන්න බෑ අප්පිරියයි. මන් බැලුවා මේ මොකද මේ මට උනේ කියලා. ගහක් ගලක් වගේ උන්නු මට මේ වෙච්ච විපරියාසෙ මොකද්ද කියලා. අද ඉන්නම බැරි තැන සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ ආවා කැෆේ 1කට. මෙන්න බොලේ තිබ්බ ලෙඩ රෝග සේරම ඉවරයි. බලද්දි මේකයි මේ ඔක්කොම ලෙඩ තිබිල තියෙන්න්නෙ. අර චැප් කියන්නා වගේ මේකනම් රකින්න පුලුවන් සීලයක් නෙවෙයි. මොනව කරන්නද ඉතින්. 19 වෙනිද වෙනකම් එන්නෙ නෑ කිව්ව මම 19 වෙනකම් ඉවසගන්න බැරුව දනි පිනියේ දුවගෙන ආවා. හැබැයි ඉතින් ආවට මොකද ලියන්න කියල එච්චර වැදගත් දෙයක්නම් මතකෙට ආවෙ නෑ. ඒත් ඉතින් මෙච්චර ආව එකෙ මුකුත් නොලියා යන්නත් හිත දෙන්නෙ නෑ. ඒක නිසා පුංචි කවියක් ලියලා යන්ට යන්නම්. අයෙනම් එන්න වෙන්නෙ ඉතින් 19 තමයි. එහෙනම් මන් ගොහින් එන්නම්. කලිනුත් සුභ පතුවානේ. කමක් නෑ. වැඩිපුර සුභ පැතුව කියලා වැඩි වෙන එකක්යැ. ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

  බක් මාසේ මල් පිපිච්ච
ගහකොල සනහාගෙන එන
සිහිලැල් පොද වැස්සක් වී 
ඔබ මාගේ හිතට එන්න
කාහල නද අසා පිපුණ 
රතු පාටින් සිත්තම් කල
එරබදු මල් ගහට උඩින් 
හැන්දෑවට අත වනන්න
අතු අග පිපි මල් සොලවන 
කවි ගී තාලෙට පැද්දෙන
ඔංචිල්ලාවේ ඉඳගෙන 
හෙමි හෙමිහිට ඉඟි පාන්න
තෑගි බෝග කදමලු බැඳ 
අවුරුදු කුමරෙකු විලසින්
මම එනවා ඔබත් එක්ක 
වසන්තයේ ගී ගයන්න.

19 comments:

  1. සුබම සුබ අලුත් අවුරුද්දක් අනුරාධ මල්ලියො...... කවිය හරිම අගෙයි... ඉක්මනින් ආයෙත් එන්න.

    ReplyDelete
  2. අනුරාධ මලේ
    හදිස්සියේ ලීවට කවි පොඩ්ඩ අපූරුයි නොවැ... ඔන්න එහෙනම් අයෙමත් සුබ නව වසරක් පැතුවා...

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වෙවා... මල්ලි...

    ReplyDelete
  4. සුබම සුබ අලුත් අවුරුද්දක් කියල පතනවා එහෙනම් ආයෙමත්.
    කවිය හරි ලස්සනයි.

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක්...!

    ReplyDelete
  6. අවුරුදු නිවාඩුව මතක් වෙලාද මන්දා "ගාල්ල" බෝඩ් එක දැකලා බස් එකට නැග්ගා නිරායාසයෙන්ම... කාලෙකට පසුව අවුරුදු කාලේ ගමෙ ආවා වගේ දැනුනා කවි පන්තිය කියවලා...

    බැලින්නම් හිතවතුන් ගොඩාක් ම මෙහේ....

    ලස්සන කවි පෙල.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. සුබ අළුත් අවුරුද්දක් සහෝ......

    ReplyDelete
  8. ඔබට සුභ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක්...!!!!

    ReplyDelete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
  11. සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා සහෝදරයා!!

    ReplyDelete
  14. සුබ සිහින සැබෑ වන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  16. තාම අවුරුද් ඉව​ර නැතෙයි.......

    ReplyDelete
  17. අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝටම බොහෝම ස්තූතියි.

    ReplyDelete