Thursday, May 2, 2013

බණ්ඩා සහ හාමු

සෑහෙන්න දවසකින් ඇසූ දුටු ආගිය කතාවක් ලියන්න බැරි උනා. ඒකට හේතුව වෙලාව නැතිකමවත් කාර්‍යබහුලකමවත් නෙවෙයි. එහෙම කතා මතක නැති වීම. ඔන්න හදිසියේම ඒ වගේ පොඩි කතාවක් මතක් උනා. ඒක නිසා හිතුවා ඒක පොඩ්ඩක් ලියලා දැම්මොත් හොඳයි කියලා. මේක චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කතාවක්. මට මේ කතාව කිව්වෙ දැනට ඉන්න ප්‍රවීන ගණයේ කළා අධ්‍යක්ශකවරයෙක්. මේ සිදිධිය වෙලා තිබුනෙ කලකට ඉහත ඔහු විසින් කළා අධ්‍යක්ශණය කල එක්තරා චිතපටයක රූගතකිරීම් වලදි. චිත්‍රපටයෙ නමත් ඔහු සඳහන් කලා. ඒත් මට ඒක මතක නෑ. නමෙන් වැඩක් නෑ. මෙන්න මේකයි කතාව.
                                     මේක ඇවිල්ලා විකට චිත්‍රපටයක්. මේකෙ ප්‍රධන චරිතය නිරූපණය කරලා තිබ්බේ විකට රංගනය සඳහා අදටත් ඉතාම ජනප්‍රියත්වයක් දක්වන එක්තරා රංගන ශිල්පියෙක්. ඔහු මේ චිත්‍රපටියේ නීරූපණය කලේ හාමුගෙ චරිතය. හාමුගේ ගෙදර වැඩකරන සේවකයෙක් ඉන්නවා. ඔහු තමයි බණ්ඩා. ඒ චරිතය රඟපෑවෙත් එක්තරා විකට නලුවෙක්. ඔහු මේ වන විට ජීවතුන් අතර නෑ. පිය උරුමයෙන් ක්ෂේත්‍රයට ආවත් ඔහු පියාතරම් දක්ෂ නැති වගනම් හැම කෙනෙක්ම කියනවා.
ඔන්න ඉතින් එදා රූගත කරන්න තිබ්බ සිදුවිම මේකයි. මැරයො පිරිසක් ඇවිත් හාමුව තමන්ගෙම නිවසෙ කාමරයක් ඇතුලෙ හිරකරලා. කාමරේ ගාවින් බණ්ඩා ඇවිදගෙන යනවා. එතකොට බණ්ඩා දකිනවා හාමුව හිරකරලා තියෙන බව. ඊට පස්සෙ දෙන්නා අතර පොඩි දෙබසක් යනවා. ඔන්න ඕකයි වෙන්න තියෙන්නෙ. සියල්ල සූදානම්. හාමුව කාමරේ ඇතුලට දාල වැහුවා. බණ්ඩත්  තමන්ට නියමිත තැනට ගියා. කැමරා ආම්පන්න, ආලෝක ලාම්පු සියල්ල රෙඩි. කැමරාමන් කැමරාවක් ක්‍රියාත්මක කලා. ඩිරෙක්ටර් විධානය දුන්නා.
"ඇක්ශ.......න්"
පිටපතේ විදියටම බණ්ඩා ගානට නියමෙට ඇවිදගෙන එනවා. බණ්ඩා හමුව දකිනවා.
"ආ හාමු"
එහෙම කියාගෙන බණ්ඩා හාමු ලගට යනවා. ඊ ලඟට බණ්ඩට අහන්න තියෙන්නෙ
'මොකද හාමු, මේ හාමුව හිර කරලා' කියලා. එතන ඉඳන් තමයි ඇක්ට් එක පිටපතෙන් පිට පනින්නෙ.
බණ්ඩා ඒ ලයින් එක කියන්නෙ නැතිව හිකි හිකි ගාලා හිනා වෙනවා. හරියට නාඹර ලමිස්සියෙක් පොරගේ නරක තැනක් කිති කවනවා වගේ. හාමුත් බලන් ඉන්නවා මූ ලයින් එක කියයි කියලා. ම්හු නෑ.
ඩිරෙක්ටර් කෑ ගහනවා.
"කා......ට්"
හැමෝම බණ්ඩා දිහා බලාගෙන.
"අනේ සොරි සොරි. තව ටේක් එකක් ගමු. මට ලයින් එක පොඩ්ඩක් ගියා"
සහාය අධ්‍යක්ශකවරයා ඇවිත් ආයේ ඩයලොග් එක මතක් කරලා යනවා.
ඔන්න ආයේත් සියල්ල සූදානම්.
"ඇක්ශන්"
බණ්ඩා ඇවිදගෙන එනවා. හාමුව දකිනවා. හාමු ලඟට එනවා. ඔක්කොම හරි. ඒත් එතන ඉඳන් බණ්ඩට චූන් එකක් යනවා. මූ කලිසම අස්සට මකුළුවෙක් රිංගලා වගේ ඇඹරෙන්න ගන්නවා. ඇඹරි ඇඹරි හිනා වෙනවා.
සීන් එක ආයෙ ඉවරයි.
"මොනාද බන් පොඩි ලයින් එකක්නෙ තියෙන්නෙ. මොකද්ද බන් එතන හිනා වෙන්නෙ. හරියට ගනින්කො"
ඩිරෙක්ටර්ට පොඩ්ඩක් මල. මොක්ද මේ වගෙ පොඩි සීන් එකකට ටේක් දෙකක් තුනක් යනවා කියන්නෙ තේරුමක් නැති වැඩක්. රීල් එක කැරකෙනවා කියන්නෙ පිච්චෙන්නෙ සල්ලි.
"නෑ නෑ නෑ හරි හරි. මේ පාර ගමු. මට එතනදි ලයින් එක පොඩ්ඩක් යනවා. එකයි. මේ සැරේ අවුලක් වෙන්නෙ නෑ" බණ්ඩට රඟපාන නලුවා ෆුල් මොරාල් එකේ කිව්ව නිසා ඔන්න තුන් වෙනි ටේක් එකටත් යනවා.
ඇක්ශන් විධානයත් එක්ක බණ්ඩා එන්න පටන් ගන්නවා. මේ පාරත් කලින් සැරේ වගේමයි. මුල් ටික ඔක්කොම හරි. ඒත් අර ලයින් එක ගාවදි මේ යකා හිනා වෙන්න ගන්නවා. මූට ලයින් එක එන්නෙම නෑ. නළුවගෙ ස්වාභාවෙ හැටියට පොර හිනා වෙනවා දකින අනිත් උන්ටත් හිනා යන්න නියමිත උනාට මේ වෙලාවෙ පොර හිනා වෙනවා දැක්කම අනිත් උන්ට ආවෙ හිනාව කපලා #කේ ගහලා #ක පොලවෙ ගහන තරම් කේන්තියක්.
දැන්නම් හාමුගේ චරිතය කරන ප්‍රවීන නලුවටත් අම්බානෙක මල පැනලා.
"මොනාද යකෝ හිනා වෙන්නෙ. ලයින් එක හරියට කියපන්කො ඩෝ" එයත් අර නලුවට පොඩි උපදෙස් පාරක් දෙනවා.
ආයෙ සියල්ල සූදානම් කරලා තව ටේක් එකක් ගන්නවා. ඒකත් පෙර ලෙසමයි.
අර ලයින් එක ගාවදි මිනිහට යන හිනාව නවතින්නෙම නෑ.
"අනේ මන්දා අප්පා. ඒ ලයින් එක එන්නෙම නෑනෙ. එතනදි මට හිනා යනවනෙ. හරි හරි මේක විතරක් ගමු. මේක ඔකේ"
මොන ඕකේද. ඒ ටේක් එකත් ඒ වගේමයි. සෙට් එකේ උන්ට මරන් කන්න කේන්තියි. ඒ පාරනම් අර ප්‍රවීන නලුවට මලම පැන්නා. බණ්ඩට කතා කලා.
"මේ උඹ මොකුත් කියන්න ඕනේ නෑ. නිකන් වරෙන්. උඹ මෙතන මගේ ඉස්සරහින් පලයන්. මන් අහන එවට විතරක් උත්තර දියන්." පොර මලෙන්ම කියලා දැම්මා. ඩිරෙක්ටර් එක්කත් පොඩ්ඩක් කතාබහ කරපු ප්‍රවීන නලුවා ආයෙ ස්ථානගත උනා.
"ඇක්ශන්"
දර්ශනය ආරම්භ උනා. බණ්ඩා හාමු ඉසරහින් ඇවිදන් යනවා. එතන ඉඳන් සංවාදය මෙහෙමයි.
හාමු : බණ්ඩො
බණ්ඩා : ඇයි හාමු
හාමු : මෙහේට වරෙන්
බණ්ඩා : එනවා හාමු
හාමු : කොහේද උඹ යන්නෙ
බණ්ඩා : මන් මේ නිකන් යනවා හාමු
හාමු : ආ උඹ නිකන් යනවා නේද? එතකොට දැන් උඹට මාව පේනවද?
බණ්ඩා : ඔව් හාමු
හාමු : ඈ බොල ගොන් වස්සො, එතකොට උඹට නිකමටවත් අහන්න හිතෙන්නෙ නැද්ද ඇයි මේ හාමුව හිරකරලා ඉන්නෙ කියලා?

ඒ වතාවෙ ඔන්න බණ්ඩා ගානට ප්‍රශ්ණෙ ඇහුවලු. කොහොම හරි අන්තිමේ චිත්‍රපටියෙ තිබිලා තියෙන්න් ඔන්න ඔයි විදියට සංස්කරණය උන දර්ශණය තමයි.

ප.ලි:
# = පු

Monday, April 29, 2013

ඇහැට නෙවෙයි කණට

අනන්තයෙන් මම ඒක එක විදියෙ දේවල් ඔයාලට අරගෙන ආවනෙ. කියවන්න, බලන්න, අහන්න වගේ හැම විදියෙම දේවල් මන් දුන්නා. අදත් මන් සූදානම් වෙන්නෙ අහන්න දෙයක් ඔයාලට දෙන්න. මේක බොහෝම කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ අදහසක් උනත් විවිධ විවිධ හේතු ගොඩක් නිසා දවසකින් දවසින් පරක්කු උනා. අන්තිමේදි ඔන්න වැඩේ කෝම හරි පර්යේශනය සාර්ථකව නිම කරගත්තා. වැඩි විස්තර මෙහෙම කියන්න යන්නෙ නෑ. මොකද මන් කිව්වනෙ අද මන් දෙන්නෙ ඇහැට නෙවෙයි කණට. එහෙනම් අහලම බලන්න.


Monday, March 4, 2013

උල් සපත්තුව

ලැප්ටොප් බෑග් එකේ බරට වම් උරේ කැඩෙන්න වගේ. මම බෑගය දකුණු උරේට මාරු කරලා ඈතින් එන බස් එකට අත දැම්මා. බස් එක නැවැත්තුවෙත් මාව පහු කරලා අඩි 10ක් විතර ගිහින්. දැන් ඉතින් පලයන්කො ඒ ටිකත් පයින්. මම හිතින් බැන බැන අඩිය ඉක්මන් කලා. මේ බස් එකත් මග ඇරුනොත් ආයෙ තව පැය ගානක් ඉඳහන්කො. කෙහෙල්මල් රජය. මුන්ට හරියමන් විදියට ප්‍රවාහන සේවය දියුණු කරන්න බැරි හැටි. හිතේ තියෙන කේන්තියට කාට හරි බනින්න තිබ්බනම් ටිකක් හරි හිත නිදහස් වෙයි. මන් ෆුට් බෝඩ් එකේ එල්ලෙනවත් එක්කම බස් එක ඉගිල්ලුනා. කට කපලා සෙනග. මන් අමාරුවෙන් ෆුට් බෝඩ් එකේන් ඇතුලට රින්ගගත්තා.
වෙනදා මේ වෙලාව වෙද්දි ගෙදර ගිහින් නාලා කාලා සේරම ඉවරයි. අද තාමත් පාරේ. පවනි බලන් ඇතිද? මන් බස් එකට නැග්ගා කියලා පවනිට කියනවද? එක්කො ඕනෙ නෑ. එයයි හරිනම් කතා කරලා අහන්න ඕනෙ දැන් කොහේද ඉන්නෙ කියලා. එයාට උවමනාවක් නැත්නම් මන් මොකටද පැනලා දෙන්නෙ. මාත් නිකන් බාල්දු වෙන්න ඕනෙ නෑනෙ. හැබැයි ඉතින් එයා හවස කීප සැරයක්ම කෝල් කලානම් තමයි. ඒත් කමක් නෑ. මන් මගේ අගේ පෙන්නන්න ඕනේ.

"ඔයි පස්සෙන් නැග්ග කෙනා සල්ලි ගන්න" මගේ කල්පනා ලෝකෙ බිඳුනෙ කොන්දොස්තරගෙ කෑ ගැහිල්ලට.
"මන් නැග්ගෙ පස්සෙන් නෙවෙයි ඕයි කකුල් දෙකෙන්" කියලා කියන්න හිතුනත් මන් සද්ද නැතුවම ටිකට් එක ගත්තා.
බස් එක පුරා එක එක ජාතියෙ මූණු. හැම මූණකම පිරිලා තිබ්බෙ විඩාව විතරයි. හැම කෙනෙක්ම එකෙක්ට එකෙක් රුස්සන්නෙ නැති ගානයි. කාගෙවත් මූණක හිනාවක සේයාවක්වත් නෑ. එක කොල්ලෙක් විතරක් එයාගෙ ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙනවා. ශුවර් එකට කෙල්ලත් එක්ක මලක් කඩනවා ඇති. ඔයි කාලෙ ඔහොම තමයි. ෆෝන් එකටත් හිනා වෙනවා. මායි පවනියි ඒ කාලෙ කොච්චරනම් ෆෝන් එකේ එල්ලීගෙන ඉන්න ඇද්ද? කිලෝමීටර් ගානක් දුර ඉඳගෙන කොයි තරම් වචන කන්දරාවක් කතා කරන්න ඇද්ද? ඒත් දැන්..... ඒක වහලක් යට ඉඳගෙන අපි අතර හුවමාරු වෙන්නෙ කොයි තරම් අඩු වචන කීපයක්ද? ඒ වචනත්.....

"මහත්තයා පොඩ්ඩක් ඉස්සරහට යන්නකො. තව ඉඩ තියෙනවානෙ" කොන්දා මගේ උරේට අතක් තියලා කෑ ගැහුවා. තව යන්න ඉතින් ඉස්සහර වීදුරුව අයින් කරන්න වෙනවා.
බස් වල යන එන එක එපා වෙන්නෙ මේ වෙලාවට තමයි. සමිතයත් බෝඩිම් හොයාගන්නෙ මොන රෙද්දවල් අස්සෙද මන්දා. බස් එකක් ගන්නත් පාරට එන්න ඕනෙ බර දුරක්. ඒ ඇවිල්ලත් බස් එකක් එනකම් හැට පැයක් බලන් ඉන්න ඕනෙ. ඒ එන බස් එකෙත් ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ. එක අතකින් ඌට බැනලා වැඩක් නෑ. ඌ බෝඩිම හොයාගෙන තියෙන්නෙ ඌට ලේසි තැනකින්නෙ. මන් මේ අද උගේ බෝඩිමට ගිහින් මෙහෙම කට්ටක් කනවා කියලා ඒක උගේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. අනික මන් ගියේ මගේම වැඩකටනෙ. ඒ ගමන මන් මටම බැනගන්න පටන් අරන් වගේ. මන් ජනේලෙන් ඈත බැලුවා. කලුවර අස්සෙන් ගොඩනැගිලි පස්සට ඇදෙනවා. වාඩිවෙන්නනම් හම්බවෙන්නෙ නැති පාටයි.

"මචන් උඹ පවනිව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියේ නැද්ද?" ටිකකට කලින් සමිත අහපු ප්‍රශ්ණෙ මට ආයෙම මතක් උනා.

"එක්කන් ගියා බන්. පිල්ස් වගේකුත් දුන්නා බොන්න කියලා. එවයින් පොඩි වෙනසක් උනා. ඒත් මචන් මන් එයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා" මන් එහෙම කිව්වම සමිත උත්තරයක් නොදී සෑහෙන්න වෙලාවක් කල්පනා කලා. මිනිහා මොනවා කල්පනා කරන්න ඇද්ද? ඌ හිතුවද දන්නෙ නෑ මන් පවනිගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒවා විතරයි කියලා. ම්හු. නෑ එහෙම නෑ. ඌ එහෙම හිතන්නෙ නෑ. ඌ දන්නවනෙ මන් ගැන. මොනවා උනත් මේ ප්‍රශ්ණ ගැන මට විවෘතව කතා කරන්න ඉන්නෙ ඌ විතරයි.

"සෙක්ස් ලයිෆ් එක කියන්නෙ කසාදයක් ඇතුලෙ ලොකු කාර්‍යබාර්‍යයක් ඉශ්ඨකරන දෙයක් මචන්. උඹ වැරදියි කියල මන් කියන්නෙ නෑ. උඹේ ආසාවන් තියෙනවා. ඒ දේවල් පවනිගෙන් ඉශ්ඨ වෙන්නෙ නැති උනාම උඹට කලකිරීමක් ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි මචන් උඹ බුද්ධිමත් වෙන්න ඕනෙ ඒක උඹලගෙ පවුල දෙදරලා නොයන තැනට නො එන්න වග බලාගන්න. ඔයි දේ නිසා උඹ පවනි එක්ක ආරවුල් ඇති කරගන්න එකනම් මන් අනුමත කරන්නෙ නෑ" සමිත කිව්වෙ ඇත්ත බව මන් දන්නවා. ඒත් මාත් මනුස්සයෙක්. මටත් හැඟීම් දැනීම් තියෙනවා. මට තිබ්බා වෙන ගෑනු ගාවට යන්න. ඒත් මන් එහෙම නොකලෙ මන් ඇත්තටම පවනිට ආදරේ නිසා.

"උඹ පවනිට ඇත්තටම ආදරේනම් ඇයි උඹට බැරි එයාගෙ තත්වෙ ගැන මානුශිකව බලන්න. උඹට ඕනෙ ගෙදර ගිය ගමන් එකිව ඇඳට පෙරලගන්න විතරයි. උඹ මහ බල්ලෙක් යකෝ. උඹ මහ පාදඩ බල්ලෙක්" මන් ජනෙල් වීදුරුවෙන් පේන මගේ ප්‍රතිබිම්බයටම බැන වදින්න පටන් ගත්තා.

"ඔයාගෙ වයිෆ්ට තියෙන්නෙ හෝමෝන වල ප්‍රශ්ණයක්. ඒක නිසා තමයි එයා ලිංගික එක්වීම්වලට ඒ තරම් රුචියක් නොදක්වන්නෙ. බෙහෙත් වලින් යම් වෙනසක් ඇති කරන්න අපිට පුලුවනි. නමුත් ඒ වගේම එයාට මානසික ප්‍රතිකර්මයත් උවමනා කරනවා. ඒ දේ වඩා හොඳින්ම කරන්න පුලුවන් ඔයාටම තමයි." එදා ඩොක්ට ඒ කිව්ව විදියටම බෙහෙත් වලින් යම් වෙනසක් ඇති උනත් මගෙන් ලැබිය යුතුව තිබුන මානසික ප්‍රතිකර්මය ඇයට හම්බුනෙ නැති බව මට පිලිගන්න වෙනවා. සමහරවිට ඒක ලැබුනනම් ඇගේ තත්වය මේ වෙද්දි වඩා යහපත් වෙලා තියෙන්න ඉඩ තිබුනා. ඒත් අන්තිමේ මන් හැම දෙයක්ම අවුල් කරගත්තා.

බස් එක තවත් නැවතුමක නැවැත්තුවා. බස් එකෙන් බැස්සා වගේම පිරිසක් අලුතෙන් බස් එකට ගොඩවැදුනා. අලුතෙන් නැග්ග පිරිසෙයින් එක් මුහුණක් ගාව මගේ ඇස් දෙක නතර උනා. ඇත්තෙන්ම කිව්වොත් ඇගේ මුහුණට කලින් මගේ ඇස ගියේ වෙනත් තැනකට.නමුත් එක මොහොතකින් මගේ ඇස් දෙක ටිකක් ඉහලට අරගෙන ඇගේ මුහුණ ලඟ නතර කරගන්න මට පුලුවන් කම ලැබුනා. ඇය සැබැවින්ම සුන්දර තරුණියක්. මුහුණටම ගැලපෙන සිරුර. සිරුරට ගැලෙපෙන පරිදි පිහිටි සියලුම අංගෝපාංග. ඇය දකින කෙනෙක් නැවත වරක් ඇය දෙස හැරී නොබැලුවොත් එක පුදුමයක්. මන් සෙනඟ අතරින් ඉතිරි උන අඩු ඉඩ අතරින් ඇය දෙස බලා හිටියා. මට පේන්නෙ ඇගේ එක් අර්ධයක් විතරයි. මාත් ඇයත් අතර සිටින මිනිසුන් කිහිප දෙනා ගැන මට තද කෝපයක් ඇති උනා. ඇය ෆුට් බෝඩ් එක ආසන්නයේම මිනිසුන් කිහිප දෙනෙක් මැද්දෙ හිර වෙලා. එක් වරම ඇගේ පිටුපසින් හිටගෙන සිටි මිනිසා ගැන මට දඩි ඊර්ශාවක් දැනෙන්න පටන් ගත්තා.

"මිස් පොඩ්ඩක් ඔතනින් ඉස්සරහට යන්නකො" කොන්දොස්තරගෙ හඬ ඇහෙද්දි ජීවිතේ පලවෙනි වතාවට සතුටක් දැනුන දවස අද. ඇය ක්‍රමයෙන් මිනිසුන් අතරින් තෙරපීගෙන ඉදිරියට ඇදුනා. මගේ සුසුම් වේගවත් උනා. ඊලඟ මොහොතේ ඇය මන් ලඟ.

"ඇයි අනූ ඔයාට මාව තේරුම් ගන්න බැරි. මගේ තත්වෙ තේරුම් ගන්න බැරි" පවනිගේ හඬ හැම වෙලේම මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙනවා. මන් ඇත්තම ඇයව හරියට තේරුම් අරගෙන නැද්ද? එතකොට එයා කවදද මාව හරියට තේරුම් ගන්නෙ.
මම ඔලුව ලාවට හරවලා එහා පැත්ත බැලුවා. බස් එකක කෙල්ලෙක් ලඟින් හිටගෙන හිටියා කියලා කවදවත් මේ තරම් පීඩනයක් මගේ ඔලුවට දැනිලා නෑ. ඒත් අද...... මන් ඇගේ දෙපතුලේ ඉඳන් ඔලුව දක්වාම දෙඇස් අරන් ගියා. ඇය ඇඳන් උන්න ඇඳුම ඇයට ටිකක් පොඩිද මන්දා? නිල් පාට ලෙගින්ස් කලිසම අතරින් ඇගේ සිරුරේ රේඛාවන් තදින් ඉස්මතු වෙලා පෙනුනා. තව මොහොතකින් කලිසම පැලෙයි වගේ. ඇඟටම ඇලුන සුදුපාට ටීශට් එක ඇගේ සිරුරේ ඔපය තවත් වැඩි කලා. ඇගේ පියයුරු ඒ තුල හිර වෙලා හිටියේ තරහින් වගේ. ඊලඟ මොහොතේ වැදුන බ්‍රේක් පාරට ඇය විසිවෙලා ඇවිත් මගේ ඇඟේ දැවටුනා. ඇගේ සිරුරේ මෘදු බව මගේ දකුණු අත හරහා විදුලියක් වගේ ඔලුවටම ගමන් කලා.

ඩිවෝස් එක..... ඔව් ඒක තමයි එකම විසඳුම. මන් පවනිගෙන් ඩිවෝස් වෙනවා. ඒ ක්ශණික සිතුවිල්ල මගේ මනස ඇතුලෙ පිළිකාවක් වගේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මම හෙමිහිට දකුණු වෙදැඟිල්ලෙ තුබුනු මුද්ද ගලවලා සාක්කුව තුල ඔබාගත්තා.
බස් රථය තුල සෙනඟ වැඩි එකට මන් දැන් කැමති වෙන්න පටන් අරගෙන. තරුණියගේ වම් බාහුව මගේ දකුණු බාහුවට තද උනු ගමන්මයි. බස් එක පැද්දෙන වරයක් පාසා ඒ ස්පර්ශය තවත් දැඩි උනා. දැන් ඇයගේ මුහුණ දිහා හැරිලා බලන්න අමාරුයි. මන් බලනවා එයා දැක්කොත්  ආයෙ එහාට වෙයිද දන්නෙ නෑ. මන් හිත තද කරගත්තා. ඊලඟ බ්‍රේක් ඒකේදි ඇය තවත් මගේ දෙසට තල්ලු උනා. මට නොවැටී බේරෙන්න දකුණතින් අසල තිබුන ශීට් එකේ ඉහල  යකඩ බටය අල්ලගන්න උනා. 

"හැමදේම වෙන්නෙ හොඳටයි මචන්. හොඳම දේ උඹ ටිකක් ඉවසල ඉඳපන්. උඹ කලබල උනොත් ඔක්කොම තවත් අවුල් වෙනවා." බෝඩිමෙන් පිටත් වෙන්න මොහොතකට කලින් සමිත අන්තිමට දුන්න උපදේශේ වැරැද්දකුත් නෑ වගේ. කලින් වැදුන බ්‍රේක් පාරෙන් තව හොඳක් උනේ. දැන් ඇගේ පපු පෙදෙස මගේ වැලමිටට තද වෙලා. සෙනඟ නිසා ඇයට හෙල්ලෙන්නවත් විදියක් නෑ. බස් එක පැද්දෙන තාලයට මගේ වැලමිට ඇගේ ළැම තුලට කිඳා බහිනවා. මගේ හිත ඇතුලේ මියදෙමින් තිබුන ආශාවත් වලට අමුතු පනක් ලැබිලා වගේ.
මගේ හැඟීම් එකක් පරයා එකක් ඇවිලෙමින් ඉහළට ඇදෙන්න පටන් ගත්තා. බස් එක පැද්දෙන තාලයට අනුරූපීව මම ඕනෑකමින්ම අත හෙමින් සෙලෙව්වා. ඉදිරිපස වීදුරුවෙන් ඇගේ මුහුණේ ප්‍රතිබිම්භය පේනවා. මන් ඒ මුහුණෙ තියෙන හැගීම් කියවන්න උත්සහ කලා. ඇයට ගානක් නෑ වගේද? අනුමාන කරලා බෑ. හරියටම තහවරු කරගන්න වෙනවා. මන් වටපිට බැලුවා. හැමෝම ඔවුනොවුන්ගේ ලෝක වල. මගේ දිහාවට යොමු උන එක ඇසක්වත් මගේ දෑසට අසු උනේ නෑ. වාසනාව! මම මගේ හැඟීම් වලට හිතුමතේ වැඩෙන්න අවසර ලබා දුන්නා.

"පුතා හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න වෙනවා. හැඟීම් වලින් තමයි මිනිහෙක්ව දෙවියෙක් කරන්නෙත් තිරිසනෙක් කරන්නෙත්. පුතාට තියෙන්නෙ අසාමාන්‍ය ලිංගික හැඟීම් නෙවෙයි. ඒත් ඔයාගෙ වයිෆ්ගෙ තත්වයත් එක්ක පුතාට තවටිකක් ඉවසිලිමත් වෙන්න වෙනවා. නැත්නම් ඒක පුතාගෙ පවුල් ජීවිතේට නරක විදියට බලපාන්න පුලුවන්. මන් කිව්වා වගේම එයාට මෙඩිසින්ස් වගේම මෙන්ටලි ට්‍රරිට්මන්ට් එකත් ඕනෙ කරනවා. ඒකෙ ලොකුම කොටස තියෙන්නෙ පුතාගෙ අතේ. වයිෆ්ගෙ තත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙනකම් පුතා පුතාගෙ ෆීලින්ග්ස් කන්ට්‍රොල් කරගන්න ඉගෙනගන්න ඕනෙ." ඩොක්ටර් එහෙම කිව්වට හැඟීම් කියන්නෙ හැමතිස්සෙම පාලනය කරගන්න පුලුවන් දේවල් නෙවෙයි. වේල්ලක උනත් වතුර පාර සැර වෙද්දි සොරොව්ව අරිනවා. නැත්නම් වතුර පාර යන්නෙ වේල්ලත් කඩාගෙන. මේකත් බාග විට ඒ වගේ මොහොතක්.

"වැරැද්ද කර කර උඹවම සාධාරණීකරනය කරගන්න හදන්න එපා මිනිහො" ජනේල් වීදුරුවෙන් පේන මගේ ප්‍රතිබිම්බයේ ඇස් මට ඔරවනවා. මන් බිම බලාගත්තා.
බ්‍රාආආආස්!!! බස් එක තවත් ලොකු බ්‍රේක් පාරක් ගහුවෙ එතකොටමයි. ඒ ගැස්මට මන් අල්ලන් හිටපු යකට බටය මට අත ඇරුනා. මාව ඉදිරියට තල්ලු උනා. මන් ආයෙමත් හිටපු ඉරියව්වට එද්දි ඇය එතන හිදැස පුරවලා. මන් වමතින් වහලයේ තිබුන යකඩ බටය අල්ලගෙන දකුණත නිදහස් කලා. නිදහසේ පහලට වැටුන දකුණත එක්වරම ඇගේ පසුපස පෙදෙසෙ ස්පර්ශ උනේ මගේ අනුදැනුමකින් තොරව. නමුත් ඒ ස්පර්ශය මට වඩා මිහිරක් ලබා දෙන්න සමත් උනා. දෙවෙනි වර මම ඒ ස්පර්ශයේ මිහිර ලබාගත්තෙ මගේ මොලය විසින්ම කල බලකිරීමෙන්. ඒක ටිකක් වැඩි උනා වගේ. ඇය එක් වරම ගැස්සිලා මගේ දිහා බැලුවා. මන් කවුලුවෙන් එහා අනන්තය හෙව්වා.

"සොරි කියපන් යකෝ සොරි කියපන්" මගේ හිත කෑ ගහනවා.
"බෑ බෑ... සොරි කිව්වොත් වැඩේ නෝන්ඩියි. දැන් ඔහොම ශේප් එකේම හිටපන්" ඒ විධානයත් මගේ මනසින්මයි. ඇය නැවතත් ඉදිරිය බලාගත්තා.
මගේ මනස ක්‍රියා කලේ දකුණතට විතරයි.
"දිගටම ටච් එක දීපන්" මගේ මනස දකුණතට කල ඒ විධානය පරදවන්න කෙනෙක් ඒ වෙලාවේ හිටියෙ නෑ.
තුන්වන හතරවන පස්වන සයවන ස්පර්ශයන් වඩා දරුණු උනා. ඒ දරුණු බව මගේ හැඟීම් වල ස්පන්දය තවත් වැඩි කලා. මගේ දෙනෙත් තිබ්බෙ ඇගේ මුහුණේ වෙනස්වීම් නිරීක්ශණය කරමින්. සෑම ස්පර්ශයකදීම ඇගේ මුහුණේ ඉරියවු වල උන වෙනස්වීම මගේ දෙනෙත් ග්‍රහණය කරගත්තා. ඉදිරියේ තිබ්බ ජනෙල් වීදුරුව ඒකට ලොකු උපකාරයක් ලබා දුන්නා. නමුත් කොයිම වෙලාවකවත් දෙනෙත් ඒ ග්‍රහණය කරගත් දේ ගැන පණිවිඩය මගේ දකුණතට ලබා දුන්නේ නෑ. හත්වන ස්පර්ශය සීමාව ඉක්මවා ගියේ ඒ නිසාම වෙන්න ඇති.
ඇය ඉහලට ගත් සුසුම් හඬ මට එවෙලෙ පහදිලිවම ඇහුනා. ඊලඟ මොහොතේ මට දැනුනේ මගේ දකුණු කකුල මත තෙරපෙන කිසියම් උලක සංවේදනයක්. සපත්තුව මතින් එය ඇතුලටම තෙරපුනා.
"ආහ්!" තෙරපුමේ දැඩි බවට මට බිම බැලුනා.
ඇගේ උල් සපත්තුව මගේ කකුල මත. ඇය ඇගේ තෙරපුම දිගින් දිගටම වැඩි කලා. සපත්තුව හිල් කරගෙන මගේ කකුල පසාරුවෙලායන තරමේ බරක් ඇය ඇගේ උල් සපත්තුවට යොදමින් හිටියා. වේදනාවත් පුදුමයත් එක්කම මට ඇගේ මුහුණ දෙස බැලුනා. ඇය හිටියේ මගේ දිහා බලාගෙන. ඇගේ ඇස් වල තිබ්බෙ ක්‍රොධයක්ද පිළිකුලක්ද කියලා වෙන් කරලා අඳුනගන්න මට හැකියාවක් ලැබුනෙ නෑ. හැබැයි මගේ දෙනෙතින් ඇය දකින්න ඇත්තෙ දැඩි අසරණකමක් බව මන් හොඳාකාරවම දන්නවා. තත්පර කිහිපයක් ගත වෙන්න ඇති. ඇය නැවත ඉදිරිය බලාගත්තා. මගේ කකුල මත තිබුනු තෙරපුමත් නැතිව ගියා. නමුත් ඒ මොහොතේ ඉඳන් මගේ හදවත මත තෙරපුමක් ඇති වෙන්න පටන් ගත්තා. 
දැන්නම් ඉවරයි. මේකි හොඳ වෙලාවට කෑ ගහුවෙ නෑ. නිකමට හරි කට ඇරියනම් ආත්මෙම ඉවරයිනෙ. ගෑනියෙක්ට පාඩුවේ බස් එකක යන්න දෙන්නෙ නැති අවලං ජැක්කාරයෙක් විදියට හංවඩු ගැහිලා බස් එකෙන්ම බැනුම් අහගෙන බස් එකෙන් බහින්නයි වෙන්නෙ. ඔලුව උස්සන්නවත් බැරි තරමෙ ලැජ්ජවකින් මුලු හිතම පිරිලා ගියා. ඊලඟට කරන්න ඕනෙ මොනවද කියලා කිසිම අදහසක් ඔලුවට ආවෙ නෑ.
"හොඳ වැඩේ උඹට. ගෙදර ගෑනියෙක් ඉද්දි මෙතන වල්කම් කරන්න ගියා. ඕක තමයි උඹේ වරද. ඔයි වල්කම පොඩ්ඩක් අඩු කරගනින්. උඹ හදුවෙ ගෑනිව ඩිවෝස් කරන්න නේද. ඒකටත් මුල උඹේ වල්කමනෙ" මගේ හිත තොරතෝංචියක් නැතුව මට බැන වදිනවා.
උල් සපත්තුවෙ තේරපුම මගේ හදවත මැද දැනෙන්න පටන් ගත්තා. මන් ජනේලෙන් එහා බැලුවා. තව හෝල්ට් 8ක් විතර තියෙනවා. උල් සපත්තුවෙ තේරපුම හදවත පසාරු කරගෙන යන්න වගේ. මට තවත් මේ බස් එකේ ඉන්න බෑ. මන් ඊලඟ නැවතුමෙන් බස් රථයෙන් බැස්සා.

බස් රථය ඉදිරි වංගුවෙන් හැරිලා නොපෙනී ගියා. ඊ ලඟ තත්පර කීපයේදි බස් රථයේ හඬත් මගේ දෙසවන් වලින් මැකිලා ගියා. ඒත් මගේ හදවත මත තියෙන උල් සපත්තුවෙ තෙරපුම. ඒක එන්න එන්නම දැඩි වෙනවා. හද ගැස්මේ ශබ්ධය කිලෝමීටර් ගානක් ඈතට ඇහෙන තරම්. උල් සපත්තුව පපුව මැද්දෙ. මගේ ඇස් පියවුනේ ඉබේටම. උල් සපත්තුව පපුවට හිරවෙන වේදනාව මැද්දෙන් පවනිගෙ හිනහව මගේ ඇස් ඇතුලෙ මැවුනා. මන් ඇස් ඇරියා. ඊලඟ තත්පරයෙදි, වම් සක්කුවෙ තිබුනු මුදුව නැවතත් දකුණතේ වෙදගිල්ල තුල හිර වෙනකොටම, හදවත මැද තිබුනු උල් සපත්තුවේ බර නැති වෙලා ගියා.

Wednesday, February 13, 2013

අරුම කරුමය

ඇයගේ දසුනක් දකින තුරා
නෙතු බලාගෙන උන්නා
ඇයගේ  වදනක් ඇසෙන තුරා
සිත අසාගෙන උන්නා

හීන් කවිමල් පෙළට වැතිරී
ඇගේ දෙපතුල් සිම්බා
රේණු වල පැහැ ඇයට නොපෙනුන
අරුම කරුමය වින්දා

නෙතුද පියවී සිතද මැලවී
හදේ කවුළුව බිඳුනා
ඇයට නොඇසී ඇයට නොපෙනී
මගේ කවි විල සිඳුනා

Wednesday, December 19, 2012

කටට වරම් නැති.....

මගේ මතකයේ හැටියට ඒක පටන්ගත්තෙ මීට අවුරුදු තුනකට විතර උඩදි. යාන්තම් දකුණු  හක්කෙ ආපු කැක්කුමක් විදියට තමයි ඒක පටන් ගත්තෙ. ඥාණ දත් වෙන්න ඇති කියලා ඒ තරම් ගනන් නොගත්තට ඒක සැරෙන් සැරේ අමුතු විදියට වද දෙන්න ගත්තා. දත එන්නම වගේ කාලෙකට රිදෙන්න ගත්තා. අයෙමත් ටික දවසකින් හොඳ උනා. ඒත් අයෙමත් කලින් වගේම රිදෙන්න පටන් ගත්තා ටික දවසකට පස්සෙ. යාලුවො කිව්වෙ මගේ දතක් එනවා යනවා කියලා. ඕක ඔහොම කාලයක්ම තිබ්බත් දත් සම්බන්දව වෙද්දු ගාවට යන්න තිබ්බ බය නිසාම ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා කරබාගෙන හිටියා. 
ගිය අවුරුද්දෙ මැද භාගයේදි තමයි පළවෙනි පාරට ලොකු දරුණු ප්‍රතිපළයක් එලියට පේන්න ගත්තෙ. හිටිගමන්ම මගේ දකුණු කම්මුල ඉදිමෙන්න ගත්තා. සතියක් විතර තිබ්බ රිදීමකින් පස්සෙ තමයි ඒක වෙන්න ගත්තෙ. රිදෙන එක නිසා වෙන්න ඇති කියලා ගනන් නොගෙන ටික දවසක් බලන් උන්නා. ටික දවසක් කියන්නෙ සති 3ක් විතර. ඒත් ඉදිමුම වැඩි උනා මිසක අඩු උනේ නෑ. කට අරින්නත් බැරි තරමටම අමාරුව වැඩි උනා. මේ තියෙන්නෙ ඉදිමිච්ච කම්මුලත් එක්ක මන් උන්නු හැටි.


අන්තිමේදි බලන් ඉන්නම බැරි තැන සහ, ඊටත් වඩා වටේ ඉන්න උන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරි තැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ගියා. එතන හිටපු තරුණ වයස ඉක්මවන්න ඔන්න මෙන්න හිටපු ලස්සන දොස්තර නෝනා මගේ කටට ඇඟිලි දෙකක් දාලා එහෙම හොඳහැටි පරීක්ශා කරලා බැලුවා. අනේ අර වේදනාවත් කොහෙන් ගියාද නෑ. ඉදිමුම බහින්න බෙහෙත් එහෙමත් දුන්නා. මන් හිතුවා වගේම දත තමයි කේස් එක. මගේ ඥාණ දතට එන්න ඉඩ මදිලු. පස්සෙ දැනගත්ත විදියට පරිණාමයේදි මිනිසාගෙන් අයින් වෙලා යන තව එක දෙයක් තමයිලු ඔයි ඥාණ දත් 4.මට කිව්වා නිතරම කට හොඳට අරින්න උත්සහා කරන්න. නැත්නම් කට අරින්න බැරිම වෙයි කියලා. ඇඟිලි 2ක් කට ඇතුලට දාලා කට හොඳට පළල් කරනන් කිව්වා නිතරම.
"මන් හැමදාම මෙහේ ආවොත් ඩොක්ටට බැරිද අද වගේ මගේ කට පළල් කරන්න" කියලා අහන්න හිතුනත්, ඔවා අහලා අන්තිමේ මොනවා පළල් කරගෙන යන්න වෙයිද කියන්න දන්නෙ නැති නිසා මන් කට පියාගෙන හිටියා.
කෝම හරි අන්තිමේ මන් බයෙන් හිටපු දේ උනා.
"ඔය බෙහෙත් ටිකෙන් ඉදිමුම අඩු වේවි. තව මාසෙකින් එන්න මන් දිනයක් දෙනවා. එදාට අපි ඔය දත ගලවලා අයින් කරමු."
මොනවදෝ තුණ්ඩුවක් ලියලා මගේ අතට දෙන ගමන් ඩොක්ටර් කිව්වා. තව මාසයක්ම තියෙන නිසා මාත් වීරයා වගේ ඒකත් අරගෙන එන්න ආවා. කිව්වා වගේම බෙහෙත් වලට ඉදිමුම බැහැලා ගියා.
"ඉදිමුමත් බැස්ස එකේ ආයෙ මොකටද දත අයින් කරන්නෙ" මගේ හිත ඇතුලෙ ඉන්න වෙදා මට උපදෙස් දුන්නා. ඒ උපදෙස අකුරටම පිළිපැද්ද මම ආතල් එකේ තව කාලයක් සුවෙන් හිටියා.

මේ අවුරුද්දෙ මැයි මාසෙ වගේ තමයි මන් ගත්තු තීරණේ ප්‍රතිපළ මට දැනෙන්න ගත්තෙ. කලින් වතාවෙ වගේම දකුණු කම්මුල ඉදිමුනා. ටික දවසකින් ඉදිමුම බැහැලා ගියා. හැබැයි දකුණු පැත්තෙ කම්මුලට ටිකක් පහලින් බෙල්ල හරියෙ ලොකු ගෙඩියක් ඉතුරු උනා. ගොඩ බෙහෙත් කීපයක්ම කලත් ඒකනම් අඩු උනේම නෑ. පස්සෙ බැරිම තැන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. එයාගෙ උපදෙස උනේ,
"හෙට උදේම ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න"
අපේ අම්මට ඉතින් ඒ වචනෙ ඇතිනේ. ඊලග දවසෙ උදේම මාව කරාපිටිය රෝහලේ ඇඳක් උඩට පත බෑව්වා.
ඔන්න නාට්ටියෙ හොඳම හරිය පටන් ගත්තෙ එතන ඉඳන් තමයි. මාව ඇඩ්මිඩ් කරගත්තට මොකද එතන ඩොක්ටර්ස්ලට හිතාගන්න බෑ ඇයි මේ ගෙඩියක් ඇවිත් තියෙන්නෙ කියලා. සැරෙන් සැරේ එක එක්කෙනා ඇවිත් එක එක දේවල් කියලා ගියා. මාත් ඉතින් එයාලා කියන ඒවට ඇටි රිලවා වගේ ඔලුව වන වන හිටියා. ඒ අස්සෙ  මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලො. උන් එනවා සැරෙන් සැරේ. බෙල්ල ඔබනවා. කට අරිනවා. ඇඟිලි දානවා. අර බෙල්ලෙ නෙරුම තදකරනවා. අනිනවා. එක ජංජාලයයි. මොනා උනත් පවුනෙ. කෙල්ලොනේ කියලා මාත් ඔහේ හිටියා ඕනෙ දෙයක් මිරිකගනින් කියලා. ඒත් අන්තිමේ ඒකෙන් උනේ අල්ලද්දි විතරක් ටිකක් රිදි රිදි තිබ්බ ඒ බෙල්ලෙ නෙරුම නිකනුත් අම්බානෙක රිදෙන්න ගත්ත එක.
එදා මහ රෑ කෝම හරි මාව එක්කන් ගිහින් එක්ස් රේ එහෙමත් ගත්තා. උදේ ඒවා බලමු ඩෙන්ටල් එකේ ඩොක්ටර නිගමනය කලා දතේ කේස් එක නිසා තමයි මේක වෙලා තියෙන්නෙ කියලා. ඒක නිසා පහුවදා මාව ඩෙන්ටල් එකට මාරු කලා.
එතනට ගිය ගමන් ඩබලක් සෙට් උනා. එක්කෙනෙක් විදුරු මහේ ඔපරේශන් එකක් කරගන්න ආපු කෙනෙක්. අනිත් කෙනා වලියකට ගිහින් හොම්බ රිවට් වෙන්න පාරක් කාපු කෙනෙක්. කෝම හරි 3 දෙනත් එක්ක එක එක විකාර කියෝ කියෝ වාට්ටුව දෙවනත් වෙන්න හිනා වෙවී හිටියා. ඇයි දෙයියනේ හිනා යන දේවල් වෙද්දි කට අමාරුයි කියලා හිනාව තද කරන් ඉන්නයැ. වාට්ටුවෙ හිටපු නර්ස් නෝනා කෙනෙකුත් අපි දිහා බලලා මහා පාච්චල් හිනාවක් දැම්මා. ඒ ඇයි කියලා අපිට තේරුනේ ඉතින් පස්සෙ.
උදේ 11.30ට වගේ මාව එක්කන් ගියා ඩෙන්ටල් ක්ලීනික් එකට. මන් හිතුවෙ පොඩ්ඩක් පරීක්ශා කොරන්ට එක්ක යනවා කියලා. ඒක නිසා මාත් ඒච්චර ගානකට ගන්නෙ නැතුව ගියා. ඒක මගේ ජීවිතේ තවත් එක බිහිසුණු අත්දැකීමක් වෙයි කියලා මට ඒ වෙලාවෙ එක මොහොතකටවත් හිතුනෙ නෑ. එහෙම හිතුනනම් මන් ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර එනවා.
දවල් දොලහ වෙනකොට අමුතු අමුතු ආයුධ ආම්පන්න පිරුනු කාමරයක් ඇතුලෙ දොස්තර අයියලා දෙන්නෙකුයි නර්ස් අක්කලා තුන් දෙනෙකුයි එක්ක මම තනි වෙලා. එක නර්ස් අක්කා කෙනෙක් මාව පිටි ඇන්ද හරහට පාත් උනු අමුතු පුටුවක් උඩ වාඩි කෙරෙව්වා. එක දොස්තර අයියා කෙනෙක් එයාගෙ කොල පාට අමුතු ඇඳුම ඇඟට දාගත්තා. ඒ ගමනනම් මට තේරුනා මේ එන්න යන්නෙ හොඳකට නෙවෙයි කියලා. එයා මගේ ලඟට ඇවිත් කලින් දවසෙ ගත්තු එක්ස් රේ දෙකත් ඉස්සරහින් තියාගත්තා. ඊ ලඟ මොහොතේ මග කට ඇරලා ටික වෙලාවක් මොනාදො පරික්ශා කරපු දොස්තර අයියා ගත්තෙ නැතැයි ඉන්ජෙක්සන් කට්ටක් අතට. මගේ කකුල් දෙකත් එක්ක ගැහෙන්න ගත්තා කාමරේ ඇතුලෙ තිබ්බ සීතලට. ඉන්ජෙක්සන් කට්ට විදුරුමහට තද කරද්දි මන් හිතන් හිටියා වගේ ලොකු වේදනාවක් නොදැනුන නිසා සැනසුම් සුසුමක් හෙලන්න හදන කොටම මේන් ඒක ගත්තෙ නැතැයි තව ඉන්ජෙක්සන් එකක්. ඒකනම් අස්පයොන්ට ගහන එකක් වගේ තඩි එකක්. මේ පාරනම් කෑවා තමයි පුතො කියලා හිත හදාගත්තා. මහා ලොකුවට නොවුනත් පොඩි පහේ රිදීමක් ඒකෙනුත් ඇති උනා. දැන් මගේ කට මගේ ඇඟේ නෙවෙයි වගේ. මගේ ඇඟෙන් එලියට පාවෙලා යනවා වගේ. මට පොඩි බයකුත් දැනුනා ඕක පාවෙලා ගිහින් අර නර්ස් අක්කා කෙනෙක්ගෙ නරක තැනක වැදුනොත් එහෙම කියලා.
ඔන්න ඉතින් අර දොස්තර අයියා එයාගෙ අම්පන්න එහෙම සූදානම් කරගෙන වැඩේට ලේස්ති වෙන අතරෙදි අනිත් දොස්තර අයියා එතනට ආවා.
"ආහ්! ඔයා මුලින් දත ගලවන්නද යන්නෙ"
"ඔව්"
"නෑනෙ. මුලින් දත නෙවෙයි. අපි මේ ගෙඩිය සුද්ද කරලා ඉමු"
"ආහ්! එහෙමද? හරි එහෙනම් එහෙම කරමු"
ඒ වෙලාවෙ තමයි මට පළවෙනි පාරට තේරුනෙ මන් මේ පර්යේශණ මීයෙක් වෙන්නයි මේ යන්නෙ කියලා. ඒත් දැන් මොනා කරන්නද? දොස්තරලා මුන්නෙ. මන් නෙවෙයිනෙ. අර පලවෙනි දොස්තර අයියා (පහසුව තකා එයට 'පොඩි දොස්තර අයියා' කියන්නම්කෝ) ඒ ගමන තව ඉන්ජෙක්සන් එකක් ලේස්ති කරගෙන මගේ බෙල්ලෙන් අල්ලගත්තා. හරියටම අර ගෙඩියටම ඉන්ජෙක්සන් කටුව කීප වතාවක්ම ඇතුලු කලා. මන් ඇස් දෙක තද කරලා පියාගෙන කන් දෙක ඇරගෙන උන්නා. එක සැරයක් ඉන්ජෙක්සන් කට්ට ඇතුල් වෙද්දි ලොකු දොස්තර අයියා කෑ ගැහුවා.
"හා හා.... ඔච්චර ඇතුලට යවන්න එපා. හම උඩින් දෙන්න"
"ආහ්! හරි හරි" පොඩි දොස්තර අර ඇතුලු කරපු කට්ට අයෙමත් එලියට ඇදලා ගත්තා.  කෝම හරි ටික වෙලාවකින් මගේ බෙල්ලත් හිරි වැටෙන්න පටන් ගත්තා.
ඊට පස්සෙ දෙන්නත් එක්ක යුද්ධෙ පටන් ගත්තා. හිරි වැටුනා උනත් මොකද්දො අමුතු විදියකට එයාලා කරන දේවල් මට දැනෙනවා. ඒක මොන විදියෙ රිදීමක්ද කියන්න මට දැනටත් තේරෙන්නෙ නෑ. හැබැයි මට දැනටත් ඒ හැඟීම මතක් වෙද්දි බෙල්ල දිගේ විදුලියක් යනවා වගේ වෙනවා. විනාඩි 20ක් විතර මගේ බෙල්ලත් එක්ක ඔට්ටු  වෙද්දි දොස්තර අයියලා දෙන්න බෙල්ලට ප්ලාස්ටර් එකකුත් දාලා ඒ වැඩේ හමාර කලා.
"දත අයින් කරන්න කලින් අපි අර ලෙඩාට ලේ දෙන වැඩේ බලලා එමු" දොස්තර අයියලා දෙන්නා නර්ස් අක්කලත් එක්ක මාව තනිකරල දාලා පිටත් උනා. බෙල්ල ඔපරේශන් කරලා ප්ලාස්ටර් ගහලා. කටට ඉන්ජෙක්සන් ගහලා හිරි වැටිලා. ඒත් දෙයියනේ කට නොඇර කෝමද? මන් හෙමින් සැරේ නර්ස් අක්කලත් එක්ක කයියක් පටන් ගත්තා. අපරාදෙ කියන්න බෑ ශෝයි අක්කලා තුන් දෙනා. හැබැයි එයාලට තිබුන ලොකුම ප්‍රශ්ණෙ තමයි මන් කොන්ඩෙ වවලා ටින්ට් කරලා හිටපු එක. එයාලට ඕනේ උනේම මාව කොන්ඩෙ කපලා ලස්සන කොලු මහත්තයෙක් කරන්න. ඒකෙත් හැටි.
ටික වෙලාවකට පස්සෙ මන් මෙච්චර වෙලා හිතේ හිරකරන් හිටපු ප්‍රශ්ණෙ එලියට ඇදලා දැම්මා.
"අනේ අක්කේ බැරිද සිහි නැති කරලා දත අයින් කරන්න"
"ආපෝ...... පොඩි ළමයෙක් වගේනෙ... ලැජ්ජ නැද්ද අනේ ඔයාට..... ඔච්චරම බයයිද"
නර්ස් අක්කලා මට කින්ඩියක් දැම්මා.
"හ්ම්ම්. රිදෙනවට වඩා ලැජ්ජ වෙන එක මට සැපයි අක්කේ" මන් අමාරුව පිටින්ම ඇත්තම කියලා දැම්මා.
"බය වෙන්න එපා අනේ.... ඕක රිදෙන්නෙ නෑ.... මොකුත් දැනෙන්නෙවත් නෑ" නර්ස් අක්කලාගෙ ලෙන්ගතු වචන ඒ වෙලාවෙ මට ලොකු සහනයක් උනා.
පැය බාගෙකට විතර පස්සෙ දොස්තර අයියලා දෙන්නා අයෙමත් ආවා.
"තාම හිරි වැටීම තියෙනවද?" පොඩි දොස්තර අයියා මගේ කටට ඇඟිල්ලෙන් අනින ගමන් ඇහුවා.
"ටිකක් තියෙනවා... අනේ ඒකට කමක් නෑ. තව ඉන්ජෙක්සන් 10ක් හරි ගහලා මොකුත්ම දැනෙන්නෙ නැති ගානට ගන්න"
කට්ටියම ඒකට හිනා උනේ හරියට ගල් හිත් තියෙන අය වගේ. පොඩි දොස්තර අයියා හිනා වෙවීම තව ඉන්ජෙක්සන් එකක් දුන්නා.
එතනින් එහාට මට එක එක විදියෙ ආයුධ කට ඇතුලට යනවා පේනවා. කට ඇතුලෙ එකම යුද්ධයයි. සැරෙන් සැරේ දොස්තර අයියා නර්ස් අක්කා කෙනෙක්ට කියනවා 'සක් කරන්න... සක් කරන්න' කියලා. පලවෙනි සැරේ මන් ඔලුව උස්සලා බලන්නත් ගියා මොකද්ද මේ සක් කරන්න යන්නෙ කියලා. බැලින්නම් මගේ කට ඇතුලට එන බ්ලඩ් ටිකයි මේ සක් කරන්න කියලා තියෙන්නෙ.
හැමදේටම වඩා මට බය හිතුනෙ මන් එතන පර්යේෂන මීයෙක් උන එකයි.
"අයියෝ ඔයි මොකද්ද ඔයි දාපු කැපුම. මේකට ඔය කැපුම දාලා හරියන්නෙ නෑනෙ. ඕක වැරදියිනෙ."
"ආහ්. ටිකක් වැඩිපුර කැපිලා නේද එතන"
"දත කර්ව් වෙලා ඇති යටින්. ඒකයි මේ එන්නෙ නැත්තෙ"
"මේකට ....... කැපුම දැම්මනම් හරි. ඒත් ඒක දාන එක ටිකක් අවධානම්"
"කෝ මට දෙන්නකො මන් ටිකක් බලන්න."
"ඔයාට පුලුවන්ද? නැත්නම් මන් ගන්නද?"
දොස්තර අයියලා දෙන්නට පර්යේෂණ මීයෙක් වෙලා කට ඇරගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බෙ නෑ. ලීයක හිර උන ඇනයක් ගලවනවා වගේ කකුලෙන් මගේ බෙල්ල පාගගෙන මොකද්දෝ අඬුවකින් මගේ දත හතර පැත්තට වනනවා. වේදනාවක්ම කියන්නත් බෑ. හැබැයි දරුණු විදියට එයාලා කරන දේවල් මට දැනෙනවා. මගේ මුලු හක්කම ගැලවෙන්න යනව වගේ මට දැනුනේ. අමාරුව වැඩි කමට එහා පැත්තෙ හිටපු නර්ස් අක්කා කෙනෙක්ගෙ මහත කකුලක් තද කරලා බදාගන්න මට හිතුනා. ඒත් ඒවා කොරලා දත් සෙට් එකමට බඩට ඇරියොත්. මන් ආයෙමත් හිත සංසුන් කරගන්න උත්සහා කලා.
මගේ ඒ දත තවම එලියට ඇවිත් නැති නිසා මේක ටිකක් අමාරු කේස් එකක්. මුලින් විදුරු මහ පලලා හෙමිහිට තමයි දත අයින් කරන්න ඕනේ. කෝම හරි පැයක විතර හෙන ගේමකින් පස්සෙ මගේ නූපන් දත කටින් ගැලවිලා ලෝහ භාජනේකට වැටුනා. ඒ පැයක කාලය...... ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ පැය ඇතුලෙ උන දේවල් ගොඩයි. ඒ ඔක්කොම ලියන්නත් බෑ. හැබැයි මට හිතුනු දේ හොඳ පළපුරුදු දොස්තරලා මේ වගේ තැන් වල ඉන්නවනම් තත්වය වඩා හොඳ වෙයි කියලා. ඒත් ඉතින් එයලා පළපුරුදු වෙන්නත් මන් වගේ පර්යේශණ මීයො හම්බෙන්න එපැයි.
අන්තිමේදි මගේ ලඟට ආව ලොකු දොස්තර අයියා මෙහෙම කිව්වා.
"මේක හරිනම් අපි ඔයාට කලින් කියන්න ඕනේ. මේ ඔපරේශන් එක නිසා ඔයාගෙ ස්නායු වලට හානි වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඔයාගෙ උඩුතොලයි දිවයි හිරි වැටෙන්න ඉඩ තියෙයි. ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. උනත් වෙන දවසක් කියන්නත් බෑ. සමහර විට ජීව්ත කාලෙම තියෙන්නත් පුලුවනි. කෝම උනත් ඕක අනිවාර්යයෙන් අයින් කරන්නම ඕනේ ඔපරේශන් එකක්."
ඒ වෙලාවේ ඒ කිව්ව දේවල් තේරුම් ගන්න තරම් මන් ප්‍රාණවත්බවක හිටියෙ නෑ. ඒ කිව්වෙ දේ මට හරියටම තේරුනේ ආයෙමත් වෝඩ් එකටත් ගෙනාවට පස්සෙ.
කෝම නමුත් අද වෙනකම්නම් එහෙම කිසි අවුලක් උනේ නෑ. ඒත් හෙට?







Friday, November 30, 2012

ඇය වනාහි!

"මේ කිසි දෙයක් පටන්ගත්තෙ මට ඕනවට නෙවෙයි බන්. ඒත් අන්තිමේ ඕන උනත් නැතත් අපි මේක ඇතුලෙම හිර වෙලා" ඇය දිගු හුස්මක් සුදු පාට බිත්තිය දිහාවට නිදහස් කලා. ටෙක්ලා ඇගේ දෙනෙත් වලට එබුනා.
"ඒ උනාට ඇත්ත කියපන් නංගි. උඹ මේ රස්සාවෙන් අයින් වෙන්නත් කැමති නෑ නේද?"
ඒකට එක පාරටම උත්තරයක් දෙනවා වෙනුවට ඇ‍ය කලේ දබරඟිල්ලෙන් ඇඳේ මෙට්ටය සූරපු එක.
ඊලඟ මොහොතෙ ඇය සමච්චල්සහගත සිනහවක් මූනේ දවටගෙන ටෙක්ලා දිහා බැලුවා.
"මන් විතරද අක්කෙ. ඇයි උඹ?" ඒ උත්තරයෙන් ටෙක්ලා කලබල උනේ නෑ.
"සල්ලි අපේ ජීවිතේ කොහෙන් ගෙනිහින් අතඇරලා දායිද මන්දා බන්. වෙලාවකට බයත් හිතෙනවා. මේ ලස්සන හැමදාම තියෙන්නෙත් නෑනෙ." ටෙක්ලා උත්තර දුන්නෙ බොහොම සන්සුන්ව.
"වෙලාවකට හිතෙනවා බන් අක්කෙ දෛවය අපිව තෝරගත්තෙ මේකටමද කියලා. චැක්! රෙද්ද! කලින් දන්නවනම් අපරාදෙ ඉස්කොලෙ නොයා මෙව්වම ප්‍රැක්ටිස් කරනවා. ඒ සල්ලිත් ඉතුරුයි එහෙනම්." ඇය ඇඳෙන් නැගිටලා ගිහින් ජනෙල් පොලු අතර මූණ රඳවගත්තා.
බෝඩිමට එහා වත්තෙ ගෙදර මංගලිකා අක්කගෙ පොඩි උන් දෙන්න සෙල්ලම් කරනවා. පෝය දවස නිසා වාහනවල වැඩි සද්ද බද්දයකුත් නෑ. ඒ හින්දම පොඩි උන් දෙන්නගෙ කෑ ගැහිල්ල  මහා ගෝසාවක් වගේ ඇහෙනවා.  ගේ දොරකොඩ නිල් පාට මරූටි කාර් එකක් නවත්තලා. මංගලිකා අක්කගෙ ලොකු නංගිව බඳින්න ඉන්න හාදයාගෙ කාර් එක. ජනෙල් පොලු අතර රැඳවුන මුහුණේ දෙනෙත් ඈතටම විහිදුනා. ඇය බාගෙට ඇරුන දොර අතරින් ගේ ඇතුල බලන්න උත්සහා කලා. හැම පෝයටම මංගලිකා අක්ක සිල් ගන්නවා. ඇය නිවෙස තුල වියහැකි දේවල් හිතෙන් මවාගන්න උත්සහා කලා.
"අන්න ටෙක්ලා අක්කෙ. අරූ අදත් ගේ අස්සට රින්ගලා."
අනේ පොඩි උන් දෙන්නගෙ බෝල පාරක් වැදියන් වාහනෙ වීදුරුවටම. ඇය සිතින් පැතුවා.
"ඇත්තටම නංගි උඹ හැමදාම කතාවෙන් පැනලා යනවා. අද මට කියපන්. උඹට ඇයි මෙහෙම උනේ?" ටෙක්ලගෙ අවධානය තිබුනෙ වෙන තැනක.
ටෙක්ලගෙ ප්‍රශ්ණ වලදි ඇය හැමදාම කලේ කතාව වෙන තැනකට අරන් ගිය එක. ඒත් හැමදාම ඒක කරන්න බෑ කියලා ඇයට තේරුනා. ඒ වගේම එහෙම කරන එකේ තේරුමකුත් නෑ කියලා ඇයට වැටහුනා. ඇය තීරණය කලා හැමදේම කියන්න. ඇගේ ජීවිතය. ඇගේ අතීතය පළවෙනි වතාවට කෙනෙක් ඉස්සරහ දිග අරින්න. ඇය ආපහු ඇවිත් ඇඳ උඩ වාඩි උනා. පොඩි උන් දෙන්නගෙ සද්දෙ වදයක් වෙන තරම්ම වැඩියි. සද්දෙ අඩුකරගනිව් කියලා බනින්න පවා ඇයට හිතුනා. ඒත් ඇය නැවතත් ආයාසයෙන් ඒ ආවේගය පාලනය කරගත්තා. ටෙක්ලා තාමත් ඇය දිගා බලාගත්තු ගමන්මයි.
"මේක හෙන දිග කතාවක් අක්කේ." ඇය බිම බලාගෙනම කටහඬ අවධිකලා.
"අපි හැමෝටම තියෙන්නෙ දිග කතා තමයි බන්. ඒවා අපේ ජීවිතේ තරම්ම දිගයි. උඹ කියපන් නංගි" ටෙක්ලා ඇගේ අතක් මට සිය අත තැබුවා.

"මේ හැමදේම පටන්ගත්තෙ මන් ඒ ලෙවල් කරන කාලෙ" ඇය ඇගේ මනස සිය අතීතයට ගමන් කෙරෙව්වා.
"මන් ගියේ ගර්ල්ස්කූල් එකකට. ඒක නිසා කොල්ලො කිව්ව ගමන්ම ආවේ මහා අමුතු හැඟීමක්. අපි බලන් ඉන්නෙ ඉස්කොලෙ මොකක් හරි උත්සවයක් තියෙනකම්. මොකද ඉස්කෝලෙට කොල්ලො එනවනෙ එතකොට. මහ පිස්සු කාලයක් ඒක. උඹට කියන්න බැරි කමක් නෑනෙ අක්කෙ. ඒත් එක වල් කමක්ම නෙවෙයි. ඒත් මොකද්දෝ මන්දා. කුතුහලය වෙන්නත් ඇති. ඉස්කොලෙ තිබ්බ එක්සිබිශන් එකකදි තමයි මට සමීරව හම්බ උනේ." ඇය එක මොහොතකට කතාව නවත්වලා ඉහල හිස් අවකාශය දිහා බැලුවා. සිවිලින් ෆෑන් එක කීස් කීස් ගාලා කැරකෙනවා.
"සමීර මාර හැන්ඩ්සම්. ඒක නිසාම වෙන්න ඇති මට එයාව එදා ඒ තරම්ම හිතට ඇල්ලුවෙ. පන්තියෙ යාලුවො කීප දෙනෙක්ටම ලවු එෆෙයාර්ස් තිබ්බ නිසා මමත් ලොකු උනන්දුවකින් හිටියෙ ඒ දවස් වල. ඒ හින්දා හැම දේම හරි ඉක්මනට උනා. සති දෙකක් ඇතුලට අපි යාලු උනා. ඒ වගේම මාස 3ක් ඇතුලට අපි දෙන්න වෙන් උනා."
ඇය ටෙක්ලා දිහා බැලුවා. ටෙක්ලා හූමිටි තියන්නෙවත් නැතුව අහන් ඉන්නවා.
"සමීරගෙ වෙන් වීම මට ටිකක් තදින් දැනුනා. පළවෙනි ආදරේ කෝමත් එහෙමලුනෙ. ඒ දූකෙන් ඉන්න දවස් වල තමයි ගිහාන් මගෙන් ඇහුවෙ. ගිහාන්ව මට හම්බ උනේ ඒකෝන් ක්ලාස් එකේදි. ලවු සික් එකෙන් මූඩ් ගහලා හිටපු නිසා පලවෙනි පාරම මන් ගිහාන්ට කැමැත්ත දුන්නා. විස්වාස කරන්න අර මාස 3ට සමීර මට කිස් එකක්වත් දීලා නෑ. ඒත් ගිහාන් නැවතුනෙ මාව ගෑනියෙක් කරලා."
ටෙක්ලා හෙමිහිට සුසුමක් පිට කලා.
"ගිහාන්ට ඕන උනේ ඒ දේවල් විතරයි. මටත් ඒ කිසි දේක බරක් පතලක් තේරුනේ නෑ. එයා ඉල්ලුව හැම දේකටම මන් කැමැත්ත දුනා. අන්තිමේ මන් රැවටුන බව තේරුම් යද්දි මන් පරක්කු වැඩියි. මන් ගිහාන්ගෙ තවත් එක කෙල්ලෙක් විතරයි කියලා මන් දැනගත්තෙ හොඳටම පරක්කු වෙලා. හැබැයි සමීරගෙ වෙන් වීම තරම් මට ඒක ලොකුවට දැනුනෙ නෑ. උඹට මන් කියලා තියෙනවනෙ අක්කෙ මගෙ අම්මා තාත්තා නැති උනේ මන් පොඩි කාලෙදිමයි කියලා. මන් හැදුනෙ නැන්දයි බාප්පයි එක්ක කියලා. මොනවා උනත් අම්මා තාත්තා කියන දේ පුරවන්න කාටවත් බෑ. මන් හිතන්නෙ මගේ ජීවිතෙටත් උනේ ඒකම තමයි" ඇය තවත් මොහොතක් නිහඬ උනා.
"ඔන්න ඊලඟට තමයි මගේ ජීවිතේ තීරණාත්මකම කෙනා එන්නෙ. ප්‍රියංකර. මට වඩා අවුරුදු 7ක් විතර වැඩිමල්. අපේ එහා ගමේ හිටියා ජයකොඩි කියලා මනුස්සයෙක්. එයා කලේ කුඩු බිස්නස්ලු. ප්‍රියංකර කියන්නෙ ජයකොඩිගෙ ලඟම ගෝලයෙක්. මන් ඒ බව දන්නෙ පස්සෙ. ඒත් එතකොට පරක්කු වැඩියි. ප්‍රියංකර නිසා මන් බොන්න පුරුදු උනා. එයයි එයාගෙ යාලුවොයි එක්ක බීලා උන් එක්ක බුදියගන්නත් උනා. අන්තිමේ මට එතැනින් ගැලවෙන්න බැරි උනා. පස්සෙ අපේ බාප්පලට මේ බව ආරංචි වෙලා ප්‍රශ්ණ ගොඩක් ඇති උනා. අන්තිමේ එවයෙ ප්‍රතිපලයක් විදියට අරුන් මාව මරන්න හෙව්වා. අපේ ගමේ හිටියා ගාමිණී කියලා කෙනෙක්. හැමෝම එයාට කිව්වෙ ගාමිණි අයියා කියලා. ගමේ ලොකු චන්ඩියෙක්. එයා අපේ බාප්පගෙ හොඳම යාලුවෙක්. මන් තාමත් ජීවත් වෙන්නෙ ගාමිණි අයියට පින්සිද්ද වෙන්න. ඒත් දවසක් වෙසක් පෝය දවසක ගාමිණී අයියට කවුදෝ වෙඩි තියලා මරලා දාලා තිබ්බා. එදායින් පස්සෙ මට ගමේ ඉන්න බය හිතුනා. ඉතින් මන් කොලඹට පැනලා ආවා. "
"ඉතින් ඊට පස්සෙ" පළවෙනි පාරට කතාව මැද්දෙ ටෙක්ලා හූමිටි තිබ්බා.
"ඊට පස්සෙ තමයි රස්සාවක් නැතුව කොළඹ චාටර් කද්දි මධාරා අක්කව මට හම්බුනේ. එයා ඉතින් එයාගෙ ජොබ් එකම මටත් කියලා දුන්නා."
"ඉතින් බාප්පලා උඹව හොයන්නෙ නැද්ද?"
"දන්නෙ නෑ බන්. මන් කෝමත් ආයෙ ගමට යන්නෙ නෑ."
"උඹ හැමදාම මේ වලේම ඉන්නද බන් කල්පනාව"
"කවුද දන්නෙ බන්. එක අතකින් මොනවෙන් අඩුවක්ද? අතේ සල්ලි තියෙනවා. අනික බන් අපි නැත්නම් කොලඹ මහත්තුරු ඇඟවල් තලාගන්නෙ කොහොමද?"
දෙදෙනාටම සිනහා අවේ නිරායාසයෙන්. තමන්ගෙ දෛවය ඉදිරියෙදි මොන ආකාරයකින් විසඳේවිදැයි දෙදෙනාටම කිසිම අදහසක් තිබුනේ නෑ.  ඉතින් අද දින සිනාසෙනු විනා වෙන කලහැකි යමක් දෙදෙනාටම ඉතිරිව තිබුනෙ නෑ.
ටෙක්ලා ඇඳෙන් නැගිට ජනේලය දෙසට ඇවිද ගියා.
"ඒයි අරූ ගිහින් වගේ, කාර් එක නෑ."
පොඩි උන් දෙදෙනාගෙ කෑගැසීමත් නතර වෙලා තිබුනා. ටෙක්ලා ආයෙත් ඇඳ පැත්තට හැරුනා.
"ඒයි කාන්චනා. මන් උඹෙන් අහන්න හිටියේ. අර කවුද මේ ටිකේම උඹට දිගට හරහට කෝල් කරන එකා."
'ආහ්!" කාන්චනා මද සිනහවක් මුවට නගා ගත්තා.
"උඹට මතකද අක්කෙ අර පහුගිය සෙනසුරාදා දවස් 5, 6ම එක දිගට ආපු පොර"
"ම්ම්ම්ම්. ඔයි කියන්නෙ අර චාමිකත් එක්ක ආපු මෑන්ද?"
"ඔව් ඔව් ඒකා තමයි. පොර මට ටෝක් කරනවා."  කාන්චනාගෙ සිහනා හඬ තීව්‍ර උනා.
"පොරට උඹ දැනට දෙන සර්විස් එක මදි වෙලා වගේ එහෙනම්."
"පවු බන්. හෙන අහිංසක පොරක්. මීට කලින් ගෑනියෙක්ව අල්ලලාවත් නැද්ද කොහේද? පොර මට කතා කලා අපි කොහේදි හරි හම්බෙමු කියලා. දන්නවද මූ අඩගැහුවේ කොහේ යන්නද කියලා"
"කොහේ"
"බීච් එකට බන් බීච් එකට. මන් කිව්වා මන් දන්න ඊට වඩා හොඳ තැනක් තියෙනවා එහේට යන් කියලා. ඔන්න ඔහේ කීයක් හරි අමතර හොයාගන්න තියෙන චාන්ස් එකනෙ බන්. මොකටද අත අරින්නෙ." කාන්චනාගේ සිනහවට එවර ටෙක්ලාත් එකතු උනා.

Thursday, November 22, 2012

අතික්‍රමණය - දෙවන කොටස

"මචන්. ඇතුලෙදි ලොකු මොකුත් කරන්න බෑ. උඹ කෝම හරි කෙල්ලව ෆිට් කරගෙන නම්බර් එක ගනින්. ඊට පස්සෙ එලියෙදි ඇදපන්."
 චමියගෙ උපදෙස් ඒ අයුරින්ම පිලිපදින්න අදිටන් කරගෙන හිටියත් ලැජ්ජව ඒ හැම දේකටම හරස් උනා. චමියා කිව්වා වගේ ලොකු දෙයක් එතනදි වෙන්නෙ නෑ. හැබැයි ඒ උන දේවල් ටික මගේ ජීවිතේ ඇතුලෙ ලොකු පෙරලියක් ඇති කලා. කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගන්න තරම් හිත හයිය නැති උනත් කෙල්ල යම් තරමක් මට කුලුපග උන බවක්නම් මට තේරුනා. ඇයගේ දෙ අත් අතර සිරවූ මගේ සිරුරේ කාම නහර පිනවමින්  යටි පතුල් හැකිලෙද්දි,  දිගහැරුණු නව පරිජ්ජේදය මගේ ජීවිතය වෙනස්ම පැතිකඩක් වෙත යොමු කලා.
"අඩෝ ලොක්කා.... කෝමද සැප"
එතනින් එලියට ආව ගමන් චමිය ඇහුවෙ මගේ බඩට අනින ගමන්.
"උඹ නම්බර් එක ගත්තද? කෙල්ල ෆිට්ද?"
"පිස්සුද බන්? එහෙම කෝමද නම්බර්ස් ඉල්ලන්නෙ. උඹ මේ මගුලක් කතා කරනවා."
හරි හරි සනා. කොල්ලා කෝම හරි පොඩ්ඩක් සළු උනානෙ. ඒ මදැයි"
උන දේවල් ගැන මට තාමත් හිතාගන්න බෑ. හැම දේම හීනයක් වගේ. එක පැත්තකින් ලැජ්ජවක්. අනිත් පැත්තෙන් සතුටක්. තවත් පැත්තකින් පොඩි කළකිරීමක්. තවත් මොන මොනාදෝ හැඟීම් ගොඩක් මගේ හිත ඇතුලෙ එකට කැකෑරෙමින් දඟ කලා. ඊට අමතරව තවත් දෙයක්....... අර කෙල්ල!!!

ඊ ලඟ සිකුරාදා හවස මගේ ජීවිතේ වෙනස්ම සිකුරාදා දවසක් උනා. කලින් සෙනසුරාදා දිනයේ ලබපු අත්දැකීම ආයෙත් විදගැනීමේ නොනිම් ආශාවකින් මගේ හිත වෙලෙන්න අරන් තිබුනා. මන් හෙමින් සීරුවේ චමියට ලන් කලා.
"මචන්.... අපි හෙටත් යමුද බන් අරහෙ?"
චමියා උත්තරේ විදියට දුන්නෙ ලොකු හිනාවක් විතරයි. ඒත් ඒ හිනාව ඇතුලේ තිබ්බේ එකඟවීම බව මට තේරුම් ගන්න මොහොතවක්වත් ගියේ නෑ.
මගේ දෙවෙනි අත්දැකීම පලවෙනි එකට වඩා සෑහෙන්න දියුණු එකක් උනා. මෙවරත්  මගේ තෝරාගැනීම උනේ කලින් පාර තෝරගත්තු ඒ කෙල්ලමයි. කලින් දවසෙ ලබපු පෙරහුරුව නිසා හැමදේම එදා දවසට වඩා හොඳින් සිද්ධ උනා.
කාන්චනා...! මන් තෝරගත්තු කෙල්ල. පලවෙනි දවසෙදි අමතක වූ දෙයක් දෙවෙනි දවසෙදි මන් සපුරගත්තා. ඒත් නම්බර් එක ඉල්ලන්න තරම් තව මදි කියලයි මට හැඟුනේ. ඒක නිසා නමෙන් හා ඇගේ යම් යම් පසුබිම් විස්තර කිහිපයකින් එදා දවස සෑහීමකට පත් වෙන්න මට සිද්ද උනා.

නැවතත් ඊ ලඟ සෙනසුරාදා..... තෙවෙනි දවස. එදා දවස අවසන් වෙද්දි කාන්චනාගේ දුරකතන අංකය මා සතුව තිබුනා. හතරවෙනි පස් වෙනි සය වෙනි දිනයන් තුනට මට චමියගෙ උදවු අවශ්‍ය උනේ නෑ. ඒ වගේම එතනින් එහාට මට නැවතත් ඒ මසාජ් සෙන්ටර් එකට යන්න අවශ්‍යතාවයක් දැණුනෙත් නෑ. මොකද කාන්චනාත් එක්ක වඩා කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගාගන්න මට ඒ වෙන විට පුලුවන් කම ලැබී තිබුනා.
මසාජ් සෙන්ටර් එකේ කාමරය තුලදී සිදු කරගැනීමට නොහැකිවූ දේවල් කරගන්න එතනින් එහාට මට අපහසු උනේ නෑ. අවශ්‍ය උනේ රුපියල් දාහක් ගෙවලා තානායම් කාමරයක් මිලදී ගන්න එක විතරයි.
ඇයත් සමඟ යහන් ගතවූ මුල් දිනයේදි මන් ඒ බව චාමියට කිව්වා.
"අඩෝ එල ආ.... උඹ එහෙනම් සලු උනා. උඹ කෝම හරි ඒකිව ඇද්දා නේද? උඹත් බලන් ගියාම හෙන වැඩ කාරයෙක්නෙ සද්ද නැතුව හිටියට"
ලිංගික ආශාවන් සංතර්පණය කරගැනීමේ  එකම ආශාව ඇතුව පමණක් මුලදී ඇය සමඟ සම්බන්දතාවය පවත්වාගෙන ගියත් කල් යද්දි මා තුල මහත් වෙනසක් දැනෙන්නට ගත්තා. ඇයගේ ඇසුර මා තුල මටත් නොතේරෙන වෙනස් වූ හැඟීම් සමුදායක් නිර්මාණය කරන්ට පටන් ගෙන තිබුනා. අවසානයේදි මම තේරුම් ගත්තා.
මම ඇයට ආදරේ කරන්න පටන් අරගෙන!!!
මට මේ බව කියන්න ලඟම මිතුරෙක්ට හිටියෙ චමියා විතරයි.
"යකෝ මෝඩ හු__ඕ. තොට පයිත්තියන්ද යකෝ. උඹ හොඳටම දන්නවා නේද ඒකි කවුද කියලා. " චමියගෙන් මට ලැබුනේ මන් බොලාපොරොත්තු නොවුන විදියෙ උත්තරයක්.
"ඇයි ගොන් වස්සො. තොට මොලේ නැද්ද? බූරූ වැඩ කරන්න යන්නෙ. උඹට පිස්සු හැදීගෙන එනවද යකෝ?"
"නෑ මචන්. සීරියස්. මන් ඒයාට ආදරෙයි. මට එයා කලින් කවුද කියන එක වැඩක් නෑ. මන් එයා එක්ක කතා කලා. එයත් කැමතියි ඒ අපායෙන් මිදෙන්න. මන් එයාට වෙන හොඳ රස්සාවක් හොයලා දෙනවා. එතකොට හරිනෙ. අනික චමිත් උඹ දන්නෙ නෑනෙ එයා මේ තත්වෙට පත් උනේ ඇයි කියලා."
"පිස්සු වැඩනම් කරන්න ලේස්ති වෙන්න එපා මචන්.. යකෝ ඒකි වේසකමේ ගිය ගෑනියෙක්. උඹ මොන රස්සාවක් හොයලා දුන්නත් ඒ නම ඒකිගෙන් අයින් වෙන්නෙ නෑ."
ඒ කිසි දෙයක් අහන තත්වෙක මම හිටියෙ නෑ. මම තීරණයක් අරන් තිබුනේ.
"මොන දේ උනත් මන් එයාව කසාද බඳිනවා මචන්"
"කසාද බඳින්න? උඹට මොලේ නැද්ද යකෝ ගොන් බඩුවක් කසාද බැඳලා ගෙදරට ගෙනියන්න. උඹ හිතනවද උඹේ අම්මලා ඕකට ඉඩ දෙයි කියලා. ආ..."
"කවුරු මොනවා කිව්වත් මන් මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ මචන්. අනික උඹ උනත් ඔහොම කතා කරන්න එපා. මන් කැමති නෑ එයාට ඒ විදියට කතා කරනවට. උඹ දන්නවනෙ ඒ වගේ තැන් වලින් එක පාර අයින් වෙන්න ලේසි නෑ කියලා. ඒ නිසයි තාමත් එයා එතන ඉන්නෙ. මේ මාසෙ ඉවර වෙද්දි එයා ඒ ජරාගොඩේ නෑ. එතකොට උඹලට තවත් ඔහොම කුණු කතා කියන්න බෑ."
මගේ ඉවසීමේ රතුකට්ට පුපුරලා ගියා. මොනවා උනත් ඒ මන් ආදාරේ කරන කෙල්ල. එයාට එහෙම ජරා කතා කියන්න ඉඩ දෙන්න බෑ.
"උඹමයි මචන් මාව එතනට එක්ක ගියේ. දැන් ඇයි උඹම මේකට විරුද්ධ වෙන්නේ."
චමියා මගේ කර උඩින් අතක් තිබ්බා. මන් ඒ අත එහට තල්ලු කරලා දැම්මා.
"මචන් මන් උඹව එතනට එක්ක ගියා තමයි. ඒත්  ඒ එක්ක ගියේ එවෙලෙට පොඩි ආතල් එකක් ගන්න විතරයි. නැතුව ඒකෙ ඉන්න ගොන් බඩුවකට ලවු කරලා බෙල්ලෙ එල්ලගන්න නෙවෙයි. පිස්සු කෙලින්නෙ නැතුව තේරුම් ගනින් මච. ලෝකේ ඕනෙම දේක එන්ඩ්ලයින් එකක් තියෙනවා. අපිට ඒක ක්‍රොස් කරන්න බෑ. අපිට ඒ සීමාව පන්නලා යන්න බෑ. එහෙම ගියොත් ඒක ලෝක ප්‍රශ්ණයක්. හරියට උඹ දැන් මේ දාගෙන ඉන්න ලෙඩේ වගේ."
චමියා ඒ සැරේ කතා කලේ බොහොම සන්සුන්ව. මන් මීට කලින් උගේ එහෙම ස්වරූපයක් දැකලා තිබ්බෙ නෑ. ඒත් උගේ කතා පිලිගන්න පුලුවන් තැනක මගෙ ඔලුව තිබුනෙ නෑ. මගේ ජීවිතේ, මගේ ආදරේ..... මොකද්ද අනිත් උන්ට ඒ ගැන තියෙන රුදාව. එයාගෙ පරණ ජීවිතේ මට ප්‍රශ්ණයක් නැත්නaම් ඇ‍යි අනිත් අයට ප්‍රශ්ණයක් වෙන්නෙ. වැරදි කරපු කෙනෙක්ට හැදෙන්න බැරිද? හැදෙන්න ඉඩ දෙන්න තරම් සමාජය කාරුණික නැද්ද? ඇයි වැරදිකාරයව හැමදාම ඒ වැරැද්දෙන්ම වහලා තියන්න හදන්නෙ? අහන්න තව සෑහෙන්න ප්‍රශ්න ඔලුව ඇතුලෙ පෙරළි කලත්, මන් දන්නවා ඒවට සාධාරණ උත්තර කවදාවත් මට හම්බවෙන්නෙ නෑ. මට අනිත් අයගේ ඒ උත්තර වැඩකුත් නෑ. මොකද මන් දන්නවා මගේ හිත ගැන. මන් දන්නවා මන් ආදරේ කරන කෙල්ල ගැන. මට ඒ ඇති.
චාමියා නිකන් ඉන්නෙ නැති වෙයි. ඌ මේක නවත්තන්න ඌට පුලුවන්හැම දේම කරයි. හැබැයි ඒ හැමදේටම මමත් සූදානම්. මට බයක් නෑ. මොකද දැන් මගේ ලෝකේයේ සීමාවන් නෑ. මම ඒ හැම සීමාවක්වම අතික්‍රමණය කරලා.

-(නො)නිමි-