Wednesday, April 1, 2015

වෙනස සහා ආදරයේ කතාව



Two Heart Entertainment කියන නම සමහර දෙනෙක්ට මතක ඇති. කාලෙකට ඉහතදි මවිසින් කරන්න යෙදුන විඩියෝ නිර්මාණ මන් කලේ ඒ නමින්. ඒත් ඔන්න අද සිට යම් වෙනසක් වෙනවා. මේ වෙනස ගැන තමයි මන් පහුගිය කාලෙ මුහුනු පොතේ එහෙමත් දාගෙන හිටියෙ.
හරි ඔන්න එහෙනම් මේකයි වෙනස. Two Heart Entertainments කියන නම අද ඉඳන් වෙනස් වෙනවා. අලුත් නම තමයි
Magic Hat Pictures.


ඔක තමයි මගේ අලුත්  Logo එක. මෙතැන් සිට මන් කරන දේවල් මේ නමිත් තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නෙ.
ඉතින් Magic Hat Pictures වලින් කරපු පලවෙනි වැඩේ ඔයාලට පෙන්නන්න තමයි මන් මේ සූදානම් වෙන්නෙ. මට මේකට ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 13යි තප්පර 10ක් ලබාදෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

ඔෆිස් එකෙ වැඩයි තව දහසකුත් වැඩයි මැද්දෙ මේ වීඩියෝ එක මේ මට්ටමින් කරලා නිමා කරගන්න මට මාස දෙකක කාලයක් ගත උනා. ඇත්තටම මේක ලෝ බජට් ක්‍රියේශන් එකක්. ඒක නිසා ගොඩ දෙනෙක්ගෙ උදව් මට මේකට ලබාගන්න උනා. ඒ උදව් කල හැමෝටම මන් මේ වේලාවෙ මගේ හද පිරි ස්තූතිය පිරි නමනවා. වැඩේ අයිඩියා එක මගේ ඔලුවට ආපු වෙලාවෙ ඉඳන් වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම, හැම පැත්තකින්ම උදව් කරපු අක්කව (දිල්ශාරා වීරසිංහ) මන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒත් එක්කම අඳුනගෙන මාස දෙකක් තුනක් යන්නත් කලින් තමන්ගෙ වටිනා කාලය කැප කරගෙන ඇවිත් මගේ වැඩේට ඕන කරන චිත්‍ර ටික ඇඳලා දීපු අංජලා මධුභාෂිණී නංගිටත් මේ වෙලාවෙ ස්තූති කල යුතුමයි. ඒත් එක්කම විඩියෝ රූපගත කිරීම් වලට අවශ්‍ය දර්ශණ තලය නිර්මාණය කරගන්නත්, රූපගත කිරීම සාර්ථකව සිද්ධ කරගන්නත් උදව් කරපු තරිඳු දර්ශන, දක්ශිත මලීන්, දසුන් චාමිකර, හශාන් රමේශ්, පුලස්ති චතුරංග, අසංක ප්‍රදීප් මල්ලිලා සෙට් එකටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ගෙදරින් එන බැනුම් මැද්දෙ රෑ වෙනකම් පසුබිම් කථනය සඳහා හඬ කවපු යශී තත්සරණි නංගිටත් ස්තූති නොකලොත් ඒක අඩුවක් වෙනවා. ඒත් එක්කම සංජය ගුණවර්ධන අයියා, මන් කරපු හැම වැඩකදිම වගේම මේ වැඩේදිත් පිටිපස්සෙන් ඉඳගෙන නිර්ලෝභීව අවශ්‍ය උපදෙස් ලබාදිම ගැන ගොඩක් ස්තූතියි. මොකද මන් මෙතෙක් හමුවෙලා තියෙන නිර්මානශීලීම මනුස්සායා ඔහූයි. ඔහුගේ උපදෙස් හැමවෙලේම මගේ වැඩ වලට ලොකු රුකුලක් උනා.

දීලීප ර්යෝජුන්, කෙනෙකා හිමානි

මේ ස්තූතිය ඔබ දෙපලටයි. ඔබ දෙපල නොවන්නට මේ නිර්මාණය බිහි නොවන්නට ඉඩ තිබ්බා. මෙහි සැබෑ අයිතිය සැබැවින්ම ඔබ දෙපලටයි. මා කෙරෙහි විශ්වාසය තබා ඔබ දෙපලගේ ජීවිතයේ වැදගත්ම දෙයක් මට බාරදීම ගැන බොහොමත්ම ස්තූතියි.

ඔන්න පුදසත්කාර තුති වැයුම් ඔහොමයි. ඔයිට අමතරව මේ නිර්මාණය සැබෑවක් කරගන්න එක වචනෙකින් හෝ එක මයිල් ගහකින් හෝ උදව කල සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මගේ හද පිරි ස්තූතිය පිරි නමනවා.

එහෙනම් ඉතින් මේ සූදානම් වෙන්නෙ මේ වීඩියෝ නිර්මාණය ජනසතු කරන්නයි. විනාඩි 13යි තප්පර 10ක් බොහොම ඉවසීමෙන් මේ වීඩියෝව නරඹලා ඔබේ අවංක අදහස සටහන් කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඉදිරි වැඩ වලට මට ලොකු උදව්වක් වේවි.

 නරඹපු ඔබ සැමටත් ස්තූතියි!

ඔන්න මේකටත් ලයික් එකක් දාගෙනම යන්නකො........
https://www.facebook.com/MagicHatPictures

4 comments:

  1. මල්ලී . .සමාවෙන්න විනාඩි 13 ම නම් බැලුවේ නෑ . . මුල් විනාඩි 5ක් විතර බැලුවා. වැස්ඩේ සුපිරි. දැනුනු පොඩි අඩුවක් කියන්න කමක් නෑනේ? (අඩුපාඩු හදාගන්න ඕන නිසයි කියන්නේ හරිය ) ගෑනු ළමයගේ සද්දේ ඇහෙන්නේ හරියට දුරකින් ඇහෙනවා වගේ. ඒක ස්ටුඩියෝ එකක් ඇතුලේ නෙමේද රෙකෝඩ් කලේ? වොයිස් එක ලස්සනයි චිට්‍ර ටික සුපිරි ෆ්ලෝ එක සිරා . . ඒත් අර දුරුන් වගේ ඇහෙන සීන් එක නිසා ඒක බොක්කට දැනෙන්නේ නෑ වගේ ගතියක් මට දැනුනා . .

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අර ග්‍රින් ස්ක්‍රින් එකෙ අර දෙන්න ඇවිදන් එන එක පොඩ්ඩක් අවුල් වගේ.. අපි එහෙම ඇවිදින්නැනෙ. එක තැන ඇවිදින්න උන නිසා වෙන්න ඇති :D
    ආයෙ වොයිස් එක තමා අවුල
    අනික්වා මරු.. ජය වේවා!!

    ReplyDelete
  4. නියම වැඩක්.
    මට නම් දැනුණු එකම ප්‍රශ්නෙ අර දුකා කිව්ව කටහඬේ තිබ්බ ප්‍රශ්න විතරයි. මයික් එකට තව ටිකක් ලං උනා නම් ගොඩ දාගන්නත් තිබ්බ සමහර විට.

    ReplyDelete