Monday, February 13, 2012

අහෝ........!!!

ප්‍රේම මන්දිරේ
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා

ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා

කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා

ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා

ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා

සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා

12 comments:

  1. ප්‍රේම මන්දිරේ
    රෝස සයන මත
    කඳුලු ගලන හඬ
    මට ඇසුනා

    නොකරපු වරදට
    මූණ වසාගෙන
    කුමරිය වැලපෙනු
    මට පෙනුනා

    කිරුළෙ හෙවූ
    නිල් මැණික පළුදු වී
    රතු රුහිරෙන්
    නොතෙමුනු හන්දා

    නොගැලූ රුහිරය
    සිහිපත් කරමින්
    කඳුලු බිංදු
    දෙනෙතින් ලිස්සා

    ආදරයේ රස සෙවූ
    දෙතොල් මත
    ලුණු රසකින්
    කැටයම් මැවුනා

    සායම් නොසේදුනු
    සමනල තටු ලඟ
    කුමරුන් ගොරවනු
    මට ඇසුනා

    ReplyDelete
  2. නුඹට ඇසුන මුත්
    ඇසිය යුතුම අය
    නෑසුන සවනින්
    ලොව සිටියා

    ReplyDelete
  3. අහෝ දුකකි...
    කවිය නම් සිරාවකි...

    ReplyDelete
  4. මරේ මරු කවි ටික අයියා...

    ReplyDelete
  5. හරිම ලස්සනයි යාළු

    ReplyDelete
  6. නියමය් නේ අය්යේ , :ඩ

    ReplyDelete