Thursday, April 7, 2011

අත්හදාබැලීමක්!

ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න මන් පොඩ්ඩක් ඒ ගැන කියන්නම්. ඔයාලා කාටූන් දන්නවනේ. කාටුන් වලදි වෙන්නෙ එක්තරා චලනයකට අදාල චිත්‍ර රාශියක් එකට එකතු වීමනේ. ඒ වගේම මේ ස්ටොප් මෝශන් ඇනිමේශන් වලදි වෙන්නෙ ඒ ඒ කැරැක්ටර්ස් වල ස්ටිල් ඉමේජස් එක දිගට ප්ලේ කිරීමක්. සරලව පැහැදිලි කරනවනම් මෙන්න මෙහෙම. මුලින්ම අපිට අදාල කැරැක්ටර්ස් හදන්න වෙනවා කුමක් හෝ අමුද්‍රව්‍යකින්. හැබැයි ප්‍රධානම දේ ඒ කැරැක්ටර්ස් වල අංගෝපාංග චලනය කරන්න පුලුවන් වෙන්න ඕන. ඔන්න අපි හිතමුකො අපි ක්ලේ වලින් මිනිහෙක්ව හැදුවා කියලා. අපිට ඕන ඒ මිනිහා ඇවිදින විදියේ ස්ටොප් මෝශන් ඇනිමේශන් එකක් කරන්න. එතකොට කරන්නෙ මෙහෙමයි. ඒ මිනිහ ඇවිදින ඉරියව්වෙන් අත පය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර ඒ කරන හැම වෙනස්කමක්ම ස්ටිල් ෆොටෝ එකක් ගන්නවා. ඒ කියන්නෙ පොඩ්ඩක් වෙනස් කරනවා ෆොටෝ එකක් ගනන්වා. ආයෙ තව ටිකක් වෙනස් කරනවා තව ෆොටෝ එකක් ගන්නවා. ඔය විදියාට අපිට අවශ්‍ය තරම් ෆොටෝ ගනන්වා. ඊට පස්සෙ අන්තිමට ඒ ෆොටෝස් සේරම ටික වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකකින් එකලස් කරගන්නවා. ඉතින් අර ගත්තු ෆොටෝ ටික එක දිගට ප්ලේ වෙද්දි අපිට පේන්නෙ අර මිනිහා ඇවිදිනවා වගේ. ඕක තමයි සරල සිද්ධාන්තය. හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. මොකද තත්පරයක් කියන්නෙ ෆේම් 24ක්. ඒ කියන්නෙ තත්පරයක ඇනිමේශන් එකක් කරන්න අපි ෆොටෝ 24ක් ගහන්න ඕනේ. ඉතින් හිතන්න දිග ඇනිමේශන් එකකට කොයි තරම් ෆොටෝ ගහන්න ඕනද කියලා. අනිත් එක ඇනිමේශන් එක ස්මූත් වෙන්න නම් චලනයේ හූඟාක්ම ලඟ ලඟ වෙනස් කම් තමයි කරන්න ඕන. ඒ වගේම හිතන්න කැරැක්ටර්ස් ගොඩක් ඒක සැරේ කන්ටොර්ල් කරද්දි කොහොමද. ඇත්තටම මේක නහින වැඩක්. ඒක මට තේරුනේ මන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලපු නිසා. මිට මාස 5කට විතර උඩදි තමා මන් ඔය එක්ස්පෙරිමන්ට් එක කලේ. හෙන ගේමකින් පස්සෙ යාන්තම් තත්පර හතරක පුංචි ඇනිමේශන් එකක් කරගන්න පුලුවන් උනා. ඒකට මට ෆොටෝ 96ක් ගහන්න උනා. ඒකනම් එපාම වෙන වැඩක්. ඒත් කරද්දිනම් ආසයි. වැඩේ තියෙන්නෙ තනියෙන් කරන්න ටිකක් අමාරුයි. ඒ ඒ කැරැක්ටර්ස් වල මූව්මන්ට්ස් බලාගන්න වෙන වෙනම අය දාන්න පුලුවන්නම් වැඩේ හොඳට කරගන්න පුලුවන්. ෆිල්ම් වලදිනම් වෙන්නෙ එහෙමයි.
                                   3D එහෙම නොතිබුන කාලේ මේ ක්‍රමය ගොඩක් ෆිල්ම් වලට යොදාගත්තා. හැබැයි හොලිවුඩ් වල තාමත් ස්ටොප් මෝශන් ෆිල්ම්ස් බිහි වෙනවා. ඔයාලා ආසවෙන් නරඹපු Chicken Run චිත්‍රපටියත් සම්පූර්ණයෙන්ම කරලා තියෙනෙන් ස්ටොප් මෝශන් වලින්.
                           මේ තියෙන්නෙ මන් කරපු එක්ස්පෙරිමන්ට් එක. පස්සෙ තව හරියට එකක් කරන්න ඕන. ඒත් ඒකට වෙලාවක් ලැබුනේ නෑ. පැය ගානක් එක දිගට නහින්න බලාගෙන ඕන වැඩේට අත ගහන්න. :D ස්ටිල් කැමර් එකක් තියෙනවනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න. ෆෝන් එකේ කැමර් එක උනත් වැඩේට ඇති.



තත්පර 4ක් නිසා මොකද්ද වෙන්නෙ කියලවත් හිතාගන්න බැරි වෙයි. දැන් මට බනින්න එපා මේ මොන මගුලක්ද මේ කියලා. මන් කිව්වනෙ ඕක එක්ස්පෙරිමන්ට් එකක්. :D

22 comments:

  1. තත්පර හතර උනත් ඇති..ඒත් ඒ ඇතුලෙත් ටිකක් ස්පීඩ් එක වැඩියි වගේ නේද..?

    ReplyDelete
  2. හලි ශෝයි නේ....! අර ටෙඩියව ඇයි වැට්ටුවේ...??? තව එකක් කරලා බලමු. නියමෙටම තියෙයි.

    ReplyDelete
  3. ෆාස්ට් වැඩිනේ අය්යේ.....ටෙඩිලා ටික නම් ෂෝයි

    ReplyDelete
  4. අත්හදා බැලීමනම් හොඳයි. මේ පිළිබඳව මාගේ දැනුම අල්පය. ඒත් ඔයා කියපු විදිහට කරලා බලන්න උත්සාහ කරන්න ඕනා... :)

    ReplyDelete
  5. එලනෙ... මාත් අපේ ගෙදර පූසො දෙන්නෙක් ගෙ පොටෝ අරන් මේවගෙ එකක් හැදුවා ඒත් මේකට කියන නම දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  6. මරූ මරූ උඹ හොඳ පිල්ම් එකක් හදන දවසකට අපිටත් බැරියැ ඔය පොඩි චරිතයක් රඟපාන්න ඉල්ලගන්න :D

    ReplyDelete
  7. හරි ෂෝක් වීඩියෝ එකක්නේ අයියා.. මමත් හදලා බලන්න ඕනෙ..

    ReplyDelete
  8. තත්පර හතරක එකක් හදන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙනම් අපෝ ඉස්සර කාටුන් ෆිල්ම් හදන්න කොච්චර කාලයක් යන්න ඇත්ද?

    ReplyDelete
  9. වැඩේ නියමයි. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  10. ඒ මරු බං . . . මේකෙ වේගෙ අඩු කලොත් මොනා වෙයිද ???
    අනේ මේ මචෝ . . . කවද හරි උඹත් අපේ ටයි මාමගෙ වයසට ඇවිල්ල බයිස්කෝප් එකක් ගහද්දි . . . මටත් පොඩි ඇට්ටිං කෑල්ලක් දියං හොඳේ . . .

    ප.ලි.: මචං . . මේ කෙටි චිත්‍රපටියට අර උඹලෑ ගෙදර ඉන්න අති දක්ෂ කැමරා ශිල්පිනියගෙ අත්ගුනේ ගෑවිලාවත් නැද්ද ???

    ReplyDelete
  11. ම්ම්ම්ම් වේ ගෙනම් වැඩියි තමා. බලන්නකෝ නංගිට කැමර් එක දීලා අයියා සහය අධ්‍යක්ෂක වෙලා...... :D

    ReplyDelete
  12. සියල්ලන්ටම
    වේගෙනම් වැඩියි තමයි. ඒක තමයි මන් කිව්වෙ වෙන්නෙ මොනාද කියලා හිතාගන්නවත් බැරි වෙයි කියලා. වැඩේ මේකෙයි. ෆොටෝ කෑලි 96කින් ඔයිට වඩා ස්ලෝ ක‍රන්න අමාරුයි. ඕකම තත්ප‍ර 6,7කට ස්ලොව් ක‍රන්න පුලුවන්. ඒත් එතකොට ෆ්‍රේම් රේට් එක වෙනස් වෙන නිසා අවුලක් වෙනවා. මන් ඒ නිසා තමයි කිව්වෙ ස්මූත් ඇනිමේශන් එකකට හුගාක්ම ලග ලග වෙනස්වීම් ගන්න ඕන කියලා. ඒත් එදා එච්ච‍ර දෙයක් ක‍රන්න කම්මැලි හිතුනා. ඕකම ෆොටෝ 200කින් වගේ කලානම් ඔයිට වඩා හොද එකක් ක‍රගන්න තිබ්බා.
    දැනුම අල්ප උනාට කමක් නෑ. මටත් මහා ලොකු දැනුමක් නෑ. එහෙන් මෙහෙන් දැනගත්තු දෙයක් විත‍රයි මාත්. උත්සහා ක‍රලා බලන්න. ගීතික පූසන්ගෙ ෆොටෝ අලින් හැදුවා වගේ ලයිව් ඇක්ශන් ෆොටෝ ගහලත් මේ වගේ ඒවා හදන්න පුලුවන්.
    ඒ කාලෙ කාටුන් හදපු විදියනම් මට තාමත් හිතාගන්න බෑ. පිස්සු හැදෙනවා හිතෙන කොටත්.
    අර ටෙඩියව වට්ටපු එකනම් ඉතින් ක‍රන්න දෙයක් නැති කමට ක‍රපු එකක්. හෙ හෙ....
    හදන්න හිතෙන හැමෝම නිකම් ක‍රලා බලන්න. ඒ වගේම මගෙන් ච‍රිත ඉල්ලපු හැමෝටම ඉදිරි කාලයෙදි සාධාරණයක් ඉශ්ට වෙයි. හැබැයි ඊට කලින් මට නිලියෙක් හොයලා දීපල්ලා. :D
    ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  13. කාලය පොඩි වුනාට මැක්සා බං....

    මචං අර ඉඟුරු පාන් මල්ලි එහෙමත් ඔය වගේ කරපු එකක්ද?

    ReplyDelete
  14. මේක නම් පට්ටයි..
    අඩේ උබ ගාල්ලේ නේද බං ? සෙට් වෙලා හොද ශොර්ට් ෆිල්ම් එක්ක කරමුකො බං.. මට හෙනම උණක් තියෙන්නෙ :D

    ReplyDelete
  15. උඹත් එක එක එව්වා කරනව නේද නිකං ඉන්න වෙලාවට... අනාගතේ ඉස්පිලිබර්ග් කෙනෙක් වෙයිද මන්දා... :D chicken run වගේම, wallace and gromit, incredible mr. fox වගේ එව්ව කරල තියෙන්නෙත් ඔය ස්ටොප් මෝෂන් ක්‍රමේටමනේ... :-)

    ReplyDelete
  16. මට නම් හිතෙන්නෙ ඔය වගෙ වැඩක් කරන්න නම් හොඳ ඉවසීමක් තියෙන්න ඔනෙ.....උඹ වගෙ එකෙකුටම තමයි ඔය වගෙ එකක්(මගුලක්) කරන්න පුලුවන්............

    මට නම් හිතනකොටත් මඤ්ඤං........

    ReplyDelete
  17. අනුරාධයා, මේ වගේ දේවල් ගැන දැනගන්න මම නං හරිම කැමතියි. උඔ ඒ ගැන කියලා දෙන විදිහෙන් තේරුම් ගන්න ලේසියි.

    මට කියහං ඔය උඔ කියපු විදිහටද චිකන් රන් කරලා තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ එකින් එක අතින් වෙනස් කර කර ද නැත්තං ඒවට වෙන දියුනු ක්‍රම තියෙනවද?

    කොහොමත් වැඩේ ගැන මට සතුටුයි!

    ReplyDelete
  18. මෙන්න මං හදපු එක.. :D
    http://www.youtube.com/watch?v=m6FI6dOPecE

    ReplyDelete
  19. මරු වැඩේ !
    මාත් ට්‍රයි එකක් දාන්න බලන්න ඕනේ =D
    කාටුන් වල ෆ්‍රේම් රේට් එක 24 / 30 ට වඩා අඩුයි. මට මතක හැටියට 14 ක්ද කොහෙද. එක නිසා ටිකක් විතර ලේසි වෙන්න ඇති. ඒවුනාට ඒවා ඔක්කොම අඳින්නේ අතින් නේ :O වෙනම ට්‍රේස් කරන්න ආටිස්ට්ලත් ඉන්නවලු.

    ReplyDelete
  20. වැරදුණා වැරදුණා.... අර කලින් කියල තියෙන එක ෆිල්ම් එකක් Fantastic Mr. Fox. මෑතකදි ජනප්‍රිය වුණ හොඳම ස්ටොප් මෝෂන් එකක් තමයි ඒක.

    මේන් මේකත් බලන්න... කට්ට කොහොමද කියලා...

    http://www.youtube.com/watch?v=rmkLlVzUBn4&feature=player_embedded

    ReplyDelete
  21. @prasanna86k
    ඔව් ඉඟුරු පාන් මල්ලි මල්ලි කියන්නෙත් ස්ටොප් මෝශන් වලින් ක‍රපු එකක් තමයි. කාලෙ දිග එකක් හෙමිහිට ක‍රන්න ඕන බන්. :D

    @Bunny
    ඔව් මලයා මම ගාල්ලෙ තමා. අනිවා සෙට් වෙලා මොකක් හ‍රි ක‍රමු. හොද කතාවක් හොයාගනින්කො. උඹේ වැඩේත් උප‍රිමයි ආ. පට්ටෙට තියෙනවා ඒක.

    @hare
    ඔව් මචන් උඹ කියලා තියෙන ඒවත් ක‍රලා තියෙන්නෙ ස්ටොප් මෝශන් වලින් තමයි. ඊට වඩා ලෙසියෙන් 3D වලින් ක‍රන්න ත‍්රම් තාක්ශණේ තිබිලත් උන් තාම ඒවා යුස් ක‍රනවා. ඒක තමයි මන් දකින උන්ගෙ විශේෂත්වය.

    @සවිගු
    ඉවසීමනම් තියෙන්න ඕන තමයි. නැත්නම් මගදි මල පනිනවා බන්. දමලා ගහලා යන්න හිතෙනවා. එදා අන්තිම අන්තිම වෙන්නත් මටත් ටිකක් කම්මැලි හිතුනා. ඒකයි ෆොටෝ 96න් නවත්තලා දැම්මේ. :D


    @බුද්ධි
    කොච්ච‍ර දෙයක්ද බුද්ධි අයියා. මන් හිතුවා කට්ටියට දිරවන්නෙ නැති වෙයිද කියලත් මේ වගේ ලිපි. චිකන් රන් ක‍රලා තියෙන්නෙ ඒ විදියට තමයි. මෙන්න මේක බලන්නකො. කන කට්ට ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්.
    http://www.dailymotion.com/video/x2ro0g_making-of-chicken-run_creation

    @Shenya de Silva
    අනිවා හදලා බලන්න නංගී. ඔය කාටුන් වල රේට් ගැනනම් මට ටිකක් අවුල්. මන් ඒක ගැන හෙව්වා. ඒත් මට හ‍රියටම දැනගන්න බැරි උනා ඒක. එක එක තැන් වල එක එක විදියට තියෙනවා ඒ ගැන. අඳිනවා කියන්නෙත් ලේස් වැඩක්ද. ඒ කට්ටනම් හිත කොටත් බය හිතෙනවා.

    ReplyDelete
  22. හයෝ... මේක මිස් වුනේ නුවර උන්නු නිසා...

    මල්ලි මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා..
    අධි වේගයෙන් හයි වේ එකේ යන උදවිය... සහ අතුරු මගක යන අභියෝගය භාර ගන්න උදවිය...

    හයි වේ එක ලේසියි. පහසුයි. තරඟය වෑඩියි. නවතින්න බෑ. අනිත් අය යන පාරෙම යන්න වෙනවා. ඒ වේගෙන්ම.. ඒත් කෙලින්. දුර අඩුයි.. පෑහෑදිලියි. වෙන අමුතු දෙයක් නෑ. කොහොම ගියත් ගමනාන්තයටම එනවා.

    දෙවෙනි පාර අතුරු පාරක්. වෑඩිපුර උදවිය යන්නෙ නෑ. හෑබෑයි අලුත් අත්දෑකීම් පිරිලා. පාර දුස්කරයි ඒත් කොල පාට ගහකොල, මුහුද සතා සීපාවා හෑමදේම තුලින් අලුත් දෙයක් ඉගෙන ගනිමින් යන ගමනක් ඒක.ගමන දුරයි. ඒත් ආනන්දජනකයි, කොච්චර වෙහෙස වුනත්.

    නිකම්ම නිකම් ඉන්න පුලුවන් එකේ, ඒ කාලය පෑය ගනන් වෙහෙස කරලා අලුත් පොඩි දෙයක් කරන උණ තියන , අතුරු පාරේ අභියෝගය බාර ගත් නුඹට මම ජයෙන් ජය පතනවා....

    පාර දුරයි.. ඒත් ගමන පෑහෑදිලියි...
    ජය !!!!

    ReplyDelete