Tuesday, May 18, 2010

මට විශේෂ ලිපිය

පහු ගිය ටිකේම දදා හිටියේ කවි මඩුවෙදි මම ලියපු කවි ටිකනේ. දැන් කොටස් 5ක් දාල තියෙනවා. තව කොටස් දෙකක් විතර වගේ තමයි දාන්න තියෙන්නෙ. මන් ඉතින් වැඩිය කවි ලිව්වෙ නෑනෙ. ඔක්කොම එකසිය හැට ගානයිද කොහේද ලියලා තියෙන්නෙ. අදත් හරිනම් ඒකෙ හය වෙනි කොටස තමයි දාන්න ඕන. ඒත් අද ඒක නොදා මන් මේ වෙනම ලිපියක් ලියන්න ගත්තේ විශේෂ කාරණාවක් හිංදා. ඒක ඔයාලටනම් එතරම් විශේෂ කාරණාවක් නෙවෙයි. නමුත් මටනම් ඒක අති විශේෂ කාරණාවක්. අන්න ඒ කාරණාව ගැන පොඩි සඳහනක් කරන්න ඕන නිසා තමයි අද දාන්න තිබ්බ "කවි මඩුවේ මගේ කවි - අංක 6" පල කරන එක පොඩ්ඩ්ඩකට කල් දාලා මේක ලියන්න ගත්තේ. දැන් ඔයලා ඇඟිලි කටේ ගහගෙන, ඔලුව කහ කහ, නියපොතු හප හප කල්පනා කරනවා ඇති මොක්ද්ද බොල මේ විශේෂ කාරණාව කියලා. හරි හරි. ඒක කල්පනා කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. ඔයාලව වෙහෙස කරවන්නෙ නැතුව මන්ම කියන්නම්කො ඒ ගැන. මෙන්න මේකයි.

                               මේක තමයි මන් ලියන පනස් වෙනි ලිපිය. ලිපි හතලිස් නවයක් ලියලා මේ දැන් පනස් වෙනි ලිපිය තමයි මේ මොහොතේ අකුරු කරන්නේ. අපෝ........ ඕකද මේ. ඕකත් මහ ලොකු විශේෂ කාරණාවක්ද. මදැයි අපිත් ඇස් දෙකත් ලොකු කරගෙන කියෙව්වා. ඔයාලට එහෙම හිතෙන්න පුලුවන්. ඒකට මන් ඔයාලට දොස් කියන්නෙ නෑ. මන් ඒකයි මුලින්ම කිව්වේ මේක මට විශෙෂ කාරණාවක් උනාට ඔයාලට විශේෂ කාරණාවක් නෙවේ කියලා. මම මේ ලිපියේ මාතෘකාව "මට විශේෂ ලිපිය" කියලා දැම්මෙත් ඒකමයි. ඇයි මට මේක විශේෂ කාරණාවක් වෙන්නේ. ඒ ගැනත් කියනන් එපැයි.
                                          මන් මුලින්ම බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ ජනවාරි තුන් වෙනිදා. ඊට කලින් මාස 5ක් 6ක් විතර මම බ්ලොග් කියෙව්වා. මට මුලින්ම දකින්න් ලැබිච්ච සිංහල බ්ලොග් 1 තමයි අපේ පහන් සොයුරා ලියන පහන්ගේ දින සටහන් කියන බ්ලොග් එක. ඒක මන් දැක්කේ මූණු පොතේ දාලා තියෙන සබැඳියක් නිසා. එතනින් තමයි මන් සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙනව කියලා දැනගත්තේ. ඒක නිසා මන් මේ පනස් වෙනි ලිපිය ලියන මොහොතේ පලමුවෙන්ම ස්තූති කරන්න ඕන පහන්ට. මොකද එයා නැත්නම් මන් අදටත් සිංහල බ්ලොග් ගැන දන්නෙ නැති කෙනෙක් වෙන්න පුලුවන්. මම පහන්ගේ බ්ලොග් එක කියවද්දි බ්ලොග් කියන දේ ගැන කිසිම දැනීමක් තිබුනේ නෑ. පහන්ගේ බ්ලොග් එකේ දාලා තිබුන කමෙන්ට් වල ආධාරයෙන් මට තවත් සිංහල බ්ලොග් හොයාගනන් පුලුවන් උනා. ඊට පස්සෙ මන් සිංහල බ්ලොග් කියලා google එකෙ සර්ච් කරා. එතනදි තමයි මන් මුලින්ම සිංහල බ්ලොග් කියවනය දැක්කේ. ඒකෙ උදව්වෙන් මට ගොඩාක් බ්ලොග් කියවන්න අවස්ථාව හම්බ උනා.
                            ගෙදරට සීනි ඔතාගෙන එන පත්තර කෑල්ල පවා  කියවන්න පුරුදු වෙලා හිටපු මම, රස්සාවේ කාර්‍යබහුලතවය නිසා එක සිංහල අකුරක් කියවන්න විදියක් නැතුව ඉද්දි, කියවීම කියන දේ මගේ ජීවිතයෙන් ටිකෙක් ටික ඈත් වෙලා යන්න හද්දදි, මේ බ්ලොග් ලිපි මගේ ජීවිතේට ලොකූ ජීවයක් අරන් ආවා. බ්ලොග් කියවන එක මගේ ජීවිතයේ වැදගත්ම අංගයක් උනා. කොටින්ම මන් ඒකට ඇබ්බැහි උනා. ඇත්තටම බ්ලොග් කියවීම නිසා මට ගොඩාක් දේවල් මගේ ජීවිතයට එකතු කරගන්න පුලුවන් උනා අධ්‍යපනික වගේම සමාජිය වශයෙනුත්. ඒකට මන් ඒ බ්ලොග් ලියපු සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මෙහෙම බ්ලොග් කියව කියව ඉන්න අතරතුරේදි තමයි මමත් බ්ලොග් එකක් ලිව්වනම් හරි කියන අදහස මගේ ඔලුවට ආවේ. එත් මන් බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. ඉතින් කොහොමද බ්ලොග් එකෙක් හදාගන්නේ. මේ ප්‍රශ්ණය ඔලුවෙ තියාගෙන මන් සෑහෙන්න කලක් හිටියා. අන්තිමේ කොහොම හරි ඒ ගැන වැඩිදුර විමර්ෂණය කිරීමේ ප්‍රතිපලයක් විදියට මේ අවුරුද්දේ ජනවාරි තුන් වෙනිදා "අනන්තය" නමින් මගේ බ්ලොග් එක වෙබ් අවකාශයට මුදා හැරින්න පුලුවන්කම ලැබුනා.
                          ඊට පස්සෙ තිබුන ලොකුම ප්‍රශ්ණෙ තමයි මගේ ලිපි කියවන්න බල්ලෙක්වත් නැති එක. කට්ටිය හැමෝම සින්ඩිය සින්ඩිය කිය කිය හිටියට මෙයාලා මේ සින්ඩිය කියල කියන්නේ සිංහල බ්ලොග් කියවනයට කියලා මන් ඒ වෙන කොට දැනන් හිටියේ නෑ. පස්සෙදි තමයි මට තේරුනෙ මන් මේ බ්ලොග් හොයගන්න පාවිච්චි කරන සිංහල බ්ලොග් කියවනයට මගේ බ්ලොග් එකත් ඇතුලත් කරානම් හරි කියලා. ඒ සිතිවිල්ල ක්‍රියාවට නැගුන එකේ ප්‍රතිඵලයක් විදියට පෙබරවාරි පලවෙනිදා ඉඳන් මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුලත් උනා. එතන ඉඳන් තමයි මේ බ්ලොග් යාලුවො ගොඩ දෙනෙක්ව මට දැන අඳුන ගන්න ලැබුනේ. සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ අනුරාධ කියන නමටත් පැවැත්මක් ලැබුනේ. ඇත්තෙන්ම මම දෙවනුව ස්තූතිවන්ත වෙන්න ඕන සිංහල බ්ලොග් කියවනයට මාව මේ අද ඉන්න තැනට ගෙනාවට. සිංහල බ්ලොග් කියවනය තිබුනේ නැත්නම් තාමත් මමම ලියාගෙන මමම කියව කියව ඉන්නවා. සිංහල බ්ලොග් කියවනය පවතවාගෙන යන සියලු දෙනාටම මන් මේ අවස්ථාවෙදි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හදවතින්ම සුභ පතවා ඔබලාගේ ඉදිරි ගමන අති සාර්ථක වෙන්න කියලා.
                                 ඉන් පසුව මා ඉතාමත් ස්තූතිවන්ත විය යුත්තේ ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට. මොක්ද ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය කියන්නෙත් ඉතා විශාල පාඨක ප්‍රමාණයක් මගේ බ්ලොග් අඩවිය වෙත ගෙන්නවලා දුන්න බ්ලොග් කියවනයක්. ඒම නිසා මම තෙවනුව ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට මගේ හද පිරී ස්තූතිය පිරිනමනවා. ඒ වගෙම එහි ඉදිරි ගමන අති සාර්ථක වෙන්න කියලත් මුලු හදවතින්ම සුභ පතනවා.
                                 දැන් මේවන විට මම බ්ලොග් එක ලියන්න ආරම්භ කරලා මාස 4ක් ගෙවී ගොසින් අවසන්. මේ ගතවෙන්නේ පස් වෙනි මාසය. ඒ වගේම මේ මාස 4 ඇතුලත ලිපි 49ක් ලියා අවසන් කොට මේ ලියමින් සිටින්නෙ 50 වෙනි ලිපිය. ඇත්තෙන්ම අද මට හුඟක් සතුටු දවසක්. මම ලියන දේවල් වෙනත් කෙනෙක් කියවනවා බලල සතුටු වෙන්න අවස්ථාවක් නොලැබුනු නිසා මන් ලියන දේ මන්ම කියවලා සතුටු උන යුගයක් මගේ ජීවිතේ තිබුනා. නමුත් අද, දෙදසකට අධික පාඨක පිරිසක් සමඟ, මා ලඟින්ම සිට අත්වැල සපයන යහලු යෙහෙලියන් පනහකුත් සමඟ පනස් වෙනි ලිපිය ලියන මට දැනෙන්නෙ පුදුමාකර සතුටක්. ඇත්තෙන්ම ලියන කෙනෙක්ට මීට වඩා සතුටක් තියෙනවද. මා ලේඛකයෙක් යන වචනය බාවිතා නොකර ලියන කෙනෙක් යනුවෙන් පැවසුවේ මා සැබැවින්ම ලේඛකයෙක් නොවන නිසා. මා හුදෙක් යමක් ලියන කෙනෙක් පමණයි. ලියූ පමණින් ලේඛකයෙක් නොවන බවයි මගේ හැඟීම. මා කරනුයේ මගේ සිතිවිලි මගේ දැනුමේ පමණින් අකුරු වලට හැරවීම පමණයි. එය ලේඛකයෙකුයැයි ආමන්ත්‍රනය කරගැනීමට තරම් සුදුස්සක් නොවේ. ඒබැවින් මා ලියන අයෙක්මි. මගේ පරම සතුට මා ලියනා දේ ඔබ කියවනු දැකීමයි. ඔබ මා ලියු දේ අගය කරනු හෝ  විවේචනය කරනු දැකීමයි.
                                 ඇත්තෙන්ම ඒ සතුට මම අද විඳිමි. මා මේ තරම් සතුටකින් පනස් වෙනි ලිපිය අකුරු කරනුයේ ඔබ නිසා වෙනි ඒ ඔබ නිසාවෙනි. ඒබැවින් මාගේ ස්තූතිය ඔබ සැමට හිමි විය යුතුය. කියවන්නට කිසිවෙකු නොසිටියේනම් මම ලිවීම අත් හැර දැමීමට ඉඩ තිබිනි. නමුත් එය එසේ නොවූයේ ඔබ සෙවන්නැල්ලක් මෙන් ලඟ හිඳිමින් මා දිරිමත් කල නිසාවෙනි. ඒ දිරිය ඉදිරියේදීද මෙලෙසම ලබා දෙනු ඇතැයි මා තදින්ම විශ්වාස කරමි. මා අද මෙතන සිටිනුයේ ඔබ නිසාය. ඔබ නැත්නම් මමද නැත. එබැවින් ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි. මට මෙතරම් දුරක් ඒමට අත්වැල සැපයූ ඔබ සියලු දෙනාටම මගේ හද පත්ලෙන්ම නැගෙන්නා වූ අපිරිමිත ස්නේහය කැටි වූ ස්තූතිය මෙලෙස පුද කර සිටිමි. මම ලියමි. ඔබ මා ලඟ සිටින තෙක් මට බියක් නැත. එබැවින් මගේ ලිවීමට නැවතීමේ තිතක්ද නැත.
                             එසේනම් අවසාන වශයෙනුත් ඔබ සැමට ස්තූතිය පුද කරමින් මාගේ පනස් වන ලිපියට මෙසේ නිමාව තබමි. ඔබේ උපදේශ, ඔබේ ඇගයීම්, ඔබේ විවේච්න, ඔබේ අදහස් මගේ ගමනට ආශිර්වාදයක්ම වනු ඇත.

11 comments:

  1. මම උඹට හදවතින්ම සුභ පතනවා මචන්... තව මාස 4ක් යන්න කලින් ශතකය වාර්තා කරන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..!!
    මට ජීවිතේ වෙලා තියෙන දේවලුයි උඹට වෙලා තියෙන දේවලුයි ගොඩක් දුරට සමානයි කියලයි මට හිතෙන්නේ.

    තව පොඩ්ඩෙන් මේකටත් කවියක් ලියවෙනවා.. සෑහෙන අමාරුවෙන් මෙහෙම ලියාගත්තේ... හික් :D

    ReplyDelete
  2. සුබ පැතුම් මිතුර ...................

    ReplyDelete
  3. මම අහන්නේ අනුරාධ මෙච්චර දිගට ලියන්න පුරුදු උනේ දුකා අයියගෙන්ද ? ඇයි හත් දෙයියනේ මාසයක විතර ගියාගෙ කියවලා ඉවර වෙන්න....50 ටියට මෙච්චර ගිය එකක් නම් 100 එක ගැන මට හිතා ගන්න පුළුවන්.හික්ස් පොඩි වැඩක් කරන්නම වෙනවා ඉතින් කොල්ලට....ඔය 100 වලට පෝස්ට් එක දාන්න කලින් මට චූටි meail එකක් දාන්න වෙනවා. මොකද මගේ කාල සටහනින් මාසයක් වෙන්කරගන්න...හි හි හි...

    මහ නෝටි දිල් කෙනෙක් නේද....

    කොහොම උනත් සුබ පතන්නේ නම් හදවතින්මයි.....ඉතිරි ටිකත් ඉක්මනින් ලියමු. මම ආස ඉතින් අනුරාධ ලියන ඉල ඇදෙන කතාවක් කියවන්න තමා :D

    ReplyDelete
  4. අනුරාධ, මගෙත් ආදරණීයම සුබ පැතුම්..

    ReplyDelete
  5. ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝදරයා. 50 ට 500 ක් ආයුබෝ වේවා

    ReplyDelete
  6. සුභ පතනවා මල්ලියේ ඔයාගෙ 50 වෙනි ලිපියට....!

    ReplyDelete
  7. @නිශාචරයා
    අඩේ මටත් ඕකම හිතුනනෙ. අපි දෙන්නගේ ජීවිත සිතුවීම් වල ගොඩක් සමානකම් තියෙනවා වගේ.
    ඉතින් අනේ ඇයි අමාරුවෙන් නවත්ත ගත්තේ. කවියක් ලියන්න තිබ්බනේ. මන් දැක්කනේ නිශාචරයගේ කවි. ආයෙත් වචන දෙකක් නෑ මරේ මරු.
    කොහොම නමුත් සුභ පැතුවට ගොඩාක් ස්තූතියි.

    @වැප්
    තැංකූ තැංකූ මචෝ......

    @දිල්
    මට තුන් හතර පාරක් කියවලත් තේරුම් ගන්න බැරි උනා මේ මට හොඳ කියනවද නැත්නම් බනිනවද කියලා. ලියන්න පටන් ගන්නකම් තමයි අමාරුව තියෙන්නේ. වස කම්මැලියි. ඒත් ලියන්න ගත්තට පස්සෙ මටම ලිවිල්ල නවත්තගන්න බෑ. ඉතින් ලිපිය දික් වෙනවා පැදුර වගේ. මතකනේ අර එක කතාවක් කොටස් හතරකට ලියලා මන් බැනුනුත් ඇහුවා කට්ටියගෙන්. වැඩේ කියන්නේ වෙලාවකට මටම කම්මැලියි මගේ ඒවා කියවන්න දිග වැඩි නිසා. හික්ස්...
    කමක් නෑ නෝටි උනත් නයිස්නේ.
    සුභ පැතුමට ගොඩක් ස්තූතියි අක්කේ.ඔයාලා හින්දා තමයි ඉතින් මට මේ තරම් දුරක්වත් එන්න පුලුවන් උනේ. ඔයාලා නැත්නම් මන් ඇත්තෙත් නෑ.
    ඉල ඇදෙන කතාවක් නේද. මාත් මේ මතක් කරනවා. මේ දවස් වල මගේ මතකෙට මොක්ද්දෝ වෙලා. ඒකයි කේස් එක. මතක් වෙච්ච ගමන් දෙන්නම්. සුවර්...

    @චේජනා
    ගොඩාක්ම ගොඩාක් ස්තූතියි අක්කේ.

    @ත‍රිඳු
    අඩේ අප්පා..... මෙයාව දැක්ක කල්. දැක්කත් සතුටුයි.
    ස්තූතියි. ගොඩාක් ස්තූතියි.

    @තනෝජා රාජපක්‍ෂ
    ස්තූතියි අක්කේ. ඔයාලගේ සුභ පැතුම් මට ගොඩාක් වටිනවා.

    ReplyDelete
  8. @මාරයාගේ හෝරාව
    ෂා.... මෙන්න මාරයත් මට සුභ පතලා. මාරයගෙන් සුභ පැතුමක් ගන්නවා කියන එකත් ලේසි වැඩක්ද.
    ස්තූතියි මාරයියේ.

    ReplyDelete
  9. පරක්කුවුනානම් තමා ඒ දැඩි අවිවේකය නිසයි කොහොම වුනත් මගෙනුත් සුබ පැතුම් මෙන්න

    ReplyDelete
  10. @චතුරංග රූපසිංහ
    අයියෝ..... පරක්කුවක් කියල දෙයක් නෑ. කොහොම හරි සුභ පැතුවනේ. ඒක මට ලොකු සතුටක්. ගොඩක් ස්තූතියි.

    ReplyDelete