Thursday, April 29, 2010

දවාලෙ පායන චන්ද්‍රයා.........

     චන්ඩ හිරු රැස්
රෞද්‍රව පොලව සිප ගනිද්දි
පවා
සෞම්‍ය කහ එලිය
විහිදුවමින්
චන්ද්‍රයා
බැබලෙන
        අපූරුව.........


පිස්සුද?
ඔය හඳ නෙවෙයි
      වීදි ලාම්පුවක්........

විකාරද?
ඒ හඳ තමයි
මොන මෝඩයද
දවල්ට පාරෙ
        ලයිට් දාන්නෙ........


(මේ ජායාරූප දෙකම මා ගනු ලැබුවේ අද දහවල්, බම්බලපිටියේ අතුරු වීදී දෙකකදීය)



9 comments:

  1. පිස්සු හැදෙන සඳ කිවුවලු.

    ReplyDelete
  2. පිස්සු හැදෙන සඳක්ම තමා.......
    මෙහෙමත් නාස්තිකාර මිනිස්සු ටිකක්

    ReplyDelete
  3. දවල්ට ඇහ පේන්නෙ නැති සත්තු ඉන්නවනෙ බං. උන් වෙනුවෙන් ඔය ලයිට් දාල තියෙන්නෙ.

    ReplyDelete
  4. @Raven
    පිස්සු නොහැදි බේරුනොත් ලොකු දෙයක්.

    @දිල්
    ඒ පාර ටික දවසකින් ලයිට් කපයි. අනම් මනම් බයිලා කියලා. කාට කියන්නද අප්පා මේවා.

    @Outsider
    ඇහැ කන පියවෙච්ච සත්තු නේන්නම් දැන් වැඩිහරියක්ම ඉන්නෙ.

    ReplyDelete
  5. මෙහෙමත් නාස්තියක්... අපොයි අපි ගෙවන බදු වලට යන කල...... :( ටොපියක් කෑවත් එකෙත් බද්දක්නෙ.....

    ReplyDelete
  6. @Naya
    මේවා දැක්කම මාරයම තමයි මතක් වෙන්නෙ.

    @විශ්මි
    ඒක නේන්නම් කියන්නෙ. කාට කියන්නද ඉතින් මේවා. හුටා. ඔය කියනකම් දන්නෙ නෑනෙ. ටොපියටත් බදු වදිනවද. අපෝ...... එහෙනම් වහාම ක්‍රියාතමක වන පරිදි ටොපි කෑම අත් හිටුවන්න ඕන.

    ReplyDelete
  7. විකාරද
    ඒ හදම තමයි ......LOlz

    ReplyDelete
  8. @පබලු
    අම්මෝ ඇති යාන්නම්. ඔය ඉන්නෙ මේ හඳ කියලා කියන තව එක්කෙනෙක්. තව ඩින්ගෙන් මට පිස්සු හැදෙනවා. හොඳ වෙලාවට ඔයා ඔහොම කිව්වෙ.

    ReplyDelete