Tuesday, April 27, 2010

නමක් නැති කවි - 3


දවසක්
මම
ඇස් පියන් ඉඳිද්දි
උඹ
හීනෙන් ඇවිත්
කනට කොඳුරපු
ඒ ලස්සන
වචන තුන
හැබැහිනුත් කියාවි
කියල
බලන් ඉඳල
බලන් ඉඳල
අන්තිමේ
බැරිම තැන
මම
තීරණය කරා
සදහටම
ඇස් පියාගන්න

8 comments:

  1. වටිනා දේවල් ලබාගන්න හුගාක් කල් බලා ඉන්න ඕනෙලු....ඉවසන්න බැරි ඇයි ?

    ReplyDelete
  2. පියා ඈස් නිසල වුයේ ඈයි
    යොමා නෙතු
    හැරපියා හදවත
    මොළ ගෙඩියකුත් තොට ඈති නම්
    අහවල් දේකට
    එක් මලක් වෙනුවෙන්
    දිවි තොර ගනිමිද

    උඹට කියාවි රටේ තොටේ අය
    "මෝඩ කොල්ලෙක්"
    "පිස්සෙක්"

    දේවි ගරු නම්බු

    අනේ පවු

    ReplyDelete
  3. හුගාක් දවසක් නුඹ බලන් ඉන්න ඇති
    එත් හොඳ දෙවල් ඉක්මනට ලැබෙන්නේ නෑ මචෝ...
    කට්ටක් කන්න ඕනි දුකක් විදින්න ඔනි දෙයක් ගන්න....

    ReplyDelete
  4. @දිල්
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    එය කී එකාගේ කට කෑවත් මදිය
    ඉවසපු නැති එකා ලඟ බඩු හත අටය
    ඉවසපු මෙමා අද තාමත් තනිකඩය

    (මේක සරසවි කුරුටු ගීයක් නේද අක්කෙ.)

    @wath
    මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ. ඔයාගේ කවිය කියෙව්වම මට කට උත්තරත් නැතිව ගියා නෙව.

    @Krishan
    උඹේ කතාවත් සැබෑය. මට එය වැටහේය. එහෙත් ඉවසීමේ රතු කට්ට පැන්න කල්හී කුමක් කරම්ද?

    ReplyDelete
  5. අනේ ඒක කිවියක් නෙමෙයි... තරහට කිව දේකුත් නෙමෙයි... මේ වගේ දේවල් හොඳින් කීවට වැඩක් නැති නිසා ටිකක් තදින් කීව...
    ( ඔයා මෝඩයෙක් පිස්සෙක් වෙන්නෙ නැහැ කියල මම හිතනව මල්ලියො )

    ReplyDelete
  6. @wath
    "අනේ ඒක කිවියක් නෙමෙයි... තරහට කිව දේකුත් නෙමෙයි"

    ඕකෙන් පලවෙනි කාරණවටනම් මම එකඟ නැත. දෙවෙනි කාරණාවටනම් එකඟ වෙමි.
    මන් දන්නවා අක්කෙ ඔයා තරහට කියපු දෙයක් නෙවෙයි කියලා. අක්කල ඉතින් මල්ලිලාට බනින්නෙ උනත් හදාගන්නනේ. කොහොමත් අක්කෙ මගේ වාසනාවකට මේක මගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි. බස් එකේ යද්දි හදිසියේම ඔලුවට අපු සිතිවිල්ලක් විතරයි. ප්‍රශ්ණෙකදි ජීවිතේ නැති කරගන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. හැබැයි ඉස්සරනම් කාලයක් ඒ මෝඩයා හිටියා. ආදර පලහිලව්වකටනම් නෙවෙයි. වෙන වෙන හේතු ගොඩක් නිසා. හෙමින් සැරේ මන් ඒ දේවල් කියන්නම්කො. දැන්නම් ඉතින් මන් ජීවිතේ ගැන ගොඩක් දුරට තෙරුම් අරන් ඉන්නෙ. ඒක නිසා ඒ මෝඩයාව මගෙ ජීවිතෙන් ඈත් කරන්න පුලුවන් උනා.

    ReplyDelete
  7. නිසදැස එල.අමුතු ගතියක් තියනවා.
    හැබැයි ක්‍රියාවට නගන්න හොඳ දෙයක් නෙමෙයි මචන්.

    ReplyDelete
  8. @Raven
    පිස්සුද මචන්. ඔය කිව්වට ඕවා කිරියාවට නන්වන්න පුලුවන්ද?
    හික්ස්...

    ReplyDelete