Sunday, January 3, 2010

ආයුබෝවන්!

ඕන් එහෙනන් හා හා පුරා කියලා ආයුබෝවන් කියලම වැඩේ පටන් ගත්තා‍.
කාලෙක ඉ
ඳන් ලියන්න ඕන කියලා හිත හිත හිටියට එක එක හේතූ නිසා ඒක කල් ගියා. අලුත් අවුරුද්දෙ හිතාගත්තා මොන වැඩේ තිබ්බත් ලියනවා කියලා. කොභොමින් කොභොම හරි වැඩේ පටන් ගත්තා. දැන් ඉතින් දිගටම ලියන එක තමයි කරන්න තියෙන්නෙ. හැබැයි ඉතින් මම සෝඩා බෝතලේ වගේ මිනිහා. උඩ දාගෙන පටන් ගත්තට කල් යද්දි කම්මැලිවෙලා අත ඇරල දානවා. මේකටත් ඒ ආනිසන්සෙම උරුම වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ. ඔක්කෝටම වඩා එපා වෙන්නෙ සිංහලෙන් කොටන එක තමයි. ඔයාලා අහයි ඇයි ඉතින් ඉංගිරීසියෙන් කොටනනෙ නැත්තෙ කියලා. මට ඔය සුද්දගෙ බාසාව එච්චර දිරවන්නෙ නෑනෙ. ( ඒ කියන්නෙ එච්චර දන්නෙ නෑ කියන එක තමයි. ) බලමුකො ඉස්සරහට. දිගටම ලියද්දි අත හුරැ වේවිනෙ.

ඒත් හැබැයි පොඩි පුරස්නයක් තියෙනවා. ඒ තමයි මොනාද දැන් ලියන්නෙ කියන එක. මම මේක ලියනවා දැකලා මේ දැන් කෙනෙක් මගෙන් ඇහුවා "මොනවද දැන් ඕකෙ ලියන්නෙ" කියලා. මම කිවුවා "දන්නෙ නෑ" කියලා. ඇත්තටම ලියන්නෙ මොනවද කියලා මාත් දන්නෙ නෑ. බලමුකො. එන එන විදියට ගහ උලුවස්සා කියලා තැනේ හැටියට ඇනේ ගහගන්නවා.
පටන් ගන්න කලින් කියන්න එපැයි. මම තාම බ්ලොග්කරණයට අත දරැවෙක්. මට බඩ ගාලා දණ ගාලා ඇවිදින්නනම් ඔයාලගෙ අත් වාරුව ඕනේ. ඔයාලගෙ ආදරණිය සත්කාරය ඕනේ. ඔයාලා දෙන අවවාද අනුශාසනා උපදෙස් මම ඉස්මුදුනින්ම බාරගන්නවා. මගෙන් වැරදි අඩුපාඩු වෙන්න පුලුවන්. එහෙම උනොත් මට කියන්න. මගෙන්වරදක් එහෙම උනොත් ඔබ තමුන්නාන්සේලා මට සමාවී වදාරන සේක්වා.

4 comments:

  1. ha ha pura kiyala patan gaththa blog ekata onna magen suba pathum

    ReplyDelete
  2. බොහොම ස්තූතියි නිලූ. ඔයාගෙ සුභපැතුම මට ලොකු ආශිර්වාදයක්.

    ReplyDelete
  3. ආනේ....thanks මෙයා

    ReplyDelete
  4. dude ur works r way-cooler!!!...so don't let it go. and i think that things ur doing now is good for u. (@ kml that is.) i know it's hard..but hay, that's what life is all about right?..keep it up..good things happen to good people!

    ReplyDelete