Sunday, May 30, 2010

පතමි සැමදා නුඹේ සිත් මල.....

සිහින් බෝපත් මැදින් වෑහෙන
සිසිල් සඳ දිය වැටී දිදුලන
නුඹේ මුව මල රැගෙන දෝතට
සිපගනිමි නුඹෙ නීල දෙනයන

බෝපතේ සිලි සිලිය මැද්දෙන්
ගන්ඨා නාදය දසත පැතිරෙයි
එහඬ පරදා නැගෙන මිහිරැති
නුඹේ වදනින් මහද සැනසෙයි

සුවඳ දුම් නැහැවෙනා මළුවේ
පහන් එලි සිත පහන් කරවයි
එමැද දිදුලන ඔබේ දෙනයන
කාන්තිය මා හදට කොඳුරයි

වෙසක් සඳ නැග දිදුලනා රෑ
අරලියා මල් පුදා හිමි හට
වැඳ වටී හිමි දෙපාමුල මත
පතමි සැමදා නුඹේ සිත් මල

Friday, May 21, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 8 (අවසන් කොටස)

දවස් කිහිපයක් මඩුවේ ගත කරලා
යන්නට දුක නිසා අද ඔබ තනි කරලා
කරන්න හිතන් හිටි වැඩ කැන්සල් කරලා
පමා වෙලා හෝ ආවා වෙත ඔහෙලා

තේරුනෙ නෑනේ මටනම් තාමත් හෙඩිම
FM නාලිකානම් ඇත අද බොහොම
අලුත් ගීත ලෝකෙට ආවත් කොහොම
පැරණි ගීත රැව් දෙයි දස අත තවම

FM නාලිකා හොඳයිද නරකයිද
යන්නේ මේ වාදේ ඒ ගැන කියලාද
නැතිනම් අලුත් හා පැරණී ගී ගැනද
ඒ ගැන පුංචි ඉඟියක් මට දෙනවාද

එල එල එහෙමනම් එල කිරි එල කොල්ලා
එනවා කියන්නට කවි, මඩුවම හොල්ලා
දිවුරා කියන්නම් මම දෙවියන් පල්ලා
දෙන්නේ මූනටයි මඩ බෙල්ලෙන් අල්ලා

අපේ ඇඟේ මඩ ගෑවුනේ කෙතේ බැතේ දුව පැනලයි
උඹලානම් මඩ නෑවේ පරගැත්තන් උන හන්දයි
ඕකට සිංහලෙන් කිව්වේ විහින් නානවා කියලයි
අපේ සීයා හිටියානම් උඹව කරත්තෙක බන්දයි

වැපා හිටියා වැටිලා කුණු කානුවක
ඉදිරියේ තිබූ හන්දියේ ලොකු බාර් එක
යන කොට මන් පැදගෙන මගේ කාර් එක
දැකලා ඔහුව දුන්නා මන් හෙල්ප් එක

කුණු කානුවෙන් අරගෙන ඒකව ගොඩට
අමාරුවෙන් දැම්මා කාර් එක තුලට
නහයත් හැකිලුනා ඌ ලඟ තිබු ගඳට
ගෙනිහින් බැස්සුවා අන්තිමේ ගේ ලඟට

නොකිව්ව නිසා උඹ නැවතී ඉන්න තැන
අහලම උඹෙන් ඒ ගැන මට ගියා පණ
වැඩක් නැති නිසා බේබද්දෙකුට බැන
එක්කන් ඇවිත් දුන්නා මගේ ඇඳේ කොන

එක්කන් අවිත් ආයෙත් උඹ නාවාලා
සුවඳ ගහන්නට සෙන්ට් පවුඩර් දාලා
උදේ බලන විට මම නෙත් දෙක ඇරලා
බලු කූඩුවේ උඹ හිටියනේ සැතපීලා


කුඩෑල්ලාව තැබුවත් අපි මෙට්ටයක
ඉඳියිද වැඩි වෙලා, පැනයනවා මිසක
නිදා පුරුදු නැති උඹ කිසිදා ඇඳක
පැන ගොස් නැවත බැහැලයි කුනු කානුවක

එක්කන් අවිත් ආයෙත් උඹ නාවාලා
සුවඳ ගහන්නට සෙන්ට් පවුඩර් දාලා
උදේ බලන විට මම නෙත් දෙක ඇරලා
බලු කූඩුවේ උඹ හිටියනේ සැතපීලා

දෙකක් නෙවෙයි මම කවි සීයක් ලිව්වත්
නිම කරන්න බෑ කියලා දේ මම දත්
අහලා බැලුවොතින් කාගෙන් හරි හිතවත්
දැන ගත හැකියි මැටි වැඩ උඹ කල කවදත්

ගුණ කල නමුදු දුදනට නොම වේ යහපත්
බොරුවක් නෙවෙයි ඒ වැකි තිබු තුල පොත් පත්
උණු වන නිසා දුක දුටු කල අපේ හදවත්
කරාට උදව් වැපා වැපාමයි කවදත්

මම කොල්ලෙක්ය යකෙකුටවත් බය නොවන
කියන්න තියෙන දේ සැම මූණට කියන
මැටි වැඩ මෝඩ වැඩ ගොන් වැඩ හැම පරණ
කියන්න හැකිද පද හතරෙන් මූ කරන

කර කර හිටපු වාදය මග නවතාලා
කොහොමද එන්නෙ කවි ටික මගෙ එහෙ දාලා
දාන්නෙ නැතුව ලාබෙට ලැබුනා කියලා
හදපන් මඩුව නොකැඩෙන හොඳ ලී දාලා

කෙල්ලත් එක්ක යන්නට පොඩි සවාරියක්
එනතුරු හිටියෙ නිදහස් ඉරිදා දිනයක්
ලැබුනා වැඩ වලින් අද මට පොඩි නිවනක්
ඒත් ඉතින් දාලනෙ මෙහෙ කවි මඩුවක්

අපි දුන් මුදල් හෙමිහිට යටි මඩි ගහලා
හොර ගෙඩි වගේ දැන් ඉන්නවා හැංගීලා
අපිවත් අහිංසක ඕවට ගාවාල
පලයක් තිබේදෝ මේ හැටි බොරු කියලා

වැපෝ මන් උඹට කිව්වා එක සැරයක්
නැහැ මම කියන්නේ ඒ දේ තව සැරයක්
බොරු මඩ ගැහුවොතින් මා හට තව සැරයක්
යන්නට වෙන්නේ සමඟින් කකුලේ කොරයක්

තද වෙන් නැද්ද මේවා අහුනට පස්සේ
කියවයි වැපා හැංගී ඉඳගෙන අස්සේ
හිත ඇතුලේ කෝපය එලියට ඉස්සේ
හිතෙන්නෙ ගාන්නටමයි මඩ තලි හොස්සේ

පුරා දින හයක් තිස්සේ කවි කියලා
දැන්නම් අමාරුයි කට හොඳටම රිදිලා
ඔප වූ කවි සිතෙන් තව තව පද ගොතලා
ඉන්නට හිතෙයි හැමදා සමඟින් ඔහෙලා

එක් වීමක් ඇතොත් වෙන් වීමත් උරුමයි
ඒ ලෝ දහම අපි කොයි කාටත් එකමයි
මේ කවි මඩුව අද දවසින් අවසානයි
එනමුත් ඉතිරි වූ මතකය අපිරිමිතයි

දමමින් බොහෝ අය ආවා බොරු සද්ද
තෙත් උනි මඩ වලින් උන් ඇඳ සිටි රෙද්ද
දුනු දිය හොඳින් ඇදලා අඳුරේ විද්ද
වැදුනා නියම තැන් වලටම මගේ ඉද්ද

මතුවිය නොයෙක් රස අදහස් සැවොම වෙතින්
එහෙ මෙහෙ විසි උනා මඩ අපෙ ඔලුව ලඟින්
කෙරුවේ වාද නොව කිසිදා ක්‍රොධ සිතින්
ඉන්නෙ මඩුව හින්දා අපි සැවොම තොසින්

කෙරුවත් වාද එක එක පැත්තට බෙදිලා
ගැහුවත් මඩ ඉතින් අපි හොඳ හැටි අනලා
දිව්වත් සමහරුන් හට ඒ මඩ වැදිලා
තරඟෙට පමණි නැත කිසි තරහක් රැඳිලා

මඩුවේ තිබෙන කවි හෙට වෙන කොට පරණයි
එනමුත් දොසක් නෑ කවි සැමදා තරුණයි
කීමට ඇත්තේ දැන් මා හට එක කරුණයි
පතනෙමි බැති සිතින් සැමටම බුදු සරණයි

කොටස් අටකින් සමන්විත වූ, දින ගණනාවක් පුරා ඔබ වෙත ගෙන ආ කවි මඩුවේ මගේ කවි මෙතකින් නිමා වන වගයි. කියවූ, අදහස් පල කල හා කවි මඩුවේදී මෙම කවි ලිවීමට මට ශක්තියක් වූ යන සියලු දෙනාටමද, එමෙන්ම මෙවැනි කවි මඩුවක් අති සාර්ථකව සංවිධානය කල ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ කාර්‍ය මණ්ඩලයටද  බෙහෙවින්ම ස්තූතියි.

කවි මඩුවේ මගේ කවි - අංක 7

මෙකත් ටිකක් අපි මඤ්ඤං වෙන හෙඩිමක්
නැද්දෝ නිකන් සූකිරි වගෙ රස හෙඩිමක්
දුන්නොත් මෙවන් සංකීර්ණ නැති හෙඩිමක්
ගෙනවිත් කවන්නම් උඹ හට ලොකු පුඩිමක්

අනේ බන් මොකද්ද
උඹත් ගන්නේ ඒ පැත්තද
දැන් මන් ගන්නේ මොකද්ද
මේකෙත් අපි එක පැත්තෙද

අපිට ඉන්න මේ මැති සභයත් එක්කා
හැකිදෝ කරන්නට දියුණුව මේ ලංකා
ක්‍රමයක් තිබේ කවුරුන් කීවත් මක්කා
ගෙන යා යුතුයි උන් මස් කඩයට දක්කා

ඔය ටික කියන්නේ දැන් බෝ කලක ඉඳන්
අහලා බොරු අපිත් හොඳටම වෙලා පදන්
දියුණුවකට අපෙ සිරි ලංකාව අරන්
යා හැකි කෙනෙක් නැහැ බිහිවී තවම මචන්

නිදහස ලැබී බොහො වසරක් ගෙවී ගොසින්
එනමුත් නොමැත ගොස් පරගැති ගතිය හිසින්
ඉන්නේ අනිත් අය කොටවන කුහක ලෙසින්
දියුණු කරන්නේ කොහොමද මෙලක ඉතින්

දියුණු වෙන්න නොදෙමින් සිරි ලංකාව
තර කරගනියි තම නිවසේ ගබඩාව
රවටාලමින් මිනිසුන් චන්දය දෑව
උන් ටික තමයි තක්කඩි මේ රට කෑව

හිටියට තියාගෙන උන් මහ ලොකු පට්ටම්
දිව දික් කලා පමණයි පෙන්නා මට්ටම්
ආවොත් දමන්නට උඹ මේ ලෙස සත්තම්
දෙනවා දෙකක් රතු වී යන්නට තට්ටම්

හිට ගන්නට ගියොත් දිගුකරමින් අන්ඩ
වෙන්නේ බස්ස ගන්නයි රත් වූ උණ්ඩ
අකමැති කවුරුන්ද ජීවත් වී ඉන්ඩ
ඒකයි ඉන්නෙ පෙරලුනු විලසින් කෙන්ඩ

මෙන්න පබලු ඇවිදින් කලකට පස්සේ
මෙපමණ කලක් හිටියද හැංගිලා අස්සේ
තෙමෙන්න ආපු එක සතුටුයි කවි වැස්සේ
මොන පැත්තෙන්ද ඔබ මේ වාදෙට බැස්සේ

මම ගොස් ආවා බත් ජුන්ඩක් කා එන්න
එබැවින් උනා කවි මඩුවෙන් බැස යන්න
මඩුවේ දැන් තිබෙන තත්වය ගැන දන්න
කෙනෙකු ඇවිත් මට ඒ ගැන පවසන්න

වැඩක් නොමැති අයනේ මැති ඇමති කැල
දමමින් හිඳියි අපහට හැමදාම දැල
අහුවෙන අපියි එක අතකින් හරක් රැල
මේවා දැකලා හැමදා අපි වෙනවා මැල

ඇත්තම ඇත්තමයි ඔබ ඔය කියන්නේ
හොරු තක්කඩින්ගෙන් රට ගොඩ ගැහෙන්නේ
පැත්තක ඉඳන් අපි කරදර විඳින්නේ
කොහොමද ඉතින් අපි දියුණුව ලබන්නේ

මොන දියුණුවක් ගැනදෝ ඔය කතාව
නවතාගන්න නොහැකියි මට සිනාව
දමමින් කිව්වමුත් ලොක්කන් ලතාව
නැහැනේ කාගෙවත් වැඩ, මිස කතාව

කිසිදා නොමැත අපහට ඔබගෙන් බාදා
වෙලුනොත් මිසක් පාලුවකින් ඔබ නාදා
මුතු මෙන් අගේ ඇති රස කවි පද සාදා
දෙන්නකො ඇවිත් මුන්ගේ මොලගෙඩි පාදා

නැව් පිට නැව් ඇවිත් වරායේ රැඳවූවත්
පාලම් ගොලනැගිලි වැඩිපුර ඉදිවූවත්
තිබෙනා ජඩ පුරුදු හැංගී තුල හදවත්
හරීද කෝව තුල දමලා මැකවූවත්

උන් ගෙන යනවනම් මේ රට ඉදිරියට
දෙනවා අපේ සහයෝගය හැම කලට
එනමුත් බලය පත් උන විට තම අතට
සිය දරු පවුල මිස රට යයිදෝ පෙරට

කොහෙදෝ තියෙන්නේ තියලා මතට තිත
බැලුවොත් නගරයක් පාසා බාර් ඇත
කියනවා තවත් උන් ඒ ගැන නැතුව කැත
හිතෙන්නෙ දෙන්න බොක්කට යන්නටයි දත

මටත් තවම බෑනේ අරගන්න හිතා
කියනවා සමහරුන් මහ මැටි මෝඩ කතා
ඒවා කියව කියවා මන් රසට ගොතා
කියනවා කවි උන් හට යන්නටම ඔතා

කවුරුත් නැහැ මඩුවෙ එය දැන් හරි නිසලයි
රට ගැන කතා කල අය යහනට බැහැලයි
හෙට මට මඩුව වෙත එනු හැකි වේද සැකයි
යන්නම් මෙමා ඔබ සැමටම බුදු සරණයි

Thursday, May 20, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 6

මොකද්ද අප්පා මේ පාරත් දුන් හෙඩිම
මේකට ඉතින් උත්තර දෙන්නේ කොහොම
ඔලුවෙන් හිටන් මේ ගැන හිතුවත් බොහොම
නැහැනේ එන්නේ උත්තරයක් මට කිසිම

ගැහැනුන් ලස්සනයි සුපිපුණු කැකුලක් මෙන්
එනමුත් කඩවසම්නම් නැත පිරිමින් මෙන්
ලස්සන කඩවසම් දෙක පටලා ගැනුමෙන්
තිබේද පලක් ඉඳිමුකො හැමදා සාමෙන්

හැඩ වැඩ නොමැතිනම් ගැහැනුන් ලස්සනට
යයිදෝ කොල්ලො ගැහැනුන් වෙත මේ ලෙසට
හැඩි දැඩි කඩවසම් කොල්ලෙක් දුටු කලට
කෙල්ලන් ඇදෙයි දමමින් මායම් ඔහුට

තනිකඩ ජීවිතෙත් ඇත අමුතුම ආතල්
සමහරු විඳගනියි සමඟින් එය බෝතල්
එනමුත් දුශ්කරයි එලෙසින් ඉනු හැමකල්
යන්නට වෙනවා දීගෙක නොගොසින් බෝකල්

කොහොමද මචන් ඒකට උත්තර දෙන්නේ
තාමත් අනේ මම තනිකඩවනෙ ඉන්නේ
තාමත් නොමැත කෙල්ලෙකු හට හිත දුන්නේ
කොහොමද ඉතින් විවාහයක රස දන්නේ

එහෙනම් අපි දෙන්නම එක බෝට්ටුවේ
පැත්තක් ගන්න බැරුවයි මේ තෝන්තුවේ
හවසට සෙට් වෙමුද හන්දියේ බෝක්කුවේ
කීයක් තියෙනවද උඹගේ සාක්කුවේ

එහෙනම් මචන් උඹ උඹෙ පැත්තට පලයන්
මමත් හෙමින් මගේ පැත්තට ගාටන්නන්
කසාදයද තනිකඩයද හොඳ කියපන්
උඹට විරුද්දව මම වාදෙට එන්නම්

කියනවානම් උඹ ඔහොම
මම විරුද්ධ වෙන්නෙ කොහොම
තීරණයක් ගත්තහම
කියාපන් මචෝ වහම

මොකද්ද කියලා දැනගන්නට අඩු පැත්ත
එවන්න කවුරුහරි විගසින් මට දත්ත
විමසා එම දත්ත පවසමි මම ඇත්ත
එතකන් ගිහින් එන්නකො ගහලා පෙත්ත

අනේ මන්දා මටනම් නැහැ තේරෙන්නේ
තාමත් මෙමා පොඩි කිරි සප්පයා වන්නේ
අම්මානම් නිතරම මට පවසන්නේ
කවදද පුතේ ලේලිය මගේ ගෙන එන්නේ

සිටියත් සමහරක් බැඳලා දුක් විඳින
කොපමණ පවුල් සිටීද සතුටින් සිටින
දෙමව්පියෝ මගේ සිටිනා බොහො තුටින
යන්නම හිතෙන්නේ දීගෙක විට දකින

දැනුයි ඔන්න ඔබ හරි පැත්තට ආවේ
මෙපමණ වෙලා ඇයි ඉල්ලාගෙන නෑවේ
විවාහේ අගය ඇයි ඔබ බල්ලට දෑවේ
ආදරේ නැති තැනයි කසාදේ කෙල වූවේ

යමක් කමක් හිපෝට දැන් තේරෙනවා
වටිනා කියන දේ ටික ටික පවසනවා
එක අතකින් කුමටද පුදුමය වෙනවා
පොල් ගෙඩියක් උනත් ටික ටික මෝරනවා

මේ හෙඩිමේදි ඔබ කියනා කාරණය
පිලිගන්නෙමි මමත් නොදමා වාරණය
කරගත්තොත් ඔය දේ අපි ධාරණය
හැකි වෙයි කරන්නට යහපත ප්‍රේරණය

ගන්නට ජීවිතේ වැදගත් තීරණය
බැහැනේ අනේ වන සිතකින් දොලනය
ගැටලුව වෙන්නේ ඔබව කරපු පෝශණය
දෙමාපියන්ගෙන් ආවොත් වාරණය

තාම නැද්ද කට්ටිය පැත්තක් ගත්තේ
ඇයිදෝ තාම හරි තීරණයක් නැත්තේ
පාට එපා මටනම් මම දැන් ඇත්තේ
විවාහ ජීවිතේ හොද කියනා පැත්තේ

පාටක් හෙම නිසා නොව මා මේ පැත්තේ
හොඳින් හිතා බලලයි තීරණෙ ගත්තෙ
උඹත් ඉන්න හින්දා දැන් මගේ අත්තේ
බය නෑ හිතට සවියක් හිත තුල ඇත්තේ

සතුටුයි බොහොම සතුටුයි මට අහන්නටත්
මමත් එනවා සහයෝගෙට වී සවිමත්
විවාහ ජීවිතේ වටිනා කම සිහිපත්
කරදෙමු තනිකඩුන් හට දිග හැර පොත් පත්

පීටර් කොලුවා පැනලා ගොස් හොර පාරේ
දිල් අක්කා තාමත් ඉන්නේ දාරේ
සසීන්ද්‍රයා තනීවී ඇත මහ පාරේ
නිතරඟයෙන් දිනුම අපිට මේ වාරේ

මමනම් ගත්තේ පැත්තක් පාටකට නෙවෙයි
විවාහ තියෙන වටිනාකම හිතට දැනෙයි
පැත්තක් නැතුව ඔබ තාමත් ඔතන තැවෙයි
පැත්ත කුමක් වූව අපි ඔබ සමඟ සිටියි

මතකද ඔබට මා පලමුව ලියුව කවී
ආසා හිතෙන බව පිලිඹඳ විවා දිවී
එතකොට නැහැනේ පාටක් කරලියට මැවී
වැටහෙන්නෙද මා නැති බව බයට නැවී

නෑ නෑ උඹ ඔහේ හිටහන්
මෙහෙන් අය ඔහෙට දෙන්නන්
හැබැයි ඔන්න මන්නන්
නැහැ දැන් පනින්නේනන්

අනේ මන්දා මම දන්නෑ කිසිම දෙයක්
විවාහේ හොඳයි කිය කිය දැන් හිටියා පැයක්
නැහැනේ තවම වාදය අවිලෙනා සෙයක්
කියන්න ඉතින් දැන්වත් හිත කියන දෙයක්

Tuesday, May 18, 2010

මට විශේෂ ලිපිය

පහු ගිය ටිකේම දදා හිටියේ කවි මඩුවෙදි මම ලියපු කවි ටිකනේ. දැන් කොටස් 5ක් දාල තියෙනවා. තව කොටස් දෙකක් විතර වගේ තමයි දාන්න තියෙන්නෙ. මන් ඉතින් වැඩිය කවි ලිව්වෙ නෑනෙ. ඔක්කොම එකසිය හැට ගානයිද කොහේද ලියලා තියෙන්නෙ. අදත් හරිනම් ඒකෙ හය වෙනි කොටස තමයි දාන්න ඕන. ඒත් අද ඒක නොදා මන් මේ වෙනම ලිපියක් ලියන්න ගත්තේ විශේෂ කාරණාවක් හිංදා. ඒක ඔයාලටනම් එතරම් විශේෂ කාරණාවක් නෙවෙයි. නමුත් මටනම් ඒක අති විශේෂ කාරණාවක්. අන්න ඒ කාරණාව ගැන පොඩි සඳහනක් කරන්න ඕන නිසා තමයි අද දාන්න තිබ්බ "කවි මඩුවේ මගේ කවි - අංක 6" පල කරන එක පොඩ්ඩ්ඩකට කල් දාලා මේක ලියන්න ගත්තේ. දැන් ඔයලා ඇඟිලි කටේ ගහගෙන, ඔලුව කහ කහ, නියපොතු හප හප කල්පනා කරනවා ඇති මොක්ද්ද බොල මේ විශේෂ කාරණාව කියලා. හරි හරි. ඒක කල්පනා කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. ඔයාලව වෙහෙස කරවන්නෙ නැතුව මන්ම කියන්නම්කො ඒ ගැන. මෙන්න මේකයි.

Monday, May 17, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 5

අම්මපා යකෝ මොකද්ද බොල මේ හෙඩිම
කටත් ඇරන් බැලුවා මම වී පුදුම
අමුඩෙද කලිසමද මම දන්නෑ හොඳම
මමනම් අඳින්නේ තාමත් පට සරම

මගේ පට සරම මට දෙවියෙක් සමානයි
සරම නැතොත් මම හෙලුවෙන් අනාථයි
සරමට මේ අපහසයක් උනාමයි
මට තද උනොත් මාරයා හා සමානයි

සරමට යටින් කලිසම අපි ඇන්දාට
කලිසම අඳිනවද අපි සරමක් උඩට
කලිසම ලොකු උනත් පරගැති උඹලාට
තේරෙයි ශිපර් එක කැඩිලා ගිය දාට

කිව්වම යමක් පෙන්නා හොඳ උපහැරන
ඒ කිව් දෙයෙහි හරයක් සිහියට නොගෙන
මතුපිට පෙනෙන දේ පමණක් සිතට ගෙන
ලොකු කම් කියන මුන් මෝඩයො සේ පෙනෙන

අනුරාධයා කවදත් හොඳ සිංහලයා
වීර පුතුන් අතරන් මේ සිව් හෙලයා
සුද්දට කත් අදින අපගේ වැප් මලයා
වාගෙම ඔබත් පෙන්නයි ඔබේ විශ දලයා

ආයුධ බලය ඉදිරියෙ ගෙරි සුද්දාගේ
අසරණ උන නමුත් රජවරු ඒ වාගේ
රට ජාතියට ලැදි අය මේ මන් වාගේ
හිටියා එදත් සිඳිමින් ඔලු සුද්දාගේ

ඇවිලෙන අතරෙ දලු ලාගෙන කවි ගින්න
සෑහෙන කාලෙකින් ආවා මම ඔන්න
ඩ්‍රයි ක්ලීන් කරන්නට ලොන්ඩරියට දුන්න
යන්නට උනා මගේ අමුඩය ගෙන එන්න

සතුරාගෙන් වුවත් හොඳ දේ ගත යුතුය
මිතුරා වුවත් නරකයි නම් බැහැරටය
ඔලු ගෙඩියක් ඇතුලෙ මොල ගෙඩියක් ඇතිය
ඒ ඇති මොලේ වෙහෙසවීම ඔබ සතුය

මමනම් මොනවා වූවත් හෙලයගෙ පැත්තේ
කිසිදා නැහෙන් නෑ පර සුද්දගේ මත්තේ
එල්ලී කෑ ගහන ගෙරි සුද්දගෙ අත්තේ
දැනගෙන හිටියොතින් නරකද උඹෙ තත්තේ

පෙන්නා උඹත් පර සුද්දගේ ජඩ ගතිය
පහර දෙන්න සැරසෙයි මට හැර බැතිය
අපිනම් කිසිමදා ඔය වගෙ වෙන් නැතිය
ඒකයි අපේ උදාර සිංහල ගතිය

දියුණුයි කියාගන්නා දැන් තාක්සනේ
හින්දා නේද අප හට වෙන්නේම විනේ
සුද්දා පවා දැක්කම බය වෙන්න අනේ
හැදුවේ බිසෝ කොටු ඒ කල කව්ද පනේ

සොබාදහම් මෑණිය හට වින කරලා
කුමටද තාක්ශණයෙන් දියුනුව පතලා
ලැජ්ජයි අනේ කරනා වැඩනම් ඔහෙලා
මමනම් ඉන්නෙ දැන් හොඳටම කල කිරිලා

විදුලොව දියුණුව ටික ටික වැඩි වෙද්දී
සොබා දහම යයි මරු තුරුලට පැද්දී
අරගෙන බලාපන් ඉතිහාසෙන් සිද්දී
වැටහෙයි දිනක ලොව සුනුවිසුණුව යද්දී

උදයට හමුවෙලා පවසා ගුඩ් මෝනින්
රෑට නිදා ගනිද්දි ගුඩ් නයිට් කියමින්
ඉන්නා පරගැතින් බොරු සෝබන මුහුණින්
දනීද දෙන අරුත "ආයිබොවන්" වදනින්

උදයට හමුවෙලා පවසා ආයුබොවන්
හවසට හමු වුවත් පවසමි ආයුබොවන්
දවල්ට උනත් වෙනසක් නෑ ආයුබොවන්
පතමින් ආයු වැඩි වන ලෙස ආයුබොවන්

ඒක ඉතින් උඹලගේ පර ගතියෙ හැටී
මොලයත් තියෙන්නේ පිරිලා වලින් මැටී
සුද්දා සිටින පහත්ම තත්වයට වැටී
අල්ලලා බලාපන් ඇති උඹලාට නැටී

උදයට පවසන්නේ හමු වී ගුඩ් මෝනින්
දවල්ට හෙන ගැහී පලයන් සිතා හිතින්
නිදහස ලැබී බොහො කල් ගත උනත් ඉතින්
තාමත් ඉන්නේ සුද්දගේ ජඩ ගතිය පිටින්

සුද්දා අනිත් අය පහතට නොදැමු බව
මෙපමණ දේ වෙලත් පවසනවානේ තව
යටතට අරන් අන් රටවල් තිබෙන ලොව
පෙන්නුවෙ මහත්මා ගතියද මට කියව

ලියන්න අක්කේ ලියන්න බය වෙන්න එපා
අපිත් ඉන්නවා මඩුවේ තවම දපා
පණ නැති වෙන්න සුද්දට ගැති අයගෙ දෙපා
ලිව්වොත් මමත් සහයට එමි සෙනෙහෙ පපා

පරගැති අයටනම් ඒවා ලොකු දේවල්
නිවනක් නැතුව කියවනවා රෑ දහවල්
සිංහල කමට ඇයිදෝ මේ හැටි කේවල්
නැහැ ඉවසන්නේ මම මේ වගේ වංචාවල්

සිංගප්පූරුවේ ඇති දියුණුවට මෙදා
වැඩි දියුණුවක් ලක්දිව තිබුනා පෙරදා
සුද්දන් හිටියනම් අපෙ මව්බිම හැරදා
අද මෙන් වෙන්නේ නෑ මේ දෙරණට කිසිදා

වැප් සැඟවිලා උගේ කාමරෙ ඇඳ අස්සේ
හරිහැටි නොදැනගෙන ඌ වාදෙට බැස්සේ
සුද්දන් හොඳයි කියමින් මේ හැටි කැස්සේ
පරගැතියන්ට ඕකයි වෙන්නේ පස්සේ

නොපතමි හිපෝ ඔබහට සුබ රාත්‍රියක්
එහෙම කලොත් සිංහල කමටත් කැලලක්
ලබා ගන්න ඔබහට දිගුකල් දිවියක්
පවසා ආයුබෝවන් යැයි දෙමි රුකුලක්

ඕකයි ඔන්න ඔබලට වැරදිච්ච තැන
ඔබලා සැවොම හැමදාමත් ගන්න ඇන
අරගෙන හැමදේම සුද්දා නිකන් දෙන
තිබු හොඳ පුරුදු ගිහිල්ලා ඇතටම පැන

පෙනුමෙන්නම් හැමෝම දැන් නිදි පාටයි
ජය පැරදුමක් හෙම කාටත් නැති පාටයි
සැබෑ දිනුම සිංහලකම රැකි දාටයි
එකා මෙන් හිඳිමු ජය මතු පරපුරටයි

Sunday, May 16, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 4

අනේ මංදා මේ ගැනනම් මන් දන් නෑ
කිසිම අදහසක් මගෙ ඔලුවට එන් නෑ
ආදරේ විවාහේ ගැන්නම් මන් දන්න් නෑ
මෙ වගේ හෙඩින් මේ වාදේට ගැලපෙන් නෑ

හුදකලාව විටකදි හොඳ කලාවක්
විටකදි එපා වෙනවා ලෙස ජරාවක්
ආදරෙ කියන්නෙත් ලස්සන කලාවක්
නැහැනේ මට ඕවට වැඩි වෙලාවක්

ආදරේ කියන්නේ සුවිසල් වගකීමක්
විවාහේ කියන්නේ ඊටත් වැඩි ගේමක්
මේ දෙක තුලදි උනොතින් හෙම රැවටීමක්
ඇත්තේ දෙදෙනගෙන් කෙනෙකුට වහ බීමක්

මහ හඬ නන්වමින් හෙන ගෙඩි පිපුරු නිසා
ඉන්නට උනා මෙපමණ වේලා අලසා
දෑවදි ගන්න එක හොඳ නැති බව පවසා
සබයට එනවා කවි පද අරගෙන මෙලෙසා

අතපය හොඳට තිබේනන්
වැඩපලක් කරගත හැකිනන්
නිවටයෙක් නෙවෙයිනන්
දෑවද්ද ගන්නේ මොකටද බන්

එන්නට වෙන්න මට දහසක් වැඩ මැද්දේ
ඒකයි එක දිගට දාන්න බැරි සද්දේ
ඉපදුන විටදි අත පය හොඳ හැටි ලද්දේ
ගන්නද ලබා රන් මසුරන් දෑවැද්දේ

වලිය පටන් ගෙන ඇයි බොල පැන යන්නේ
හිටියොත් උඹට මාගේ හැටි පෙන්නන්නේ
කවිපද ඉගෙන ගෙන එන්නද සැරසෙන්නේ
පැය තුනකට පස්සේ බොට කෙලවෙන්නේ

පලමුව හිත යන්නේ කෙල්ලගේ ලස්සනටයි
ඉන්පසු බලයි සිතිවිලි හෙම ගැලපේදැයි
දැනුනොත් වගේ අදහස් අහසයි පොලවයි
රූ රැජිනක් උනත් මමනම් ගන්නෑමයි


තිබෙනා දෑත දෙපයින් වැඩ කරලා තම
සලකන එකයි බිරිඳට හරි පිරිමි කම
කට බලියාන දෑවැද්දට හලන සෙම
ඒකට කියන්නේ උඹගේ ..............කම

අනේ නාකි සොරෝ දැන් මේ අහපන්
දෑවදි ගන්නේ පිට කොඳු පණ නැති අය බන්
ඩින්ගක් හරි මොලේ පොඩ්ඩක් පෑදෙනකන්
කෙලින් කර කඩුව ඒ මත වාඩි වෙයන්

අන්තිමේ සෝරො උඹ හරි තැනටම ආවා
මෙපමණ වෙලා හිටි අඳුරෙන් ගොඩ ආවා
දෑවැදි ගැන තිබූ මත බැහැරට ලෑවා
අතපය හයිය ඇත්නම් කුමටද ඕවා

අහලා හිතෙනවද මුස්ලිම් අයගෙ සිරිත්
දෙන්නේ පිරිමියයි දෑවැදි අරන් ඇවිත්
අහනා සිංහලයා හැමදා උදේ පිරිත්
ඇයි හැසිරෙන්නේ මිනිසුන් ලෙස නැති හිත් පිත්

කෙල්ලෙක් ගන්න දෑවද්දක් ඕනෙමද
අත පය තියෙන්නේ පිටවල් කහන්නද
දුප්පත් කෙල්ලො මේ ලොව කොපමණ ඇද්ද
ඔවුනට යන්න දීගෙක අවසර නැද්ද

ගති ගුණ හොඳ පිරිමි මේ ලොව ඕන තරම්
ඕනේ ඉතින් ලැබ ගන්නට ඔවුන් වරම්
දෑවැදි ඉල්ලන්නේ පිරිමින් ඇති ජඩකම්
හොඳ අය පතා දැන්වත් කරපන් පින්කම්

කෙල්ලෙකු වෙලත් නුඹ දැන් ඔය කියන කතා
බැලුවොත් හොඳයි නැවතත් තව වරක් හිතා
ඔබෙ පෙම්වතා අවොත් දෑවැද්ද පතා
තෙරෙයි අගය කවි වල මා කිව්ව ගොතා

දෑවැදි ඉල්ලමින් අඩි පොලවේ හප්පා
කෙල්ලගේ දෙමව්පියනට විශ පෙන පුප්පා
කරනා විනාසය දැක පණ යයි අප්පා
නැහැ තේරෙන්නේ නුඹ තවමත් කිරි සප්පා

දෑවැද්ද හින්දා
ඔබෙ අත ගන්න උන්දා
දෑවැද්ද ඉවර උනුදා
දාලා යාවිද අනේ මන්දා

රස කවි ලියන්නට නම් තවමත් හැකිය
එනමුත් ඔපීසියෙ වැඩ හරහට ඇතිය
කොපමණ හැඩ දමා ලිව්වත් මම කවිය
නුවණැස ඔබට දෙන්නට බලයක් නැතිය

දෑවැදි ගන්න නොගන්න එක තොපගේ වැඩක්
එය දෙන නොදෙන එකනම් කෙල්ලගේ වැඩක්
මිනිසුන් වාගේ කරන්න බැරි වඩක් පලක්
මට දුක පතන එක දෑවැදි ලෙසින් හරක්


තරහා යන්නේ මැටි මෝලුන් දැක්කාමයි
බත් කන හරක් ඉන්නා බව දුටුවාමයි
මැට්ටන් වටේ සිටිනා බව හැඟුනාමයි
රටට කෙල උනේ උඹලා හින්දාමයි

තරුණිය නුඹේ පණ වගේ ආදරෙ කරන
ගන්නා දිනට නුඹ ඇය පාවා සරන
දෑවැදි ඉල්ලමින් මහ විගඩම් නටන
නුඹ ගැන ඇගේ පැහැදුම හෙම වෙයි කොහොම

මග බල බලා දෑවැද්දෙන් යැපෙන්නට
අලසව ඉන්න පිරිමි කමෙන් පල කුමට
දැන්වත් හිතට අරගෙන මේ ගැන හොඳට
හැදියන් පිරිමියෙකු ලෙස හැරදා කම් නිවට