මේ කවිය ගැන පුංචි සටහනක් කරනවනම්, මන් හිතන්නේ නෑ ලොකේ කිසිම කවියෙක් අතින් මේ තරම් ලස්සනින් වැඩි කවියක් නිර්මාණය වෙලා ඇති කියලා. සමහර විට මේක ගිනස් පොතට යන්නත් බැරි නෑ. එහෙම උනොත් බ්ලොග්ලියන අය විදියට ඔයාලට කොච්චර සතුටක්ද නේද. ඒ වගේද ලංකාවට ලැබෙන කීර්තිය. ඇත්තෙන්ම මේක එක කවියක් නෙවෙයි. කවි 3කින් සමන්විත කවි පන්තියක්. කවි පන්තිය කියවද්දි ඔයාලටම තේරුම් යාවි මොන තරම් ලස්සනක් මේ කවි තුල ගබ් වෙලා තියෙනවද කියලා. ඔන්න මේ කවිය කියවීමේ භාග්ය මුලින්ම හිමිවෙන්නෙත් ඔයාලටමයි. හැමදාම ලඟින් හිටපු ඔයාලව අමතක කරලා කොහොමද. එකයි මන් අනෙකුත් මාධ්ය වලට දෙන්න කලින් ඔයාලට මේ කවි පන්තිය රස විඳින්න දෙන්න ඕන කියලා හිතුවේ.
මේ කවිය ලියවුනු හැටි ගැන පුංචි සටහනක් නොකලොත් ඒක ලොකු අඩුවක්. ඇත්තටම මේක තවත් එක අහඹු සිතුවිල්ලක් නෙවෙයි. මේක බොහොම ක්රමාණූකූලව, ඉතා සංයමයෙන් යුතුව, මනා ක්රමවේදයක් සහිතව නිර්මාණය කල කවි පන්තියක්. කඩි මුඩියේ කලබලේ නිර්මාණය වූවක් නෙවෙයි මේ කවි පන්තිය. සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂී විශ්ලේෂනයකට භාජනය කරමින් තමයි මේ කවිය මේ ලොවට බිහි වූයේ. එහෙනම් මන් හිතන්නෙ තවත් විස්තර ඕනෙ නෑ. මා අතින් ලියවුනු, ලෝකයේ ලස්සනින් වැඩිම කවි පන්තිය සියලුම ලාංකීය බ්ලොග් පාඨකයින් උදේසා මෙසේ තිලිණ කරන්නම්.
එහේ බැලුවත් ලස්සනයි
මෙහෙ බැලුවත් ලස්සනයි
හැම තැනක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
උඩ බැලුවත් ලස්සනයි
යට බැලුවත් ලස්සනයි
වම දකුණත් ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
මෙහෙ බැලුවත් ලස්සනයි
හැම තැනක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
උඩ බැලුවත් ලස්සනයි
යට බැලුවත් ලස්සනයි
වම දකුණත් ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
උඹේ හිතත් ලස්සනයි
මගේ හිතත් ලස්සනයි
හැම හිතක්ම ලස්සනයි
මගේ හිතත් ලස්සනයි
හැම හිතක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
*******

