Monday, April 7, 2014

ආදර සැමරුම්


අපේ ආදර මතක සැමරුම්
දසත ඇත බිම විසිරිලා
ඒ මතින් ඔබ අඩිය තබමින්
ඈතටම යයි සැඟවිලා

ගිලෙන හිරු අර ඈත ක්ෂිතිජයේ
ගිනියම්ව රත් පැහැ වෙලා
රැගෙන එයි තව තවත් කළුවර
ආදරේ සුව සඟවලා

විරහා ගී පද රසය සොයමින්
සිතේ සිනහව හැකිළිලා
මුවේ සිනහව ලොවට පෙන්වා
හිඳිමි මියැදී යන තුරා

5 comments:

  1. අපේ ආදර කතාව කියලා ලස්සන පොතක් තියෙනවා සන්නස්ගල ලියපු..මට නං ඇල්ලුවෙ නැහැ ඒකෙ පැනි කතාව.

    ReplyDelete
  2. ආදර සැමරුම් හැමදාටම සුන්දරයි නේ..

    ReplyDelete
  3. නොපතමි කිසිදා කිසිවෙකුට
    දුකක් විරහවේ....
    දනිමි එනමුත් මිනිසෙක්නම්
    ලැබිය යුතු බව විරහවක්......

    ReplyDelete
  4. බොහොම සුන්දර නමුත් විරහ වදන් පෙළක්..

    ReplyDelete