Wednesday, February 19, 2014

එක නිමේශයෙන්

කල්පාන්තය එනතුරා
සිටීයැයි ලඟ දිවුරලා
එක නිමේශයෙන් නුඹ
ඇදි ගිහින් දුර
ඈතක සැඟවීලා

මගේ උර මත හිත තබා
නිදා උන් හැටි නෙතුපියා
මතක පමණක් මට තියා
ඔබ කොහේද ඈතක ඉගිලිලා

ඔබේ ලැමැදේ මා හොවා
සුවය දෙන බව මුමුණලා
වචන පමණක් මට තියා
ඔබ මගේ සිහිනෙන් පියඹලා

5 comments:

  1. බලාපොරොත්තු කඩන්නේ නරක අය...

    ReplyDelete
  2. කා ගැනද අනේ මේ හැමදාම කවි ලියන්නේ? :)

    ReplyDelete
  3. මෙහෙම දේවල් කරන්නෙ පව්කාර සිත් ඇති අය .

    ReplyDelete
  4. අනුරාධත් මොකක් හරි පොටකට එන්න වගේ හදන්නේ.. බලමුකෝ බලමුකෝ..

    ReplyDelete